සඳට බැළුම් හෙලූ අය

Oct 24, 2019

මන්දාරමෙන් එහා.... තියෙනවද නිල් අහසක් !




වැහැල වැහැල එක සීරුවවට
කාබාසිනියා වෙච්ච
ගොංමං හැන්දෑවක්
කොහොම පින්තාරු කරන්නද මං
බොරුවටවත් එක හිනාවක්
මන්දාරමෙන් එහා කොහේ හරි
තියෙනවනම් නිල් අහසක්
මට ඕනෙ දකින්න
එකම එක ඉර කෙන්දක්

හඳත් නොදැක ගෙවිල - නොදැනිම
කල්ප කාලාන්තරයක්
අදත් එක සීරුවට පපු කුහර
නායගිය දවසක්
තෙමිල තෙමිලම ඉදිමිච්ච
රෝස මල් පෙත්තක්
ඕන් උදුරන් ගියා තෙතබරිත
සුළං අහුරක්

ආසාවටවත් කෝ කොහෙද
වැහි කෝඩ ළඟ මැවුන - දේදුන්නක්
ඔයාට කියන්න
 දැන්
මගේ හිතත් හරියටම
හෙන වැදිල පිපිරිච්ච අහසක්

10 comments:

  1. අපොයි ඔහොම කියනවද.. මොනා උනත් ඔයා මල් වහින සඳක්...🤗🤗🤗

    ReplyDelete
  2. මේක අමුතුම පද වැලක් . හැබැයි අන්තිම හරියේදී වෙනස් වෙනවා . ඒඇයී කියල අහන්නේ නෑ මම . කොහොම නමුත් හැමදාම වගේ පට්ට .
    ☺️☺️☺️❤️

    ReplyDelete
    Replies
    1. අන්න හරි අහන්නනම් එපා....මොකද මන් දන්නෙත් නෑනේ

      Delete
  3. ලස්සනයි!!!අන්තිම පේලිය නං....අනේ මංදා...

    ReplyDelete
  4. මාරයි . මම කැමතිම අන්තිම පදයට

    ReplyDelete
  5. හෙන වැදිලා පිපිරිච්ච
    අහසක්...
    හෙලනකොට කඳුළු හිත යටින්
    දවසක් ...
    කියන්න ද නුඹ ට තව ත්
    එක රහසක්...
    අලුත් හඳ
    එළිය කරාවි නුඹ ලෝක
    දස දහසක්..



    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...