කතාවේ මුල් කොටස් නොබලපු අය ගිහින් බලලාම එන්න
ප්‍රථම සජ්ජායනාව
දෙවන සජ්ජායනාව
තුන්වන සජ්ජායනාව
සිව්වන සජ්ජායනාව
උත්තරා විත් පුන පුනා කියා ගියේ දෙනුවන් අමතක කර යලි සියල්ල තිබුනාක් මෙන් හරි ගස්සන මෙන්ය.ඇය කියූ සියල්ල පිලිගත්තද මේ කිසිම හේතුවක් නිසා දෙනුවන් කෙරෙහි බැඳි උන්මන්තක ප්‍රේමය ම සිතින් බැහැර කිරීමට නොහැකි බව මා ඉඳුරාම දනිමි.නොලැබෙන නොකියන ආදරයක් වෙනුවෙන් හූල්ලමින් මා මගේ පමණක් නොව මා වටා සිටින හැමෝගෙම ජීවිත අපායක් වෙන තරමට මුරණ්ඩු වෙමින් සිටියෙමි.සති ගනනකින් මා අනුහස් අයියාගේ මුහුණට මුහුණ හමු නොවී මග ඇරියෙමි.ඔහුද වෙනදා මෙන් මා සොයා නොඈම ගැන මම සතුටු වීමි.සිනහවෙන් කතාවෙන් පිරුණ අපේ පුංචි නිවස මහා නිහඩ තාවයක ගිලුණි. විටෙක එය ම හිතට ඔරොත්තු නොදෙන තරම් විය.මගේ එක වචනෙකින් එක සිනහවකින් මේ හැමදේම පෙර තිබූ තැනට ගෙනෙන්නට පුලුවන් කම තිබියදීත් මම ඔහේ නිහඩවම බලා සිටියෙමි.ඉවසා ඉවසා බැරිම තැන අම්මාද මට දෙස් දෙවොල් තබන්නට විය.
" සුදු දූ... ඔයාට මොකද වෙලා තියෙන්නෙ....? මොනවද මේ විකාර වල තේරුම...? මේ හැම දේම විනාස වෙනකංද බලන් ඉන්නෙ...දැන් අර ළමයා රෑ ජාමේ ගෙදර එන්නෙ ඒ මදිවට බොන්නත් පුරුදු වෙලා... මේ හැම දේටම වග කියන්න ඕනෙ ඔයා සුදූ.... ඔයා....අනුහස් පුතාට මොනවා හරි උනොත් මාමාගෙන් මටත් විසුමක් නැති වෙයි..ඔයාගේ හිතේ මොනවා තියෙනවාද කියන්න මම දන්නේ නෑ හැබැයි ඔයාගේ තාත්තා නැතු උන දවසේ ඉදන් මාත් එක්ක හරි හරියට එකතු වෙලා ඔයාට දුකක් නොදී බලා ගත්ත අර අහිංසකයට පිටුපාලා ඔයා පව් පුරව ගන්න එපා.. එදාට මේ අම්මත් ඔයාට නෑ කියලා හිතා ගන්න.මගෙන් ඔයාට සමාවක් නෑ..."
මගෙන් කිසිවක් නොඅසාම අම්මා කියවගෙන කියවගෙන ගොස් නැගිට යන්නට ගියාය.මා සසළව ගියෙමි.දන්න දවසේ පටන් හොද දරුවෙකු වූ අනුහස් අයියා මෙසේ විනශ වූවොත් මගේ හෘදසාක්ශියෙන් මට ගැලවුමක් නැත.ඇරත් හැමොම කියනා පරිදි මා ඔහුගේ පණය.එය සක්සුදක් සේ මාද දනිමි.දවසකට දෙකකට හෝ ඔහුගේ ඇස ගැටෙන මානයේ මා නොවූවොත් ඔහු දරාගන්නේ නැත.ඉතින් මා නැති ජීවිතය ඔහුට සිහිනයකි.
මගේ මේ විකාර නිසා අනුහස් අයියාට නපුරක් වේයැයි සිතී පළමු වරට මසිතට මහා බියක් දැනුණි.එදා රැයේ අර ඉස්සර දවස්වල මෙන්ම ඔහු එනතුරු මා මග බලා සිටියෙමි.වෙනදා හැන්දෑවේ හය පහු වෙනකොට පැමිණෙන ඔහු අද රෑ නමය පසුවීද නැත.මා දුන් එකදු ඇමතුමකටවත් ඔහු පිළිතුරු දුන්නේද නැත.මා ඇමතූ හැම අවස්ථාවේදීම ඔහු ඇමතුම වහා එහා පසින් විසන්ධි කරයි.වෙනදා දුරකතනය නාද වෙන්නත් නොදී " කියන්න මැණික " කියා පිලිතුරු දෙන ඔහුගේ මේ වෙනස්කම මට දරාගන්නට බැරි තරම් විය.සියුම් තරහකින් හිත පිරිද්දී ඇසටද කඳුලු උනන්නට විය.දෙවියනේ මේ පුංචි වෙනස් කම මට මට මේ තරම් දැනුනේනම් අනුහස් අයියා මගේ මේ වෙනස්වීම් මගහැරීම් කෙසේ දරා ගන්නට ඇද්ද...?කෙළ පිඬක් ගිල ගන්නට නොහැකි තරමට මම භය බිරාන්තව බලා සිටියෙමි.කල්පයක් වගේ ගෙවුන කාලයකට පස්සේ අනුහස් අයියාගේ මෝටර් රථය ගේ ඉදිරිපිට නැවතුණි.මම පිම්මේ දුව ගියෙමි.
" සුදු අයිය... ඇයි දෙයියනේ මාව බය කරන්නෙ... මම කීයේ ඉඳන්ද බලං ඉන්නෙ... ඇයි මගේ Calls වලට Answer නොකලෙ...? "
කාරයෙන් බැස එන අනුහස් අයියාගේ අතක එල්ලී මා නෝක්කාඩු කීමි.
" ඔයාට මාව මතක තිබුනද සුදු නංගා......"
වචන පැටලි පැටලී ඔහු එය කී ආකාරයේ වෙනසක් මට දැනුණි.වෙන කවරදාවත් මා විඳ නොමැති අප්‍රසන්න මත්පැන් ගදක් ඒ මුවින් නික්මෙයි.
" සුදු අයිය ඔයා බීල...."
පය පැකිළී වැටෙන්නට ගිය ඔහුව මා පැන වත්තන් කරගතිමි.
" ඔව් මම බිව්ව මගෙ පැටියෝ... මම බිව්ව...අහන් නැද්ද මගෙන් ඒ ඇයි කියල....අහන් නැද්ද සුදූ..."
වැරෙන් මා දෙවුර සොළවා ඔහු මගේ මුහුණට එබුණි.මා තොළ සපාගෙන හැඬුම පාලනය කලෙමි.
" මට දැන් මේ ගෙදර සිහියෙන් ඉන්න බෑ... ඉතින් මම අසිහියෙන් එන එක වරදක්ද...මට කියන්න... මට කියන්න සුදු නංගී... දවස් කීයකට පස්සෙද මං මේ මූණ දැක්කෙ...දවස් කීයකට පස්සෙද ඔයා මේ මා එක්ක කතා කලේ....මට මේ වෙනස් කම් දරාගන්න බෑ මගෙ නංගී..."
සුදු අයියා අසිහියෙන් මෙන් දොඩවයි.මට අසා සිටිනවා මිස කියන්නට නිදහසට කාරණා නැත.මහත් වෑයමෙන් නිවසට වත්තන් කරගෙන ආ ඔහුව සැටියේ ඉන්දවා මා ඒ දෙපා මුළ වාඩි වීමි.මට ඒ සුදු දෙපා බදා සමාව ඉල්ලන්නට සිතේ.මම වැර වෑයමින් කඳුළු වැටෙන්නට නොදී සිරකර ගතිමි.එහෙත් දෑතින් මූණ වසා හිටි හැටියේ සුදු අයියා පොඩි එකෙකු සේ මහා හඬින් හඬා වැටෙන්නට විය.මා මේ ඔහු අඬනවා දුටුවාමය.අපේ ලෝකයේ සිනහව මිස කඳුළු තිබුනේම නැත.ඉතිං ඔහු හඬනවා මට බලා සිටින්නට නොහැක.පපුව පැලෙන තරමට වේදනාවක් මට දැනේ.මමද ඒ උකුළේ මූණ හංගාගතිමි.
" මට කියන්න රත්තරං සුදු නංගී.... මේ බලන්න මගේ මූණ දිහා...මාව දාලා යන්නද ඕනේ....මං දුන්න ආදරේ මදිද මගේ පැටියෝ...මාව පැත්තකට විසි කරල ඔය හිතේ මං හිටපු තැනට වෙන කෙනෙක්ව ගත්තෙ කොහොමද ඔයා...එයාට ඇතුල් වෙන්න තරම් හිස් තැනක් මගේ ආදරේ තිබුනෙ කොහෙද කියල විතරක් මට කියන්න මගෙ නංගී... මං හිත හදා ගන්නම්..."
" අනේ සුදු අයිය එහෙම දෙයක් නෑ දෙයියනේ....මං සුදු අයියගේ විතරයි...මගේ මෝඩ හිතට එක එක විකාර ආවා තමා මේ කෙල්ලට සමාව දෙන්න අයියේ... මං ආයේ නපුරුකම් කරන්නේ නෑ මගෙ අයියට...අපි ඉස්සර වගේ ආයේ සතුටින් ඉමු... මම පොරොන්දු වෙනවා සුදු අයියේ...ඔයා ආයේ බොන්න එපා ... කෝ පොරොන්දු වෙන්න බොන්නේ නෑ කියලා....ඊයා... බිව්වම ගඳයි මම ආසම නෑ...පොරොන්දු වෙන්න හොද ළමයෙක් වෙනවා කියලා....."
මම හඬ හඬා එසේ කියමින් ඒ පපුවට තුරුළු වීමි.පෙරදා මෙන්ම සෙනෙහසින් මා තුරුළට ගත් අනුහස් අයියා මා හිස මත අත තබා නිකටින් අල්ලා මා මුහුණ ඔහු දෙසට හරවා ගති.
" ඔයාගෙ සතුට මගේ සතුට සුදු නංගී... ඔයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් මට නෑ...මේ සුදු අයිය ජීවත් වෙන්නෙ ඔයාගෙ සතුට ඔයාගෙ හිනාව රකින්න විතරමයි..සත්තයි...."
මා නැගිට සැටියේ ඔහු ළගින්ම වාඩි වී ඒ හිස අතගෑවෙමි.නිදාගෙන උන් අම්මාද සාලයට පැමිණ අපේ කඳුළට හා සිනහවට එක්වෙනවා මා දුටිමි.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඉතිං මා පිළිගනිමි මේ හිත් වල සතුට රැදී ඇත්තේ මා අතය.මා වල්මත් වුවහොත් ඔවුන්ටද ජීවිතයක් නැත.මේ සතුට රකින්නටනම් හිත අයාලේ යා නොදිය යුතුය.මහා වැහි කුණාටුවක් වගේ මගේ ජීවිතයට හමා ආ ඒ නිල් ඇස් ඇත්තා ඉතින්නම් මට වැඩක් නැත.ආදරෙන් එකදු වචනයක්වත් දොඩා නැති ඔහු වෙනුවෙන් මා හදන හීන මාළිගා වලින් වැඩක් නැත.ඉතින්නම් මා දෙනුවන් ගැන නොසිතමීයි මගේම හිත දස දහස් වර පොරොන්දුකර ගතිමි.
දවසකින් දෙකකින් අපේ නිවහන පෙර ලෙසම සිනාවෙන් විකසිත විය.අම්මාගේත් අනුහස් අයියාගෙත් ජීවයෙන් පිරුණු මුහුණු දැක ඇත්තටම මමද සතුටු වීමි.එහෙත් මේ කිසිම දෙයකින් දෙනුවන්ට බැඳි සිත මුදවා ගන්නට මා අපොහොසත්විය.මා හිතින් වැළපෙමින් අන් අය සතුටු කිරීමට මතුපිටින් සිනාසීමි.මගේ මේ දෙබිඩි හිත ආයේ තාරා ඉදිරියේවත් දිග නොහැරීමට තරම් මම පරිස්සම් වීමි.මුළු ජීවිත කාලයම දෙනුවන් ගැන සිතා හීල්ලීම මගේ ලැබීමයයි සිතා මා හිත හදා ගැනීමට වෙර ගතිමි.
අනුහස් අයියාත් මාත් අතර පහුගිය ටිකේ ඇතිවුන හිස්තැන් පිරවීමට උත්තරා මා මිතුරියද අපමණ වෙහෙසුණි.ඇය බොහේ දිනවල අප නිවසේම රැදෙමින් මා තනි නොකරන්නට වග බලා ගති.
" අනුහස් අයියා Savoy මරු Film එකක් දාල තියෙනව.. අනේ අපිව එක්කන් යන්නකෝ...."
දහවල් කෑම වෙලාවේදී තාරා යෝජනා කලේය.
" යමු යමු.... මම රෙඩී ...අපි කාලෙකින් කොහෙවත් ගියෙත් නෑ නෙ සුදූ නේද...? "
මමද එයට එක පයින් කැමති වීමි.ඒ සැදෑව බෙහෙවින් ප්‍රීතිජනක විය.කාලෙකට පසු අපි සිත් සේ සිනා සීමු.දඟ කලෙමු.
" ඔන්න අනුහස් අයියා මටනම් බෑ ඔයාලා එක්ක බැල්කනි එන්න... මට පල්ලෙහාට ටිකට් ගන්න හොදේ..."
" ඒ මොකද උත්තරා නංගී...."
" ඇයි වදේ අහන ලස්සන... මේ Film එකට අමතරව තව කීයක්නම් Film පෙන්නනවද..ඕවට ඇස් කන් යොමු කරන්න ගියාම මේ Film එක බලන්න වෙන්නෙ නෑ අයියෝ..."
ඇය කියූ දෙයට අප පමණක් නොව පෝලිමේ සිටි තව කීප දෙනෙක්ම සිනසුණි.
" මේකිගේ කට තමා කට හම්බුවෙන කොල්ලට දෙයියන්ගෙම පිහිට තමා "
අනුහස් අයියා ඇයට තරවටු බැල්මක් හෙලුවේ සිනා සෙන ගමන්මය.
බොහෝ ප්‍රේමණීය ආදර කතාවක් වූ එය සැබෑවටම ලස්සන සිතුවමක් විය.හල හැප්පීම් මත දිව ගිය ප්‍රේම කතාව අවසන සුඛාංතයකින් කෙළවර වීම ගැන මම සතුටුවීමි.
" මෙහෙමම යමුද Beach එක පැත්තට..."
අනුහස් අයියා ඇසුවේ ශාලාවෙන් එළියට විත් Car Park එකට යන අතර තුරය.
" යමු යමූ.... තාරාත් මාත් එකම විට එය අනුමත කලෙමු.
අප එහෙමම පටු මාවත දිගේ පැමිණ රේල් පාර පැන වෙරළ තීරයට ඇතුල් වීමු.බැලූ බැලූ අත පෙම්වතුන් ජෝඩු ජෝඩුය. ඔවුන් ඔවුන්ගේම ලෝකවල තනිවී ඇත.වැල්ලවත්ත මුහුඳු තීරයම ඔවුන්ටම වෙන්වී ඇති සෙයකි.
" දෙන්නගෙන් එක්කෙනෙක්වත් ගස් ගල් අස්සේ බලනවා එහෙම නෙවෙයි හොදේ...
"ඒ මොකෝ අනුහස් අයියා ඔයා ඔහොම කිව්වම බලන්නමනෙ හිතෙන්නේ..."
තාරා එසේ කියමින් ඇත්තටම හතර අතේ ඇස් කරකවයි.
" නෑ මම කිව්වේ ඕවා බලලා අපේ සුදූත් මට කරදර කරයි ඔහොම ඉන්න ඕනෙ කියල..."
"ආ.............නේ........... සුදු අයිය ඔයා නම් හොදම නෑ..... "
මා පැන ඔහු අල්ලා ගන්නට හදද්දී ඔහු වෙරළ දිගේ දිව යන්නට විය.ටික දුරක් දිව ගොස් මා හති අරින්නට වීමි. තාර හුන් තැනම සිට මහා හඩින් හිනැහෙයි.මටද සිනා නැගේ . එහෙත් මා බොරු තරහක් මවා වෙරළට පිටුපාගති. විශ්වාස කරන්න ... දුටු දසුනින් මා දෙපා පණ නැති විය.
මා ඉදිරිපිටම වූ ගල් කුළක් මත දෙනුවන් යුවතියකගේ ළයට තුරුලුව පෙම් සුව විදිමින් හිදී.මුළු විශ්වයම මා වටා බ්‍රමණය වන්නාක් මෙන් මට දැනෙන්නට විය.ඒ දසුනෙන් දෙනෙත් ඉවතට ගෙන ආපසු හැරෙන්නට ඕනෑ වීද මගේ දෙපා ගල් ගැසී ඇති සෙයකි.
"සුදූ... බබා......අපි මෙහේ...... "
" කවී මොකද කරන්නේ... එන්නකෝ අනේ....."
පිටුපසින් අනුහස් අයියාගේද තාරාගේද කටහඩවල් ඇසී නෑසී යනවාක් මෙන් මට දැනෙන්නට විය.දිව ආ අනුහස් අයියා පිටුපසින් මගේ බඳ වටා දෑත් දමා ගන්නවා මට යාන්තමට මතකය.
~~ මතුසම්බන්ධයි ~~
සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
රංකඳ රාවණා !!
ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
ඔන්න ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ ළඟදී මං ගිය පොදු ගමනාගමනයේ චාරිකාව. ඒක කොයි තරං ජොලිද කියනවනම් තාමත් මගේ දකුණු අත උස්සනක...
harima harima lassanai kaviyo ae unata madi tha chuttak wadipura dannako ilaga para
ReplyDeleteඅද එපිසෝඩ් එක නියමයි කවී අක්කා..
ReplyDeleteGo ahead!
අද කොටසත් කියෙව්වා, බලමුකෝ අනිත් කොටස
ReplyDeleteSIHUVILI PALASA - ඉක්මනට අනිත් කොටසත් දෙන්නම්කෝ
ReplyDeleteවර්ෂා - ස්තූති වර්ෂා
ReplyDeleteවර්ණා - ම්.... රැදී සිටින්න හොදේ
ReplyDeleteකවි අනුහස්ට පිටු පාන එකක් නෑ කියලා මම හිතනවා...
ReplyDeleteකතාව ගැන වැඩිය හිතලා අනාවැකි නොකියමි...:)
Dinesh - ම්ම්ම්........ ඒක හොදා තව ටික දවසක් ඉවසන්නකෝ
ReplyDeleteහපොයි ඇති යන්තන්..දැන්වත් මේ කෙල්ලට මොලේ පාදෙයිද බලමු...මටත් මේ හිතාගන්න බැරුව හිටියේ මොකාටද මේ කතාව එන්නේ කියල...එල එල..ඊලග කොටසත් ඉක්මනටම ඕනි කවි අක්කියෝ....
ReplyDeleteish - ඉක්මනට දෙන්නම් හොදේ
ReplyDelete//ඔව් මම බිව්ව මගෙ පැටියෝ... මම බිව්ව...අහන් නැද්ද මගෙන් ඒ ඇයි කියල....අහන් නැද්ද සුදූ...//
ReplyDeleteකොල්ලන්ව හොදට අධ්‍යනය කරලා.. බේරෙන්න කියන්න තියෙන එකම කතාව..
:))
හිත හැදීගෙන එනකොටම ආයේ කැඩිලා ගියා. අර කොල්ලාව දැකලා දැන් ඉතින් මොන පිස්සුවක් නටන්න පටන් ගනීද දන්නෙ නෑනෙ
ReplyDeleteඇත්තටම මට හිතාගන්න බැ කිවියො මේ ඔයාමද ලියන්නේ කියලා.. වේලාවකට හිතෙනවා ඔයා කොහෙන් හරි උස්සලා ලියනවාදවත් කියලා... ඔයාට මේච්චර ගතියට ලියන්න පුලුවන් කියලා ඇත්තටම හිතුනේ නැ.. ඔයා දක්ෂයි කියලා දන්නවා එත් මේච්චර වැඩ්ඩේක් කියලා හිතුවේ නැ.. මේ කතාව ඉවර වුන දවසට කියවන එකා එක හුස්මට කියවයි..
ReplyDeleteඔයාට මිනිසුන්ගේ හදවතට කතා කරන්න පුලුවන් ඔයාට තව තවත් ශක්තිය ලැබේවා මේ කතාව දිගටම ලියන්න..
මේ කතාව කියවන්න ඇත්තටම ආස හිතෙනවා..නියමයි..
ReplyDeletesAm (සෑම්) - ඒකනේ කියන්නේ පිරිමි කියන්නේ ඔහොම තමා ඕන දේකට නිදහසට කාරණා තියෙනවා හි හී
ReplyDeleteසිඳු - හ්ම් එකනේ.... අනේ මංදා මේ කෙල්ල හිත හදාගන්නෙම නැති පාටයි
Pooh - ඔයාතමා මගේ හැම කතාවෙම හැම නිර්මානයේම මට හමුවුන හොදම රසිකයා. කොටින්ම කියනවනම් මගේ හබියගේ කමෙන්ට් එකටත් වඩා මම බාන් ඉන්නේ ඔයාගෙ කමෙන්ට් එක ඒ මොකද එයාට පුලුවන් මගේ හිත හැදෙන්න නරක උනත් හොදයි කියලා කියන්න.ඒ මොකද එයාකවදාවත් මගේ හිත රිද්දන්න කැමති නැති නිසා.ඒත් ඔයා එහෙම නෙවෙයි හොද නරක හැමදේම කෙලින්ම කියනවා.මේ කතාව මම මේ තරම් දික් කරන්න හිටිය එකක නෙවෙයි ඔයා කියපු උපදෙස් උඩ තමා මම මේක මේ තරම් දුර ගෙනාවේ.මේ කතාව සාර්ථක උනොත් මාව දිරිමත් කරපු ගෞරවය මම අනිවා ඔයාට දෙනවා.
ReplyDeleteසිත්රූ සිහින - ස්තූති සිත් රූ
ReplyDeleteඅදනෙ මේ කතාව දැක්කෙ අක්කියෝ..
ReplyDeleteඕන් පහුගිය කොටස් ඔක්කොම කියෙව්වා..
බලාගෙන ඉන්නවා ආසාවෙන් ඉතිරි කොටස්.. :)
නියමයි අක්කි!!! නියමයි!! හරිම ලස්සනයි!! මම ආසයි අනුහස්ට.. එහෙම ආදරේ කරන කොල්ලො හරි දුර්ලබයි!!
ReplyDelete//.එයාට ඇතුල් වෙන්න තරම් හිස් තැනක් මගේ ආදරේ තිබුනෙ කොහෙද කියල විතරක් මට කියන්න මගෙ නංගී... මං හිත හදා ගන්නම්..."//
වෙස්සන්තර කුලේ කොල්ලෙක්ද අනුහස්??
නන්ඳු - බොහෝම ස්තූති නන්දූ.... දිගටම ඉන්න හොදේ ඔයාලගෙන් ලැබෙන දිරිය මට ගොඩාක් වටිනවා
ReplyDeleteහිතුවක්කාරි - අනුහස්ලා වගේ අය අඩූයි තමා හිතූ ඒත් නැත්තෙමත් නෑ
ReplyDeleteහොද වැඩේ ඔහොම දෙයක් දැක්ක එක ප්‍රීති ............ප්‍රීති..........
ReplyDeleteපස්වෙනි එක ඉවරායි.........//හොද වැඩේ ඔහොම දෙයක් දැක්ක එක ප්‍රීති ............ප්‍රීති.........//
ReplyDelete