සඳට බැළුම් හෙලූ අය

Jul 20, 2024

ඉස්තලන් දමනය !!

 


අද හෙනහුරා දා නොවැ.ඒ අස්සෙ අද ඇසළ පෝයත් නොවැ.ඒ විතරක්‍ යැ අද අර ශනිදා දහයට බ්ලොග් පෝස්ට් දානත් දවසැ නොවැ.ඔය මොනවා උනත් මං අද මේකේ මක්කාවත් ලියන්න හිටපු කෙනෙක් නෙවේ.ඒ උනාට උදේ වෙච්ච අලකලංචියක් නිසා ඒක මේකේ ලියන්නම හිතුන නිසාත් තමා මේ ඕඩර් අස්සෙ තකහනියක් මෙහෙ ආවේ.


ඕං මේකයි සිද්ධිය අපේ ඉස්තලන් කොලුවාට ටර්ම් ටෙස්ට් පටන් අරන් තියෙන්නෙ.සඳුදාට තියෙන්නෙ බුද්ධාගම.ඉතින් මේ පින්බර පෝදා බැති සිතින් ඔන්න මං ඒකාට පාඩම් කියල දෙනව.එයාලගෙ හයේ පංතියෙ පොතේ අංගුලිමාල කතාව තියෙනවා.ඒ පාඩම මේ ටර්ම් එකට නෑ ඒ උනාට මං ඉතින් ඒ කතාවත් කියල දුන්න.ඉතින් අංගුලිමාලයා ගැන ඉස්තලන් පලවෙනි වතාවට තමා ඔය ඇහුවෙ.


ඉස්තලන් - අම්මෙ ඉතින් ඇයි එයා මිනිස්සු 1000 ක්ම මැරුවෙ...


මං - ඇගිලි 1000ක් ගන්නනේ


ඉස්තලන් - ඉතින් ඇගිලි 1000ක් ගන්න දාහක් මරන්න පිස්සුද අනේ..එක්කෙනෙක්ගෙන් ඇගිලි දහයක්ම ගන්න පුලුවන්නේ..ඕනෙනම් මාලෙට කකුලෙ ඇගිලිත් ගන්න තිබුනනෙ.එතකොට දාහක් මරන්න ඕනේ නෑනේ..


මං - එයාට ගුරුතුමා කියන්න ඇත්තේ එක්කෙනෙක්ගෙන් එක ඇගිල්ලක් කියල වෙන්න ඇති...


ඉස්තලන් - ඒ කොයි ඇගිල්ලද


මං - ඒක ඉතින් මං දන්නෙ නෑ පුතා..


ඉස්තලන් - එයා මිනිස්සු මරල ඇගිල්ල ගත්තද ..එහෙම නැත්තං ඇගිල්ල විතරක් කපා ගත්තද..


මං-  අනේ පුතේ ඔයා මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශය ගන්නකො..අනිත් ඒවා එච්චර වැදගත් නෑනේ ..ඕවා ඉතින් ඒ  විදියටම උනාද නැද්ද කියන්න අපි හරියටම දන්නෙ නෑ


මං එහෙම කිව්වට ඒකා ප්‍රශ්න ඇහීම නවත්තන පාටක් නෑ.


ඉස්තලන් - ඒ උනාට  අම්මෙ මට තව ඩවුඩ් තියෙනවනේ... එයා මේ මාලේ ( පොතේ තියෙන පින්තූරෙ පෙන්නල) සැරින්සැරේ ගලව ගලව ඇගිලි හයි කලාද මාලෙට...


(කාට කියන්නද ..මටදැන් අංගුලිමාල කෙසේ වෙතත් කාලිට අදින්න හිතිලා තියෙන්නෙ )


මං - ඒකද දැන් ඔයාට තියෙන ප්‍රශ්නෙ..( පුලුවන් තරං හොදින් ..ටිකක් හයියෙන්)


ඉස්තලන් - නෑ මට තියෙන ප්‍රශ්නෙ එයා මිනිස්සු හොය හොය මරනකං කලින් කපපු ඇගිලි නරක් උනේ නැද්ද..


මං - නරක් වෙන්න ඇති මොකද  ඒ කාලේ ෆ්‍රිජ් තිබුනේ නෑනේ..


ඉස්තලන් - ඊයා අම්මේ මට වොමිට් වෙන්න වගේ..


මං - දැන් බුඩිස්ට් ඇති  අනික මේ ලෙසන් එක තියෙන්නෙ තර්ඩ් ටර්ම්නෙ ඔයා බුඩිස්ට් මිස්ගෙන් අහගන්න වැඩි විස්තර..


ඉතින් ඔන්න ඔහොමයි පින්වතුනි මං  පෙශර් නොහැදී යාන්තං ගොඩ ගියේ. අපිත් ඔය වයසෙදී අංගුලිමාල කතාව ඇහුව ඒත් අපිට මෙහෙම ප්‍රශ්න තිබුනද් හිතෝතුනි ? මේකා අද මේ අහනකං මට මෙව්ව හිතිල තිබුනෙ නෑ හිතන්න ඕන උනෙත් නෑ.


දැන් ඔයාල හිතනවද මේ ප්‍රශ්න ඇහිල්ල ඉවර උනා කියල නෑ දෙයියනේ නෑ..ඕං මං හවස නිවී හැනහිල්ලේ තේකක් බිබී ඉන්නවා.


අම්මේ ඔයා හිතන්නෙ අංගුලිමාල ඊට පස්සෙ ඒ මාලෙට මොනා කරන්න ඇතිද..අපි සීයව වැලලුවා වගේ වලලන්න ඇති නේද...


හ්ම්ම්ම්


නැත්තං කැලේට විසි කලාද දන්නෙ නැ නේද අම්මේ...


හ්ම්ම්ම්


අදට මේ ඇති හිතෝතුනි මට වැඩ.

16 comments:

  1. අපිට වැඩිය මොලේ විතරක් නෙමෙයි ධෛර්යයත් තියනවා ප්‍රශ්න අහන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූති මේ ආවට.ඔව් ඇත්තටම එයාල කිසිම දෙයක් එක පාරින් පිලිගන්නෙ නෑ.හැම එකම ප්‍රශ්න කරනවා.විශේෂයෙන් බුද්ධාගම කියල දෙන්න ගියාම මට පිස්සු හැදෙනව.

      Delete
  2. ++++++++++++++++++🤣
    හ්ම්... ප්‍රශ්ණ ටික තාර්කිකයි👌

    ReplyDelete
    Replies
    1. ඔව් ..අපිට උත්තර නැති එකනෙ ප්‍රශ්නෙ 🙃

      Delete
  3. ඔය කතාව බොරුවක් කියල කීව නම් හරි

    ReplyDelete
    Replies
    1. එහෙම කිව්වොත් තව විනාසයක්...ඊට පස්සෙ,ඇයි ඉස්කොලෙ පොත් වල බොරු උගන්නන්නේ අහනව.එහෙනම් මං බොරු පාඩම් කරන්න ඕනෙ නෑ නේද අහනව.ඒක ටීචටත් කියනවා ගිහින් අම්ම මේවා බොරු කිව්වා කියල...🙃

      Delete
  4. Matath innawaa 6 panthiye inna kollek
    Monawaahari kiyalaadenna giyaama pissu
    hadilaa aayith hadenawaaa.

    ReplyDelete
  5. හැපෝයි.. මාත් පොඩි කාලෙ ඔහොම තමා හැබැයි. සමහර කතාවල චරිත මැරිලා බෑඟිරි ගගහ අඬන කොට තාත්තා ඒවගෙ දෙවෙනි කොටස ගොතලා කියනවා, මැරිච්ච උන්ට පණ දෙන්න!

    ReplyDelete
    Replies
    1. හාපෝ කියලා වැඩක් නෑ ඒවා ගැනනම්..දැන් සතියක් වෙන්න එනවා තාම අංගුලිමාලගෙ ප්‍රශ්න කෙලවරක් නෑ.

      Delete
  6. කතන්දර වලයි ඇත්ත සිද්දි වලයි වෙනස පැහැදිලි කරලා දුන්න නම් ලේසි නැද්ද ? අපි අංගුලි මාල කතාව වැඩිහිටියෙක් විදියට තේරුම් ගන්න විදියටම කියල දුන්න නම් මම හිතන්නේ එයා තේරුම් ගන්න ඉඩ තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් මං එහෙම කියල දෙනව.සාහිත්‍ය කියන්නෙ ඇත්තම නෙවෙයි කියල.

      Delete
  7. Buddhist ලෙස්සොන්ස් Doubt වෙලා Vomit වෙන එකනම් හරිම ශෝයි . හැබැයි ඔය පුතාම මකුලුමිනිසුන් , සුපිරිමිනිසුන් , ප්‍රශ්න කරොත් තමයි නරක. ඇයි සින්දරැල්ල වගේ සුරනගනකතා , බයිබලේ කතා ? මොන කතා උනත් තියෙන්නේ යම් බුද්ධි මට්ටමකට සහ වයස මට්ටමකට. ඒ බව තේරුම් අරගෙන පාඩම කියල දුන්නනම් ඉතින් සුපිරි.

    ReplyDelete
    Replies
    1. මේ එක උදාහරණයක් විතරයි මම ඒ වයසේ ලමයෙක් එක්ක ඉද්දි අහන කියන දේවල් ගැන දැම්ම.හැරී පොටර් ගැන,ස්පයිඩර් මැන් ගැන විතරක් නෙවෙයි එදිනෙදා අහන,දකින පේන හැම දේ ගැනම එයා ප්‍රශ්න කරනවා මේ විදියටම.මං මේක ලිව්වෙ මගේ ළමයාගේ,වයසෙදී මං මේ තරම් එළව එළවා ගිහින් ප්‍රශ්න කලේ නැති බවත්,දැන් ළමයි එහෙම ලේසියෙන් දෙයක් පිලිගන්නෙ නැති බවත් කියන්න විතරයි.ස්තූති මෙහෙ ආවට සහ කමෙන්ට් කලාට

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඉස්තලන් දමනය !!

  අද හෙනහුරා දා නොවැ.ඒ අස්සෙ අද ඇසළ පෝයත් නොවැ.ඒ විතරක්‍ යැ අද අර ශනිදා දහයට බ්ලොග් පෝස්ට් දානත් දවසැ නොවැ.ඔය මොනවා උනත් මං අද මේකේ මක්කාවත්...