සුළඟ මේ අහපං
ගිහින් අන්න අර
උන්දැට කියපං
කොයි තරං
ඈතක හිටියත්
මං ආදරේ බව
දැනෙනවද අහපං....
ඔය සමහර ඒවා
එයාගේ හිතළු
විතරක්ම බව
ඔන්න එයාට කියපං....
මං කියන එක
විස්වාස නැත්තං
රෑට ඇවිදින් හීනෙන්
බෙල්ල මිරිකන බවත්
උන්දැට කියපං....
එයාට මං ඕනෙද
එපාද අහපං
එපානම්
මටත් එපා බව කියපං....
ආ...මතක ඇතුව
එයාගේ උත්තරෙත්
මට ඇවිත් කියපං....
සමහර උත්තර තියෙනවා හම්බෙන්නේ නැති තරමටම හොඳ ඒවා
ReplyDeleteම්ම්ම් ඒකත් ඇත්ත බලන් යනකොට
Deleteමට බෑ...
ReplyDeleteඔයාම ගිහින් උන්දැගෙන් අහපං.
මට මගේ පාඩුවේ ඉන්න දීපං.
මීට සුළඟ.
ඔන්න්න බලන්නකෝ ඉතින් ඔයා එක්ක බෑනේ
Deleteඋත්තර හොයන්න එපා සඳ...
ReplyDeleteඅනේ මන්දා....
Deleteපණිවුඩ යවන එකමද
ReplyDeleteදැං මගෙ රාජකාරි..
කර ගත්තොත් නරකද
උන්දැව භාරකාරී..
ස්තූතියි.....
Deleteතොපට එපා.. නං එක වාරයක් අපා...
ReplyDeleteඅපට එපා.. තුන් සිය වාරයක් තොපා...
ආයෙත් අහලා...අපිත් දැන් ඒමයි
Deleteසොඳුරු සඳවතීගේ භීතිය දනවන කවි!
ReplyDeleteඑහෙමද ?
Deleteසුළඟ අත එවූ උත්තර ලැබුනාද....?
ReplyDeleteලැබුනා ඒත් සාර්ථක නෑ
Deleteආ තව ලස්සන කවි බ්ලොගක් හම්බ උනා, සතුටුයි.
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා.... ස්තූතියි
Deleteස්තූතියි. සඳවතීට පොඩි කවි challlenge එකක් කරන්නද, භාර ගත්තත් නැතත් කිසි අමනාපයක් නැතුවා. මෙන්න මේ ලින්ක් එකේ ඔයා වඩාත් කැමති ඡායාරෑපයකට පොඩි කවියක් ලියන්න, මම හරි ආසයි ඒ ඡායාරෑප වලට. https://www.boredpanda.com/children-and-animals-cuddle-in-adorable-photoshoots-by-elena-karneeva/?utm_source=bing&utm_medium=organic&utm_campaign=organic
Deleteඅම්මෝ ඒ පින්තූර දැකලා මං පිස්සු හැදිලා ඉන්නේ.... කෝක තෝර ගන්නද මන්දා.... ස්තූතියි ඔයාට හොදේ... මම එකක් තෝරගෙන හිමිහිට ලියන්නම්....
Deletethank you
Deleteපුලුවන් නම් කියපන්
ReplyDeleteරෑට රෑට හොරෙන් නැගිටලා
සෑහෙන්න හඬන බව..
පව් අසරණ සුළඟ....
ReplyDelete