සඳට බැළුම් හෙලූ අය

Aug 22, 2018

ඇවිලෙමි ...නිවෙමි !




නාභි විල් දිය මත
පිපි රන් තඹරු කුසුමක,
සුවඳ දෙතොලින් ගෙන යත
පයෝධර දාගැබ් වෙත,

සුසුම් නිවනකි,
හිතුවක්කාර පෙම්වත…

දිස් ඊස් නොට් රයිටර්  ~


ඩන්හිල් සුවද හුස්මක තෙත
උරාගෙන පිපෙන පෙති මත ,

නිල්මල් විලක සුව දෙන
පිපී එන පයෝදර තුඩ ,

ගැහෙන ප'පුතුර මත
ඇවිලෙමි ...නිවෙමි
විසේකාරිය නුඹ...

දිස් ඊස් නොට් සඳවතී   ~

19 comments:

  1. බුදාම්මෝ...................... මේක .

    මම නම් මොනවත් ම කියන්නේ නෑ ....

    "බිකොස් දිස් ඊස් නොට් සඳවතී නෝ "

    :p

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඉතින් රයිටර් female ඈන්ගල් එකෙන් ලිව්වම අපිට මේල් ඈන්ගල් එකෙන් ලියන්න වෙනවා...එතකොට ඉතින් සඳවතී නෙවෙයි නොවැ. අනික මම දන්න ඩන්හිල් සුවඳකුත් නෑ අපේ ගෙදර දුම් නොබොන කලාපයක් වෙච්චි.... හි හී

      Delete
    2. අපි අයින් වෙලා පයින් යමු පුතී ........ :p

      Delete
    3. අයින් වෙලා පයින් යන්න හදන්නේ හරියට කමෙන්ට් නොකර ශේප් වෙලා යනවා කියන එකටද .. නැත්තන් ඔය කවි වල වගේ අවස්ථාවකදීද....

      Delete
    4. මෙතන අදහස් කරේ නම් "කවි වල වගේ අවස්ථාවකදී" ගැන . සදු

      Delete
    5. ඒ වගේ වෙලාවක අයින් වෙලා පයින් යන්න බැරි බව ඔයාගේ අර කලින් පෝස්ට් එකකම තීනවනේ අප්පා ... හි හී

      Delete
    6. එව්වා .... වෙයි ..... මෙව්වා වෙනයි හා ....... ද ?
      lol

      Delete
  2. මරු කවි හරඹ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දැන් කෝ ඔයාගේ කවි හරඹ ? කාලෙකින් දැක්කේ නෑ කමෙන්ට් කවියක්.... ඔයාවත් සෙන්සර් බෝඩ් එකකට අහු වෙලාද ?

      Delete
  3. අම්බෝ අපි නුදුටුවා වගේ යමු.

    ReplyDelete
  4. සඳවතිය කෙසේ කීවද මෙපදවැල් ලියවී ඇත්තේ ගැහැනියකගේ ෆැන්ටසියක හෝ රියැලටියේ පමුනුවාගෙන බැව් අප හැඟුමයි...නැවත නැවත කියවා වින්ද රස එය පසක් කරවාලයි...තුනු මඩල පසුකරවා නාභියද ඉන් පසු විඳි රසෝගයේ විල්තෙර ගිලුනු අදහස් ඇත්තේමි කියවූ පසු මේ සෘංගරය..හා...!
    අප සතුටම පැමිනියෙමු...!

    ReplyDelete
    Replies
    1. එකඟවෙමි ... රයිටර්ට පිලිතුරු කවක් ලෙස ලිව්ව නිසා හිතුවක්කාර පෙම්වත කියා එය ස්ත්‍රීයකගේ ඇසින් ලියූවක් බව අඟවා තිබූ නිසා මමත් පිරිමි ඇසකින් ලියූ විදියට පිලිතුරු දුන්නා.ඒ ඇරුනම ඉතින් ලිව්වෙ මම නිසා එයින් මතුවන්නේ මගේ රියලටිය සහ ෆැන්ටසිය විය හැක.

      අම්මෝ ස්තූතියි ඉතින් මුලු බ්ලොග් ලෝකෙම බොහෝම අක්‍රීය කියවීමක කමෙන්ට් කිරිල්ලක ඉන්න කාලෙක කියවලා අදහසක් දැක්වීම ගැන.

      Delete
  5. අපුරුයි සදු...

    ReplyDelete
  6. Replies
    1. ඒ නිර්මාණය මගේ නෙවෙයි... ඒ නිසා ඒ ගැන තේරුම් කරන්නට යාම මට යුතු නෑ කියල හිතෙනවා.

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...