සමනොළ ගිරි හිස වැඳ පියඹන සමනළයින් ආලකමන්දාවට වැඩලා
මන්දෝදරී නුඹේ මන්මත් සිනා හඬින් නිල් වැව් තලාව පිරිලා...
රිටිගල කන්ද උඩින් මධු සඳ මෝරනකොට දැනෙනව සුවඳ මදාරා
දීපංකරේ ගිහින් මට දුක් ගෙනාවාට තාමත් නුඹයි මගේ රන්කඳ රාවණ්නා...
ලෝකය කියන මුසා නෑසු කන්ව ඉදින් නුඹටයි මගෙ පෙම නිම්මා
ඇල්ලුවෙ නෑ අතකින් බැල්මක් හෝ නෙතඟින් කැන්දන් ආවට සීතා...
අහිතක් තුන් හිතකත් නෑ කුමරුනි තාමත් සත්තයි පෙම්කල හින්දා
සිවගිර මුඳුනෙන් බැස මේ දැන් එනවානම් සිරියහනට සඳ වැඩලා...
හුඟක් ලස්සනයි අක්කේ
ReplyDeleteරසවින්ඳාට තුති
Deleteරාවනාට දැන් වයසයි,අංකල් කෙනෙක්, ඒ මනුස්සය බැඳපු ඇන්ටිත් දැන් නාකියිලු,අල්ලපු වත්තෙ සීත අක්ක කිවුවෙ.
ReplyDeleteලස්සන පැදි පෙලක්
ඇයි එතකොට සීතාට වයස නැතෙයි....
Deleteහරිම ලස්සනයි සොඳුරු... හොඳ අධ්‍යනයකින් කෙරුණු ලස්සන නිර්මාණයක්
ReplyDeleteම්ම්ම් ඔව් මම ඉතින් බොහොම මනාප කතාවක්නේ ඒ නිසා ඒ ගැන හොයනවා ... කියවනවා... මට මතකයි ඔයාගේ බ්ලොග් එකෙත් මේ ගැන තිබුනා වගේ සටහනක්.
Deleteලස්සණයි .......
ReplyDeleteස්තූතියි
Deleteරසයි...
ReplyDeleteතව ටිකක් රහ වැඩි උනානම් කියලත් හිතෙනවා
Deleteවැටක් ගැසීමට පැමිනියෙමි++++++++++++++++++++
ReplyDeleteහා... හොදයි ගසා යන්නකෝ... බැමි පවුරු මට දැන් පුරුදුයි
Deleteලස්සනයි
ReplyDeleteස්තූතියි
Deleteලස්සනයි ඒ කව් පෙළ.....
ReplyDeleteස්තූතියි
DeleteMaru!!!!!!
ReplyDeleteස්තූතියි
Deleteහරිම ආදරණීයයි කවි ටික සදු!!! ඒ වගේම දාලා තියෙන පින්තුරයත් හරිම ලස්සනයි.
ReplyDeleteස්තූතියි ඉරෝමි හැමදාම ඇවිත් කියවලා අගේ කරලා යනවට... පින්තූරනම් ඉතින් ගූගුල් දෙයියාගෙන් හොරකන් කරන ඒවා තමා
Deleteදැන් හැඩයි...👍
ReplyDeleteස්තූතියි...
Deleteරසවත් නිර්මාණයක් නගා...
ReplyDeleteස්තූතියි අක්කා
Deleteමන්දෝදරි වෙන කෙනෙක්ගෙ වෙන්න බැරිද
ReplyDelete
Deleteබෑ මම දන්න විදියට රාවනාගේමයි