සඳට බැළුම් හෙලූ අය

Dec 23, 2023

බීත වෙච්ච හීන !!




 දුරුත්තට අත වනන

මේ උදුවප් හීත

VAT එකට ගිනි අරන්

වෙලා වගේ බීත...

24 comments:

  1. කාල වරෙන්කො. පප්පා දුන්නා නේද නත්තල් තෑග්ග - වැට් එක.🤭

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් හොම්බෙන් යන්නේ

      Delete
  2. වට්ටන්න
    කට් වෙන්න
    හොට් ගන්න
    වැට් මෙන්න...

    ජයවේවා !!!

    ReplyDelete
  3. මම මේ දවස් ටිකේ හිටියේ යටියන්තොට!
    සාමාන්‍ය මිනිස්සු ඇවිත් කඩවලින් බඩු ගන්න හැටි දැක්කාම; අපි මේ තරම් කාළකණ්නි උනේ ඇයි කියලා හිතනවා. බිත්තර ගෙඩි 2යි! රට ලූනු ගෙඩි දෙකයි!! පරිප්පු සීයයි!!! සීනි රුපියල් 50ක!!!!

    ReplyDelete
    Replies
    1. අනේ මංදා අපිටත් බිස්නස් නවත්තන්න වෙයි වගේ..අද බෝංචි කිලෝ එක 725/-

      Delete
  4. පුදුම දුකක් විඳින කාලයක්, අලුයට ගිනි පුපුරු බොහෝම බයානකයි. ඒකෙත් වාසිය ගන්නේ අවස්ථාවාදී දේසපාලුවන්. මෙවුන් හිදැස් පුරවන්නේ මිනිස් ජීවිතවලින් කියන එක තේරුම් ගන්නේ නැති එකයි ප්‍රහේලිකාව.

    ReplyDelete
  5. ඇත්ත තමයි, උදුවප් හීන වැට් එකට දිය වෙලා ගිහින්...Mayya

    ReplyDelete
  6. ලෙව කා රට හදන උන් හදමු!

    ReplyDelete
  7. හපෝ......යි ....! ආරුම පුදුම නත්තල් තෑග්ග.

    ReplyDelete
  8. ඔහෙට කියන්න, මෙහෙත් ඉස්සර තිබ්බ ආතල් දැන් නෑ. හීන් සීරුවේ හැම දෙයක්ම ගණන් අරිනවා. දැන් අපටත් තෝරල බේරල, ලාබ වුනාම සීසන් එකට අදාල දේ තමයි ගන්න වෙලා තියෙන්නෙ. වැඩේ කියන්නෙ, හැමතැනම දිනන්නෙ බඩ තඩි මුදලාලිලා විතරයි.

    Big Bonuses After Inflation Spike

    ReplyDelete
    Replies
    1. ඔව් බොහෝ රටවල් වල තත්වෙ ඕකයි...එත් ඉතින් සුරි ලංකාව ඒ සේරටම උඩින්.

      Delete
  9. වැට් එක්ක කොස්(ට්) කටිං නෙ.

    දැන් ඔයා කියන්ටෙ අපට 2048 දි සුරපුරයක් එපාද හිටං 😁🤭

    ReplyDelete
    Replies
    1. 2048 වෙනකං මෙහෙම ගියොත්, ලංකාවෙන් බාගයක් හාමතේම සෙත්ත පෝච්චි.

      Delete
    2. සුරපුරයක් එපා ඉන්න හිතෙන රටකට යනවා අම්මපා දැන් ඉවසුවා ඇති.

      Delete
  10. වැට් ගැහුවා නැති වෙන්න
    ඒ වුනාට ලංකාවේ
    සෙනග පිරිලා ඇයි කඩවල
    හොර සල්ලිද ආණ්ඩුවෙම

    ReplyDelete
    Replies
    1. අනේ මංදා..කොයි අවුරුද්දෙත් ඔහොමයි...

      Delete
  11. මට හිතෙන හැටියට ලංකාවේ ඇති නැති පරතරය ගොඩක් වැඩි වෙලා වගේ...අර යූ ටියුබ් නළු බට්ටෝ බට්ටියෝ ගත කරන්නේ ලක්ෂරි ලයිෆ් නේ..අපිට ඩොලර් වලින් හම්බ කරලත් එහෙම වියදම් කරන්න බෑ...ඒ උනාට ලංකාවට ඇවිත් බැලුවම, හැම සුපර්මාර්කට් එකක් ලඟම හෝ ටවුමකම අපි වගේ මිනිස්සු කන්න දෙයක් ඉල්ලනවා, නැත්නම් සල්ලි ඉල්ලනවා...එක දවසක් ආපිකෝ එකට ගියා ලංකාවට ආපු වෙලේ..මගේ වයසේ පිරිමි කෙනෙක් ඇවිත් පොත් ලිස්ට් (ඉස්කෝලේ) දීල ඇහුව අරන් දෙන්න පුලුවන්ද කියල...එහෙම මිනිස්සු හැමතනම....පැන්ඩමික් එකයි හොරකමයි දෙක එකට එක්කාසු වෙලා, දැන් ඉතින් අයි එම් එෆ් එක සතුටු කරන්න මිනිස්සුන්ට බදු ගහනවා...

    ReplyDelete
    Replies
    1. ඇත්ත..එයාලා රඟන රැගිලි දැක්කම හිතෙනවා අපි ඉන්නේ වෙන ග්‍රහලෝකෙකද කියලා.

      Delete
  12. මම ඉරිදා දාපු කොමන්ටුව මිසින් නෙහ්.
    දේශපාලකයින්ම කල වින්නැහියෙන් ගැලවෙන්න ණය ගන්න, ණය දෙන ආයතන සනසන්න හැම උපදෙසම එකුරට පිලිපදිනවා රජය. මිනිසුන්ගේ ඉවසිල්ල උපරිමයට ටෙස්ට් කරන මේ සෙල්ලම භයානකයි, ටයිම් බොම්බ් ඒකක්.

    ReplyDelete
    Replies
    1. ඒක ස්පෑම් වල තිබිලා ඔන්න හොයාගත්තා.

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...