සඳට බැළුම් හෙලූ අය
Jun 13, 2018
නාරී !
ස්වේත පංකජ කැකුලු පෙති අග
තවරලා හසඟන තුඩූ
නග්න සානුව දෙපස හෙමිහිට
උස් පහත් වෙන ඒ කඳූ
පහල සීතල ගලා හැලෙනා
නිම්නයේ හරි මැද තැනූ
සිගිති පොකුණකි නොරැදි මුත් දිය
දිව'ග මත අම මී පිරූ
මදාරා මල් සුවඳ මුවරද දෙතොල්
පහසින් කිති කැවූ
ගුල්ම වන ගැබ පිපිණු කටරොලු මලකි
දුටුවන් දණ නැමූ
පිරුණු ඇත් දළ පැහැය පිරි දඟ
යුග්ම මත ඔකඳව තුණූ
යහන් සදනා විටෙක හිමි හට
වෙසඟනක වේසය ගත යුතූ
Subscribe to:
Post Comments (Atom)
ඒකපාර්ශික !
සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
ආදරේට වයසක් නෑ... ආදරේට ඇස් නෑ...ආදරේට වෙලාවක් කලාවක් නෑ... කොටින්ම ආදරේට ජාතියක් ජන්මයක් නෑ...එහෙම හිතන අය මේක කියවන්න. එහෙම නොහිතන අ...
එළ....👍
ReplyDeleteඑච්චරයිද සර් ? හා කමක් නෑ .. ස්තූතියි
Deleteඅනිත් එව්වා කිව්වොත් සෙන්සර් බෝඩ් එකෙන් කැපෙනවනේ සඳා...ඔය මදෑ...😂
Deleteසෙන්සර් බෝඩ් එකට බයේ ලියන්න කියන්න හැකිද අප්පා...
Delete👍👍👍👍👍
ReplyDeleteස්තූතියි මිථිල
Deleteසසළ සුසිනිදු සළු කලම්බන තිසරයෝ රඟදෙන්නෙ බේරී
ReplyDeleteඋදුල සඳවත සැඟව කෙලෙසක ඉන්නෙදෝ දෙනෙතකට බේරී
තුමුල මසිතම පහස විඳුමට තවත් ඉවසනු නොහැක පෑරී
නිසල නොමවන මිහිරි රතියක රඟන්නයි මේ මොහොත නාරී......
ජයවේවා!!!
සඳේ සළුවෙන් වසාගෙන උන්
Deleteහැඩ පෙනෙද්දී බේරි බේරී
බඳේ ගෝමර හිනාවෙනු ඇත
පිණි දියෙන් තෙත නෑවි නෑවී
වදේ බිඟු කැල ගුම් නගද්දී
නෙළුම් කැකුලෙන් පෑරි පෑරී
මදේ මදරද මලවි කරලියෙ
සරාඟී රස දේවි දේවී...
අම්මෝ මේක .......
ReplyDeleteමට බෑ සාන්ත
- -- - - - -- - - - - -- - -- - - - -- - -
ගී පද රචනයකට නම් මාරු .
කියලා වැඩක් නෑ පට්ට ! එච්චරයි
හා... ඒමද ... සාන්ත.... අගේ කිරීම වටිනවා... ඒත් ගීතයකට තරම් ගීතවත් නෑ නේද මේක....
Deleteගීතවත්........... ගීපද පෙළක් වෙනුවෙන් හොදයි හොදටම
Deletehttps://gadyanohothkavi.blogspot.com/2018/06/blog-post_58.html
ReplyDeleteහප්පා... පත්තරේටත් ගිහින් නොවැ... ස්තූතියි අයියේ....
Deleteචීයා.....
ReplyDeleteඔව් නේ.... චී....යා.....
Deleteහැදිලා ඉවරයි.. :)
ReplyDelete/වැතිරෙනා මොහොතක සමඟ හිමි සඳ
වෙසඟනක වේසය ගත යුතූ/ මෙතන පොඩ්ඩක් රයිම් අවුට් ගිහින් වගේ..
වැතිරෙනා මොහොතක සමඟ හිමි..
වෙසඟනක වෙස් ගත යුතූ.. වගේ උනා නම්...
පොඩී අවුලක් දැනෙනවා තමා... ඔය පද දෙකම අයින් කරලා වෙන පද දෙකක් ලියන්න හිතුවට ලිය උනේ නෑ...එහෙම ලිය නොවෙච්ච නිසාම මේක තමා හරි යනම පද .... එහෙම හිතුනා.
Deleteහැදිලා ඉවරයි කිව්වේ ... මමද .... හි හී
උඩ කවි පද හරිම ලයාන්විතයි. අන්තිම කවිය ටිකක් ගොරහැඩි වෙලා.
ReplyDeleteම්ම්ම් ඔව් එහෙම දැනෙනවා ... ඒත් ආයෙ ලියන්න බෑ වගේ.... ස්තූතී හැලප තුමෝ ඇගයීමට
Deleteමෙහෙම ලිව්වොත් කෝමද හැලපේ....?
Deleteපිරුණු ඇත් දළ පැහැය පිරි දඟ
යුග්ම මත ඔකඳව තුණූ
යහන් වදිනා මොහොතේ හිමි හා
වෙසඟනක වේසය ගත යුතූ
ආ ඔය තියෙන්නේ... නියමයිනේ ආකියෝ
Deleteවේසය නොකියා වෙස කිව්වනං පොඩි ගැලපීමක් තියෙනවා.
Delete18+
ReplyDelete++++++
ස්තූතී ඉයන්
Deleteගොඩක් දේවල් කවි වලින් කියන්න පුළුවන් නේද?? විනීතව සොදුරු අයුරින් කියලා තියෙන්නේ. ගොඩාක් ලස්සනයි සදු.
ReplyDeleteස්තූතියි ඔයාට මේ ඇගයීමට
DeleteGreat!!!
ReplyDeleteThanks
Deleteආයෙත් නියමම කවියක්
ReplyDelete"පිරුණු ඇත් දළ පැහැය පිරි දඟ
යුග්ම මත ඔකඳව තුණූ
යහන් සදනා විටෙක හිමි හට
වෙසඟනක වේසය ගත යුතූ''
පිස්සු නේ...මෙව්වා ඇවිල්ලා පට්ටම කවි හොදේ....
//නග්න සානුව දෙපස හෙමිහිට
Deleteඋස් පහත් වෙන ඒ කඳූ// මේ කවි වලට පුළුවන් හිතේ චිත්‍රපටි මවන්න.
හම්මේ.... ස්තූතියි ඉතින්......
Deleteමට මේ කවි පෙළ කියවන විට මතක් උනා පැරණි සිද්ධියක් දැනට වසර හැටකට පමණ ඉහතදී SSC පන්තියේ සිටිද්දී සිංහල සාහිත්‍යයට අපට තිබුණේ හංස සංදේශය.මේ ඒ කාලයේ ලංකාවේ හොඳම මධ්‍ය විද්‍යාලයය. අපට සිංහල ඉගැන්නුවේ රටේ නම් දැරූ වියත් ස්වාමින් වහන්සේ නමක්. හංස සංදේශයේ දියකෙළි වැනුම කවිවල තිබෙන 'මිනිමෙවුල' ගැන වැඩි විස්තර අසා (අඳින පළඳින ආකාරය) හොඳ ටොක්කක් කන්නට සිදු උනා.
ReplyDeleteහරි අපූරු සුන්දර මතකයක් නේ.... ස්තූතියි මෙහෙ ආවට... රසවින්ඳාට
Deleteඅම්මෝ සද මට සද මෝල් උනා මේක කියවලා සුපිරි හරිම සියුම්ව බස හසුරවල තියනවා පංකාදු පහයි
ReplyDeleteස්තූතියි නෙල්ලි ආවට... කමෙන්ට් කලාට... ඇගයීමට
Delete