සඳට බැළුම් හෙලූ අය
Mar 6, 2018
ඔබ උන්නානම් !
තාත්තේ ,
ඔබෙන් උරුම ලද
දායාද
රනින් රිදියෙන්
පිදුම් ලැබූ වග
ඔබට කියන්නට
ඔබ උන්නානම්...
මං අඩුවෙන්ම ලියන්නේ
ඔබ ගැන බව
ඔබ දන්නවානම්
ඒත් වැඩියෙන්ම හිතන්නේ
ඔබ ගැන බවද
ඔබ දන්නවානම්...
අවුරුදුම
දහ අටකට පසුත්
මේ වැටෙන කඳුළු
ඔබේ චිතකය දැවූ
දා තරම්ම
ගිනියම් බව
ඔබට දැනෙනවානම්...
ඉතින්
ඔබ කොහේ සිට හෝ
මා දිහා බලා සිටීවි
ආඩම්බර වේවී
ඔබේ පොඩි දූ ගැන
රස කවියකුත් ලියාවී...
ඔන්න
එතකොටනම්
හැමෝම කියාවි
මං තාත්තගෙම
දෝණි වග...
ඇත්තමයි
මෙච්චර ලොකු වෙලත්
මට පාලුයි තාත්තේ
ඔයා නැතුව...
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
සුන්දර සුවබර බිනර මාසයක් වේවා ඔයාලට!💐💐💐 බොහොම අවිවේකී සති අන්තයකට පස්සෙ සදුඳාට එළිය වැටුනේ අලුත් මාසයක් එක්කමයි.සැප්තැම්බර් ඒ කියන්නෙ ...

දූලා කියන්නේ තාත්තලාගේ සදාතනික ආදරේ.. ප්‍රින්ස් ගේ සුදු මල් පොකුරක් සිංදුව මතක් උනා.. සුභ පැතුම් ජයග්‍රහණ වලට.. තාත්තාත් අනිවාර්යයෙන්ම සතුටු වෙනවා ඇති.
ReplyDeleteසුබ පැතුමට ස්තූතියි කමී.... ඒක මම අහන්න අකමැති ගීතයක්...එච්චරට රිදෙනවා
Deleteසුභ පැතුම් සඳූ....
ReplyDeleteබොහොම ස්තූතියි දුමී
Deleteමාගේ හදපිරි මෙව්වා එක....ඒ වුනාට අනේ මන්ද....දෙමව්පියන්ට අපි කොහොමත් ආදරෙයි නේ.... මම අම්මට කතා කරන්නෙ මැණිකේ කියල...
ReplyDeleteබොහොම ස්තූතියි තඩී... ඔබේ මැණිකට දීර්ඝායුශ !
Deleteඒ දිරියෙන් ලොව ජය ලබනා විට
ReplyDeleteමා සිප ගන්නට ඔබ මා ළඟ නැත........
- - - - - - - - - -- - - - - - - - -- - - - - - - - - -
සුභ පැතුම් සඳවතී.
බොහොම ස්තූතියි මිතුර
Deleteසුන්දරයි!
ReplyDeleteබොහොම ස්තූතියි ඔබටත්...
Deleteගොඩාක් දුක හිතුනා
ReplyDeleteමේක ලිව්වෙත් ගොඩාක් දුක හිතුන වෙලාවක...
Deleteසුභ පැතුම් සඳවතී !!!
ReplyDeleteස්තූතියි... කාලෙකින්
Deleteදුකයි අක්කා.එ්ත් කොහේ හරි ඉඳන් තාත්තා ඔයා දිහා බලාගෙන සතුටු වෙනවා ඇති!
ReplyDeleteම්ම්ම් ඔව් මටත් එහෙම හිතෙනවා... ස්තූතියි ඔයාට
Deleteතාත්තලා කොහොමත් වැඩිපුර ආදරේ දුවලට කියනවනේ. ඒක ඇත්තද මන්ද.
ReplyDeleteඑහෙම කියනවා නේද... මමත් අහලා තියෙනවා....
Deleteඅප්පටසිරි මේ ඕවා මොනවයින් මොනවයින් හම්බුනාද කියලා දැම්මොත් නරකද. ඔයා කොහොමත් දක්ෂ ලියන්නියක්. යම් දවසක අපේ රටේ සළකුණක් තැබිය හැකි ලියන්නියක් වෙන්නට ඔබට සුභ පැතුම්
ReplyDeleteමේවා ඉතින් කවි ගීත කෙටි කතා වලින් ලැබිච්චා තමා... අනේ සලකුණුනම් ඕනේ නෑ ඒත් ඉතින් මම මැරෙනකන්ම ලියන එකනම් නවතින එකක් නෑ... කොහොම උනත් ඔයාගේ පැතුමට ස්තූතියි
Deleteකොහෙන් කොහොම හම්බුණාද කියලත් දැම්මනම් වටිනවා
Delete