සඳට බැළුම් හෙලූ අය
May 3, 2020
දැකුළු මලක හිරවෙලා !
දියමල යටින් අරගෙනම මුඳු ෂැම්පු සුවඳ
ගසමින් දිය බේරෙන දිගු නීල වරල
එකවරම ගස්සා බඳිද්දී හිස් මුදුන් කර උඩට
පුදුමයි කඩා නොවැටුනු හැටි
තිසරුන් මැදට කර ඇදි රෝස සළුව
පද්දා ඉඟසුඟ බල බලා හැඩ
කැඩපතකට උනත් ඔය තරම්
මුකුලු කරන එක හොදද ?
තවරමින් සුදු මුණ මත සුවඳ ක්රීම්
හල හලා මල් පුසුඹ යායකම සෙන්ට්
ඔය හැටිම දම දමා උඩ
පිරිමැදුම් ඕනෙමද සුදු කොමළ පය ?
දැන් දවස් කීයක්ද මං මෙතන තනිවෙලා
තවත් ඉවසන්න බෑ මගෙ හිතම මත්වෙලා
මටත් ඇස් කන් එක්ක හැඟුම් ඇත සිරවෙලා
අද ඇඳුම් අඳිනවද කෙටි සළුව බිම නොලා
( මේ කවි නිමිති පහල වූයේ කොහොමදැයි නො අසන්න. මාස දෙකක් බ්ලොග් එක අප්ඩේට් නොවීමේ දුකට පහල වූ ඒවා බව සලකන්න )
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...

ඇති යන්තම් බ්ලොග් එක මතක් වෙලා..
ReplyDeleteඇති යන්තම් බ්ලොග් එක මතක් වෙලා..x 2
Deleteඔව් අනේ මොනවා කරනන්ද සමහර කාල වලට ඔහොම තමා
Deleteහම්මේ ඒක , හිත මන්දෝ වුනා
ReplyDeleteහි හී එහෙමත් එකක්ද
Deleteටවල් එක කඩාගෙන වැටුනානම් ඔලුව ගස්සද්දී.. හෙහ් හෙහ්.. එහෙනම් කවිය තව ටිකක් රහ වෙනවා.. ජයවේවා! හැපී කොරෝනා හොලිඩේස්.
ReplyDeleteකැත හිත වෙන මොකක්ද... හි හී...හොලිඩේනම් දැන් එපාම වෙලා
Deleteහැමදාම වගේ අරුත් බරයි . දැනෙන්න ලියල තියෙනවා
ReplyDeleteදිගටම ලියමු ....හා ද ?
ලියමු ලියමු....බ්ලොග් පලාතේ ආපු නැති පහුගිය දවස්වල ගොඩක් අයගෙ බ්ලොග් අප්ඩේට් වෙලා කොරොන්ටයින් හොද දේවලුත් කරලා
Deleteකොරෝනා... කොරන ... කෙරුවාවක්...
ReplyDelete