සඳට බැළුම් හෙලූ අය

Feb 13, 2018

මධුර යාමේ.... !





ස්වේත සඳ  නීලම්ඹරෙන් බැස
මල් කුමුද්දක් ළඟ සලු උනා
පිනි වෑස්සෙන රෑ  ළපළු තුරු හිස
මනමාල  මල් කැටයම් කලා

නිල් තරු කැටක් හරි ආදරෙන්
බිම් මලක ගෙල මුල  සැතපිලා
රෑ බදුල්ලෙක් ලා රෝස පෙත්තක
මකරන්ද දෙතොලින් හිස්කලා

රෑ සුරඟනක් පය ගිගිරි සලමින්
හදවතේ තෙත අඩි තියා
දිවයද්දි ගිලිහී සළඹ මුතු ඇට
නොනිදනා රැයකට ඉඟිකලා

දෙ'කඳු මැද උණුසුම්ම නිම්නයෙ
සෙමෙන් වැතිරී හිස හොවා
මත් දෙතොල් සලිතව පිපාසෙන්
සුන්දරම ගින්දර ඇරඹුනා

මහෝඝය සේ සැනින් ලුහුබැඳ
රසෝඝය  සියොළඟ වෙලා
ළය'ගිරේ ගුළිවුනු කැකුළු පොට්ටුව
එක හුස්මකට විකසිත උනා

සලා මුවරඳ රේණු  තුඩ තුඩ
රස විලේ ස්වර'ගුළු ඇහැරුනා
පයතුඩින් අවදිව  හැඟුම් විහඟුන්
හිස් මුඳුනතත් සිඹ ඉගිලුනා

17 comments:

  1. හම්මෝ.. හොඳටෝම ඇඩම්ස් ඔන්ලි සීන් එකක්.. :)))

    ReplyDelete
    Replies
    1. හෑ... එහෙමද ඒක තමා කට්ට්ය එහෙනම් බලලා සද්ද නොකර යන්නේ කමෙන්ට් එකක්වත් නොදා... හි හී

      Delete
  2. ළය'ගිරේ ගුළිවුනු කැකුළු පොට්ටුව
    එක හුස්මකට විකසිත උනා

    මට මේකට හෙන කැත අදහසක් එන්නේ.....හැක් හැක් හැක්

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. කවියෙ හැටිද අපේ කැත හිතද දන්නෑ

      Delete
    3. තඩියා - තමන් කැමති විදියකට මවාගන්න විඳින්න බැරිකමක් නෑනේ ඉතින්.හැබයි ඉතින් බොහොම ප්‍රේමණීය අදහස් මිසක් කැත අදහස් එන්නේ කෝමෙයි කියල මම මේ කල්පනා කලේ

      Delete
    4. බක්කරේ. - හිතනෙ ඉතින් සේරටම මුල

      Delete
  3. සඳවතී කවි ලියාගෙන ලියාගෙන ගිහින් .කතා එකක්වත් නෑ

    ReplyDelete
    Replies
    1. කතා ලියන්නත් බලමුකෝ ආයෙත් ඉස්සරහට.

      Delete
  4. මට නම් මේක හරි වල් ය. ඒ නිසාම රස ය.

    ReplyDelete
    Replies
    1. වල් කියන එක හරිම තේරුම පැහැදිලි කරන්නකෝ...නරකයි කියන එකද...

      Delete
  5. වින්දෙමි ! දැනුණි ! ම්ම් ..... තව කියවන්න ඕනේ නැතිය .

    - - - - - - - - - - - - - - - - - - - - - - - - -

    (පොස්ටුව දැමූ වෙලාවේම කියෙව්වෙමි . එදා මුකුත් නොකියා ගියෙමි. හිත කියූ නිසා ආටියා සටහනක් තබා යන්නෙමි මෙසේ ........)

    ReplyDelete
    Replies
    1. වින්ඳානම් දැනුනාම් එයයි ලියපු මට සතුට....

      Delete
  6. මට නම් මේක හරි වල් ය. ඒ නිසාම රස ය. + 1..!

    ReplyDelete
    Replies
    1. එහෙමද අයියො... එහෙනම් ඔයාවත් ඒ වචනේ හරියට පැහැදිලි කරල දෙන්නකො

      Delete
  7. කවියෙන් කියන්න පුළුවන් දේවල් . හරි පුදුමයි නේද සදු!!!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඔව් ඉරෝමි.... ඒක ඇත්තටම පුදුමයි තමයි... ස්තූතියි

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...