සඳට බැළුම් හෙලූ අය

Apr 2, 2018

ඉටිපහනක්දෝ මා !





උඹම අවුලපු
ගින්දරින්
පිච්චි පිච්චි
හොද ගානට
පත්තු වෙද්දි

මට

හැමදාමත් වගේ
අදත් උඹ
හීන් සීරුවේ
නිවිල ගිහින්..

19 comments:

  1. Replies
    1. සංසාරෙක හැටි ඉතින් නේද

      Delete
    2. සංසාරේ භවේ දුකා සදු

      Delete
  2. ඉටි+පහණට නියම වටිනාකම දුන්න ගිණි+කූර ඉටිපහනේ ආලෝකය විදින්නට කලින් යන්නම ගිහිං ..........

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් පැහැදිලිවම ඉටිපහනත් එක්ක හරි හරියට රැදෙන්න ගිනිකූරට ඉන්නම බෑනේ

      Delete
  3. මම එළි කෙරුවෙ නුඹගේ අඳුරැති ලෝකේ
    මම දැන උනිමි එළි වැඩිවන බව ඕකේ
    මම මෙන් නුඹද දැවුණත් නිති නෑ සෝකේ
    මම නැති මොහොතෙ නුඹ බෙදපන් ආළෝකේ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හැමදාමත් වගේ සොඳුරු කවි ... ස්තූතියි දුමී

      Delete
  4. ඇත්තමයි.ගොඩක් අය හදවත් වලට ගිනි තියලා හෙමින් සැරේ නිමිලා යනවා. ගිනි තියපු අය දන්නේ නෑ ඒ හදවත් වල ඇවිලෙන ගින්දරේ තරම.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඔව් ඔන්න අදනම් ඔයා මතුපිටින් පේන අදහසට එහා ගිය අදහසක් මතුකරලා තියෙනවා... ස්තූතියි

      Delete
  5. එ්ක නම් ඇත්ත තමයි.
    පුච්චලා දලි නිවිලා යන එක

    ReplyDelete
  6. Replies
    1. මට පේන විදියටනම් කමී ස්ත්‍රී බ්ලොග් වලට කමෙන්ට් කිරීමේදී ස්වයං දාගෙනද කොහෙද වැට පමනයි කියා.

      Delete
    2. වැට ගහන්නෙත් පරිස්සමින් මේ දවස්වල.. :)))))))))))))))

      Delete
    3. හුටා දැනුයි දැක්කෙ ස්වයං විතරනේ තියෙන්නෙ වාරණය කෑල්ල හැලිලා...

      Delete
    4. kami - හි හී එච්චරටම බරපතලද කාරණාව

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...