සඳට බැළුම් හෙලූ අය

May 23, 2019

Listen To My Heart ......!


මම නිහඬ වෙමි
කතා කරන්නට බොහෝ
දෑ ඇති තැනක
අසාමාන්‍ය ලෙස නිහඬ වෙමි

මම හඬමි
අසීමාන්තික ලෙස
හැඟීම් වදනින් බෙදා ගන්නට
නොහැකි වූ තැන
නිහඬවම හඬමි

මම සන්සුන් වෙමි
පිටතින් මහා කළබලැයි
කිසිවක් බරපතලට නොගන්නවායැයි
කෙනෙකුට සිතෙන මා එක්ක
මම තනිව සන්සුන් වෙමි

මම ප්‍රේම කරමි
ඔබ ප්‍රේමය යනු අත් හැරීමයැයි
අදහන තැනින් මම ආරම්භ කරමි
අයිතිකර ගැනීම සිහිනයක් වුව
ප්‍රේමය අත් නොහරිමි

මම විඳිමි
ඔය හිතුවක්කාර පිරිමි සුවඳ
ළය දෙබෑ කරගෙන ගිය පලමු තත්පරය
අඩවන් දෑස මත පරිස්සමට තැබූ හාදුව
දැනුදු මේ දැනුදු විඳිමි

මම විඳවමි
කියන්නට ගලපන්නට ලියන්නට
නොතේරෙන මොකද්දෝ හැඟීමකට
වෙලාවක් අවේලාවක් නැතුව
ඉතින් මා විඳවමි

3 comments:

  1. මම කියවමි
    මා සිතන පතන දෑ
    ඔබ ලියන්නේ කෙසේදැයි සිතමින්
    මහද පත්ලේ ගැඹුරුම තැනක සැගවූ
    ඒ සිතුම්
    ඔබ සොරාගත්තේ කෙලෙසදැයි
    විපිළිසර වෙමින්
    ඉතින් මා කියවමි.

    ReplyDelete
    Replies
    1. එකම වෙනස ඒ "ගැහැණු සුවද"ක් වීමය....

      Delete
    2. මම වටහා ගනිමි
      අඩු වැඩි වශයෙන් මෙවන් කතා
      තව බොහෝ හිත් වල
      පැසවන බව
      ඉතින් මම වටහා ගනිමි

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...