සඳට බැළුම් හෙලූ අය

May 3, 2019

අන්ත්‍රාවයි !



අසම්මතයැයි ලොවින් සම්මත
සෙනෙහසක්
තහනම් හිතක
ළැගුම් ගත් බැවින්
වාරණය කිරීමට නියමිතය

හසු වේයැයි බියෙන්
වහං කිරීමට තැනක්
නැතිම තැන
අතැර යමි මහ මඟට
එකී ප්‍රේමය බහා උරයක


ඉතින් තව මොහොතකින්
පුපුරුවා හැරීමට නියමිතය
අයිතිකරුවෙකු නොමැති
හඳුනා නොගත් භාණ්ඩයක්
ලෙස සැක පිට

10 comments:

  1. යේක මොක්කද අප්පා ෂැග වෙච්ච භාන්ඩේ? ෂ්වර්ගෙට වීෂා අම්බෙන යෙකක් නං යපිලගෙ ගෙද්දර තමයි තියාන්ඩ පුලුවං.නෙත්තාං 119 ට කෝල් කොරාන්ට....

    ReplyDelete
    Replies
    1. නේ නේ අයියා පය වෙන්නට කාරියක් නේ....

      Delete
  2. පිපිරී මියයාම යෙහෙකි
    හිමිකරුවෙකු නොමැති භාණ්ඩයක් ලෙසට
    නොවී සියල්ලන්ටම අයිති
    බඩුවක් විලස...

    ReplyDelete
  3. කාලයේ තාලයට ගැලපෙන තේරවිල්ලක් ...

    ReplyDelete
  4. සම්මත නොවුනු ආදරයක සිහින පොදි
    හදවත පුරා පැටලෙයි නිබඳවම රැඳී
    පෙම්වත පෙම්වතා තේරුම් ගන්න නොදී
    සම්මත නොවුනු පෙම පුපුරනු කලක් නොදී...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ආයෙමත් කවි කමෙන්ට් අරන් ඔයා ආපු එකම සතුටක් දුමී

      Delete
  5. පුළුවන්ද ඉක්මණට මෙහෙම දෙයක් කරන්න
    කොහොමද හිත හදා ගත්තේ මෙච්චර ඉක්මණට
    පුපුරවන එපා
    ඈත මුහුදට ගිහිං ගිල්වන්න
    කවදා හරි බලාපොරෝතුවක් හරි ඉතුරුවේවි
    ඔබට .

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තු කියන්නෙම දුකක් අප්පා....

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...