සඳට බැළුම් හෙලූ අය

339862

Dec 4, 2019

මේ ප්‍රේමයම මනරම් !




සියල්ල අහවරයැයි
සිතෙද්දීත්
යලි යලිත් යලි යලිත්
හද කොනොති ගහන
ඒ හැඟීමට
ඉතින් මා
ප්‍රේමයයැයි කියමි

සියල්ල ශුන්‍ය වී
හදවත සෝදාපාලු වී
ගිය පසුත්
හද බිතෙහි ඇලවුනු යමක්
අංකුරයක් වී
නැගී සිටිද්දී
එකී සෙනෙහසට
අවසානයක් නැති බව
ඉතින් මා අදහමි

සියල්ල සිහිනයකට පවරා
සැබෑවෙන් වහං වෙන්නට
සිතෙන වාරයක් වාරයක් පාසා
සැමරුම් සිහිවටන
ඇස් අඟිසි අවුලවන
සංතාපයට
ඉතින් මා ඉඩදෙමි

අවසානයේදීත් ,
ඉවරයි කියල හිතුවට
ඉවර නැති කතාවක
පැටලි පැටලී
විඳින විඳවන
ඒ නොතේරෙන හැඟීමට
ඉතින් මා
ප්‍රේමයයැයි කියමි

11 comments:

  1. පැටලි පැටලී
    විඳින විඳවන
    ඒ නොතේරෙන හැඟීමට
    ඉතින් මා
    ප්‍රේමයයැයි කියමි
    <3

    ReplyDelete
  2. මට නං තේරෙනව ප්‍රේමය කියන්නෙ මොකද්ද කියල...හැබැයි කියන්ඩ ලියන්ඩ වචන දන්නෙ නෑ....සොරි ආ...අනික් පාර කියයි දැනගෙන කියල දුන්නෙ නෑ කියල....

    ReplyDelete
    Replies
    1. එපා එපා කියන්නම එපා...ඕක ගැන නොදැන ඉන්න තරමට හොදා

      Delete
  3. පට්ට. ❤

    ඉවරයි කියල හිතුවට
    ඉවර නැති කතාවක
    පැටලි පැටලී
    විඳින විඳවන
    ඒ නොතේරෙන හැඟීමට
    ඉතින් මා
    ප්‍රේමයයැයි කියමි

    මමත් හිතන්නේ මේ විදියට . හරිම අරුත ලස්සනට ගෙත්තම් කරලා .

    ReplyDelete
    Replies
    1. ස්තූත්යි හැමදාමත් වගේ මේ අගය කිරීමට කලන

      Delete
  4. අවසානයේදීත් ,
    ඉවරයි කියල හිතුවට 
    ඉවර නැති කතාවක
    පැටලි පැටලී
    විඳින විඳවන
    ඒ නොතේරෙන හැඟීමට
    ඉතින් මා
    සෙනෙහස යැයි කියමි....!!

    ReplyDelete
    Replies
    1. හා ඉතින් ඔයැයි කියනවනම්.... ලොකු අය කියන එවා පිලිගන්න එපැයි

      Delete
  5. අපුරු වෙනස් ලියමනක් .....ලස්සනයි ....

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

මගේ සිහිනයෙ නුඹ නිදන හැටි !

  දුර ඈත අතීතයේ දවසක බොහෝ ප්‍රේමයෙන් එකම වහලක් යට ජීවිතය බෙදාගත් හිතවත , සමාවෙන්න අත්වැරදීමකින් වගේ මං ඔබේ මුහුණු පොතට එබුනා බොහෝ කලකට පසුව ...