තුංග තුරු හිසක් මුඳුනක
අවාරේ පිපි මලක්
හීතලම මිටියාවතක
මහාරත් මල් ගහක්
පිණි වැටෙන හීතලක
මෝනින් ග්ලෝරියා යායක්
ශිශිරතම රැයකයට
රතු වයින් නුරාවක්
පත් හැලෙන වසන්තෙක
හිනාවෙන මේපල් පතක්
නිල්ල නිලනා නිම්නයක
මීඳුම් මන්දාරමක්
දුරුත්තේ හීතල හිත කොනිත්තන වෙලාවට ඉස්පාසුවක් නැති හිතත් වත්තන් කරන් ඉවක් බවක් නැතුව මේ කොන්ක්‍රීට් වනාන්තරේ පුරා ඉබාගාතෙ ඇවිදින එක දැන් දැන්...
++++++++++++👌
ReplyDelete👌👌
Deleteඒක ලස්සනයි!
ReplyDeleteස්තූතියි මලී
Deleteනුහුරු උපමා උපමේය බාදාවක් උනත් හුදෙකලා ශෝකී බවක් මතුකරනවා වගේ දැනෙනවා.
ReplyDeleteස්තූතියි ඒ ඇගයීමට...
ReplyDelete