පළමුවෙනි සජ්ජායනාව
දෙවන සජ්ජායනාව
තුන්වන සජ්ජායනාව
සිව්වන සජ්ජායනාව
පස්වෙනි සජ්ජායනාව
" ඔබේ දෙනුවන් මත වෙළී
මගේ සෙනෙහස ඉකිබිඳී
කුමට හමුවී ඉඟි බිඟී
සිදී යානම් පෙම් නදී "
සුදූ මේ බලන්න මගෙ නංගී .... ඇස් අරින්න දැන් ඔයාට සනීපයි
කවී... කතාකරන්නකෝ අනේ....
යාන්තමට ඒ කට හඩවල් අදුර ගන්න පුලුවන් තරමට සිහි එළවා ගත් සැනින් මම වහා ඇස් ඇරීමි.මා මුහුණට උඩින් ඒ නිල් ඇස් දිළිසෙනවා දැක මා තිගැස්සුණෙමි.ආයෙත් මට සිහි නැති වෙතැයි සිතා ම බියවීමි. ඒ ඇස් වලට පිටුපසින් අර නාදුනන යුවතියද තාරාද මගේ මුහුණට එබෙනවා දැක මට සියල්ල යලි සිහිපත් විය.අප තවමත් මේ ඉන්නේ මුහුඳු වෙරළේය.
" දැන් ඔයාට Ok නේද කවී..... අම්මෝ අපි බය උන තරමක්...ඔයාව එක පාරටම පේන්ට් උනා... දෙනුවන්ලත් හිටියේ මේ ළඟ.. එයාලා ගාව තිබුණ වතුර ඉහලා තමා ඔයාට සිහිය ගත්තේ...."
මා සිහි නැතුව සිටි විනාඩි කීපයේ වූ දෙවල් තාරා මට පැවසුවේ මා තවමත් නිනව් නැතුව සිටිනවා දැක විය යුතුය.තවමත් මා අනුහස් අයියාගේ ඔඩොක්කුවේ හිස තබා ගත් ගමන්ය. සුදු අයියා එක දිගටම මගේ හිස අත ගායි.
මම වහා නැගී සිටින්නට වෙර ගතිමි.තාරා ඉදිරියට විත් මා වාරු කර ගත්තේය.ඇස් මුල දිළිසෙන කඳුළු කොයි මොහොතේ හෝ කඩා වැටේවියයි මට සිතේ.කෑ ගසා බැන දෙනුවන්ව එළවා දමන්නට තරම් මට සිතේ.එහෙත් එසේ කරන්නටතරම් වරදක් ඔහු අතින් මට වී නැත. මා අනුහස් අයියා හා වෙරළට ආවාක් මෙන්ම ඔහුද ඔහුගේ පෙම්වතිය හා පැමිණ ඇත.එහි වරදක් නැත. වරද ඇත්තේ මගේ සිතුවිළි වලය.ඔහුට මැරීගෙන තනිව සිතින් පෙම් කරන්නේ මා පමණි.මා වරක් එකම එක වරක් හිස හරවා ඒ නිල් ඇස් දෙස බැලීමි.මහා පසුතැවීමක් ඒ කතා කරන ඇස් වල මම පැහැදිළිවම දුටිමි.ඉතින් මට ඒ ඇතිය.මා හා නොකියන නොදොඩන බොහෝ දේ ඒ ඇස් දෙස බලා මා වටහා ගන්නා බව ඔහු දන්නේ නැත.ඒ ඇස් වලට මා එතරම්ම පෙම් කරන බවද ඔහු දන්නේ නැත.මහා වරදක් කර අසුවූවෙකු සේ ඒ ඇස් නළියයි.අර යුවතිය ගැන ඔහුටනම් දැන් නිනව්වක් නැති සේය.එහෙත් ඇයනම් තවමත් දෙනුවන්ගේ අතේ පැටළී ගත් ගමන්ය.තව දුරටත් මෙතන රැදෙන්නට බැරි සෙයක් මට දැනේ.
" තාරා මට ගෙදර යන්න ඕනෙ.... අනේ සුදු අයියා අපි යමුකෝ..."
" හරි බබී අපි යමු...."
අනුහස් අයියා ඉදිරියට විත් මා බඳ වටා සුරත යවා මා අල්ලා ගත්තේය. මම ඕනාවටත් වඩා ඒ වතට තුරුළු වීමි.දෙනුවන්ට රිදෙන බව මා දැන සිටියෙමි. හිතුවාක් මෙන්ම දෙනුවන් යටි තොල සපා ගෙන වහා අහක බලා ගති.ඔහුට රිදුනායැයි සිතා මා අපමණ සතුටු වීමි.
" එහෙනං අපි යන්නම් දෙනුවන් මල්ලි... අඳුරගන්න ලැබුනට සතුටුයි... ඔයා මේ මගේ නංඟට උදව් කරපු දෙවෙනි වතාවලු නේද...බොහොම ස්තූති ඔයාට... අපි ආයෙ හම්බවෙමුකො හොදේ..."
අනුහස් අයියා බොහෝ ළෙංඟතුව දෙනුවන්ට සමුදුනි.යන්නම් කියන්නවත් මා ආපසු නොහැරී අනුහස් අයියා සමග ඉස්සරවීමි.තාරානම් තවමත් නැවතී දෙනුවන් හා මොනවාදෝ දොඩවයි.අනුහස් අයියාගෙන් කෙසේ වෙතත් ඇයගෙන් අද මට විසුමක් නැති බව මා ඉඳුරාම දනිමි.දෙනුවන්ගේත් මගේත් නිහඩ ප්‍රේමය ගැන අකුරක් නෑර දන්නා ඇයට මේ සිද්ධ වුන දෙවල් මා මරන් කන්නට හොදටම ප්‍රමානවත් වේ.ඒ කන්දොස්කිරියාව අසන්නට ඉතින් දැන් මා සූදානම් විය යුතුය.
මග දිගට යන තුරුම අප අතර මහා නිහඩතාවයක් විය.වෙනදාට ඉවරයක් නැතුව කියවන තාරාද කවුළුවෙන් ඉවත බලා ගත් ගමන්මය.සුදු අයියාද බර කල්පනාවකින් වාහන පදවයි.තාරා පමනක් නොව අනුහස් අයියාද සිදු වූ දෙය අහම්බයක්යැයි සිතා ඉවත නොදමන බවට මේ සාක්ශියම ඇත.
සියල්ල යතා තත්වයට පත් කර සාමාන්‍ය ලෙස ඉන්නට හැදුවා පමණි.මේ සියළු මනස්ගාත සිතින් අත හැර දමමීයි අනුහස් අයියාට පමණක් නොව අම්මාටද තාරාටද මා පොරොන්දු වීමි.දෙනුවන් දැක දැක හිත හදා ගන්නට බැරිනම් නුගේගොඩ පංති ගමනද නවතා දමමුයි තාරා කීවේ මගේම හොදටය. මා අකමැත්තෙන් හරි එයටද එකඟ වී සිටියා නොවේද... ඔබ අමතක කරමී පොරොන්දු වෙන හැම විටකදීම මා ඉදිරියේ පෙනි පෙනී මහා මේඝයක් , කුණාටුවක් ලෙසින් මගේ ජීවිතය අවුල් කරන හැටි.
" අනුහස් අයියා ... මාව ගෙදරින් දාගෙනම යන්න..."
තාරා කී දෙයින් නිහැඩියාව බිඳුණා පමනක් නොව මා තිගැස්සීද ගියෙමි.අද උදෑසනම අපේ ගෙදර නවතින්නට පොරොන්දු දුන් ඈ මේ හදන්නේ මට රිදවන්නටය.
" අනේ තාරා අද අපේ ගෙදර ඉන්නවා කියලා ඔයා උදේම කිව්වනේ... --- අනේ අද ඉන්නකෝ..."
මා පිටුපස හැරී ඇයට බැගෑපත්වීමි.ඇය මට රවා අහක බලා ගති.මට සිනා නැගේ ඇයට හොදටම කේන්ති ගොස්ය.
" සුදු අයියා ඔයා කියන්නකෝ මෙයාට අද අපේ ගෙදර යමු කියලා..."
මේ වෙලාවේ ඇය මෙල්ල කරන්නනම් සුදු අයියාගේ පිහිට නැතුවම බැරිය.
" අද එහෙ යමු උත්තරා නංගී... සුදූත් අසනීපෙන්නේ... ඕනෙනම් අපි ගෙදරට ගිහින් අම්මට කතා කරලම යමු..."
ඉති මට ගනන් ඉස්සුවාට ඒ බහට ඇය අවනත බව මා දනිමි.
" සුදු අයියා කියන නිසා නවතින්නේ නැතුව මේ මල හොල්මනට බයේනම් නෙවෙයි..."
" ආ.... ඇත්තද... එනවකෝ.. නිදාගන්න මගෙ කාමරේ මම පෙන්නන්නම් හොල්මන කවුද කියල..."
" ඒකම තමා මටත් බය නිදා ගන්න ගිය වෙලේ ඉදලා රෑ තිස්සේ සුදු අයිය...සුදු අයියා .. කිය කිය මාව බදා ගන්නව.."
" මෝ...ඩී... බොරු කියන්න එපා... පිස්සු සුදු අයියා මේකිට..."
ඇගේ ඒ කතාවෙන් මා ඇත්තටම ලජ්ජා වීමි.කොපමන තරහින් හිටියද ඈ මේ හදන්නේ විහිළුවෙන් තහළුවෙන් අප අතර පවතින අමිහිරි නිහැඩියාව බිඳ දමන්නට බව මා දනිමි.ඇයනම් පුදුම මිතුරියකි. වාහනය ගෙමිඳුලේ නැවතූ සැනින් තාරා බැස යන්නට ගියාය.
" සුදූ..... මගෙ නංගී...."
මාද දොර හැර බසින්නට සූදානම් වෙද්දී සුදු අයියා මාතින් අල්ලා නැවැත්වීය.
" ඔයාට මුකුත් අමාරුවක් නෑ නේද පැටියෝ..."
" නෑ සුදු අයියා.. දැන් මට හොඳයි..."
" Change එකක් දාගෙන කෝකටත් අපි Doctor ගාවට ගිහින් එමුද..."
" අනේ... ඔනෙ නෑ අයියා... මට දැන් හොදයිනේ... මේ... මම හොදට ඉන්නේ..."
මට පුරුදු දඟකාර හඬින් මා කිවේ දෑත්ද දෙපසට විහිදුවමිනි.
" ඔයා ඔහොම හිනාවෙලා හැම තිස්සෙම හොදට ඉන්න තමා මැනික මටත් ඕනෙ...කෝ.. මේ බලන්න... කියන්න... ඇත්තටම ප්‍රශ්නයක් නෑ නේද නංඟා.."
" නෑ මගේ සුදු අයියේ..."
" හරී දැන් දුවන්න එහෙනං..."
මගේ නළල මත යාන්තමට හාදුවක් තවරා අනුහස් අයියා මා මුදා හැරීය.මේ අපරිමිත ප්‍රේමයට මාතින් සිදුවන හිතුවක්කාර නොපනත්කම් වලට මා කෙසේනම් වන්දි ගෙවන්නද...හිත ආයෙමත් හඬා වැටේ.
" මොකටද මට නවතින්න කිව්වේ "
දෑතම ඉණට තබා තාරා ගේ දොරකොඩ බලා හිදී.මෙතැනදීම ඈ මට වචන වලින් දමා ගසතැයි මා බිය වීමි.
" ඉන්න කිව්වෙද....... ඉන්න කිව්වේ රෑට බණ ඩිංගක් අහන්න..."
ඇගේ කේන්තිය වගක් නොගෙන මා කියූවේ මම සැහැල්ලුවෙන් බව අගවන්නටත් එක්කමය.
" ආ... එහෙමද... එහෙනම් වරෙන්කෝ යන්න කාමරේට..."
ඈ මා අතින් ඇදගෙන අඩියට දෙකට පඩිපෙළ නැග කාමරයට ඇතුලු වී මා ඇද මතට තල්ලු කලේය.ඒ සැනින් තාරා ද...ඩාස් ගා දොර වසා දැමුවේ කේන්තියෙන් පුපුරමිනි.
" තාරා... ඇයි ඔයා තරහින්..."
" කවී...කවී... ඇත්තමයි මට දැන් උඹේ මේ විකාර ඇති වෙලා..."
" ඇයි අනේ.... මං මොනාද කරේ..."
" අහන ලස්සන මොනාද කරේ කියල... අහපං උඹ මොනාද නොකලෙ කියල.. උඹ හිතන් ඉන්නෙ මම බබා කියලද මේ මුකුත් තෙරුම් ගන්න බැරි...ගහක් ගලක් වගේ හිටපු උඹ එක පාරටම සිහිය නැතුව ඇදගෙන වැටුනෙ දෙනුවන් කෙල්ලෙක් බදාගෙන ඉන්නව දැකලා නෙවෙයිද....?"
" තාරා.. මං හිතලා නෙවෙයි...."
" හිතලා මොකෙකුටවත් කලන්තෙ දන්න බෑනෙ බං... මම අහන්නෙත් උඹට සිහි නැති වෙන්න තරම් ඒක දැකලා උඹ ශොක් උන හේතුව මොකක්ද කියල..."
ඉතින් මා ඇයට කෙසේ කියන්නද.. හේතුවනම් දෙනුවන්ට බැදි අසීමිත ප්‍රේමයයැයි කියා.පැය ගනනක් තිස්සේ හඬන්නට බැරිව හිර කරගෙන් උන් කඳුළු මහා ඉකියක් එක්ක කඩා වැටෙන්නට විය.මම හැඬීමි...දෙදණ මත මුහුණ හොවා මහා හඬින් හැඩීමි.
" අඬන්න එපා කෙල්ලේ... දැන් අනුහස් අයියා ආවොත් සේරම අවුල් වෙනවා..."
තාරා සැර බාල කර පැවසුවේ ඇත්තටම අනුකම්පාවෙන් මෙනි.
" එක්කෝ ඕන මඟුලක් වෙන්න කියල උඹේ හිතේ තියෙන දෙවල් එළියට දාපං කවී...වෙන දෙයක් වෙයි.. මට මේ උඹ විඳවන විඳවිල්ල බලන් ඉන්න බෑ ..."
ඒ පැවසුවේ ඇයම දැයි මට හිතා ගන්නටවත් නොහේ.මා පැන ඇය බදා මහා හඩින් හඬා වැටුනෙමි.
" මට බනින්න එපා තාරා... මම ගොඩක්.... ගොඩක්... උත්සහා කරනවා දෙනුවන් අමතක කරන්න...ඒත් මට බෑ දෙවියනේ... මට බෑ...මම එයා එක්ක හිතින් ජීවත් වෙනවා තරා... එයා කෙල්ලො සීයක් එක්ක යනවා දැක්කත් මට එයාව අමතක කරනන් බැරි වෙයි..මට මේවා කියන්න ඉන්නේ ඔයා විතරයි අනේ මාව තේරුම් ගන්න තාරා..."
" මට උඹව තේරෙනවා කවී...ඒත් අහපං .. වෙන තැන් වල වගේ උඹේ මස්සිනත් සල්ලාලයෙක් බේබද්දෙක් නාහෙට නාහන එකෙක් උනානම් මම අනුහස් අයියගෙන් උඹව උදුරගෙන දෙනුවන්ට දෙනවා...ඒත් උඹ දන්නවා මෙතන තියෙන්නේ ඒකේ අනිත් පැත්ත..අනුහස් අයියා වගේ රත්තරං කොල්ලෙක් අත ඇරල දෙනුවන් වගේ එකෙක්ට පිස්සු වැටෙන්න මොනවද බං උගේ තියෙන්නෙ...? ලස්සන විතරයි.. දෙනුවන්ට පැනල දීල සල්ලං වෙන කෙල්ලො වගේම උඹත් උගේ ලස්සනට වහ වැටිල ඉන්නෙ...උඹත් උගේ ඉස්සරහ අඟර දඟර ටිකක් දැම්මනම් උඹටත් ඔය වගේ තැන් තැන් වල ඌ එක්ක ලගින්න තිබ්බා.."
හුස්මක්වත් නොගෙන ඈ කියන දෙ ඇත්තක් තිබුනද නැතුවද මගේ හදවත පසාරු කරගෙන යන තරම් ඒ වදන් තියුණුය.
" උඹ ඔය කියන හොයන සංසාරගත පූජණීය ප්‍රේමය ඌ අදුරන්නේ නෑ කවී...මං උඹේ හොදම යාළුවා උඹව දැන දැන අමාරුවේ දන්න මට බෑ...මේ හැමදේම පොඩි එකෙකුට වගේ මම උඹට තෙරුම් කරලා දෙන්නෙ ඒ නිසයි.වදින්නම්... මේ විකාර නවත්තලා හිත හදා ගනිං..."
" කවුරු මොනවා කිව්වත් ඒ ඇස් වල මට තියෙන ආදරේ මට දැනෙනවා තාරා...ඔයා වැරදී... මම ආදරේ එයාගේ ලස්සනට නෙවෙයි...ඒ ඇස් දකින හැම පාරකදිම මම ගැස්සෙනව... ආත්ම ගානක් ඒ ඇස් ඇතුලේ මං ජිවත් උනා වගේ මට දැනෙනව... මම දන්නවා.. කවමදාවත් මට එයා ළඟින් ඉන්න බැරි වෙයි..ඒත්.. ඒත්... එයා මේ පපුවෙ ජීවත් වෙනව තාරා... ඒක නවත්තන්න දෙනුවන්ටවත් බෑ...මං ආසයි ඒ ඇස් වල අතරමං වෙන්න..."
මා අසිහියෙන් මෙන් දොඩවන්නට වීමි.තාරා ඇස් ලොකු කර මදෙස බලා හිදී.ඈ මගේ මුව ඇගේ සුරතින් වසා ගත්තේ මා තවත් මොනවා කියාවිදැයි ඈට සිතා ගන්නටවත් බැරිව වෙන්නට ඇත.
" කවී.... සිහි එළවගෙන කතා කරන්න Please ..... ගෙදර කාට හරි මේවා ඇහුනොත් මේ ගේ ගිනි ගන්න බව අමතක කරන්න එපා...."
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
හිතේ තිබූ අවංකම සිතුවිලි තාරාට පවසා අවසන ම'හිතට සැහැල්ලුවක් දැනුනි.කතාකරලම හෙම්බත්ව උන් තාරා මා කාමරයේ තනිකර පහලට බැස්සේ මට තනිව ඉන්නට ඉඩදී විය යුතුය.උත්තරා හෝ මා තේරුම් ගතහොත් මට එය සැනසීමකි.මම ඒ සැහැල්ලුවෙන් දෙනෙත පියාගතිමි.
I’m so lonely ....... broken angel
I’m so lonely ....... listen to my heart
ශෝකී මිහිරි ස්වරයෙන් ඒ නද දෙන්නේ මගේ දුරකතනය බව මට මතක් උනේ බොහෝ වෙලාවකට පසුව විය යුතුය.ඇස් පියාගෙනම යහන මත අත පත ගා ෆෝන් එක හොයාගෙන මම Answer කලේ ඕනාවට එපාවට වගේ.
" හෙලෝ......"
හඬා දොඩා හෙම්බත්වුන මගේ හඩ බොහෝ සෙයින් බිදී තිබෙන්නට ඇත.
" කොහොමද දැන් සනීපද ඔයාට....."
මට මගේ දෙසවන් අදහා ගන්නට බැරිවිය.හුස්ම හිරවී එහෙමම මා ඇද වැටෙතැයි මට සිතුණි.
~~ මතුසම්බන්ධයි ~~
ඊයෙ ඉඳන් මග බලන් හිටියා මේ කොටස අද එන නිසා..හරිම ලස්සනයි කාව්‍යා බ්ලොග් වල ලියවෙන කතා වලින් මම ආසම කතාවක්.. :))
ReplyDeleteසිත්රූ සිහින - ම්... ඔයා දැනගෙන හිටියනේ මම අද දානවා කියලා නේද. ස්තූති සිත් රූ ඔයාට ගොඩාක්
ReplyDeleteමම කැමතියි අනුහස් අයියා වගේ අයියා කෙනෙක්ට.
ReplyDeleteසිඳු - මමත් කැමතී එහෙම කෙනෙක්ටනම්
ReplyDeleteදෙනුවන්ගෙන් වෙන්න ඕන කෝල් එක.. ඔන්න දැන්නම් තාරාට වගේ මටත් කේන්ති යනවා මේ වැඩ වලටනම්... :)
ReplyDeleteDinesh - හි හී අය්යෝ මල්ලි ඔයත් කවීට බකට් පෙරලනවනෙ
ReplyDelete@ සිත්රැ සිහින.... යාලු මමනම් හිතන්නේ බොලොග් වල ලියන හොදම කතාව මේක.. මම ගොඩාක් හොද බොලොග් කියවනවා.. එත් මට මේ තරම් හොද කතාවක් කියවන්න ලැබුනේ නැ.. අනිත් එවා හොද නැ කියනවා නෙමේයි එත් මේක ගොඩාක් ලස්සනයි... මටනම් මේක තමයි හොදම කතාව එත් එපා කරපු සින් එක තමයි කොටස් වසයෙන් දෙන එක.. එක පාරම පොත තිබ්බනම් දවසින් කියවලා ඉවර කරනවා...
ReplyDeleteකවියො කතාව දැන්නම් දෙපැත්තටම කරකවනවා නේද? අසරණ පඨකයො වන අපි අතරමං වෙනවා. අයියො මම දැන් උඩ බලාගෙන ඉන්නේ මේක කොයි පැත්තටද කැරකෙන්නේ කියලා බලාගෙන.... අනේ ඔය කාට හරි කියලා මේ කතාව එක පාර ටයිප් කරලා දෙන්නකො.....
Pooh - ඔයාට තමා දෙන්න වෙන්නෙ ටයිප් කරලා දෙන්න හි හී
ReplyDelete@ Pooh : ඔව් යාලු මටත් එහෙම හිතෙනවා..තවත් ලස්සන කතා ලියවෙන බ්ලොග් අඩවියක් තමයි නෙතූගෙ පොත්ගුල..ඔයා කතා කියවන්න ආසනම් මෙන්න ලින්ක් එක..
ReplyDeletehttp://nethunovel2.blogspot.com
ඒකත් කියවල බලන්නකෝ.. :)
සිත්රූ සිහින - මම පොත් කාවෙක් ඒ නිසා මමත් ඔන්න ගියා ඒ පොත් ගුලට
ReplyDeleteඅයියෝ.. මේ පැත්තට ආවේ අද නේ.. කලින් කොටස් ටිකත් කියවල ම comment කරන්නම්.. හොඳේ!
ReplyDeleteමළා..
ReplyDeleteඉක්මණට ඊළග කොටස ලියන්නකෝ.
බලාහිදිම් කාලයට ඉඩ දී..
ReplyDeleteමට මේ කතාවේ මුල ටික මිස් වෙලානේ. ඒ ටිකත් ඉක්මනටම කියවන්ඩ ඕන.
ReplyDeleteNJ ranGO - ස්තූති පැමිනීමට.අනිත් කොටස් කියවලා බලන්නකෝ
ReplyDeleteවර්ෂා - හරියෝ ටිකක් ඉවසන්ඩෝ
ReplyDeletesAm (සෑම්)- ඔව් ඉතින් බලන් ඉන්නම වෙනවා
ReplyDeleteමධුරංග - ස්තූති මධුරංග
දෙනුවන් මොන විකාරෙකටද කතා කරන්නෙ..කවීටයි, අනුහස් අයියාටට්යි ඉන්න දෙන්නෙ නැතුව යහතින්.. අනේ කවීට පිස්සුද හෆ්ෆා... ඇස්වලට පේන ආදරේ නෙවෙයි වටින්නෙ.. හදවතට දැනෙන ආදරේ නෙ දෙයියනේ..
ReplyDeleteදැන් නම් මම මේ කතාව මුල ඉදන්ම කියවලා මේක ඇඟටම දාගෙන ඉන්නෙ.. අක්කිට ඉක්මනට අලුත් කොටස් දාන්න වෙයි නැත්තම් මගෙන් මල වදයක් වෙයි..:D හික්ස්ස්
මේ එක නෙමේ කොහොමද ඇගට දාගන්නේ අනේ මටත් කියලා දෙන්නකෝ මමත් ට්‍රයි කරලා බලන්නම්
Deleteහිතුවක්කාරි - ම්... එහෙමද ..... හා හා ඉවසන්නකෝ ටිකක්
ReplyDeleteග්ර්ර් ඔන්න ඉතින් දැන් මගේ ලේ කෝප වෙන්ව....නොදොකින් මේ දෙනුවන් කියන එකා ලග පතක හිටිය නම් ඇත්තමයි හොයාගෙන් ගිහින් ඕකගේ හොම්බට හැටක් අනිවා...අවන්කවම මට නම් අනුහස් ගැන දුකයි..මේ කවි අක්කත් හැමදාම අපේ ලේ කෝප කරවනවා මේ දෙනුවනය හින්ද...ඇදෙ අක්කේ වරුවක් විතර කියවන්න ටිකක් දිගට ගොතල දියන්කෝ....මෙහෙම පොඩ්ඩක් කියෙව්වම කුතුහලේ වැඩිනේ....
ReplyDeleteඈ ( .ඇදෙ අක්කේ වරුවක් විතර කියවන්න ටිකක් දිගට ගොතල දියන්කෝ..) මු මොනාද මේ කියන්නේ අයියෝ හිනා මට
Deleteish - හි හී දෙනුවනට බනින්නේ මොකෝ ඔයාගෙ යාලුවනේ ඉශ් මල්ලි හි හී
ReplyDeleteනොදොකින් ඔහොම යාළුවො නම් මැරුවත් එපා..
ReplyDeleteනොදකින් මෙහෙමත් කෙල්ලෝ
ReplyDeleteඅයියෝ කාවයියෝ මේක ගොඩක් බොලද වචන දල ලියන්න එපෝ එතකොට කතාවේ රස නැති වෙලා තවත් වට්ටෝරු කතාවක් වෙනවා (කියවන්නත් එපා වෙනවා )
අනේ ඔය දෙනුවන් ඇක්සිඩන්ට් එකකින් මැරිලාවත් යනවනම් ............. එතකොට සැනසීමයි
ලස්සනයි බෝල අක්කේ කතාව (ඔන්න ඉතින් කතාව ලස්සනයි කියලා හැමදාම කියන්න බැ හරිය එක දවසක් කියපුවම ඇති නේද ?? )
හයවෙනි එක ඉවරායි.........
ReplyDelete