සඳට බැළුම් හෙලූ අය
Feb 1, 2019
You Made My Day !
ඒ තරම් රළු වදනින්
දමා ගසන්නට තරම්
කලාද පුංචි මම
උඹට නපුරක්...
සාප කරන්නට බැන වදින්නට තරම්...
සාගරේ වගේ කියන
උඹේ ඔය ආදරෙන් බිඳක්වත්
මා වෙනුවෙන් නැති බව
පසක් කෙරුවාට ස්තූතියි උඹට...
සමහරවිට
උඹ මේ කුඩුපට්ටං කලේ
මේ ලෝකෙ උඹට වැඩියෙන්ම
ආදරේ කරන හිත....
උඹ දන්නෙ නෑ
උඹව අමතක කරන්න
මං විඳින දුක....
සත්තයි
මට දැන් ඕනෙම උඹව
අමතක කරන්න...
බැරි උනොත් අමතක කලා
වගේ ඉන්න...
ඉතින් මේ තමයි
උඹට ඕනෙයි කියූ එක
මං අඬන මං තැවෙන
මං අසරණ වෙන එක
සතුටින් කියන්නම්
ඒ ප්‍රාර්ථනා ඉටුවූ බව...
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
සුන්දර සුවබර බිනර මාසයක් වේවා ඔයාලට!💐💐💐 බොහොම අවිවේකී සති අන්තයකට පස්සෙ සදුඳාට එළිය වැටුනේ අලුත් මාසයක් එක්කමයි.සැප්තැම්බර් ඒ කියන්නෙ ...

දැවුණු මගේ හිතට
ReplyDeleteවතුර පොදක්වත්
එපා ආයේ නුබේ අතින්
හිතා ගන්නට
හැකිය හැම විට
දුන්නු සෙනෙහේ
නුබේ නමින්
බනින්නේ හදාගන්න ආදරේටනේ පනේ...
ReplyDeleteඅක්කා දුක හිතෙන කවිමයි මේ දවස් වල.... ලස්සනයි ❤️
ReplyDeleteමා ගැන තිබූ ආලය අඩු කෙරෙන්නයි
ReplyDeleteඅතීතයක සැමරුම් අඩු කරන්නයි
අලුත් හිතක පෙම් සුවඳක් දැනෙන්නයි
එහෙම කෙරුවෙ නුඹෙ දුක අඩු කරන්නයි...
ජයවේවා!!!
මලා. යනවද ඔය?
ReplyDeleteදුක සමබරව දරාගන්න නිර්මාණයකට කොච්චර දෙයක් කරන්න පුළුවන්ද ? ලස්සනයි ....
ReplyDeleteතොපට එපා නම් එක් වාරයක් අපා
ReplyDeleteඅපට එපා පන්සිය වාරයක් තොපා
උඹ දන්නෙ නෑ
ReplyDeleteඋඹව අමතක කරන්න
මං විඳින දුක....
ලස්සනයි ❤️