සඳට බැළුම් හෙලූ අය

Jun 7, 2018

කවි ලිව්වා මදෑ !

හම්මේ .... බ්ලොග් එකට මුකුත් නොලියා ඔන්න දවස් දහයකුත් වෙන්න එනවා.පහුගිය දවස් ටිකම හරිම බිසී වෙලා හිටියේ.යාන්තං බ්ලොග් වලට එබිලා යනවා මිසක් හරියකට කියවන්නවත් කමෙන්ට් කරන්නවත් බැරි උනා.පහුගිය සුමානේ දවස් හතරක්ම ගෙවුනේ එකම ළඟ යෙදුන යාලු මිත්තරයෝ දෙන්නෙකුගේ ගෙවල් වල බණක් දානයක් සහ පිරිතක් දානයක් එක්ක.වැඩ කරලා නිදි මරලා සන්තෝසේ බැරුවා.

කොහොම හරි ඔය හැම තැනම  අතුරුපස අංශය තමා අපිට බාර උනේ. අපි කිව්වේ මමයි සත්තලනුයි සහ අපි දෙන්නා වගේම හරිම සෝයි කපල් එකක්.බාර උනේ කිව්වට ඉතින් මේක මේ අපි හතර දෙනා ඉල්ලගෙන කන වැඩක්.ඔය දාන මාන දෙන්න කලින් සාකච්චා වට වලදී අපිම තමා ඉදිරිපත් කරන්නේ අනේ ඔය හැම තැනම දෙන අයිස්කිරිමයි චොර කරපු ෆෘට් සැලඩුයි එහෙමත් නැත්තන් කිරියි පැනියි නැතුව වෙන මොනා හරි කරමු කියල.ඊට පස්සේ ඉතින් ආ... එහෙනම් උඹලා කරපල්ලකෝ කියලා අපිට බාර දුන්න වැඩේ ගොඩ දාපු විදිය තමා ඔන්න ඔය පල්ලෙහා පින්තූර වල තියෙන්නේ.ගෙවල් දෙකේම දාන වලට අපි ඔන්න ඔහොම  අපිට පුලුවන් ආකාරයට පොඩි හැඩ වැඩ ටිකක් දාලා ලස්සනට පිරිසිදුවට ප්‍රියමනාප තාලෙට කාගෙත් බඩ කට පිරෙන්නම හිතේ හැටියට පලතුරු දුන්නා.

ඔන්න බලන්න පින්වතුනි මට ලියන කලාව විතරක් නෙවෙයි කපන කලාවත් පෝ.....ඩ්ඩක් වෙන්න පිහිටලා තියෙනවා හැඩැයි නේද ?

ආ... අමතක උනා නොවැ කියන්න මේ  සේරම පින්තූර වල ක්‍රෙඩිට් එක සත්තලන්ට හොදේ.

























20 comments:

  1. හරිම ලස්සණයි !

    ReplyDelete
  2. වැඩේ නම් ලස්සනට කරලා තියනවා.
    ඇපල් කැපුවම කහට පිපෙන්නේ නැති වෙන්න අයිස් වතුරෙන් හේදුවද??

    ReplyDelete
    Replies
    1. ඔව් දෙහිත් දැම්මා ඒත් කොහොම කලත් ලාවට හරි කහට පිපෙනවා... ඒ නිසා දෙවෙනි දවසේ අපි ඇපල් ගෙඩි පිටින් තිබ්බා

      Delete
  3. බාගයක් විතර කෑවට පස්සෙ ඔය බාජන වල හැටි පෙන්නලා පින්තූරු ටිකක් දැම්මනං වැඩේ ලස්සන කොච්චරක්ද කියලා බලාගන්න තිබ්බා අපිටත්....!😂

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ බාගයක් කෑවට පස්සේ පින්තූර කියන එක තේරුනේ නෑනේ...? කෑව හැටි බලන්නද... කෝම හරි ඉතුරුනම් උනේ නෑ... හැම පාරම ඉස්සෙල්ල ඉවර වෙන්නෙ මිදි...

      Delete
    2. මෙහෙමයි..කෑමක් පිලිවෙලකට පිලිගන්වනකොට ඒ කෑම රස විඳින්නා සුවඳ, පාට, හැඩය, සකසා ඇති අන්දම වගේ දේවල් වලින් තමා රසවිඳීම ආරම්භ කරන්නේ. මේ පින්තූර දැක්කම තනි කෙනෙකුටඒ රසවිඳීම ලබාගන්න නං මුලින්ම ගිහින් අනුභව කරන්න ඕනා...දහවෙනියට විතර කෑමට ළඟාවෙන කෙනාට නිකන් හැඩිවෙච්චි මිදුලක් වගේ දෙයක් තමා පේන්නේ, මොකෝ ඔය රටා ඔක්කොම අවුල් වෙනවනේ දෙන්නෙක් තුන්දෙනෙක් බෙදා ගත්තම...ඒ නිසා කෑම පිලිවෙලකට පිළිගන්වනවා නං තනි පිඟානේ හැඩ කරන එක තමා සිරිත....!
      හ්ම්..තේරුම් ගන්න එකක් නෑ ඕවා...!

      Delete
    3. ම්ම්ම් දැන්නෙ තේරුනේ... ඒකනම් ඇත්ත තමා හැබැයි ඉතින් අපි මෙතන එහෙම ලොකූවට අවුලක් වෙන්න දුන්නෙත් නෑ...රටාවේ අවුලටත් වැඩිය ගොඩය් අයගෙ අතින් වෙලා තිබුනේ මේසේ හැලෙන එක .. ඒවා අපි පුලුවන් හැමවෙලාවෙම පිලිවෙලක් කලා. හාමුදුරුවන්ටනම් පලතුරු ගෙඩි පිටින් බාස්කට් හැටියට තමා පිලිගැන්නුවේ.දානෙට දෙසීයකට වැඩිය හිටියා එහෙම තැනක ඉතින් තනි තනියම පිලියෙල කරන්න අමාරුයි. ඒවට ඉතින් උදව් කරන්න ගොඩක් කට්ටිය ඕන... ඉඩ පහසු කමුත් තියෙන්න ඕන.හැබැයි ඉතින් මේ උපදෙස වටිනවා බලමු ආයෙ කරනකොට ඒ වගේ කරන්න පුලුවන්ද කියලා.

      Delete
  4. ලස්සනයිනේ. අපෙත් නෑයින්ගේ උත්සව වලට පලතුරු වැඩේ භාරවෙන්නෙ මට. මේක දැක්කම ඒක මතක්වුනා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. නෑයන්ගේ ගෙවල් වලනම් මේවා කරන්න අමාරුයි අනේ ඇයි වදේ උපදෙස් දෙන්න කට්ටිය පිරෙනවනේ .. එක්කෙනෙකුට කොටු කපන්න ඕන එක්කෙනෙකුට රවුම් කපන්න ඕන ... අම්මො එපා වෙනවා ඉතින්.

      Delete
  5. හරිම ලස්සනයි... වැඩේ ලස්සනට කරලා තියනවා.

    ReplyDelete
  6. මාර කැපිල්ලක්නෙ.
    ඊගාව පාරනං දානෙට රවී අයියගෙ මෛයිසූර් පක් එකත් හදන්න බැරියැ.

    ReplyDelete
    Replies
    1. හි හී ඔව් ඔව් ට්‍රයි කරලා බලන්න ඕනේ.... ස්තූතියි මෙහෙ ආවට

      Delete
  7. පොහ්, උඹ හරියන්නෙ සමන්තබද්‍රගෙ හරි ඥාණානන්දගෙ හරි කුස්සියෙ වැඩට. සමන්තගෙ දානවලයි ඥාණෙගෙ පළතුරු පූජාවලයි තමයි ඔය වගෙ වැඩ දාල පළතුරු කපල තියෙන්නෙ...What do you say Madam?...

    මේ පොටෝ ටිකත් අරගෙන ඇප්ලිකේසන් එකක් ලියාගෙන ඔය අසපු දෙකට ගියානම් වැඩේ හරි යයි බොහෝ විට...

    පලි - නියමයි ඈ...වැඩේ නම් මල් හතයි...:)

    ReplyDelete
    Replies
    1. අපොයි අම්මා ඕවා ඇතුලට ගිහිල්ලා මට නිකං හරි එලියට එන්න බැරි උනොත්.... මමත් ඔය මොකක් හරි මාර්ග ඵලයක් එහෙම ලැබුනොත් සොරි .කොම්නේ.එතකොට මගේ සත්තලන්ටයි ඉස්තලන්ටයි යන කල දසාව මොකක්ද දෙයියනේ..

      ප.ලි ... අගය කලාට ඉස්තූතී ඕන් හොදේ

      Delete
  8. ලස්සනයි ලස්සනයි වැඩේ නම්

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...