සඳට බැළුම් හෙලූ අය

Mar 1, 2018

වහින්නට හැකි නම් ගිගුම් දී !





දිගු නියං කල ගෙවා අහවර
වැටෙන මහ වැහි අනෝරාවට
හාදු දෙනවා ඉස්සි ඉස්සී
ඇහැරිච්ච සුදු ඉද්ද අහුරක්

මැලවෙච්ච ලා රෝස පෙති මත
තවරලා වැහි පොදක  සිසිළස
සුළඟ අවුදින් පැද්දි  පැද්දී
ඉඹිනවා මුඳු රෝස පෙත්තක්

නියං සායෙන් හඬන වෙරළක
මළානික බිම්තඹුරු කුසුමක්
රැඟුම් රඟනව නැළවි නැළවී
දැනී ළවනට හාදු වැස්සක්

20 comments:

  1. වහින්නට හැකි නම් ගිගුම් දී
    වියලි ගම් බිම් වලට ඉහලින්

    පිපෙන්නට හැකිනම් දුරින් දුර
    නෙලා ගත හැකි වන මලක් වී

    නිදන්නට හැකිනම් දෙනෙත් තුල
    සැබෑ වෙන සුබ සිහිනයක් වී

    -නන්දා මාලිනි-

    ReplyDelete
    Replies
    1. නන්දා මාලිනියගේ මම ආසම ගීතයක්... ස්තූතියි

      Delete
  2. වැටෙන මහ වැසි අනෝරාවෙන් ඉද්ද මල් යය සේදි සේදී
    වැහි පොදට පසු ගුගුරණා හෙණ වතුර මල් පෙති සැම දවාවී
    නියං සායට පසුව එන ගං වතුර ගම්බිම් සුනු කරාවි
    ළවන දනවන හාදු නවතින දින නොවරදා ඔබ හඬාවි

    ReplyDelete
    Replies
    1. වාව්.. ඒත්.. හාදු නවතින දවස ගැන නොහිතා ඉමු නේද? :)

      Delete
    2. වෙලාවකට ආශිර්වාදයක් වෙන දේවල්ම තමා බොහෝ වෙලාවට ශාපයක් වෙන්නෙත්...

      Delete
    3. කමී - ඔව්නේ මොකටද වේලපහම දුක හිතන්නේ

      Delete
  3. සොඳුරු වැස්සක් මල් පෙති මතට...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඔව් හැබැයි මල් වැහිම තමා අනෝරා වෙලා මල් බිම හෙලන්නෙත්

      Delete
  4. විළි බියෙන් අව පැහැව සැඟඋන..
    තවත් අහසෙක..
    හැඟුම්බර වළාකුළු කැටියක්..
    ගතු කියන හැටි නුබ ගැබට..
    පාත් වෙනු නොහැකිව ලා රෝස පෙති මත..
    පිණි සිසිලක්ව..
    සිප සනසනු නොහැකිව රත් ලවන්..
    බිම් තමර කුසුමෙක..
    සරනු නොහැකිව ආදරෙන්..
    සුදු ඉද්ද සයනෙයක..
    අවැසිව ඇද හැලෙන්නට අනෝරාවක් ව..
    දිය සිඳුණු කතරෙක..

    ReplyDelete
  5. I always like walking in the rain, so no one can see me crying. - Charlie Chaplin

    ReplyDelete
  6. හැමදාමත් වගේ ලස්සන සිතුවිල්ලක්

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...