සඳට බැළුම් හෙලූ අය
Jul 18, 2021
මේ හාද්ද දෙතොල් මත තබා ගන්න !!
බීර සුවඳැති හාදු....නම දුටු සැනින් දැනුන අපූර්වත්වය නිසාම මිලදී ගත් පොතක් අවසානයේදී කැමතිම පොතක් වෙලා සදාකාලිකවම මතකයේ රැඳෙන පොතක් වීම ම කොයි තරම් අපූරුද..
සීතලම සීතල අන්ධකාර නිම්නයක මැද කඳු වළල්ල සිසාර දෝංකාර දෙන හරි අපූරු ආදර කතාවක්...ආදරේ කියන්නෙ අයිති කර ගැනීමම නෙවෙයි කියල යලි යලිත් පසක් කරන කතාවක්... සතුට කියන්නෙ ,ආශාව කියන්නෙ ,විඳීම කියන්නෙ ,සෙක්ස් කියන්නෙ මෙන්න මේ වගේ දේකට කියල බය නැතුව කතා කරන කතාවක්...ගැහැනු හිත වගේම පිරිමි හිතත් හරි අපූරුවට දිගහරින කතාවක්...කොටින්ම අවසානයක් නැති අවසානයකින් පාඨකයා හිරිවට්ටන කතාවක්....
ගැහැනු ආත්මවල වගේම පිරිමි ආත්මවලත් හරි සියුම් තැන් සිංහල අකුරු මත හරි අපූරුවට කැටයම් කරන්න දිල්ෂි තත්සරණිට තියෙන්නෙ තව කෙනෙකුට ඊරිසියා හිතෙන තරම් හැකියාවක්.ඒ වචන අපිව ජීවත් කරවනවා, ඒ සිද්ධි, ඒ හැඟීම් අපි විඳිනවා වගේම අපිට හැඟෙන දැනෙන තරම් ඒ වචන ප්‍රබලයි.නවකතාකාරිය ඇගේ පලමු කතාවෙන්ම සුවහසක් පාඨකයා ග්‍රහණය කරගන්නා බව නොඅනුමානයි.
ඉතින්,
බීර සුවඳැති හාද්දකින් මත් වෙන්න...
කංසා වැටියක ආග්රාහණයෙන් මැවෙන චමත්කාරය අත්විඳින්න
ඉසියුම්ම ශෘංගාරායක රස පහසක අතර මං වෙන්න...
අත් හැරීම් ළඟ නාඬා ඉන්නට...
බැඳීම් ළඟ සසල වෙන්නට ...
එන්න,
මේ හාද්ද දෙතොල් මත තබා ගන්න.
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
සුන්දර සුවබර බිනර මාසයක් වේවා ඔයාලට!💐💐💐 බොහොම අවිවේකී සති අන්තයකට පස්සෙ සදුඳාට එළිය වැටුනේ අලුත් මාසයක් එක්කමයි.සැප්තැම්බර් ඒ කියන්නෙ ...

👍🍻🍺
ReplyDeleteස්තූතියි ලොකු සර්
Deleteපොත කියවන්න කලින් මේ හැඳින්වීමෙන් ම මත් උනා.. :) <3
ReplyDeleteඒනම් පොත කියවලාම එන්ඩකෝ...
Delete+++++++
ReplyDeleteThanks
Deleteමරු ඒක
ReplyDeleteස්තූතියි
Deleteලස්සන හැදින්වීමක්. කියවන්නම ඔනේ. ❤️👍
ReplyDeleteඔව් ඒක කියවන්නම් ඔනේ අප්පා..ස්තූතියි මෙහෙ ආවට
Delete