සඳට බැළුම් හෙලූ අය

Oct 16, 2020

කියන්නම ඕනේද !

 




මම ආසයි...ඔබව බදාගන්න.

ඔබව ඉඹින්න...ඔබත් එක්ක හුරතල් වෙන්න..

මොනවත්ම නොකිය ඔහේ උරහිසේ ඔලුව තියාගෙන ඉන්න..  බෙල්ල අයිනෙන් අල්ලලා හපන්න.. පපුවට  මූණ ඔබාගෙන ඔය හදවත විනාඩියකට කී සැරයක් ගැහෙනවද කියන එක අහන් ඉන්න.. ඔයාගෙ අතින් අල්ලගන්න.. සීතල ඇඟිලිතුඩු අගින් හෙමිහිට පිරිමදින්න..අතේ ඇඟිලි ටික එකතු කරලා තද කරන්න.. කොනිත්තන්න..හූරන්න..ආයෙම රිදෙනවද අහන්න..

කම්මුල පුරාවට රැවුල් අස්සෙන් මගේ හාදු පාකරන්න.. හුස්ම හිරවෙනකම් හාදු දෙන්න..ආදරෙයි ආදරෙයි ආදරෙයි  කිය කිය බැඳෙන්න..

ඇවිදින්න යන්න..මූදු වෙරළවල් කඳුමුදුන් කැලෑ ගානේ රස්තියාදු වෙන්න.. ගංගාවලට ඇලදොළට ඔහේ පනින්න.. ආයෙම පුංචි වඳුරු පැටියෙක් වගේ ඔය ඇඟේම එල්ලෙන්න.  කම්මුල් දෙපැත්තෙන් අදින්න..

අනේ  මට පුළුවන්  තව දිගට ලියන්න..ඒත් මම ආසම...

ඔබ දිහා බලන් ඉන්න.. !


( තිළිණි N ලියනාරච්චි )




මේ මම ලියපු එකක්නම් නෙවෙයි. ඕං ඔය පල්ලෙහායින් දාලා තියෙන්නේ අයිතිකාරිගේ නම.මම දැන් ලියන්නෙ නෑනේ.ඔව් ඔව් මේ වගේ එව්වා ලියන එක නැවැත්තුවා. දැන් මම ලියන්නෙ  කොහිල අල , කෙහෙල්මුව, කතුරුමුරුංගා , කැරට් වගේ එව්වා.එහෙමෙයි කියල මෙහෙම එව්ව හිතෙන එක නවත්තන්න පුලුවන්යැ.බෑනේ..බෑනේ. එතකොට ඉතින් වෙන කවුරු හරි ලියපු එකක් බලලා කියවලා අනේ මේ මම ලියන්න හිටිය එකක් නේද මේ මගේම හිත නේද කියලා විස්සෝප වෙනවා.අපි ගෑනුනේ අනේ ඉතින් එහෙම තමා.මේ ළඟදී මගේ ලෝකය ලියන ආටියත් ඔය ගෑනු සම්භන්ධ මහප්‍රාණ වගයක් ලියලා තිබුනානේ.ඒකේ තියෙන සමහර එව්වාට එකඟ උනාට සමහර එව්වාටනම් එකඟ වෙන්නම බෑ.

ගැහැනියක් හිතන්නේ බොහෝ විට ආදරයක අවසානය ලිංගිකව එකතුවීමක් කියා ය

ආටියා කියන්නේ ඔහොම.මට මේ කියමන පොඩ්ඩක් පැටලිලි සහිතයි.ආටියා මේකෙන් අදහස් කලේ ගැහැනියක් තමන් ආදරේ කරන පිරිමියා එක්ක ලිංගික සම්භන්ධයක් ඇති කරගත්තාට පසු ආදරේ හමාර වෙනවායැයි කියා සිතන එකටද එහෙමත් නැත්තන් ආදරේකදී ලිංගිකව එකතුවීමක් ඕනෙමයි කියල හිතන එකටද කියල.මට අනුවනම් ඔය දෙවිදියේම පොඩි පොඩි හුටස්පර තියෙනවා.ගැහැනියක් තමන් ආදරේ කරන  පිරිමියෙක් එක්ක ආදරෙන් එහාට තවත් දුරක් යන්නේ ඒ කෙනා ගැන විශ්වාසයක් ප්‍රේමයක් ලොකු බැඳීමක් ඇතිකරගෙන.තමන් ආදරේ නොකරන  විශ්වාස නොකරන කෙනෙක් ගැන අනුරාගී හැඟීම් මටනම් ඇතිකරගන්න බෑ.මංදා අනිත් අය ගැනනම්.ඊළඟ එක ආදරේකදී ලිංගික සම්භන්ධයක් ඇතිකර ගත යුතුමයි කියලා ගැහැනිය හිතනවායි කියන එක.අනේ ඇත්තමයි මට ශුවර් නෑ මම දැන් ස්තිරියාවක් ද කියලා ඇයි වදේ  මට මෙහෙම එව්වා හිතිලා නෑනේ.


මං දැන් සුට්ටං බට්ටිච්චි කාලේ ඉදන් අර මාධවන් කොල්ලට ලව්නේ.ඒ උනාට මට මෙච්චර කාලෙකට ඒකාව හොයාගෙන ගිහින් ඇඳක පෙරලගෙන උම්මා දෙන්න හිතිලා නෑනේ.හරි හරි එයා ඉන්නේ ඉන්දියාවේ නිසා එයා හෙන  සෙලිබ්‍රිටි පොරක් නිසා ඒක ප්‍රායෝගිකව කරන්න බෑමයි කියමුකෝ.අඩු ගානේ හීනෙන්වත් මට එහෙම කරන්න හිතිලාවත් පෙනිලාවත් නෑනේ.මාධවන්ව පැත්තකින් තියමුකෝ   ආදරේ කරන කෙනෙකුට  හරියට ආදරේ පෙන්නන්නවත් වෙලාවක් අවස්ථාවක් නැතුව දකින්නවත් අවස්ථාවක් නැතුව හැබෑවටම ඊට එහා දුරක් යන්න කොහොමටත් බෑනේ.ලිංගික එකතු වීමකින් ආදරේ කෙලවර කර ගන්න ගෑනු පෙළඹෙනවායි කියන එක මටනම් තේරුම් ගන්නටම බෑ.


එහෙමෙයි කියලා ගෑනු අපි ,අපි ආදරේ කරන පිරිමි එක්ක අනුරාගයේ බැඳෙන්නේ නැද්ද..මොකෝ නැත්තෙ බැඳෙනවා බැඳෙනවා.ඒ අර සිග්මන් ප්‍රොයිඩ් උන්නැහෙ කියල තියෙන විදියට මනෝමයෙන්..සිතින්මවාගෙන ...සිහින වල.ඕං ඔය උඩ මම උපුටගෙන තියෙන දේවල් අපි ආසයි  අපි ආදරේ කරන කෙනාට කියන්න...කරන්න.ඒත් මොනයම් හෝ හේතු නිසා අපිට ඒ කෙනාට ඒවා කියන්න බෑ.මෙහෙම හිතමු ඒකපාර්ශ්වික ප්‍රේමයකදී  අපි කොහොමද මේ  ටික එයාට කියන්නෙ ? බැහැනේ.එතකොට ඉතින් හිතින් විතරනෙ ප්‍රේමයෙන්  සහ අනුරාගයෙන් බැඳෙන්න පුලුවන්.ද්වීපාර්ශ්වික  ප්‍රේමයකදීනම් මෙව්වා කියන්න කරන්න  ලැජ්ජවෙනවනම් අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා.මොකද තමන්ගේ පෙම්වතාට හෝ  සැමියට මෙව්වා කියන්න කරන්න ගෑනු ඇඹරෙන්න ඕනේ නෑ.වැඩේ කියන්නේ ගෑනු වේවා පිරිමි වේවා අපි ජීවිත කාලෙම  ආදරේ කරන්නේ එකම කෙනෙකුට නොවීමයි.පෙම්වතෙක් ,සැමියෙක්  සිටිද්දී පවා අපිට තව කෙනෙක් ගැන  ප්‍රේමණීය හැඟීම් පහල වෙන්න පුලුවන්.ආදරේ හිතෙන්න පුලුවන්.ගෑනු  කොහොමත් කැමතී නොලැබෙන දේකට  මැරීගෙන ආදරේ කරන්න විඳවන්න  විඳව විඳව විඳින්න.තමන් අතිශය  පෙම් කරන පිරිමියෙක් එක්ක හීන වල ක්ලියෝපැට්‍රාගේ සනී ලියෝන්ගේ පාට් එක ඇක්ට් කලත් නිකමට හරි ඒ කෙනා  එක්ක සැබෑවටම එහෙම අවස්ථාව  ලැබුනොත් ඒ හීන තරම් රසවත් නොවෙන්න පුලුවන්.සමාජය  විසින්  හදපු barrier  තමන් විසින් හදාගත්ත barrier  තව නානාප්‍රකාර හේතු ඒ මොහොත විනාශ කරන්න නීරස කරන්න හේතුවෙනව.ආදරය ,ප්‍රේමය,විශ්වාසය,ආසාව,කැමැත්ත මේ  හැමදේම එකට එකතු වුනාට පස්සෙ ගැහැනියකට සෙක්ස් කියන එක මහලොකු මැජික් එකක් නෙවෙයි.


පිරිමියෙකුට   සමහර විට මේ  දේවල් මෙහෙම නොවෙන්න පුලුවන්.මේ කිසිම කරුණක් සම්පූර්ණ නැතුවත් ක්ෂණික ඇතිවන හැඟීමකට ගැහැනියක් සමඟ සෙක්ස් කියන දුරටම ගිහින්  නවතින්න පුලුවන් ඇති. ආදරය කැමැත්ත ආසාව තිබුනත් මෙච්චර කාලෙකට ඔයාව මට sexually feel උනේ නෑ කියල  කියන්නත්  පිරිමියෙක්ට පුලුවන් ඇති.අහඹු ස්පර්ශයක්,එක පුංචි සිප ගැන්මක් පවා ගැහැනියකට මුලු ජීවිත කාලෙම මතක තියාගෙන පරිස්සම් කරන්න පුලුවන් වෙද්දි පිරිමියෙක්ට ඒක ඒ මොහොතට විතරක් වෙන්නත් පුලුවන්.ඔය මොනවා කොහොම උනත් මම හිතන්නේ නෑ ආදරය ප්‍රේමය ,අනුරාගය ,ශෘංගාරය  සෙක්ස් ඔය මොන දේකදීවත්  පිරිමි ඔය කියන තරම් open,forward ,broad minded ,හෝ තව මොන මොනවා හෝ ඇතැයි කියා.පිරිමින්ට තියෙන්නෙත් මේ කාරණයේදී ගැහැනුන්ට තියෙන ප්‍රශ්නම අඩු වැඩි වශයෙන් වියහැකයි.

මොනතරම් broad minded මොනතරම් open මොනතරම් social පිරිමියෙක් හෝ ගැහැනියක් වේවා තමන්ගේ සහකරු හෝ සහකාරිය තවත් කෙනෙකුට ආදරේ කරනවා කැමැත්තෙන් ඉන්නවා එයා එක්ක feelings ශෙයා කරගන්නවා කියල දැනගත්තොත් "අනේ හරී සෝයී...ඒක තමයි වෙන්න ඕනේ....මාත් වටේ යනවා ඔයත් වටේ ගිහින් එන්න "කියන්නේ නෑ. මමත් එහෙමයි මං දන්නවා මගේ මනුස්සයත් එහෙමයි.හැම ගෑනියෙක්ම හැම පිරිමියෙක්ම එහෙමයි.චින්තනගෙ පොත් වල ඉන්නවා වගේ සුළු කොටසකුත් ඇති සමහරවිට එහෙම පුලුවන් අයත්.


ඉතින් අන්තිමට මට හිතෙන්නේ ආටියා ඔය කියනා තරම්  ස්ත්‍රීන් හෙන complicated වී පිරිමින් සරළ සාමාන්‍ය  වෙන්නට විදියක් නැති බවයි.අන්න ඒ නිසා ඔයාලට රහස් පෙමක් තියෙනවානම් දෙයියනේ කියල සිතින් විතරක් පෙම් කරන්න...දුරින් හිද බලන්න....හීනවලදී පමණක් අනුරාගයේ බැඳෙන්න.....මට ඔයාව ඉඹින්න ඕන..මට ඔයාව හපන්න ඕනේ...මට ඔයාව කන්න ඕනේ..බොන්න ඕනේ ...අනේ දෙයියනේ ඔය ඔක්කොම  හිතේ විතරක් තියාගන්න.


18 comments:

  1. හරිම අසභ්‍යයි...අන්තිම අසභ්‍යයි...නෝටි...සුළු ධනේශ්වර හෙජමොනික් සිතුවිල්ලක් (තේරුනාද මංදා) - මං කිව්වේ ඒ විදිහට හිතල මොකුත් නොකර ඉන්න එක....

    ReplyDelete
    Replies
    1. නොතේරෙන හැමදේම සුන්දරයි කියලා ඔන්න ඔහෙ නිකං ඉන්නවා 😆

      Delete
  2. මාත් ආටියගෙ ඔය කියන ආර්ටිකල් එකත් කියෙව්වා.. සදවතීට ආපු සමහර "අවුල් සහගත තැන්" මටත් දැනුනා.ගැහැනියක් හිතන්නේ බොහෝ විට ආදරයක අවසානය ලිංගිකව එකතුවීමක් කියාය කියන කරුණට මාත් එකග වෙන්නෙ නෑ මට තියෙන පෞද්ගලික හා සමාජ අත්දැකීම් අනුව. ඒත් මං අදහස් කරන්නෙ නෑ ඒකෙන් පිරිමි හැමෝම ආදරයේ අවසානය විදියට ලිංගික එකතුවීමක් බලාපොරොත්තු වෙනව කියලා අදහස් කරන්නත් බෑ. ඒක ජෙන්ඩර් එක මත ඩිපෙන්ඩ් වෙන දෙයක් නෙමෙයි. ඕන තරම් ගැහැණුත් ඉන්නව සෙක්ස් විතරක් බලාපොරොත්තු වෙන වගේම පිරිමිත් ඉන්නව සෙක්ස් නැතිව ලව් කරන. සාපේක්ෂව අඩුයි..
    ඒ වගේම ඔය ඔපන් මයින්ඩඩ් කතාව ගැනත් එමම තමයි. ඔයාට 100% එකගයි. අනිත් එක අපි හැමෝම තත්පරයෙන් තත්පරේට වෙනස් වෙන මිනිස්සු.මට මාව හරියට තේරුම් ගන්න බැරිව ගෑණු ,පිරිමි කියන උන් තේරුම් ගන්න හරි අමාරුයි. ඒ නිසා මං විශ්වාස කරන්නෙ අපි ඔක්කොම හරිම complicated කියලා....

    ReplyDelete
    Replies
    1. ඒකනේ අපිට අපිවම තේරුම් ගන්න බෑ වෙලාවකට අපිට ඕනේ මොනවද එපා මොනවද කියලවත් අපි හරියටම දන්නෙ නෑ.ගෑනු වේවා පිරිමි වේවා අපි සේරම complicated තමා.

      Delete
  3. චන්ද්‍රා මිසී,
    පුලෛයාර් සාමිනේ, වචනම 691ක් ...
    රෝසි අක්කිගෙ මලය කිවූ දේට මෙච්චර වයින් වෙලා. ඔරලෝසුවක් වගේ. ඔරලෝසුවක් වගේ.
    Take it easy girl!.
    මේ මැඩම් ඒක නෙවේ, ඔය කතුරුමුරුංගා, කෙහෙල්මුව ලිය ලියා ඉන්න වෙලේ නරකද මිසීගෙ පරණ කවි සීරිස් එකේ ඔපොසිට් එක ගැන කවි ටිකක් ලිව්වොත්.

    ඉතින් අන්තිමට
    මට හිතෙන්නේ ආටියා.....
    ඔය කියනා තරම් ස්ත්‍රීන් හෙන complicated වී
    පිරිමින් සරළ සාමාන්‍ය වෙන්නට විදියක් නෑ
    අන්න ඒ නිසා
    ඔයාලට රහස් පෙමක් තියෙනවානම්
    පුලෛයාර් දෙයියනේ,
    සිතින් විතරක් පෙම් කරන්න
    දුරින් හිද බලන්න
    හීනවලදී පමණක් අනුරාගයේ බැඳෙන්න
    මට ඔයාව ඉඹින්න ඕන
    මට ඔයාව හපන්න ඕනේ
    මට ඔයාව කන්න ඕනේ
    බොන්න ඕනේ
    අනේ දෙයියනේ
    ඔය ඔක්කොම
    හිතේ විතරක් තියාගන්න.

    ජයවේවා!. මේං අපි ගියා

    ReplyDelete
    Replies
    1. අනේ හැට්ටර් අමුතුවෙන් වයින් වෙලා ලිව්වා නෙවෙයි කොටින්ම මං ලියන්න ආවේත් මෙව්වා නෙවෙයි.ඒත් පෝස්ට් එක ලියන්න පටන් ගන්නකොට ආටියාගේ පෝස්ට් එක මතක් උනා පස්සේඉතින් ඒක පස්සෙම ගිහින් ලියවුනා.දැන් කවි ලියන්න බෑ බෑ වගේ මෙයා.කෙහෙල්මල් ලියන එක ජොලි

      Delete
  4. මම මේ ලඟදි මගේ පෙම්වතියට කිව්ව මට ඔයාව sexually feel වෙන්නේ නෑ කියල..දැන් මේ කමෙන්ට් එක ලියන්නේ ලංකා හොස්පිට්ල් එකේ හදිසි අනතුරු වාට්ටුවේ ඉඳන්...🤣...!!!
    ඔය වගේ අපි නොදන්න දේවල් කතා නොකර පොට් බුරියානි එකක් කන එක හොඳයි කියලයි මට නං හිතෙන්නේ...!

    ReplyDelete
    Replies
    1. හිහී හී ඇති ඔයින් ගියා..සතුටු වෙන්න හදිසි අනතුරු වාට්ටුවෙන් බේරිච්ච එකට.පව් ඉතින් ඒ අසරණ පෙම්වතිය.
      ඒකනං ඇත්ත...නොදන්න දේවල් වලට වඩා දන්න ඉවිල්ල මරු

      Delete
  5. සදවතියට පිළිතුරු ලියන්නේ කොහෙන්ද කියා ආටියාට තේරෙන්නේ නැතිය . කාන්තා පාර්ශවයට දෙයක් කියා තේරුම් කරන්නට බොහොම අමාරු බව මෙතන කියා මාරුවෙන්නට ආටියා කැමති නැතිය . කොච්චර කොහොම කිව්වත් ආටියා අදටත් හිතන්නේ ගැහැණිය සංකීර්ණ සාධකයක් කියාය .එහි ප්‍රතිලෝමය පිරිමියා සරළය කියන්නට ආටියා කොහෙත්ම උත්සාහ කරන්නේ නැතිය . ඔහෙලාට එව්වා මෙතන ඔප්පු කරන්නට නොගියත් වෙඩිමකට යද්දී , ඇදුම් තෝරද්දී වැනි සූට්ටම් කරනා වල සිට higher purchasing දක්වා යන කරුණු වලදී සරල සහ සන්කීරණ යන සාධක පිරිමියාට සහ ගැහැණියට බෙදන්නට පුළුවන් වන්නේ කොහොමද කියා අපි හැමෝම දන්නවාය . සරලකම සහ සංකීර්ණත්වය පුද්ගලානුභාද්ධ සාධකයක් නිසා සහ තම පරිසරය මත පැවත එන කරුණක් නිසා එව්වා මෙතන ලියා ආටියාගේ පිළිතුරු දික්කරන්නට යන්නේ නැතිය .

    open minded බුද්ධගමේ අපිට අමුතුවෙන් ඉගනගන්නට දෙයක් නොවේය . අටලෝ දහමින් කම්පා නොවී සිටීමට නම් එකී පුද්ගලයා open minded විය යුතු ය . අපි සියලු දෙනා ස්වාධීනත්වයට ප්‍රිය කරන්නන් වෙමු . මිනිසුන් පමණක් නොව සතුන් ද එසේම ය . අත්හැරීම තුල අපි පිවිසෙන්නේ open minded තත්වයකට ය . නුතන විවාහ ජීවිතයේ දී පිරිමියා ගැහැණියටත් ගැහැණිය පිරිමියා ට වත් යටත් නොවී ජීවත් වන්නට කල්පනා කරන්නේය . එය අතිශය සාධාරණ ය . අපි කවුරුවත් කවරකු හෝ කියන විදියට ඉන්නට කැමති නැතිය . අපි අපි කැමති දේ රස විදින්නට කැමතිය . තවකෙක් රෙඩ් වයින් බීමට කැමති අතර තවකෙක් කැමති විස්කි බොන්නට ය . තවකෙක් පැණි රස කන්නට කැමති අතර තවකෙක් කැමති තෙල් දැමු කෑම කන්නටය . ඒ මිනිසුන්ගේ සහ ගැහැණුන්ගේ හැටිය . sex life එකේ දී open minded වලට ම අදාල රූල් තියෙනවාය . එයින් පළමු සහ වදකතිම නීතිය වන්නේ පිරිමියා ගැහැනියවත් , ගැහැණිය පිරිමියා වත් රවට්ටන්නට නොයා යුතු බව ය . අතහැරීම් තුල ජීවිතය අවබෝධ කරගන්නට පට්ට පහසු ය . open minded විවාහක යුවලක් කිසිම විටක තනිවම වෙනත් පහසක් ලබන්නට යන්නේ නැතිය .

    මෙව්වා ගැන ලියන්නට කප්පරක් දේ තිබුනත් ආටියා දැනට මෙතනින් නවතිනවාය .

    ReplyDelete
    Replies
    1. මෙව්වාට උත්තර දෙන්නේ කොහොමද කියල මමත් දැන් හිතනවා.මේ දවස් මම පට්ට බිසී වී ඇති නිසා එල්ලි එල්ලී යන්නට කොහොමත් විදියක් නැ.මටනම් මේ කරුණු කෝකටත් කියන්න තියෙන්නේ මේවා තමන් දැක ඇති තමන් විඳ ඇති තමන් අසා ඇති අත්දැකීම් සමඟ පුද්ගලානුබද්ධ වෙන බවයි.

      නුතන විවාහ ජීවිතයේ දී පිරිමියා ගැහැණියටත් ගැහැණිය පිරිමියා ට වත් යටත් නොවී ජීවත් වන්නට කල්පනා කරන්නේය . එය අතිශය සාධාරණ ය . අපි කවුරුවත් කවරකු හෝ කියන විදියට ඉන්නට කැමති නැතිය

      ඒකටනම් මාත් එකඟයි සහ ගරු කරනවා.හැබැයි මම ආයෙත් කියනව අපි අපේ නිදහස පාවිච්චිකල යුත්තේ අනිකාව තලා පෙලා දමා නෙවෙයි.තව ලියන්නට හිතෙනවා සහ තියෙනවා ඒත් මෙතනින් නවතිනවා පස්සෙ දවසක ආයෙ ලියන්න හිතාගෙන.

      Delete
  6. Sex සහ intimacy එක ලඟින් යන නිසා පටලවාගැනීමක් තියෙනවා.ගැහැනු කෙනෙකුට sex නැති වුනත් intimacy ඕනෙ කියලයි මගේ අදහස (ආදරනීය කතා බහ, සිප වැලඳ ගැනීම් etc). ඔබ කියලා තියෙනවා වගේ 'ආදරය, ප්‍රේමය,විශ්වාසය,ආසාව,කැමැත්ත' සියල්ල එකතු වුනු විට. ලන්කාවෙ අවුරුදු කීපයක් බැඳලා ඉන්න කෙනෙක් ගෙන් අහන්න foreplay කියන්නෙ මොකක්ද කියල, දන්නෙ නැහැ. ඕනෙ වුනු ගමන්ම දාන එකක් විතරයි වගේ දන්නෙ. අනිත් එක මම නම් හිතන්නෙ අපේ සමාජය මේ තරම් දරුනු ලින්ගික අතෘප්තිය නිසා (ගැහැනු පිරිමි දෙගොල්ලන්ගෙම), and that includes intimacy.

    Lotus

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක හරි...විවාහ යුවලක් අතර විවෘතව බව තිබිය යුතුමයි.තම රුචි අරුචි කම් ගැන කතා කලයුතුමයි.තමන්ට ඇවැසි දේ ඉල්ලා සිටිය යුතුයි.

      Delete
  7. මටත් සමහර වෙලාවට ඔන්න ඔහොම එව්වා හිතෙන්න ගන්නවා...ඒ වුනාට ඕවා ලියන්න ගිහින් චරිත සහතික ලියාගන්න බයට හිතේම ගුලි කරන් නොලියන්න හිතන් උන්න මොකක් හරි ලියල දාලා නිකම් ඉන්නව.

    ReplyDelete
    Replies
    1. මංනම් හිතෙන ඒවා ඔන්න ඔහෙ ලියලා දානවා අක්කා...ඕන කෙනෙක්ට ඕන දෙයක් හිතන්න කියලා.

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මෙන්න කමෙන්ට් එක අයින් කරගෙන.ඒ උනාට ලාවට මතකයි මට.යුරෝපයේ ඕපන් මැරේජ් ගැන අහලා තියෙනවා.මම එච්චර දුරට ගියේ නෑ.මම කතා කලේ මම දකින අහන විඳින අපේ සමාජයේ තත්වය.

      Delete
  9. Replies
    1. මිනිස්සු ගානට මිම්මට නිර්නායක අනුව වෙන්කරන්න පුළුවන්නම් සහ තේරුම්ගන්න පුළුවන්නම් මේ ලොකේ කිසින ප්‍රශ්නයක් ඇතිවෙන්නෙත් නෑ ඇතිවෙන්ඩත් බෑ.නමුත් ඒක එහෙම නෙමෙයි කියලා හැමෝම දන්න දෙයක්. ඉතින් යම් යම් කරුණු අනුව ඔක්කොම එකයි කියන එක අන්දයො අලියගෙ හැඩේ කියනවා වගේ තමයි.

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...