සඳට බැළුම් හෙලූ අය

Jul 8, 2018

ඉසුරුමුණියේ මගබලන්නා !




තිසා වැව ළඟ කලා වැව ළඟ අපේ සෙනෙහස දෝරෙ ගැලුවා
රුවන් වැලි මහ සෑය වැදගෙන හමන පවනත් අසිරි සැලුවා
වණ උයන්වල මල් උයන්වල විහඟනුත් පෙම් කතා ඇහුවා
හිටි ගමන් නුඹ මටත් රහසෙම ඇස් වලින් මගෙ වහං වූවා

වාසලේ රජ අසරුවෙකි මා නුඹයි මම පෙම් කරපු මාලා
මේ තරම් පෙම් කරපු මගෙ හිත කියන් කොහොමද ගියේ දාලා
නැගී තුරගෙකු පිටේ සෙව්වෙමි ගම් නියම් ගම් පීර පීරා
ඉසුරුමුණියේ පොකුණ ළඟ දිය පොදක් බිව්වෙමි වාඩි වීලා

මඟුල් උයනේ තුරු හිසක් යට නුඹේ සිනහව රාව නැගුනා
ගැස්සිලා මම බලනකොට නුඹ ම' මිතුරු සාලිය එක්ක හිටියා
හොවාගෙන ඔහු නුඹව උකුලේ නුඹට ආදර කතා කිව්වා
නුඹට පෙම් කල මගේ හදවත ගල් වෙලා ගල් කුළක රැදුනා

ලෝකයම අද කතා වෙන්නේ යුවල ළඟ ඇති මහ පෙමක්
මිසක් කවුරුත් දන්නෙ නෑ ගල් කුළක මං විදිනා දුකක්
කමක් නෑ මං කියන්නෑ ලෝකයට නුඹ ගැන කිසි දොසක්
අපේ පෙම හදවතේ ගුලි කොට මග බලමි තව කප් සියක්

9 comments:

  1. අදහසත් උත්සාහයත් අපූරුයි සඳූ. ඒත් මේක හදිසියේ ලියලා දාපු එකක් වගෙයි.... සඳූගේ මීට වඩා රහ පිරෙන වචන තියෙනවානෙ.... මොකද වුනේ.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙම තමා දුමී වෙලාවකට....

      Delete
  2. පැතලි රුව සේ එකට ඉන්නට අපිට පිං නැති දා.
    ඉසුරුමුණියේ කිසිම අගයක් ඉතින් දැන්නම් නෑ.
    පව් කෙරුව හන්දා වෙන්ව යං නොහඬා.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් කොහෙන් හරි ගැලපෙන සින්දුවක් මතක් වෙනවා නේද ....

      Delete
  3. මේක මරු!
    පරණවිතාන මාත්තියා ගෙ පර්ජන්‍ය ත් නොවී, රාවණා කස්ටියගෙ විස්‍රව මුණිවරයා ත් නොවී, මෙයා සරල ප්‍රේමවන්තයෙක් වෙච්ච එක කොච්චර හොඳ ද... එතැන විඳ ගන්න තියෙන දේ උපරිමයි...

    ReplyDelete
    Replies
    1. ඔව් නේද.... ඔය කොයි කතාවත් අපි දන්න විදියටම නැතුව වෙනස් විදියට හිතුවම ලස්සනයි

      Delete
  4. ආදරය කියා ගන්න බැරිව ලතැවෙන හිත් කොයි තරම් තියනවද???

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

රංකඳ රාවණා !!

  ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...