සඳට බැළුම් හෙලූ අය

Jun 27, 2019

ඉවසලා ඉවසලා බැරිම තැන !





ඈත දුරා'තීතෙක හුරුපුරුදු බව හැගුණු
ඔය සුවඳ ඈතකට ගෙනයන්න

ස්වප්නයක බහා හරි සීරුවට ඔතා දුන්
ජීවිතය කොහේ හරි ගිල්වන්න

හිතුමතේ ඉහිරිච්ච මතක කඳුළක් දෙකක්
සුසුම් මංජුසාවට පුරවන්න

හදවතේ මැද මිදුණු වේදනා කැටිත්තට
බයිපාස් සැත්කමක් කරගන්න

තුඩින් තුඩ රස ගෑව අනුරාග කල්කයෙන්
නලල් පොට තව වරක් සරසන්න

සතුට ඔබ තියාගෙන මතක මල්ලක බහා
කොහේ හරි සීරුවට හංගන්න

පපු කුහර හිර වෙවී විරාගිනි ඇවිලෙද්දි
වේදනා ලේපයක් ගල්වන්න

හෙටක් නැති ප්‍රේමයේ අරුත් සුන් මුදුන් මුල
තියුණු සැතකින් කපා සිඳලන්න

8 comments:

  1. හරි ලස්සනයි. "ඈත දුරා'තීතෙක" කියන එක "දුරා'තීතෙක ඈත" කියල වෙනස් උනානම් තවත් හොඳට rhyme වෙනවා වගේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතී පූ... මේ අගය කිරීම් වටිනවා

      Delete
  2. දෙපාරක් කියෙව්වා....දෙපාරක්...මේ ආයේ කියවන්න යන ගමන්...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් එහෙමද.... ස්තූතී ස්තූති ඉතින්

      Delete
  3. ගැබ්ගත් සෙනෙහසක ප්‍රසූතිය....!

    ReplyDelete
  4. "හා"

    ගෙනයන්න

    ගිල්වන්න

    පුරවන්න

    කරගන්න

    සරසන්න

    හංගන්න

    ගල්වන්න

    සිඳලන්න

    "ඉවසලා ඉවසලා බැරිම තැන ඉවසන්න"

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...