සඳට බැළුම් හෙලූ අය

Apr 16, 2018

දනිමි හැදින්නෙමි !


පෙම්වත
හිම වගේ හීතල හිතකින්
මවා දී සෙනෙහස
හිටිහැටියෙ
පිපිරෙව්වෙ කොහොමද
විප්පයෝගයේ ගිනි කන්ද !

ඉතින්....

තූ තූ කල පසු හදවත
සමකාසන්න කුණාටුවක්
දැන් මගේ ඇස් මුල
මනමාල ඔය ඇස් යට
දනිමි හැදින්නෙමි
කියූ තරම් ප්‍රේමයක් නැති වග !

14 comments:

  1. දනිමි හැඳින්නෙමි
    නුඹේ කවි මෙතරම්ම සොඳුරු වග.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඒ ඇගයීමට සඳවතී

      Delete
  2. කියූ තරම් රසයක් කොහෙත් නැත .
    රස ද රසවත් නැත

    ReplyDelete
    Replies
    1. ඒකනම් හැබැයි මේ දවස්වල කිසිම රසක් දැනෙන්නෙ නෑ

      Delete
  3. මරු!
    මොකක්දෝ එහෙකට මේක කියවද්දි මතක් උනා හුඟක් ඉස්සර "මිහිරි නිල්මිණි ගුණසිංහ" කව්මුතු වලට ලියල තිබ්බ කවියක්... ඒකෙ නම "ප්‍රේමයේ වස් කවිය"... කවි ගොඩක් තිබ්බ ඒකෙ, අන්තිම කවිය මෙහෙමයි:
    "... මේ වදන් අවි තුඩින් නුඹේ හද සිදුරු කර
    සත් පතිනි මවුන් ලඟ වැඳ වැටී දුක කියමි
    ඔද්දල්ව ලේ ගලන හදවතම අතින් ගෙන
    නුඹ තනන නව ලොවෙහි අසුභ වස් කවිය වෙමි..."

    විප්පයෝගයමයි කවිය ඇහරවන්නෙ :)

    ReplyDelete
    Replies
    1. ඔන්න ටික දවසකට පස්සේ ආයෙම ඇවිත්.....හෑ.. මම ලියපු එක වස් කවියක් වගේ පේනවද ? නෑනේ... නෑනේ...මම මේ කල්පනා කරන්නේ මේකට ප්‍රේමයේ වස් කවිය කියලා නම් කලේ ඇයි කියලා... ප්‍රේමයක් තිබුනනම් කෝමෙයි අප්පා වස් කවි ලියන්නේ...

      Delete
  4. ශා ලස්සන..............හහහහහහ...

    ReplyDelete
  5. ///කියූ තරම් ප්‍රේමයක් නැති වග !///

    හයේ පන්තියෙ හිටිය කාලේ තිබ්බ ක්‍රෂ් එකක් මතක් උනා ඒ පද පේලිය කියෝනකොට...!

    උණ විකාරෙනුත් ලියවෙන්නේ මාර කවි නොව.....!

    ReplyDelete
    Replies
    1. මේක උණ විකාරෙට කලින් ලියලා තිබ්බ එකක් .... කොහේ ඉදලද අප්පා ඔයා හිටි ගමන් කඩා පාත්වෙන්නේ ?

      Delete
  6. කොයි කෙනෙක් ළගවත් පෙන්නන තරම් ආදරයක් නෑ කියලා හිතෙනවා සදු. බොරුවට අපි රැවටෙනවා විතරයි සදු.

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...