සඳට බැළුම් හෙලූ අය

Nov 5, 2019

.ඔබට දැනෙනවානම් !




හීතලට හිම මිදුණු 
මීඳුම් හැන්දෑවක
සිසිරයෙන් තෙත බරිත
මුඳු ලැවැන්ඩර් යායක
සරත් සමයට මඟහැරුණු
තද ලේ පාට මේපල් පතක
හීතලට ඇවිලිච්ච
උස බීර බඳුනක

සත්තමයි
මම ඉන්නවා...ඔබට දැනෙනවානම්.....


අළු පාට ආකහේ අරුණෝද
සළු අඳින කනිසමක
උණුහුමට වක්කරන
කලු කෝපි බඳුනක
කවුළුවෙන් එහා අන්න අර පේන
දම් පාට මෝනිං ග්ලෝරියා මලක
හිම යායක හුදකලාවම
වැලපෙන විලෝ ගසක

සත්තමයි
මම ඉන්නවා....ඔබට දැනෙනවානම් ....

හීතලේ හිම කටුව ඇනෙනකොට
හිරිවැටෙන කොපුලක
දෑත් පා පෙරවගෙන ගුලි ගැහෙන
උණු හිම කබායක
ප්‍රියසාද තෙපුල් මැද පිරෙන
ඉතිරෙන රතු වයින් බඳුනක
ලයෙහි ලෙය උණු කරන
ශෘගාර සල්සා නැටුම කෙලවරක

සත්තමයි
මම ඉන්නවා....ඔබට දැනෙනවානම් ..

19 comments:

  1. ඔබ ඉන්නවා, දැනෙනවා... ආදරේ තුරුලු කර ගෙන...

    ReplyDelete
  2. මේ සිතුවිලි, මේ කවි, හරිම ලස්සනයි සඳවතියේ. කියෙව්වත් හිතට සනීපයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි පූ ඒ අගය කිරීමට

      Delete
  3. මැවිලා පෙනෙන තරමට හද බැඳී නිසඳැසක්

    ReplyDelete
    Replies
    1. ඔව්නේ... මේ ඉතින් අයියලට හුරුපුරුදු දසුන්

      Delete
    2. //හීතලේ හිම කටුව ඇනෙනකොට
      හිරිවැටෙන කොපුලක
      දෑත් පා පෙරවගෙන ගුලි ගැහෙන
      උණු හිම කබායක
      ප්‍රියසාද තෙපුල් මැද පිරෙන
      ඉතිරෙන රතු වයින් බඳුනක
      ලයෙහි ලෙය උණු කරන
      ශෘගාර සල්සා නැටුම කෙලවරක//ඔව් නේ :)

      Delete
  4. මෂෝර්කා නැටුමට අද පමණක් එන්න ?

    “ශිත කාලය උණුසුම් කර ගනීමට එක මෘදු බැල්මක් ප්‍රමානවත් ය .”

    මේ පද පෙළ මගේ හිත කෙනිත්තුවා . පට්ට !😊🙏

    ReplyDelete
    Replies
    1. මදි මදි මටනම් එක බැල්මකින් සෑහෙන්න බෑ....අනික එක දවසක් නටලා මක් කරන්නද ...හි හී. ස්තූතියි දිරිගැන්වීමට

      Delete
  5. මං නං ඉන්නෙ වසන්ත කාලෙ මුලදි දියවෙලා ගලන හිම පියල්ලක මැද...අපි වයින් බොන්නෙ නෑ...සීලෙ කැඩෙන හිංදා....

    ReplyDelete
    Replies
    1. හැබෑට....කොච්චර දෙයක්ද.....හරි හරි අපි වසන්ත ගැනත් ලියමු කවියක්....

      Delete
  6. නිස්සාර සංසාර හීනේ අතීතේ
    ඔබ ඉන්නවා දැනෙනවා
    කවදාක හමුවෙන්න රැකගන්න වේදෝ
    තුන්යාමේ මං අහනවා...

    ReplyDelete
    Replies
    1. රැකගන්න නෙවෙයි දැකගන්න නේද ?මම ආසම සින්දුවක්

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...