සඳට බැළුම් හෙලූ අය

Feb 24, 2018

දුවට මවක මිස !






සොළොස් කලා සපිරුණු පුන්සඳ සේමා
දිවි මාවතේ නොසැලෙන ඉදුඛිල සේමා
වැටෙනා හැම කලට උරහිස දුන් බෝමා
පෙම්මා වඩන නුඹ ළඟ සෙනෙහස බෝමා

මහා නුගයක් යටදි  හිත විදින සුවේ
ඔබේ එක වදනකද ඒ සුවය ඇතේ
අනා මහ සෙනෙහසින් කැවූ බත් පිඩේ
ආදරය මිස වෙනත් කිසිවක්ම නොවේ

එපා වුන විටදි ජීවිතේ හොදටෝම
ඔබෙ දයා ගඟ ගලයි හතර අතටෝම
නෑ කිසිත් සම කරන්නට එහෙව් පෙමට
දියවරකි අම්මෙ ඔබ ඉරිතැලුණු  හදට





 අද ඔයාගේ උපන්දිනේ... ඒත් ගිය අවුරුද්දෙ වගේ ලස්සනට සමරන්න විදියක් නෑ  ඔයා ලෙඩ ඇඳක නිසා...මම මේ වෙලාවේ ප්‍රාර්ථනා කරන්නේ ඔයාට ඉක්මන සුවය විතරයි.ජීවිතේ හැම මොහොතකම අත නොහැර මගේ ළඟින් ඉන්න  ආදරණීය අම්මේ... ඔයාට නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක්ම වේවා...!

21 comments:

  1. වැලක් මත පිපි කුසුම දැක වැල තුටින් ආඩම්බර වෙතේ
    දුවක් තුරුළට ගත්ත මව නිති සෙනෙහසෙන් නැහැවී යතේ
    කවක් ලියලා ඈව සිහිකර තබාගන්නෙමි හදවතේ
    ඇසක් ලෙස ඈ රකිනු සඳවත හෙට දිනම සුන්දර වෙතේ....

    මවට ඉක්මන් සුව අත්වේවා!!!

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී.... ප්‍රාර්ථනාවට

      Delete
  2. අම්මට ඉක්මන් සුව පතනවා අක්කේ..!

    ReplyDelete
  3. ඔබේ ආදරණීය මවට සුබ උපන් දිනයක් හා ඉක්මන් සුව පතමි!

    ReplyDelete
  4. ඔබේ මවට ඉක්මන් සුවය හා දීර්ගායුෂ පතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාටත් මම අම්මට පෙන්නුවා ඔයාලගේ සුබ පැතුම්

      Delete
  5. ඔබේ මවට ඉක්මන් සුවය හා දීර්ගායුෂ පතනවා.

    ReplyDelete
  6. ඉක්මන් සුව පතනවා , මවට ඉක්මන් සුව අත්වේවා

    ReplyDelete
  7. අම්මා කියන්නේ වචන ගලපලා පැහැදිලි කරන්න බැරි අතිශය සංවේදී මෙන්ම සංකීරණ සාධකයක් .
    දුවට මවක මිස මෙන්ම පුතෙකුට ද මවක මිස ඒ හිස් තැන පුරවන්නට කවුරුවත් නැහැ . එක සදාදරණීයයි .
    කාලෙකට පස්සේ කියෙව්ව ලස්සන පද වැලක් .

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක හරි කලණ හැම දරුවෙකුටම අම්මා කියන්නේ සම්පතක්...අම්මා විතරක් නෙවෙයි තාත්තත් එහෙමයි...අම්මගෙයි තාත්තගෙයි තැන ගන්න වෙන කාටවත් බෑ...අපි සමහර වෙලාවට වෙන අයගෙන් ඒ අඩුව පුරවගන්න හැදුවත් ඒක තාවකාලිකයි... වෙලාවකට මායවක්.. රැවටීමක් වගේ.

      Delete
    2. වෙලාවකට නෙවෙයි ....... අපි සමහර වෙලාවට වෙන අයගෙන් ඒ අඩුව පුරවගන්න හදන එක ඇත්තටම මායවක්.. රැවටීමක් වගේම ආත්ම වංචාවක් .
      මව පියා උත්තම නාම පද කියල කියන්න මම ආසයි .

      අත් දහසක බලය ලැබුනත් අපිට මව පියා වෙනුවෙන් යුතුකම් කරලා ඉවර කරන්න බැරි වෙයි ..

      Delete
  8. මා ලියූ පෝස්ටු අතර අම්මා ගැන ලියා ඇත! මා හට ඇත්තේ ඉතා දුක්බර මතකයක්! නන්දා මාලණියගේ "මිහිමඬලේ අඳුරුකුසේ......" සුජාතාගේ "දුනුකෙයියා මළක් වගේ " කපුගේගෙ 'දවසක් පැල නැති හේනේ..." මේවා ඇහෙනකොට ඇයි මා ඉතිරිව අම්මා මැරුණේ කියා හිතෙනවා! ලොව සියළුම අම්මලා දුකින් මිදෙත්වා! ඒ වගේම සියළුම ගැහැනුන්ද දුකින් මිදෙත්වා....!!

    ReplyDelete
    Replies
    1. මට කණගාටුයි... මම තාම ඔබේ බ්ලොග් අඩවිය පැත්තේ ඇවිත් නෑ... ඉක්මනටම එන්නම් කියවන්න.

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...