සඳට බැළුම් හෙලූ අය

May 12, 2018

කුසුම මොටද ළන් වී රොන් ගන්න බැරී !


                                                          
                                                       

සමනළයෙකුට
බමරෙකුට
කැකුළු පෙත්තක්
ඉඹින්නවත් බැරි

කුඩ මසෙකුට
ඉස්ගෙඩියෙකුට
හෙවනැල්ලෙවත්
සිහිලක් නැති

          *

          *
          *

 නෙළුමක් උනත් මොන එහෙකටද
 මේ හැටිම උඩ ගිය ...

         




                   

                                          ( photo credit - Achala herath )






19 comments:

  1. පස්සෙයි පින්තුරේ බැලුවේ . ඇත්තටම ඔයාට හිතෙන දේවල්

    ReplyDelete
    Replies
    1. ඔහොම තමා ඉතින් පාරේ තොටේ යනකොට දකින එක එක එව්වා ගැන එක එක එව්වා හිතෙනවා... ස්තූතියි ආවට කියෙව්වට කමෙන්ට් කලාට

      Delete
  2. මඩ තැවරෙන නිසා වෙන්න ඇති නෙලුම් මේ තරම් උඩ යන්නේ.

    ReplyDelete
  3. වල් විදියටත් පේනවා ඒකම !

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් සෑමාට පුලුවන් අර ඉස්සර වගේ කැත හිත් වලට ලස්සන කවියක් ලියන්න

      Delete
  4. එක
    එක
    නෙළුම
    එක
    එක
    උස

    ReplyDelete
  5. මේක නෙළුමක් වගේ හදපු ගොඩනැගිල්ලක් මිස බඹරුන්ට සමනලුන්ට පෙති ඉඹින්න හදපු දෙයක් නෙවෙයිනේ..හෙවනැල්ල නං වැටෙනව සෑහෙන ඈතට...උස නිසා..ඒ උස පාවිච්චි කරන්නේ කුඩමස්සන්ට ඉස්ගෙඩින්ට හෙවන දෙන්න නෙවෙයිනේ, ඕක බේසිකලි ටෙලිකොමුයුනිකේශන් ටවර් එකක්නේ.. නෙලුම්පොහිට්ටුවේ හැඩේ විතරයි, වැඩ වෙන විදියක්....😂
    😂😂😂😂😂

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඉතින් ඔබ වගේ මහාදැනමුතු ආකියෙකුට මේක කොන්ක්‍රීට් බිල්ඩිමක් විතරක් වගේ පෙනුනට කවිකාරියක් කියල හිතන් ඉන්න මම වගේ බාලයෙකුට මේක නෙළුමක් වගේ හිතන්න අකැප නෑ නොවැ.

      Delete
  6. Replies
    1. වැටවල්නම් ගහන්න එපා නෙළුම් පිපෙන තැන් වල හොදේ

      Delete
  7. ඒක නොතේරුන එකනෙ වැඩේ.

    ජයවේවා!!!

    ReplyDelete
  8. නෙලුමක් නොවන
    දිය සිප නොගත්
    නෙලුම ඇය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැමිණීමට ඔබේ... ඔව් දිය සිප නොගත් නෙලුමක්

      Delete
  9. ඒකත් එකට ඔයාට ඉරිසියාවක් ඇති වෙලා වෙන්න ඇති නෙලුම ගැන.සඳ ඉන්න අහසට නෙලුමක් ආවම අලුතින්,හැමෝම බලන්නේ නෙලුම දිහා මිසක් සඳ දිහා නෙවෙයි නේ දැන්.

    ReplyDelete
    Replies
    1. හී හී හී ඔව්නෙ ඔව්නෙ... මට දැන්නෙ ඒක කල්පනා උනේ

      Delete
  10. සමහර නෙළුම් එහෙමයි...මේ නිකන් අපි වගේ අය.. :-)

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...