සඳට බැළුම් හෙලූ අය
Nov 23, 2018
අහිමි !
ඉස්සරම ඉස්සරින්
පරවෙච්ච හීනයක්
අහම්බෙන් මඟ තොටක
ආයෙ ඇස ගැටෙනකොට
කොච්චරක් දුර උනත්
හිත ආයෙ අහන්නෙම
හුස්මකට දුරින්වත්
නවතින්න පුලුවන්ද
සම්මතේ කර වටක්
ගිලී මියැදෙන හීන
කල් ඉකුත් වූවාට
තාම සොඳුරුයි බෝම
රන් පාට හේදුනත්
මුදු'ගිල්ලෙ බර ගාව
නවතින්න වෙන්නේම
මුව පැටව් ඇස් සිහිව
ජීවිතේ අතර මඟ
එදා ගබ්සා වෙච්ච
ප්‍රේමයේ මුල් කැලළ
කිසිදාක සුව නොවන
කාලයේ වැලි තලා
හෝදගෙන ගිය මතක
ආයෙ උඩ එන්නෙපා
ඉතින් ඇහැරෙමු හනික
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
සුන්දර සුවබර බිනර මාසයක් වේවා ඔයාලට!💐💐💐 බොහොම අවිවේකී සති අන්තයකට පස්සෙ සදුඳාට එළිය වැටුනේ අලුත් මාසයක් එක්කමයි.සැප්තැම්බර් ඒ කියන්නෙ ...

සඳූගෙ පද ගැලපිලි හිතට දැනෙනවා හොදින් . සාමාවෙන්න කවියකින් කියන්න තරම් වෙලාවක් නැතිවුනාට.
ReplyDeleteජයවේවා!!!
කවි වලින් පිලිතුරු නොදුන්නත් එදා වගේම අදත් දුමී මෙහෙ ඇවිත් කියවන එකම වටිනවා.. ස්තූතියි ඒකට ඔයාට
Deleteකාට කාටත් පරණ මතක අවදි කරවන්නත් , ආපහු යථාර්තයට හුරු වෙන්නත් හොද පුර්වාදර්ශයක් . මේකත් කවි වැඩසටහනට ගන්නම්. සොදුරු සිත බ්ලොග් එකේ සදාදරණීය පරණ පෙම්වතා කතාව සිහිපත් කලා
ReplyDeleteස්තූතියි ඔයාටත්..... ඉඩ තියෙන වෙලාවක ඔය කියන කතාවත් බලන්න ඕනේ ඒ බ්ලොග් එකේ
Deleteඇහැරුණත් අද හනික
ReplyDeleteමතක මතුවෙයි දිනෙක!
හ්ම්ම් ඔව් ඒකනේ මතක සදානොමියෙන්නේ
Deleteපරවෙච්ච හීනේ මගේ හිතට තාමත් දැනෙනවා සදු.ඒක අමතක කරන්න කවදාවත් බැරි වෙයි.
ReplyDeleteඅමතක කරන්නත් එපා ඉතින් ඒ අමරණීය මතක
Deleteපරවෙච්චි හිත තවම
ReplyDeleteමග බලා ඉන්න විට
පුළුවන් ද කියන් මට
ඔහොම මග හැර යන්නට