සඳට බැළුම් හෙලූ අය

Aug 4, 2025

මං කන හැටි ලිපා දනී !



මයේ නැන්දම්මා සවාරියක ගොසින්ය.ඉතින් එයැයි එනකං අපිට දැන් උදේට කැඳත් නැතිය.මටනං ඒකේ ලොකු ගානකුත් නැති ගානය.මම දැන් හොද ළමයෙක් වෙලාය.අනේ ඔහේලා මට බනින්න එපාය මගේ සිංහල උක්ත ආඛ්‍යාතයෙන් තොරය මට මේ දවස්වල සිංහල ඉස්මුරුත්තාවට ඇවිත් ඔලුව කචල් වී ඇත.කොටින්ම මට සිංහල වහකදුරු ගානය.ඒ සන්තැසිය උනේ අපේ ඉස්තලන් කොලුවාට පින් සිද්ධ වෙන්නටය.එයාලට මේ දවස්වල  විභාගේය.එයැයිට සිංහල කියා දීම මා ලැබූ ලොකුම අභාගය වී ඇත.🙃 එහෙම නැතුව " මම කිව්වොත් මී කියන්න ..අපි කිව්වොත් මු කියන්න " කියලා මේකේ නොලිව්වාට නං හොදටම දන්නවාය.

ඒ විත්ති පැත්තකින් තියා මා හොද ළමයෙක් වූ හැටි කියන්නට ඕනෑය.මං දැන් කන්නේ වන්නකුට ඕනැ හැටියටය.උදේට කන්නේම නැතිය.නැන්දම්මා නම් ඒකට කැමති නැතිය.එයැයි කියන්නේ උදේට රජෙක් වගේ කන්නට ඕනෑ කියාය.(රජෙක් වගේ කාලා මට සීනි වැඩි වෙලා මං මැරිලා ගියොත් එයැයිගේ පුතාට ආයෙ මං වගේ බිරිඳක් මේ කපේට හොයාගන්නට බැරිය 😜 ) මයේ නැන්දම්මා කියනා විදියට කැඳ සුට්ටක් බිව්වාට මා මහත් වෙන්නේ නෑය.කැඳ වලට කෝවක්කා,අරවක්කා වගේ නානාප්‍රකාර එව්වා දාන නිසා මට සීනි හැදෙන්නෙත් නෑය..එයැයිගේ ඔය ආලවට්ටං කතා වලට මාත් වෙලාවකට අහුවෙනවාය.එහෙම දවසට උදේට කැඳ බිව්වොත් මිසක්කා නැත්තං දවල් දොලහ විතර වෙනකං ඉවසගෙන ඉන්නවාය.

උයන එක රස්සාව කරගෙන මදි පාඩුවට ගෙදර බේකරියකුත් දාගෙන සෞඛ්‍ය සම්පන්න වෙන්න වන්නකු වන්නම නටන එක බුදු ගේමක් ය.ඒත් ඉතින් මං ඔන්න ඔහෙ නටනවාය.අකුරටම කරන්න බැරි උනත් පුලුවන් විදියට පුලුවන් තරං කාලයක් කරනවාය.සීයකට හමාරකට උයා සකලබුජං වී ඉන්නා වෙලාවට ආයෙ අමුතුවෙන් වන්නකු කෑම උයන්නට බෑය.බුරියානි,කහබත්,ෆ්‍රයිඩ් රයිස් ආදී මෙකී නොකී සියලුම බත් නම් මට අරහංය.ඒ නිසා එව්වා ගැන බයක් නැත.ඒත් අවන් එකෙන් උණු උණුවේ  එලියට එන එව්වා ගැන හිතට දුකය. 

මේක ලියන අව්වසේත් මගේ බක්කරේ කේක් දානවාය.සුවඳේ බෑය..ඒ උනාට මං හොදය.කේක් තිත්තය..බ්‍රවුනී කලු පාටය..😪 මං හොද ළමයෙක් වෙනවාය.



11 comments:

  1. යකෝ ඒ කෑම පිඟානත් එක්ක කේක් නං මොනවද.

    ReplyDelete
    Replies
    1. අපිට ඉතින් බුරියානි ,කහබත්,ෆ්‍රයිඩ් රයිස් අරහං හැමදාම හදලයි ඉතුරුවා කාලයි.ඒ නිසා කොහොමත් බත් අරහං

      Delete
  2. කැද බීලා පුලුවනිද ඇග මේන්ටේන් කරන්න.

    ReplyDelete
    Replies
    1. අනේ මංදා නැන්දම්මා ඉන්න දවසට අපිට උදේට නනාප්‍රකාර කැඳ ලැබෙනවා ඉතින්.

      Delete
  3. මේ දාලා තියන කෑම දැකලා මට ආයෙ බඩගිනි හැදුනා. සීනී අඩු කරන එක කොහොමත් හොඳයි. මාත් දැන් සීනී කෑම පස්සෙ පන්නන්නෙ නෑ. ඒත් ඉඳලා හිටලා හිතුනාම නොකා ඉන්නෙත් නෑ.

    අර උදේට රජෙක් වගේ කන්නෙ, දවල්ට සහ රෑට සැහැල්ලු ආහාර ගන්න අය. මටත් ඒක හරියන්නෙ නෑ. උදේට නොකා ඉඳතෑකි, ඒත් රෑට නොකා බෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් මාත් අඩු කරමින් යනවා සීනි නම් පාවිච්යක් නෑ තේකටවත් දාන්නෙ නෑ.ඒ උනාට ඉතින් චොකෝ, කේක් එහෙම හරි අමාරුයි නොකා ඉන්න

      Delete
    2. මාත් උදේ කෑ ම අතැරිය,දවල්ට 12 ට කනව ආයෙ කිසිම දෙයක් නොකා ඉදල රෑ 7 ට කනව.වැඩ එක්ක වෙලාව එහෙ මෙහෙ වෙනවා සමහර දවසට

      Delete
  4. වන්නකු දෙයියන්ට පිං සිද්ද වෙන්න කිලෝ 14ක් අඩු කලෙමි. එතකොට බිත්තර 17 යි.එවිටම බිත්තර 60 ක් දක්වා ගියේය. දැන් ආපසු 8 ක් වැඩිවී 78ක් වී සිටිමි. දැන් මොන දෙයියන්ට කියන්නද මන්දා

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕක තමා ප්‍රශ්නෙ ඉතින්.මාත් මේ දවස්වල රෑට බිත්තර පිහිටෙන් තමා ජීවත් වෙන්නෙ

      Delete
  5. සීනි කන්නේ නැහැ . මගේ බර කිලෝ 58. අවුලක් නැහැ. පින්තුර දැක්කම නම් කාගෙන කාගෙන යන්න හිතුන .

    ReplyDelete
    Replies
    1. ඔව් සීනි තමා හෙනේ.ඒ බරනම් ශේප් නේද

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

දිනූ මගේ යකෝව්....!

මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල්‍ ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...