සඳට බැළුම් හෙලූ අය

Jul 23, 2018

හදවත නැති මිනිසා ඔබ !




ඒ මහා කුණාටුවට පසුවත් ,

ඔබ අර ඉස්සරෝම දුන්න
සෙනෙහසේ සුවඳ දැනෙනවා
ආදරෙයි නුඹට මම මහ හුඟක්
කිව්ව හැටි මැවෙනවා

මනමාල පාට ඔය ඇස් වලින්
මගේ ඇස් අල්ලන්න හදනවා
ඕනේ නෑ ඕනේම නෑ තවත්
මම මගේ හිතට බල කරනවා

ඒ මහා වැස්සටත් පසුව ,

ඇහි දාර අඟිස්සක ගැහි ගැහී
තවම ඇවිලෙන කඳුළු තියෙනවා
ඒ කඳුළ නුඹට නොවටිනා බව
දැන දැනත් හිත නුඹව අහනවා

නෑ එපා එපාමයි  හිතට තරවටු කර
ප්‍රේමයේ සොහොන් කොත බඳිනවා
ඒ සැනින් ආයෙ යලි ගොඩට ගෙන
ආදරේ හුස්ම තව පිඹිනවා

17 comments:

  1. අපුරුයි ඒ වේදනාවත් රහයි කියන්න හිතෙන්නේ මේ කවි දකිද්දි තමයි ❤️

    ReplyDelete
  2. එහෙම තමයි ප්‍රේමයක් තියෙන්න ඕනේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් එහෙම තියමු

      Delete
  3. කුනාටුවට පසුත්, මහ වැස්සට පසුත්, සිරි සිරි පොද වැස්සට පසුත්, ගොරතර නියගයේ හමන වියලි සුලගට පසුත්....ආදරය නම් ආදරයමය...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකනම් එහෙමමයි.... ස්තූතියි

      Delete
  4. මේ තරම් සිත පාරවන්නේ.. මගෙන් වරදක් උනිද මංදා නේ... :)

    ReplyDelete
  5. නොඉඳුල් තොල්පෙති අතරින් උදුරාගෙන සිනාව හදවත නැති මිනිසා ඔබ නෙත කඳුළැලි ගෙනාව.

    ReplyDelete
  6. කොහොම උනත් හදවතට දැනෙන සැබෑ ආදරය අමතක කරන්න බෑ කවදාවත්.

    ReplyDelete
  7. පිඹින්නෙ නයෙක්ද

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...