සඳට බැළුම් හෙලූ අය

Jul 23, 2019

ඉතා සංවේගයෙන් දැනුම් දෙමි !



 

ඉතින් දැන් කොහොම හරි
උහුලගන්නට ඕන මේ කඳුළු ගංඟාව
වදන් අවියකින් හිත හෑරුව හින්දමයි
මේ හැටිම හිත සංකාව

ඔබ දන්නෙ නෑ නිරන්තර ප්‍රතික්ෂේප
වීමක වේදනාව
කමක් නෑ මං තියාගන්නෙ ආදරේ
විතරමයි මං ගාව

මං කියන්නට දැනන් උන්නෙ නෑ
ඔයා වගේ දෛවයේ  සාත්තර
ඔයා කිව්ව හරි වැඩ කරන්නෑ තමා
දැන් මගේ නාලිකා සේරෝම

ඉතින් ආයෙමත් මල් පූදින්නෙ කෝමද
දොස්තරත් කිව්වෙ ඕකම
ඒ උනාට තාමත් මේ නහර වැල් වල
දුවනවා ඔයාගේ ස්නේහය

දැන් ඉතින් කොහොමත් එකයි මට
බයක් නෑ පැදුරටම වැටුනාම
හෙවනැල්ල උනත් ඇදයිලුනෙ
අත් හරින්නට ඕන උනාම

මොනවා උනත් මට අමතක කරන්නම බැරි
ඔය ඇස් දෙකේ පෙම් පාට හිනාව
ඔයාම කියන්න බෙල්ල මිරිකන එකද හරි
ආදරේ ඉස්මොල්ලෙ ගියාම

ඔය ඔය ඈතින් අහෙන්නේ
අපේ සෙනෙහසට වැයෙන මල බෙර
ඉක්මනට  නිදියන්න මට දෙන්න
එම්බාම් මාත්‍රාව වැඩිකර

සොහොන් කොත් වලත් මල් පිපුනෙ
අපි ආදරේ කරපු ඉස්සර
දැන් ඉතින් යන්න පුලුවන් ඔයාට
මගේ සංසාරයම හැඩිකර


8 comments:

  1. හැමදාම වගේ ලස්සණයි පිළිවෙලයි . පට්ට . තුන් පාරක් කියවලා තේරුම් ගත්තේ . 😊😊

    ReplyDelete
    Replies
    1. තුන් පාරක් කියවලා හරි ඔයාට තෙරුනානේ...මට තම තේරුනෙ නෑ

      Delete
  2. හම්මෝ.. අක්කේ

    ReplyDelete
  3. මේක මේ බ්ලොග්ගුවෙ නැතුව වෙන කොහෙ හරි දැක්ක නං මං හිතන්නෙ මේක බෙනා ගෙ කවියක් කියල... බෙනා ගෙ කයි වල තියන වේදනාවම මේකෙත් තියේ... මරු!

    ReplyDelete
    Replies
    1. අම්මෝ...බෙනා කොහෙද මම කොහෙද.....ස්තූතියි ඉතින් ඇගයීමටනම්

      Delete
  4. මම කියෙව්වා කීප පාරක් උඩ කියවන් යටට එද්දී උඩ අමතක වෙනවා ඒ තරම් එකකට එකක් වචන ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඒ ඇගයීමට කිඹුලී

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...