සඳට බැළුම් හෙලූ අය

Sep 1, 2023

පමාවී සැබෑවක් වූ ඒ ස්වේත සිහිනේ !!

 



2016 වසරේ  ජාතික අත්පිටපත් තරගයෙන් තේරුණ ස්වේත සිහිනයක් අත්පිටපත  කවි පොතක් වෙලා මුද්‍රණයෙන් එලියට එන්න තිබුනෙ 2017 අවුරුද්දෙ. වසර හයකට ආසන්න කාලයක් සංස්කෘතික අමාත්‍යාංශයේ සිරවී තිබුණෙ ඇතුලෙ මොකද්දෝ හුටපටයක් නිසා.ඉතින් අන්න එහෙම අවුරුදු ගානක් ගිහින් පොතේ හීනය හීනයක් වගේ බොඳවෙලා වියැකිලා ඉන්න කාලෙක ඔන්න මේ ලඟදි මුද්‍රණයෙන් පිටවෙලා මගේ අතට පත් වුණා.😊


ඉතින් අවුරුදු හයකට පස්සෙත් මගේ කුලුඳුල්ම කවි පොත විදියට පිටවෙන්න  ස්වේත සිහිනයට හැකි වුනා 🤗 මොකෝ ඉතින් මං මේක එනකංම බලා හිටිය මිසක් වෙන පොතක් කලා කියලයැ.කවි පොතක් කරමු කියල කීප දෙනෙකුගෙන්ම ආරාධනා තිබුණට  මොකද්දෝ හේතුවකට ඒවත් පස්සටම ගියා මිසක් මගේ ලොකුවට උවමනාවක් තිබුනෙ නෑ.අන්තිමේ  කොහොමහරි  ඉතින් මේ පොතම මගේ පළමු කවි පොත විදියට දොරටවඩිනවා.


ඉතින් කතෲ භාගය විදියට පොත් පණහක් දුන්නා නොවැ.දැන් ඉතින් මං ඕක විකුණ ගන්නත් එපෑ දෙයියනේ.ඕං ඉතින් කයියට හිතැත්තො පොතට හිතැත්තෝ කැමතිනම් මගෙන් පොතක් ගන්න.ලංකාවට නම් තැපැල් ගාස්තුත් එක්කම රුපියල් 400/- වෙන්නෙ.බ්ලොග් එකේ ඉන්න ගොඩක් අය මගේ බුකියේත් ඉන්නව නොවැ.අන්න එයාලා මට මැසෙන්ජර් එකේ කියන්න පොත ඕනෙනම් මං බෑන්ක් ඩීටේල් දෙන්නම්.සල්ලි දාලා මට එඩ්‍රස් එක දෙන්න මං සුටුස් ගාලා පෝස්ට් කරන්නම්. ආ බුකියේ නැති අයත් ඇතිනේ එයාලා මේ මේකට මේල් කරන්නකො ගන්න කැමතිනම්.


shanika_silva@yahoo.com

බුකියේ ශානිකා ශෂීප්‍රියා  කියල  හිංගලෙන් ඉන්නෙ මං තමා 😜


15 comments:

  1. පොතක් පල කල බ්ලොග් සොයුරියට මෙන්න මගේ හද පිරි මෙව්ව එක!

    ReplyDelete
  2. ඒකනම් සතුටුදායක ආරංචියක් සඳූ. දුමීටත් ගන්න හිතෙනවා එකක්.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී..ගමු ගමු එහෙනම් 🤗

      Delete
  3. අප්පච්චියේ මෙච්චර පහුවෙලා හරි ආ එකම මදෑ. ඔන්න මගෙනුත්... හදපිරි සුබ පැතුම් 💐✌

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ ඔයින් ගියා මදෑ ...ස්තූතියි සුබ පැතුමට

      Delete
  4. හදපිරි සුබපැතුම් . මටත් පිටපතක් තියන්න. මම මුදල් එවන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ..පෝස්ට් කරන්නම්

      Delete
  5. https://m.facebook.com/story.php?story_fbid=pfbid02LT2WjJETWpfApzWZgPnEMbTw4kERmvDCaxAd2xbieEn3YXT6CVm6Tgwnpkyk3fFxl&id=100000398971868&eav=AfZhwFji6pQACiWKCQpaBPcpa_s6tXPmRDb0dBhFKNsYZNSbwm5vixHeCEsczILvUoo&m_entstream_source=timeline&paipv=0

    ReplyDelete
  6. ලන්ඩන් වලට එවන්න ගණන් ඇති. ශික් ලංකාවට ගිහිල්ලත් ආව

    ReplyDelete
    Replies
    1. එක්කෙනෙකුට යැව්ව පෝස්ට් චාර්ජ් 850/- ගියා අයියේ.පොත නම් 300/- යි

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...