සඳට බැළුම් හෙලූ අය

Aug 26, 2018

ආදරේ හරි සරළයි හිටං !


ආදරේ කියන්නෙ
එයා කන්න කැමතිම මට එපාම කරපු  කරවිලයි වම්බටුයි දැන් මමත් ආසාවෙන් කන එකට...
මම කන්න කැමති එයා කන්න අකමැතිම බෝංචියි කැරටුයි එයාටත් කන්න පුරුදු කරපු එකට..

ආදරේ කියන්නෙම
එයා කැමතිම මිනි මරාගන්න ලේ පෙරාගන්න චිත්තරපටි ඇස් පියාගෙන හරි රෑ දෙගොඩ හරියක් වෙනකං මමත් බලන එකට..
මම කැමතිම ආදරේ වැක්කෙරෙන පෙම් කතා එයාටත් බලන්න පුරුදු කරන එකට...

ආදරේ කියන්නෙම
මම නැතුව කොහේ හරි ගියා ම එනකං ඇස් දැවිල්ල හැදෙන එකට..දහ දොළොස්  වතාවක් කෝල් කරන්න හිතෙන එකට...
පොඩ්ඩක් පරක්කු උනොත් මහා මූසල දේවල් හිතෙන එකට..අම්මට මල්ලිට අක්කට වටේටම කෝල් කරල නහයෙන් අඬන එකට..ඊට පස්සේ බැනුම් අහන එකට..

ආදරේ කියන්නෙම 
මම ලියන කිසිදේක අහුමුළු  නොසයන එකට..
තෝ මේක ලිව්වෙ කාටදැයි අරක ලිව්වෙ කාටදැයි නොඅසන එකට
ලියද්දී මට මම ම වෙන්න ඉඩ දෙන එකට...

ආදරේ කියන්නෙම
මම තාමත් පිස්සු වැටෙන්නෙම
මාධවන්ගේ හිනාවටයි කියන එකට
මාව හිරිවට්ටන ඇස් තියෙන්නේ වෙන කෙනෙක් ළඟයි හිතෙන එකට...
ඒවට මූණ කොරහක් කර ගත්තම
හරි ඉතින් මම ආසම... මම ආදරේම... පපුව තියෙන්නේ ඔයා ළඟ නෙ කියා මුරුංගා අත්තේ තියන එකට...

ආදරේ කියන්නෙම
බබා අන්න  මරු ගලක්....කෝමද අර ඩිකිය  ...පාරේ තොටේ යන එනකාං ඉස්සර එයා මට පෙන්නපුවා දැන් එයාට කලින් මං පෙන්නන එකට...
කෑගහන්න  එපා බා...න් අපි දෙන්නටම ගෑනුන්ගෙන් ගුටි කන්න වෙයි කියා උන්දෑ බය වෙන එකට...

ආදරේ කියන්නෙම
නිකමට හරි එයා මැරුනොත් මට ලස්සන උස හාදයෙක් කසාද  බැඳගන්න  කියල එයා කියන එකට...
හැබැයි මම මැරුනොත් ඒ සෙල්ලම් බෑ
ශිවන්යා වෙලා ඇවිත් කරන දේවල් බලා ඉන්නවායැයි
මං හර්තාල්  දැමීම...

ආදරේ කියන්නෙම
එයා දාරාණිපාතෙට වැඩ වෙලාවට
අම්මයි පුතයි ඔෆීස් කාමරේ ගෝරි දා ගන්න එකට..
ඒ පරිප්පු එයාටත් කන්න දෙන එකට..
අන්තිමට අම්මයි පුතයි එලියට දමා කාමරේ දොර වහන එකට..

ආදරේ කියන්නෙ දැන් එයාට මම ලියන ඒවා කියවන්න වෙලාවක් නෑ කියන එකට...
ඒකට මම  ඇස් වල කඳුළු පුරෝගන්නකොට ඊළඟ ආත්මෙනම් කවි ලියන එකියක් කසාඳ බඳින්නේ නෑයි කීම...
හා... මටත් ඕනෙ නෑ බඳින්න ඒ උනාට ලබන ආත්මෙත් ඔයා මගේ ඩ්‍රයිවර් නම්  වෙන්නම ඕනෙයි කියන එකට...




   ඉවර නෑ... තව තියෙනවා පස්සෙ

27 comments:

  1. Adare ehemai...eketh heti...👍

    ReplyDelete
  2. ආදරේ කියන්නෙම වෙලාවකට තුන්වෙනි ලෝක යුද්දෙ පටං ගන්ඩ වගේ රණ්ඩු වෙලා ඊගාව තප්පරේ එන්ඩ යං කාල ඉම්මු නැත්තං ඔයා වෙනුවෙං මම වෙනස් විදිහකට හදපු පරිප්පු එක අපරාදෙ කියන එකට....

    ReplyDelete
    Replies
    1. නැතුව... ඒ පරිප්පු ඉතින් කන්නම එපැයි .... හි හී

      Delete

  3. කවිය ලස්සනයි...මේක කියෙව්වම මට මෙහෙම හිතුන,

    ආදරේ කියන්නෙම, ගෙදර හාදය උත්තම පුරුෂය වෙච්චි පලියට මේනකා (මේනකා කියන්නේ උත්තම පුරුෂ ටෙලියේ චරිතයක්) කෙනෙක් වෙන එක නම් නෙවේ...ඒ කිව්වේ සමහර මිනිස්සු ගෑණු දෙගොල්ලම තමන්ගේ පාට්නර්ගේ ඉවසීමේ ගුණය සහ උතුම් ගති ගුණ තියන එක වාසියට ගන්නවා...ඒ කියල තමන්ගේ හැඟීම් වලට නිදහසේ යන්න අරිනවා...තමන්ට කැමති දේවල් අසීමාන්තිකව කරනවා...තමන් තමන් වෙන්න ඕනේ තමයි, නමුත් අපි නොදන්නව උනාට ඒක අනිත් කෙනා ඉවසන්නේ ඒ කෙනාගේ ඇති උතුම් ගතිගුණ නිසා වෙන්න පුළුවන්...මේකට තමයි කියන්නේ ටේකන් ෆෝ ඇඩ්වාන්ටෙජ් කියල. අන්න ඒක ආදරේ නෙවේ...ආදරේදී වෙන්න ඕනේ, තමන් නිදහසේ ජිවත් වෙන අතරේම, අනිත් කෙනාගේ නිදහස සහ ගෞරවය ගැන වගකීමෙන් කටයුතු කිරීම...

    ReplyDelete
    Replies
    1. උත්තම පුර්ශ ටෙලිය බලල නෑ අක්කා ඒ නිසා මේනකා කොයි වගේද කියන්න නොදනී. ඒත් මට අක්කා කියන එක පැහැදිලී...ඔව් කුටුම්බයක් තුලදී අපිට අපි වෙන්න පුලුවනුත් එක්තරා සීමාවකට විතරයි.ඒ සීමාව තමන් විසින්මයි පිලිපැදිය යුත්තේ.හැබැයි මමනම් පුද්ගලිකව අකමැති අනිකාට තියෙන ආදරේ ගෞරවය නිසාවත් තමන් හරී හොද කෙනෙක් කියලා අනිත් කෙනාට පෙන්නන ඕන නිසාවත් එහෙම ඉවසනවට හෝ හරිම අදහස ප්‍රකාශ නොකර ඉන්නවට.ඕනම දෙයක් කතා කරලා විසඳගන්න එකඟතාවයකට එන්න පුලුවන් කියන තැනයි මම ඉන්නෙ.

      Delete
  4. ඔව් .... ඇත්ත ආදරේ කියන්නේ හැම දෙයක් හැම දෙයකටම කැමැත්තෙන් පුරුදු වෙන එකට . උයන කෑම තෝරලා බේරලා කන්නේ නැතුව ඔහු හෝ ඇය කැමති රසවලටත් මුල්තැනක් දෙන එක . ඒක හරියට අපි හොයන ආදරේ වෙනස් විදියට ලැබුනා කියල කියන්නත් පුළුවන් . සතියකට හමාරකට දේවල් එක පාර උයල තියල මයික්‍රෝවේව් කරගෙන කන්න තියල සතියකින් විතර ගෙදර ඇවිල්ල අයි මේ කෑවේ නැත්තේ කියල දුකෙන් කියන එකත් අර මම කිව්වා ආදරෙයේ මේ තවත් සිත්තමක් , කොහොමාරි .... කරවිලයි වම්බටුයි බෝංචියි කැරටුයි වගේ නෙවෙයි එකට ඉදගෙන පවුල් කන එකත් ඉතින් අද කාලේ විදියට හරිම හපන්කමක් .

    එතන කොච්චර විවිධාන්ගීකරණයන් තියෙනවද ... ලස්සන ආදරේ කොහොමත් ඉතින් ඒකාකාරී දෙයක් නෙවෙයි නේ. ආදරේට පාට තිබ්බට අපි දන්නේ නෑ සමහර වෙලාවට පාට ගාන්න... මේ විදියට කිලිපොලා යන සටන්ජවනිකා මෙන්ම ආදර පෙම් කථා එකට එක්ව ඉදන් බලන එක දෙන්න දෙන්නගේ කැමැත්තට ගරු කරන එකනේ ... කවුරු හරි තව කෙනෙක් ගේ කැමැත්තට ගරු කරනවා කියන්නේ උත්තම ක්‍රියාවක් , එහෙම නේද .

    අපි කැමතිම අපේ ආදරේ අපෙන් පොඩි වෙලාවකටවත් දුරකට යනවට අපි කැමති නෑ ඒකයි ඒවගේ වෙලාවට සිතුවිලි චංචල වෙන්නේ . ආදරය වෙනුවෙන් හොයල බලන එක හරිම ආදරණීය දෙයක් .. ඒක හැමෝටම කරන්න බෑ නේ .

    රචනයේ දී අදහස හරියට ලියන්න කියන්න අන්න ඒ දේ ට ගරු කරන බැදීමක් තියෙන සහකරුවෙක් හරි සහකාරියක් හරි ලබන්න පින් කරලතියෙන්න ඕනේ .

    ආදරේ අපි තේරුම් ගන්න විදිය හරි වෙනස් . සමහර වෙලාවට කරුණාව දයාව ඉස්සරහ , ප්‍රතිපත්ති ඉස්සරහ , ලස්සන ඉස්සරහ , තනිකම ඉස්සරහ , නොදැනුවත් කම ඉස්සරහ , දුක ඉස්සරහ , අපේ හිත නතර වෙනවා . පේනව ඇත්ත ආදරේ එතන තියෙනවා කියල . එක හරියට සංකීරණ ගණිත සමීකරනයක් වගේ . නැත්තම් කවියක පද රසවත් කරන කෙටිම කෙටි යෙදුම් පෙළක් වගේ .

    ඔව්.. ලස්සන එහෙම නැතිනම් හිත ඇදිල යන දේට ලස්සනයි කියන එක වගේම ඒ කියන කෙනාගේ වචන වලට අනුගත පිළිතුරු දෙන එක . කැමති දේවල් සියලු දෙනාගේම සදාකාලිය නැහැ නේ . ඒක ආදරනීය වෙන්නේ ඒ ලබන වින්දනය තුල ඉගෙන ජීවත් වෙන එකට මිසක් ඒ වචන වලට පරහ තියෙන එක නෙවෙයි . දෙන්නාටම කැමති දේ කරන්න දෙන්නාම දෙන්නට අවසර දෙන්න ඕනේ . සුන්දරත්වය ගැන ඉහලින් කථා කරන්නටත් .

    හිත අවුස්සන්න කරන විහිලු තහළු නැත්තම් ඉතින් ජීවිතේ ලස්සන නැහැ . සමහර වෙලාවට අපි ආදරේ ඉස්සරහ මැදුම් පිළිවෙත ද රකින්නේ කියලත් හිතෙනවා . සැබෑ ආදරය කියන්නේ ආත්මාර්තය ඉක්මවූ වීරිය පාරමිතාවකට .

    දරු මල්ලන්ගේ වැඩ කටයුතු හොයලබලල කරද්දී ,ඒ දේවලින් පීඩාවක් පීඩනයක් නොවෙන ලෙස කරන්න දෙන්නා ම කොහොමත් කටයුතු කරනවානේ . ඔය අතර දරුවන්නේ තියෙන කෙළිලොල් බව සීමා ඉරෙන් එපිට පනිද්දී එතනට වෙන මැදිහත් වීමේ විදියත් සුන්දරයි . ආදරනීයි .... වෙලාවකට ඒක අසාධරණයි කියලත් හිතෙනවා .

    ආදරේ වෙනුවෙන් ඕනම කැපකෙරීමක් කරන්න දෙන්නට පුළුවන් වෙන්න ඕනේ . කැමැත්තට කරන දේට ගරු කරත් ඒක නොපෙන්වාඉන්න එකත් හරිම සුන්දරයි . ලස්සනයි . හිතෙනවා වෙලාවකට ආදරේ කියන්නේ දේදුන්නක් කියල .

    ReplyDelete
    Replies
    1. අම්මෝ... ඉස්සෙල්ලාම ස්තූතියි ඔයාට මේ තරම් පැහැදිලිව මේ තරම් දිග කමෙන්ටුවකින් උත්තර බදින්න තරම් කැපවීම ගැන.මගේ බ්ලොග් ඉතිහාසයේ දිගම කමෙන්ටුවද කොහෙද..

      ඇත්ත තමා කරවිලයි කැරටුයි බෝංචී කනවා විතර ලේසි නෑ පවුල් කන එක.මම ඔය උඩ ලියලා තියෙන බොහොම සරළයි කියලා හිතෙන දෙවලිනුත් ඔයා මේ ලියලා තියෙන දෙවල් වලිනුත් කියවෙන්නේ එකම දෙයයි.දෙදෙනෙකුගේ බැඳීමට එකට ජීවත් වීමට ආදරයේ පැවැත්මට කැපකිරීම , අනෙකාගේ මතයට ගරුකිරීම ,ඉඩදීම ,ඉවසීම, සංනිවේදනය වගේ එකී නොකී බොහෝ දේ ඕන බව.හැබයි ඉතින් ඔය කිසිම දෙයක් කරන්නත් ඕනෙ කලයුතුම නිසාවත් කරන්නන් වාලෙවත් නොවිය යුතුයි.එහෙම උනාම ජීවිතේ අපායක් වෙනවා.කොයි දේකදීත් ආදරය ඉස්සර විය යුතුයි.

      ආදරේ උතුරන්න තිබුනත් සමහර වෙලාවට අනිත් කෙනා හිතා හෝ නොහිතා කරන සමහර අතපසුවීම් ළඟදී හිත එහා මෙහා වෙනවාත් තමයි.මටනම් ආදරේ නැතුව ජීවත් වෙන්න බෑමයි.මම ආදරේ අයට මම මැරීගෙන ආදරේ කරනවා එයාලගෙන් මමත් ඒ හා සමාන ආදරයක් අවධානයක් බලාපොරොත්තු වෙනවා.

      Delete
    2. තව ලියන්න තියෙනො... ඒත් වෙලාව නැතෝ..

      Delete
    3. ඇත්ත ආදරේ තමයි ජීවත් කරවන්නේ . සමහර සොදුරු හැලහැප්පීම් නැත්තම් ඉතින් ඒ ආදරයේ ලස්සනකුත් නෑ නේ . එක වෙලාවකට මට මෙහෙමත් හිතෙනවා . උතුරලා යන ආදරේ හොදම වටිනාම ටිකද උතුරන්නේ කියල , ඒක එහෙමනම් එක ලොකු අපරාධයක් පාඩුවක්. මොකද හොදම හරියනේ ඕනේ . අර කාල් මාක්ස් කිව්වා වගේ විප්ලවයට විප්ලවයේ පාඩුවේ ඉන්න දුන්නනම් හරි කිව්වා වගේ ආදරයට ආදරයේ පාඩුවේ ඉන්න දුන්නනම් හරි කියලත් හිතෙනවා .

      Delete
    4. ආදරේට කරදර කරන්න හොද නෑ හිටං

      Delete
    5. ආදරේ එහෙම කරලා හිටං ................... ආයෙත් කවියක් ලිව්වනම අගෙයි සදවතියේ .

      Delete
  5. ආදරේ කියන්නෙම
    ආදරේ මේමයි මේමයි කියල හිතෙන එකට....

    නැද්ද හා? :-p

    ReplyDelete
    Replies
    1. ඔව්නේ...ඒකනේ මේක ඉවර නැත්තේ... ආදරේ ගැන තව කොච්චර තියෙනවද ලියන්න...

      Delete
  6. ආදරේ කියන්නෙ මම ඊයෙ ගෙනාපු නවකතා පොත මගෙ ඇඳි පුටුවෙ දිගාවෙලා හුස්ම ගන්නත් අමතක වෙන තරම් අවධානයෙන් කියවද්දි ඈ බිම වාඩිවෙලා මගේ කකුල් දෙකට පිටතියාගෙන හේත්තු වෙලා අත් දෙකේ ඇඟිලිවල නිය ආලේපන ගල්වන අතරෙ එදා ඉස්කෝලෙදි වෙච්චි දේවල් අකුරක් නෑර කියවන එකට..මම ඉතිං පොත කියවන අතරෙ විනාඩි පහෙන් පහට වගෙ පොත උකුල උඩ තියල උන්දැටත් ඇහුම් කන් දෙනව..නැත්තං ආය මේකෙ වසන්ටය...හෙහ්,හෙහ්,

    ඉතාම අපූරුයි නෝනා මහත්මයා ඉතාම අපූරුයි!!!

    ReplyDelete
    Replies
    1. අම්මෝ රවී ඕක නම් මට කීයටවත් කරන්න බැරි දෙයක්, වගේම මොනව හරිකියන්න ආව කෙනා එක්ක උපරිමයෙන් තරහ ගන්න වෙලාවක්.

      Delete
    2. රවී තුමනි ,

      බලන්න ඒක කොච්චර ආදරණීයද කියල...එහෙම ඇහුම්කන් දෙන්න කොච්චර සංයමයක් තියෙන්න ඕනෙද...පොතක් කියවනව කියන්නෙ මටනම් ලෝකෙම අමතක වෙන වෙලාවක්.ඒත් මම උනත් ඔය වගේ වෙලාවටත් අනිත් පාර්ශවයෙන් එල්ල වෙන ඇලුම් බැලුම් දිහා විමසිලිමත් වෙනෝ.නැත්ත ඉතින් මේ ගෑනිට මට වඩා පොත් ලොකුයි..හිටපියකො මේ පාර බුක් ෆෙයා යන සියලු දීමනා කපා හරිනවා වගේ දෙවල් අහගන්න වෙනවනේ... හි හී

      Delete
  7. එහෙමද? මන් හිතන් උන්නේ ආදරේ කියන්නේ..

    සෙනසුරාදා වරුවක් නිවාඩු දාල සිකුරාදාම ගෙදර දුවන එකට කියල.. එතකොට සිකුරාදා උදේ ඔෆිස් එකේ අස්සන් කරපු වෙලේ ඉඳල 'දැන් කොහෙද, දැන් කොහෙද'කියල කෝල් දාල අහන එකට කියල.. නැත්නම් කොච්චර එපා කියුවත් හයි වේ එකේ ඩ්‍රයිවින් කරද්දී කෝල් එකක් දීලා 'හෙමින් එලවන්න' කියන එකට කියල.. සෙනසුරාදාට පොලේ ගිහින් එද්දී මුරුක්කු ගොට්ටක් අරන් ගෙදරට යන ටිකට දෙන්නත් එක්ක තරගෙට කන එකට කියල.. අඩුම තරමින් ඉරිදා දහම් පාසලේ උගන්නන්න යවල තනියම ගෙදෙට්ට වෙලා පොඩි එකා බලාගෙන ඉන්න එකා කියල.. :)))

    හරිම අපුරුයි! තව පොඩ්ඩෙන් මිස් වෙනවා පොස්ට් එක. වෙලාවට ආටියා දිගම කොමෙන්ට් එක ගැන ලියල තිබ්බ එක දැක්කා. :)

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ.... හා ඉතින් කමී ආදරේ හරි සරළයි නේද හැබෑටම හිටං

      Delete
  8. ආදරේ කියන්නෙ ඉතින් ආදරේට :)

    ReplyDelete
    Replies
    1. ඔව්.. ආදරේ ආදරේමයි... ස්තූතියි මෙහෙ ආවට

      Delete
  9. ආදරේ කියන්නේ ඉවසීම වගේම කැපකිරීම ද කියලත් මට හිතෙනවා.කොහොම උනත් ආදරේට කවුරුත් ආදරේ කරන බව නම් පේනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් කවුරුත් කැමති ආදරේට ආදරේ කරන්නයි.

      Delete
  10. වැලේ වනල තියෙන රෙද්ද දැක්කාම මට හිතුනා "ආදරේ හරි සරමයි' කියලා

    ReplyDelete
  11. බබා අන්න මරු ගලක්....කෝමද අර ඩිකිය ...පාරේ තොටේ යන එනකාං ඉස්සර එයා මට පෙන්නපුවා දැන් එයාට කලින් මං පෙන්නන එකට....
    ඉතින් මිනිහට අතින් වියදම් කරලා බඩුවක් ගහන්න දියන්කො1 අන්න ආදරේ?

    ReplyDelete
    Replies
    1. පෙන්නන එකයි , කරවන එකයි දෙකක් නේ බං !

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...