සඳට බැළුම් හෙලූ අය

Feb 26, 2018

නොරිකො සං අසාපන් !



තමබොචි සොහොන යට තනිකමට හුරුවෙච්ච
හදවතක් ඇති නමුත් හීතළට ගල් වෙච්ච
පෙම්බරිට නොකියාම ඇවිත් සොහොනට වෙච්ච
පෙම්වතකි මමත් ප්‍රේමයෙන් ආතුර වෙච්ච......

සකේ උගුරක් බොමින් ප්‍රේමයෙන් මත්වෙන්න
තතමි පැදුරේ නුඹට ළංවෙලා වැතිරෙන්න
හීන මැව්වට නුඹත් එක්ක මහ දුර යන්න
අපි වෙනස් කුරුල්ලන් බෑ එක්ව පියඹන්න......

ජීවිතේ සුන්දරම දවස් නුඹ හා එක්කව
ගෙවූ හැටි අමතකව නෑ තනිව උන්නාට
හිතට තව වාරු නෑ මැරි මැරී උපදින්න
ඒ නිසයි අත්හලේ නුඹේ අත නොකියාම........

මළවුන්ගේ අවුරුද්දෙ අදයි ඒ හැන්දෑව
මොහොතකින් නුඹ ඒවි දිගු දෑස හංඟාන
වාරු නැති මුත් ඇවිත් අල්ලන්න ඔය දෑත
මං තාම ආදරෙයි මගේ මල සකුරාට......

17 comments:

  1. කීවත් කෙනෙකුට අදහා ගන්න බැරී
    කියන්නේ කෙලෙසද මටවත් සිතනු බැරී
    රන්හුය පටලා කෙලවර දකිනු බැරී

    උයන් කොනක හිද සිසිලස විදිනු බැරී
    අවන්හලක ළග දොඩමලු වන්න බැරී
    පවන් රොදක නැග සිහිනෙක වෙලෙනු බැරී

    ReplyDelete
    Replies
    1. මේක සිංදුවක්ද.... කවියක්ද...

      Delete
  2. ලස්සන නිර්මානයක් සඳූ..

    ජයවේවා!!!

    ReplyDelete
  3. නොරිකෝ සං වෙමි
    මළවුන්ගේ අවුරුද්දේ ආවෙමි
    සකුරා මල් ඇහිදිමි
    දෙවෙන්දරා සං
    නුඹේ සෙනෙහස විඳිමි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලී මෙහෙ ආවටත්.... කවිය වින්ඳාටත්

      Delete
  4. "මං තාම ආදරෙයි මගේ මල සකුරාට " දුක හිතෙන ලස්සන කවියක් සදු!!

    ReplyDelete
  5. //සකේ උගුරක් බොමින් ප්‍රේමයෙන් මත්වෙන්න//
    බොනවනම් බොමු.....

    ReplyDelete
  6. නොරිකෝ...
    මගේ රස වින්දනය අන්තිමයි කියලා හිතෙන්ට හේතු වෙච්ච චරිතයක්...

    ReplyDelete
    Replies
    1. දොවොන්දරා නිසා එහෙම උනා කියලයි මටනම් හිතෙන්නේ... දෙවොන්දොරා කියන්නේ හරිම පසුගාමී කම්මැලි චරිතයක් මටනම්...ස්තූතී මෙහෙ ආවට ඔයාට

      Delete
    2. ආ ඔව්... එහෙමද මන්දා...
      කට්ටිය කියන තරම් රසයක් තිබුණේ නෑ ඒ පොත් වල මට නම්...

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...