සඳට බැළුම් හෙලූ අය

May 19, 2018

වැහි පබළු සැලී







මේ වැස්ස මොහොතට නවතන්න
අන්න අර වංගුවෙන් හරවන්න
මතකයේ අකුණකට බිලි වෙන්න
දැන් ඉතින් නොහැකි බව සලකන්න

ප්‍රේමයේ කමටහන් ඔබ දුන්න
සීරුවට ළැම බෙයද  සිපගන්න
ඒ උනත් මේ ටිකත් අහගන්න
අන්න අර හංදියෙදි ඇහැරෙන්න

කමක් නෑ තව ටිකක් ළං වෙන්න
ඉහිරිච්ච වැහි පබළු ඇහිදින්න
අරුංගල් දාරයට අමුණන්න
ඔන්න නැවතුම ළඟයි හැරයන්න

අඩ සඳට හාදුවක් තවරන්න
තිලකයෙන් හරි අඩක් ඔබ ගන්න
කොකුම් නම් එපා බොඳකරලන්න
ඉතින් අවසරයි දැන් නික්මෙන්න

17 comments:

  1. ඔයාටත් පුදුම දේවල් නේ හිතෙන්නේ. පුළුවන් උනොත් කවියක් ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. ඒකනේ... වැස්ස තමා මේ සේරටම වග කියන්න ඕන

      Delete
  2. සීරුවට ළැම බෙදය සිපගන්න......
    Tahike (thadiyaa)

    ReplyDelete
    Replies
    1. හා හා... විනීතව හැසිරෙන්න දරුවා....වැටත් අමතක වෙලා

      Delete
    2. Mewaa dakkama amathaka wenawa neennam......heheheh
      +++++++++++++++++

      Delete
  3. පුන් සදට හාදු දී
    ඔබ ලගට ලං වේවි
    ඉන්න මට ඉඩ දෙන්න
    යන්න බැහැ දුක් වෙවී.

    ReplyDelete
    Replies
    1. යන්නයැයි නොකීවෙමි
      කිසිදාක
      සඳට දුක හිතේවී
      ගියදාට...

      Delete
  4. හරිම ලස්සනයි සඳූ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එච්චරද ඉතින් ...? හා කමක් නෑ....

      Delete
  5. අක්කා හරිම ලස්සනයි. ❤️❤️❤️

    ReplyDelete
  6. හරිම ලස්සණයි සදු ..

    මේ සීතල වැහි බිදු අතරේ මේ පද ගොන්නේ වටිනා කම තවත් වැඩි උනා ද මන්දා .
    -Kalana-

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කලන...
      වැස්ස කියන්නෙ ඉතින් කවි සිතුවිලිත් දෝරෙ ගලන වෙලාවක්නේ

      Delete
  7. ඒක මරු ඒත් මේ ළැම බෙයද කියන එක තේරෙන්නෙ නැත්තෙ මට විතරද

    ReplyDelete
    Replies
    1. පල්ලම, ප්‍රපාතය, ගුහාව ඔය වගේ අර්ථයක්

      ඇගෙ ළැම රන් ගිරි බෙයද මැදේ
      මගෙ ජීවන රජ මැඳුර තැනේ

      ඇයි අහලා නැද්ද බොහෝම ඉස්සර මිල්ටන් මල්ලවාරච්චිත් ඔහොම කියලා තියෙනවා.එයාට මැඳුරක් හදන්න පුලුවන්නම් වැහි බින්දුවකට ඔය බෙයදට යන්න බැරුවායැ.

      Delete
  8. සුන්දරයි සොඳුරු සඳවතී....

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...