සඳට බැළුම් හෙලූ අය

Nov 2, 2020

බුරියානි හදනවා...අච්චාරු විකුණනවා...












 ඔන්න ඉතින් අද මං මේ පැත්තෙ ආවෙනම් කයි කතන්දර ලියන්න නෙවෙයි.ඇත්තම කියනවානම් කවි ලියනවට වඩා මේ කාලේ ජීවත් වීම අභියෝගයක් වෙලා තියෙන්නෙ.ඒක ඉතින් මට විතරක් අපේ රටට විතරක් නෙවෙයි මුලු ලෝක වැසියන්ටම  වෙලා තියෙන අලකලංචියක්  වෙච්චි.ජීවිතේ ගැන උනත් මහා ලොකු බලාපොරොත්තු  තියාගන්න බැරි කාලයක්.ජීවත් උනත් ඉස්සර විදියටම ජීවත් වෙන්න ආර්ථිකමය හයියක් තව කාලෙකට  හදාගන්න බැරි කාලයක්.ඉතින් ඕං ඔය නිසාම කොහොමෙයි කවි ලිය ලිය ඉඳලා.ඒ නිසා මමත් පටන් ගත්තා ගෙදර ඉදන්ම කරන පුංචි ව්‍යාපාරයක්.

Lotus catering service 

ඒ තමා මගේ චූටි බිස්නස් එක.ඔයාලට ඕන කරන ඕනම කෑම වර්ගයක් මං තුමිය අතින්ම ඔයාලට හදලා දෙනවා. කහබත් ,බුරියානි,ෆ්‍රයිඩ් රයිස්  බැඳුම් ,ඩෙවල්,අච්චාරු  ඔය ඕන දෙයක්  ඔයාලගේ අවශ්‍යතාවය අනුව හදල දෙන්න මට පුලුවන්.මහා පරිමානයෙන්නම් නෙවෙයි  හැබැයි ඉතින් දැන් සඳවතීට දෙයියනේ කියල පනහකට විතර උයන එකත් මහ  දෙයක් නෙවෙයි.


විශේෂයෙන්ම කියන්න ඕන අපි උයන කිසිම කෑමකට සුප් කැට,අජිනමොටෝ ,ස්ටොක් පවුඩර් දාන්නේ නෑ.ඒ වගේම ඉතාමත් පිරිසිදුව සෞඛ්‍යයාරක්ශිතව අපි මේ කෑම හදන බවට ඔබට සහතික වෙනව. දැන් අහන්න එපා කොහොමද ඔප්පු කරන්නේ කියල.මම මට සහ මගේ කස්ටමර්ට අවංකයි.එච්චරයි.( සැකයක් තියෙනවනම් ඕඩරයක් දාල මං උයනවා බලන් ඉන්නත් බැරි කමක් නෑ 😋😋 )


හරී පිලියන්දල ,කැස්බෑව ,මහරගම ,කොට්ටාව,හෝමාගම  අවට ඔයාලට අපිට ගෙදරටම ගෙනත් දෙන්නත් පුලුවන්.ඩිලිවරි වලට චාජ්  කරනව හොදේ.

සඳවතීගේ කවි වගේම තමයි කෑමත් රහයි.කාපු අය රස දන්නවා.🤗

මේ තියෙන්නෙ පේජ් එකේ ලින්ක් එක ගිහින් බලන්නකෝ.මේකට ගිහිල්ලා ඔයාලට වැඩි විස්තර බලා ගන්න පුලුවන්

ඒ වගේම යූ ටියුබ් චැනල් එකකුත් තියෙනවා podi weda tv කියලා.කෑම වගේම මගේ කවි සිංදුත් තව නානාප්‍රකාර දේවලුත් ඒකට ඉස්සරහදි එකතු වේවි. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්නකෝ.ඔය තියෙන්නේ ලින්ක් එක.මේ ඔක්කෝම ඉතින් රජ වෙන්ටනම් නෙවෙයි අනේ ඉස්සරහට ජීවත් වෙලා හිටියොත් කාටවත් අතනොපා ජීවත් වෙන්නයි.





40 comments:

  1. දැක්කාම කටට කෙලත් ඉනුවා. කැස්බෑව පැත්තෙ ඇවිල්ලාම කෑම එකක් කන්න හිතුනා. එත් කෑම එකක් කන්න කොරොනා වසංගතේ ඉවරවෙන කම් ඉන්න වෙයි. කොහොම නමුත් ජය වේවා වැඩි වැඩියෙන් බඩජාරියෝ සෙට්වේවා කියලා පතනවා.

    ReplyDelete
    Replies
    1. අන්න ඒ ප්‍රාර්ථනාවනම් වටිනවා.කොරෝනා තමා ප්‍රශ්නේ ඔලුව උස්සන්නම දෙන්නේ නෑ.කර්ෆිව් වැටෙනකංම එක දිගට ඕඩර්ස් තිබුනා.දැන් ඉතින් උඩ බලං ඉන්නවා.පාස් ගන්න ගියා අද 1500විතර පෝලිමේ අනේ ඉතින් ආයෙ ආවා කොරෝනත් අරන් ගෙදර එන්න වෙයි කියලා බයට.

      Delete
  2. කවි වගේම කෑමත් රහ ඇති කියල හිතනවා. ඔය කියන නගර වලින් ටිකක් ඈතටත් කෑම එවන්න පුළුවන් නම් වඩා හොදයි.....උපරිම ඕඩර් ප්‍රමාණයකුත් තියෙනවද? උදා..කෑම 30 තමයි දවසකට උපරිම වගේ...?

    ReplyDelete
    Replies
    1. ටිකක් ඈතට කිව්වේ කොයි හරියටද කියන්නකෝ සර්.මෙහෙමයි මේක මම ගෘහස්තව තනියම කරන රාජකාරියක් නොවැ.කලින් ඇණවුම් කරන ඒවා විතරමයි බාර ගන්නේ.කෑම 30- 50 වගේනම් දවස් දෙකකටවත් කලින් කියන්න ඕනේ.එතකොට එදාට ඒ ඕඩර් එක විතරමයි.මේ දවස් වලනම් දිගටම යන්නේ පොට් බිරියානි එකක්.ඒක අවම 3 පෝශන් ඕඩර්ස් බාරගන්නවා.හෙට ඕනෙයි කියලා අද කන්ෆර්ම් ඒවාට විතරයි හෙට රෙඩි වෙන්නේ.ගොඩක් අය උදේ 10ට කෝල් කරලා 12ට බුරියානි ඉල්ලනවා.අන්න එහෙම එව්වා කරන්න බෑ ඉතින්.

      Delete
    2. පොඩි බිස්නස් එකක් අල්ලලා දෙන්නං මාසෙකට දෙපාරක් විතර කෑම 30-40 ගානෙ...curfew ඉවර උනාම කථා කරන්නම්...සර් කිව්වට දඩ කොලයක් එවන්නං ගෙදරටම...

      Delete
    3. හරියෝ...කරමූ...පේජ් එකේ නම්බර් එක තියෙනවා අමතන්න මේ අලකලංචි පහු උනාම.මගේ එෆ්බී එකේ ඔබතුමා ඉන්නවාද කියලා නොදනී.කට්ටකාඩුවෙක්නම් නෑ සැබෑ නමින් ඉන්නවද නොදනී.

      Delete
  3. ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වේවා !

    ReplyDelete
  4. සුභ පැතුම්. මම කෑම වේලක් ගන්නම් අපේ අම්මට. හොරණට ගිහින් දෙන්න පුල්වන්ද? නැත්නම් එයාල ඔතනට එවනන්ද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ...ගිහින් දෙන්නත් පුලුවන්ඇවිත් ගෙනියන්න ත් පුලුවන්.අපිට මේ දවස්වල කර්ෆිව් නේ.ඉවර වෙනකං ඉමු.

      Delete
  5. ෆොටෝ ටික දැක්කහම කටට කෙලත් ඉනුවා. කොහෙද මේ කොරෝනා වසන්ගතයක් හින්ද ලන්කාවට එන්න බැරුවනෙ ඉන්නේ. ෆේස් බුක් පේජ් එකට ලයික් එකක් දාලා තියාගන්නම්. සාර්ථකව කරගෙන යාමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  6. වැඩි වැඩියෙන් ලැබේවා!

    ReplyDelete
  7. හරිම සතුටුයි. අපේ කට්ටියත් ඉන්නේ ඔය අවට නිසා අවශ්‍ය වෙන සේවාවක්. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඒක දැනගත්ත එක සතුටක්...

      Delete
    2. කලබල කරගන්න එපා....නිවිසැනසිල්ලේ තමන් කරන්නේ මොකක්ද කියලා හීනියට හිතන්න. ප්ලීස් තමන් කරන දේ විශ්වාසයෙන් කරන්න. ලොකු කතා කියන , බලාපොරොතු එක්ස්ට්‍රා ලාර්ජ් කරන අයගෙන් පරිස්සම් වෙන්න. කෑම කියන්නේ මාර සබ්ජෙක්ට් එකක්. ඒවා කවි නෙමේ. මිනිස්සු ටෝක් දෙයි ස්ටාර්ට් එකේ. ඔබ එස්ටිමේට් ඇන්ඩ් ඉවැලුඒශන්ස් හදාගන්න.

      Delete
    3. ස්තූතියි ඔබේ අදහස් උපදෙස් වලට.ඇත්තටම ඔව් කෑම කියන්නේ පරිස්සමෙන්ම කල යුතු දෙයක්.කන බොන දේවල් වලින් මිනිස්සුන්ව රවට්ටන්න හොද නෑ.ඒක හරියටම කලයුතු දෙයක් වගකීමෙන්.

      Delete
  8. අලුත් කවියක් කියලා මම හිතුවෙ. ඔබේ ව්‍යාපාරයට සුබ පැතුම්.

    මගේ cousinsලටත් කියන්නම් ඔය කිට්ටුව ඉන්න. UberEats වගේ එකක් එක්ක join වුනා නම් කස්ටමර්ස්ලටම delivery කරගන්න පුලුවන් නේද.
    Your dishes are very well presented.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ...එහෙම එකකට ජොයින්ග් වෙන්නත් හිතන් ඉන්නේ.මේ රටේ තත්වෙ එක්ක පොඩ්ඩක් පස්ස ගහමින් ඉන්නේ.

      Delete
  9. කෝ කාපු කෙනෙක්ගේ කමෙන්ට්ස් නෑනේ සඳවතී කේටරින් සර්විස් එකෙන්....!
    මෙන්න එහෙනන් පළමුවෙනි කෑ කෙනෙක්ගෙන් කමෙන්ට් එකක්...!
    අපේ තාත්තගේ 90 වෙනි උපන්දිනේට පොට්බුරියානි සප්ලයි කලේ ලෝටස් කේටරින් සර්විස් නොහිත් සඳවතීගේ පොට් බුරියානි..!
    කිව්ව,වෙලාවට උනු උනුවෙ රසම රස පොට් බුරියානි හම්බුනා.
    ඇසුරුම කෑම අරුචිය වැඩිකරන විදියට ලස්සනට පිළිවෙලකට කරල තිබුන.
    අම්මා කිව්වෙ රසකාරක දාපු රහක් ආවෙ නෑ කියල..තාත්තනං කිව්වෙ මල් හතයි කියල...
    මගේ තව තව කමෙන්ට්ස් ටිකක් තිබුන ඔය චිකන් කකුල් ගැන එහෙම..ඒව සඳවතී සලකා බලන්නම් කියන ලැයිස්තුවට දැම්ම...
    මේ කර්ෆිව් එක නිසා මිසක්, නැත්තං සතියකට සැරයක් කරන අපේ බුරියානි සන්ඩේ එක මින් මනත කැස්බෑවෙ ලෝටස් එකෙන් තමයි...
    පික්මී හරි ඌබර් හරි සෙට් කරගන්න ක්‍රමයක් පිලිවෙලක් දන්න කෙනෙක් ඉන්නවනං සඳවතීට හෙල්ප් එකක් දෙන්න...!!
    ජයවේවා...!

    ReplyDelete
    Replies
    1. සඳවතී, දාන්නකො ප්‍රයිස් ලිස්ට් එක ඔක්කොම කෑම ජාතිවල හැමෝටම දැනගන්න....!

      Delete
    2. ආ..මේ ඉන්නේ කාපු කෙනෙක්.තව අය ඉන්නවා බලමු එයාලත් කමෙන්ට් කරයි.චෙෆ් කෙනෙකුට කෑම දීලා එදා මං බොහොම බයෙන් හිටියේ feedback කොහොම වෙයිද කියල.ඒ උනාට සතුටුයි ආකිගේ විතරක් නෙවෙයි එදා බුරියානි කාපු හැමෝගෙම කමෙන්ට්ස් වෙන වෙනම ලැබුනා.මගේ චූටි චූටි අඩුපාඩුත් හදාගත්තා.ප්‍රයිස් ලිස්ට් එකක් මේකේ නොදැම්මේ ඔය ලින්ක් එක ටච් කරපු ගමන් පේජ් එකේ වැඩි විස්තර තියෙන නිසා.මං ආය්ව්ත් පෝස්ට් එකක් දාන්නම්කෝ

      Delete
    3. හපොයි...පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක්..කෑම රුචිය වැරදියට විරුද්ධ පදේ ලියවිල තියෙන්නේ...සමාව අයදිමි....!

      Delete
    4. හොද වෙලාවට මෙහෙම දැම්මේ නැත්තං කර්ෆිව් ඉවර උන ගමන් හොයන් එන්න හිටියේ ලොකු පොල්ලකුත් අරන් ..😆😆

      Delete
  10. මාත් ඔන්න කෑම වල රහ බලපු කෙනෙක් විදියට පොඩි කොමෙන්ටුවක් කොටන් යන්න ආවෙ.. මං ගෙදර යන ගමන් අරන් යන්න 3 person pot biriyani එකක් ඉල්ලුවෙ.. මුලින්ම නම් උදව්වක් විදියට තමා ගන්න හිතුවේ. ගෙදර ගෙනියන්න හොඳට පැක් කරලා තිබුණා. කිසිම ඩැමේජ් එකක් නැහැ. බස් එකේ ගෙනියන්නවුණත් පුලුවන්. ගෙදර ගිහින් ඇරලා බැලුවම මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ අර වගේ මිලකට බුරියානි එක පාඩු නැද්ද කියලා.

    මමත් බුරියාන් හදනවා. ඒත් බේ ලීව්ස්, සාදික්කා, කරාබුනැටි.. අරවද මෙව්වද, කජු.. අම්මෝ හැමදේම දාලා.. මං නම් හිතන්නේ ගාණ වැඩි කරන්න ඕනා ලාභේ තියාගන්න නම්.....

    3, person කිව්වට අපි ඒ කියන්නේ අම්මයි මායි නංගියි, දවලුයි රෑයි දෙකම කෑවා හොඳට බඩ පිරෙන්න...

    ඔන්න කාපු නැති අය අනිවාර්යයෙන්ම එක පාරක් හරි රස බලන්න ඔන්න..

    ( අපෙ අම්ම නම් දැන් අර පොට් එකේ උයනවා. මැටි පොට් එකක් ඕන උනාම කරන්න තියෙන්නේ පොට් බුරියානි එකක් ඕඩර් කරගන්න එක. බිරියානි එක්ක නොමිලේ පොට් එක 😂😂😂)

    කොහොම වුණත් සුභ පතනවා දිගටම කරගෙන යන්න කියලා බිස්නස් එක.. ඒ වගේම දියුනුවෙන් දියුනුවට පත් වෙන්න කියලත්..

    ReplyDelete
    Replies
    1. ඔන්න තවත් රස බැලූ කෙනෙක් ඇවිත් ඉන්නවා.අරූ නංගි එදා බුරියානි කාලා මට කිව්වෙත් මේ ටිකම තමා.එයා මගෙන් ඇහුවෙම එච්චර දේවල් දාලා මෙච්චර රසට හදලා ඔයාට පාඩු නැද්ද කියලා.ඒ වගේම බ්ලොග්කාරියක් හැටියට මං එයාව දන්න නිසා වැඩි සැලකිලි කලාද කියල.ඒකටනම් මට කියන්න තියෙන්නේ මම මගේ හැම කස්ටමර්ටම බෙදන්නේ එකම හැන්දෙන්.දන්න නොදන්න කියලා වෙනසක් කරන්නේ නෑ.මේ ගානට මේක පාඩු නෑ කියල කස්ටමර් සතුටු වෙන එක තමා මගේ සතුට.කෙනෙක් දෙවෙනි පාර රස බැලුවත් මුල් දවසේ රස ගුණ සහ කොලිටිය නොනසා තියා ගන්න එක ගැන මම උපරිම උනන්දුයි.

      ඉතින් ස්තූතියි ඔයාට මේ වටිනා feedback එකට වගේම ප්‍රාර්ථනාවටත්.

      Delete
  11. ඔය කියුවට සුවර් එකටම රජ වෙනවා.. ඔන්න බලන්නකෝ.. රජ වැඩක් නේ පටන් අරං තියෙන්නේ. <3 <3

    වැඩක් කියන්නද? මේ පොස්ට් එක දාපු දවසෙම දැක්කා. අන්තර්ගතය ගැන දන්නා නිසා කියෙව්වේ නෑ. ඒ දවස්වල අපි මැගී නුඩ්ල්ස් සහ බිත්තර තම්බ තම්බ කාල ජිවත් උනේ.. පෝස්ට් එක කියවන්න බෑ ලෝබ හිතෙනවා. ඊයේ කර්ෆිව් අයින් කරායින් පස්සේ එළියට ගිහින් බඩ පුරා කාල ඇවිත් තමයි මේ උදේම කොමෙන්ට් එකක් දාන්නේ. ජයවේවා! :)))

    ළඟදීම ඕඩර් එකක් දෙනවා රෙඩි වෙලා ඉන්න. :)

    ReplyDelete
    Replies
    1. හම්මේ ඉතින් හා හා...මම රෙඩී

      Delete
  12. කවි වගේම රසවත් ..... දැක්කාම හිත සතුටු වෙනවා .
    සදවතී පට්ට බිසී උනේ මේක නිසා එහෙනම් . මම හිතුවේ කෑම හදන්නේ "සත්තලන් " කියල .
    ඉන්නකෝ ... අපිත් එන්න ඉසුරුපුරේ පැත්තේ ඉක්මනින්ම .


    ජය වේවා .... ඔයාලාට .

    ReplyDelete
    Replies
    1. සත්තලන් සහයට ඩැනී...මං තමයි හෙඩ් චෙෆ්...හි හී...

      Delete
  13. මගේ සුබ පැතුම්! අපි ඉතින් දුරනෙ ඉන්නෙ..,මේ අලකලංචි ඉවරයක් වෙලා කොළඹ පැත්තෙ ආපු දවසක බිරියානි එකක් කමු...:)

    ReplyDelete
    Replies
    1. ඒකනේ ..කමු කමු එහෙම ආපු දවසක

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...