සඳට බැළුම් හෙලූ අය

Jul 8, 2019

මල් කලින් නෙලූ බැවින් අනාරාධිතවම තබා යමි !




අපි වෙන්වුන බව
ඇත්තයි
ඒත් මේ මල්
නෙලා ගත්තෙම
ඔබටයි !

ආයෙ මේ බිමට
වසන්තය නො එන
බව නම් සත්තයි

ඒ උනත්,

මේ අන්තිම හාදුවත්
මගෙ ආදරේ
තරමටම
ඇත්තයි !

13 comments:

  1. ආයෙ මේ බිමට
    වසන්තය නො එන
    බව නම් සත්තයි

    කෙටි රසයි

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ස්තූතියි කිඹුලි

      Delete
  2. හ්ම්ම් කලින් නෙලූ මල්.

    ReplyDelete
    Replies
    1. ඔව් නෙලා ගෙන පෙරුම් පුරාගෙන හිටියා...

      Delete
  3. ඇසල ගස මල් පල දරන විට
    ඇසල ගස යලි කොල සලන විට
    සීත සමයේ හිම වැටෙන විට
    හිදින්නෙමි මම ඔබ එනතුරා....

    ReplyDelete
    Replies
    1. නෑ... බලන් ඉන්න එක අත්හැරියා

      Delete
  4. ඔය වසන්තයා ඔහොම්මමයි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔහොම්මමයි එයා හිතන් ඉන්නේ එය තමා හරි කියලා

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

රංකඳ රාවණා !!

  ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...