සඳට බැළුම් හෙලූ අය
Sep 5, 2012
මෙයාට සත්තලන් කියන මට තලන්න ඕනෙ බූවල්ලෙන් !
අනේ..... අයියෝ...... එපා..... එපා...... අයියෝ.....
මහ පාන්දර ජාමේ ලස්සන හීනෙකුත් බල බල හීතළට තුරුල් වෙලා හොදට දොයියගෙන හිටපු මාව සත්තලන්ගේ මර ළතෝනියකට උඩ විසි වෙලා වහලෙ වැදිල ආයෙම දබක් ගාලා ඇද උඩට පතබෑවුණා.ඒ වැටිච්ච පාරට ඔලු ගෙඩිය ඇද විට්ටමේ වැදිල ලස්සන පාට පාට තරු දෙක තුනකුත් විසි වුණා.යංතන් සිහි එලවගෙන කරුවලේ අත පත ගාල කාමරේ ලයිට් එක පත්තු කරල මං සත්තලන් දිහාවට හැරුණ.තප්පර දෙක තුනකට කලින් මර හඬ දීපු එකා මේන් පාඩුවේ නිදි.මගේ නින්ද කඩලා එයා නිදියන්න....? එව්වා කොහෙද මාත් එක්ක.බෙල්ලෙන් අල්ලලා හොලොලා හොලොලා කොහොම හරි කූද්ද ගත්තා.මේකා නිදා ගත්තම ආයේ ඉතින් පෙරේතයා පොලේ ගැහුවා වගේ තමා කණ ගාව හේවිසි ගැහුවත් ඇහෙරෙනවා බොරු.දැන් ඉතින් කට්ටිය මගෙන් අහන්න එපා පෙරේතයා පොලේ ගහලා ඉන්නවා දැකලා තියෙනවද කියලා.මම ඔය මහ දවල්ට පස්ස උඩ දාගෙන නිදා ගත්තම මාව අහන අයට සත්තලන්ම තමා කියන්නෙ " අන්න ඒකි නිදි පෙරේතයා පොලේ ගහලා වගේ " කියල.හා හා ඒ කතා මොකටද ... අපි යමුකෝ සත්තලන්ගේ දිහාවට.
වදෙන් පොරෙන් කොහොම හරි ඇහරව ගත්තට පස්සේ ඔන්න සත්තලන් කෙදිරි ගඟා ඇද උඩ වාඩි උනා.
ඇයි සත්තලන් ඔයා මහා හයියෙන් කෑගැහුවෙ...?
මම...? මම ... කෑ ගැහුවද....?
ඇස් ගෙඩි දෙකත් උඩ තියාගෙන මේකා මගෙන් අහද්දි මට ළඟ තිබුණ මෙගා බෝතලේ වතුර එකම ඔලුවේ හලන්න හිතුනා.ඇයි වදේ එයා නෙවෙයිනම් මමද මේ මල පාන්දර මර හූ තිබ්බෙ.
කෑ ගැහුවා නේන්නම් අනේ... ඒ සද්දෙටනෙ මාවත් උඩ විසි වෙලා ඇහැරුනේ
ආ... ඔව් නේ.. මම මහ නපුරු හීනයක් දැක්කා බබා...
නපුරු හීනයක්...?? වෙන්න බෑ මෙයා කියනව විදියටනම් මෙයාට කවදාවත් නපුරු හීනනම් පෙනිලා නෑ.මොකද මෙයා දැක්කොත් දකින්නේ සනී ලියෝන් එක්ක හවායි දූපතේ අසභ්‍ය ජවනිකාවක් රඟපාන එකක් එහෙමත් නැත්තන් කරීනා කපූර් එක්ක කාශ්මීර් වල මල් වත්තක තුරුල් වෙලා සිංදු කියන එකක් ඒකත් නෙවෙයිනම් ඩර්ටි පික්චැර් එක බලපු දවසේ ඉදන් එයාගේ ලිස්ට් එකට දා ගත්ත විද්‍යා බාලන් එක්ක මොකක් හරි මගුළක් නටන එකක් ඒ මොකවත් නෙවෙයිනම් ශකීරා එයා ඉස්සරහට ඇවිත් " Hips Dont Lie "කිය කිය එයාව බලෙන් වරදට පෙළබෙව්වා වගේ බොහොම හුරතල් ලස්සන අහිංසක හීන.එච්චර ලස්සන හීන පේන මෙයාට අද මොකක්ද මේ පෙනිච්ච නපුරු හීනේ කියලා මම කල්පනා කලා.
බබා මම දැක්කා ලෝකෙ විනාස වෙනවා...ඈතින් ලොකේ විනාස වෙවී එනවා අපි ගොඩාක් කට්ටියක් එක තැනකට කොටු වෙලා අඬ අඬ බලන් ඉන්නවා දැන් මැරෙයි දැන් මැරෙයි හිත හිත...
ඇස් ගෙඩි දෙකත් ලොකු කරගෙන සත්තලන් එහෙම කියනකොට මටත් බය හිතුනා හප්පච්චියේ දැන්ම මැරෙන්න පුලුවන්ද ...
ඉතිං සත්තලන් ලොකේ විනාස වෙලා අපි මැරුනද...
මම සත්තලන්ට තව ටිකක් කිට්ටු වෙලා ඇහුවා.
නෑ .. මැරෙන්න කලින් ඔයා මට ඔයාගේ අවසන් කැමැත්ත කිව්වා...
අවසන් කැමැත්ත...? යකඩෝ මමවත් නොදන්න මගේ අවසන් කැමැත්ත මොකක්ද . මම එහෙම හිතුවා.
බබා ඔයා කිව්වා මැරෙන්න කලින් අන්තිම පාරට නෝටි වැඩක් කරමු කියලා...
ඊ...ක්කා... මේකා කියන බොරු... ඔයනම් ෂුවර් එකට මගේ පිටින් යවන්නේ එයාගේ අවසන් කැමැත්ත වෙන්න ඕනෙ.
බොරු කියන්න එපා අනේ....
මම ලැජාවෙන් ඇබරි ඇබරි එහෙම කිව්ව.
බොරු නෙවෙයි අනේ... මම ඉතින් එහෙම බොරු කියන තාලේ මිනිහෙක්ද...ඔයා දන්නවනේ බබෝ මං ගැන.
අනේද කියන්නෙ මම නොදන්න සත්තලන්.( රහසින් එහෙම හිතමින් )
හරී.... දැන් ඉතින් ඔයා අර අනේ... අයියෝ.. එපා .. එපා.. කිය කිය කෑ ගැහුවේ ඇයි... අපි මැරෙන්න ගියාද...?
පික්ෂුද මෙයා..... ඉක්මනට මොනා හරි කරමු කියලා ඔයා අර දෙනොදාහක් ඉස්සරහ මගේ සරම කැඩුවනේ.විලිලැජ්ජාවේ සංතෝසේ වැඩි කමට මට කෑ ගැහෙන්න ඇති.
මට ආපු කේන්තියක්.... ඇද විට්ටමේ ඔලුව ගහගෙන ගහගෙන යන්න හිතුනා... මගෙද...? පිස්සුද නෑ සත්තලන්ගේ.
නිදාගෙන හිටපු කොටියා බලෙන් කූද්දලා ඒකගේ හැටි දැන දැන මේ කියන ගජ බින්න අහන් හිටපු මට හොද වැඩේ... හොද වැඩේ... හොදම වැඩේ.
Subscribe to:
Post Comments (Atom)
රංකඳ රාවණා !!
ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
ඔන්න ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ ළඟදී මං ගිය පොදු ගමනාගමනයේ චාරිකාව. ඒක කොයි තරං ජොලිද කියනවනම් තාමත් මගේ දකුණු අත උස්සනක...
සත්තලන්ට හීනෙන් පේන්නෙ ඉතින් ඔයා ඇත්තටමත් ඔහොම කරනව ඇති ...
ReplyDeleteහිනා හොදටම තාමත් :D
ඔයාටනම් හිනා
Deleteහෆොයි සත්තලන් පවු අක්කියෝ.......
ReplyDeleteඑතකොට මං පව් නැද්ද අලේ
Deleteකව්ද මට කලින් ආවේ. මන් දෙවෙනියා උනේ කොහොමද?
ReplyDeleteලස්සනයි කවියෝ ඔයාගේ කතාව
ඔයාට කලින් දෙන්නෙක්ම ඇවිල්ලා හි හී
Deleteමරු ඈ.... :)
ReplyDeleteහප්පේ මම හිතන්නේ මේ සාතන්ගේ පලමු කමෙන්ට් එක මට ස්තූති හොදේ
Deleteමේක නං 21+ :පී
ReplyDeleteහයියෝ :ඩී :ඩී
හයියෝ එහෙම නෑ නේද ?
Deleteපව් අප්පා අහිංසක සත්තලන් :D
ReplyDeleteයකඩෝ ඔක්කොටොම අහිංසක සත්තලන් විතරයි
Deleteහනේ අපොයි කාවී අක්කෝ....:D :v
ReplyDeleteමොකො කෙල්ලේ
Deleteහෆොයි............! දැන් දැන් මේක අපි වගේ පොඩි උන්ට එන්න හොඳ නැති සයිට් එකක් වේගන එනවා
ReplyDeleteඉහි ඉහි එහෙම නෑ අනේ
Delete//මොකද මෙයා දැක්කොත් දකින්නේ සනී ලියෝන් එක්ක හවායි දූපතේ අසභ්‍ය ජවනිකාවක් රඟපාන//
ReplyDeleteමට ඉතින් ආයෙ හිනා නවත්තගන්න බැරිවුනා තාමත් එසේමැයි.අර උඩින් ඉන්නේ ෂකීරා නේද?? සනී අක්කව දාන්න තිබුනේ අප්පා.
සත්තලන් අයියේ සරමට යටින් අර "chastity belt" එකක්වත් දාගන්න හොඳේ නැත්තම් ලෝක විනාසෙ කලින් එයි ඈ... ඕං අපි නොකීවයි කියන්න එපා...
හි හී මම හදලා කියපුවා නෙවෙයි ඉතින් මේ එයාම තමා ඕවා කියන්නේ
Deleteහෆ්ෆේ..:ඩී :ඩී
ReplyDeleteඩී ඩී ඩී
Deleteමරු හොඳේ.. කිසිම කම්මැලියක් නෑ.. ඉතින් ඔයා ඇත්තටම එහෙම කැත වැඩ කොරනවද...?
ReplyDeleteස්තූති කමෙට් එකට හොදේ... පිස්සුද අනේ මම එහෙම නරක ළමයෙක් නෙවෙයි
Deleteයකඩෝ මෙහෙමත් මඩක්.... :D
ReplyDeleteහි හී මඩ නෙවෙයි අප්ප මේ ඇත්තම ඇත්ත
Deleteඅම්මපා කථාව කියවලා විනාඩි පහකට වඩා හිනාවෙලයි මේ කොමෙන්ටුව කොටන්නේ..........
ReplyDeleteඇයි හත්වලාමේ කසාද මනුස්සයගෙ උනත් රෙදි ගලවන එකේ සීමාවක් තියෙන්න එපැයි..... මන් කිව්වේ අර හීනෙන් ගැලෙව්ව එක නෙවෙයි ඈ.. සනී ලියොන්ල ගැන කියල මේ බ්ලොග් එකේ අර මනුස්සයගේ සරම ගැලෙව්ව එක ගැන
+++++
Deleteහි හී මන් මොනා කරන්නද ඉතින් එයාමනේ ඕවා කියන්නේ
Deleteඅනේ සත්තලංගෙ සරං කොටෙත් මේ පෝස්ටුවෙන් ගලවලද මන්දා...අමුඩෙ ගහලද කියල අහලද සරම කැඩුවෙ.....
ReplyDeleteනෑ නෑ ඒ මුකුත් අහන්න වෙලාවක් උනේ නෑ හී
Deleteසත්තලන්ට දෙවි පීටයි වගේ
ReplyDeleteඑයාට නෙවෙයි මට මම පව්
Deleteසත්තලන් නිදිමතේ වුනත් අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න ට්‍රි කරල වගේ..:D
ReplyDeleteඔව් ඔව් පස්සේ මටත් ඕක හිතුනා
DeleteHIKIZZZZZZZZZ
ReplyDeleteහ හා හිමින් හිනා වෙන්න උමා
Deleteaneee kaviyath korana dewal.. pau appa saththalan ....... hikzzzzzzzzzzz
ReplyDeleteoyath wennemara dewal thama.... D
ඒකනේ කියන්නේ මම ම නිසා හොදයි
Deleteහයියයියෝ..කවි අක්කේ....හීනෙන් පෙන්නේ හැබැහින් වෙන දේවල් කියලයි මමනම් අහලා තියෙන්නේ.
ReplyDeleteහයියෝ ඔෆිස් එකේ එවුන් හිතයි මට ඔල්මාදේ කියලා මහා දවල් හිනාවෙනවට. හෙහ් හෙහ් හෙහ් හෙහ්
එයා ඉතින් හීන මවන් හිටියට මම මුනා කරන්නද අප්පා
Deleteaneee kaviyath korana dewal.. pau appa saththalan ....... hikzzzzzzzzzzz
ReplyDeleteoyath wennemara dewal thama.... D
අපෝ අහිංසක අපිත් නරක් වෙනවා මෙවුවා කියෝලා..
ReplyDeleteහොද අහිංසක.....
Deleteඇත්ත ඇත්ත..තලන්න තිබුනේ බූ වල්ලෙන්ම
ReplyDeleteමා රයි
Deleteහම්මේ මෙන්න මාරයා අයියත් මෙහෙ ඇවිත් බොහොම ස්තූති හොදේ
Deleteබොහොම යසයි...ඒ දෙන්නා බොහොම සන්තෝසෙන් ඉදලා තියෙනවා වාගේ...
ReplyDeleteහ්ම්ම්ම් ඔව් නේද ඒ වගේ හිකීස්
Deleteමේ ඒක නෙමෙයි බොලාගෙ සත්තලන් මෙච්චර ***** ද බං,,
ReplyDeleteබොලත් ඉතින් ඊට දෙවනි නැතුව ඇති .එවුනාට කැතයි ඔදේ අපි වගේ අහිංසක පොඩි ලමයින් මේවා බලලා නලක් වෙයි අලිද
පොඩි? කොහෙද දන්නේ නෑ පොඩි.... හික් හික්
Deleteමට තාම හිනා......
ReplyDeleteඔහොම කියනවනං සත්තලන් නෙවෙයි ඊට වඩා එකක් හරි කියන්න බැරියැ....
හි හි.......
හි හී එහෙමද
Deleteමෙයා සත්තලංව ඇහරවගෙන.. දැන් බොරුවට බනිනවද කොහේද? o.O
ReplyDeleteහයියෝ නෑ අප්පා මම ඉතින් ඇහෙරෙව්වේ බෙරිහන් දුන්නේ මොකෝ අහන්න
Deleteහැබෑටම ඇයි එයාට සත්තලන් කියන්නේ? මොනවා වුනත් එයා නම් තැනේ හැටියට ඇනේ ගහන්න දන්නවා. මරු කතාව.. හැක් හැක්... අපි වගේ පොඩි ළමයි මේවා කියවලා නරක්වෙයිද මන්දා..:P ඒකනෙ පැරැන්නො කියන්නේ නිදාගෙන හිටපු කොටි ඇහැරවන්න එපාය කියලා...
ReplyDeleteඑයාට ඉතින් මම ආදරේට සත්තලන් තමා කියන්නේ. ඔව් ඔව් ආයෙනම් කොච්චර කෑ ගැහුවත් මම මගේ පාඩුවේ සිටිමි
Deleteඅනේ අර මිනිහ රෙද්දක් ඇඳන් පාරෙ යන්නෙ කෝමෙයි...(දවල්ට)
ReplyDeleteහි හී අනේ මංදා
Deleteඔය හෙනයක් නෙමේ මෙකි ඇත්තට කරපු දෙයක් මම නොදන්නවා යැ කවයියාගේ තරම පව් අර අසරණ සත්තලන්
ReplyDeleteග් ර් ර් ර් ලක්ස් කටවහපිය
Deleteපලමුවරට ගොඩවුනෙමි.කියෙව්වෙමි! :)
ReplyDeleteස්තූති පැමිණීමට
Deleteඔයාගෙ සත්තලනුත් අහිංසක පාටයි වගෙ :D
ReplyDeleteඅනේද කියන්නේ එහෙමද ඔයාට පෙන්නේ
Deleteඅනේ මගේ සත්තලනේ...
ReplyDeleteහි හී ඔයාගේ නෙවෙයි මගේ
Deleteඅනේ අපි නොදැන්න මොණරතැන්න... ඔකට කරන්න තියෙන්නේ එක කෙමයි.
ReplyDeleteසත්තලන්ගේ අහවල් තැන රැට ගම්බිරිස් ගලා දොයියන්න, නපුරැ හීන වලින් තොර සුවදායි හින පෙනිලා හොදට දොයිය ගනියි.
හෑක් ... දැන් එතකොට පූගේ හාමිනා මේ ක්‍රමේ වෙනන් ඇති අනුගමනය කොරන්නේ හික් හික්
Deleteඅයියෝ ඕවා ඇත්තටමත් වෙයි..
ReplyDeleteහි හී මේ සේරම ඇත්ත තමා අර කෑ ගහපු එකට එය කිව්ව බොරුව ඇරෙන්න
Deletehikz.......maala weda thamai botath wenne.
ReplyDeleteඒකනේ ටූටියෝ
Deleteහච්චෝ අක්කෝ...................................................
ReplyDeleteඋයාගෙ බ්ලොගේ කවුරුත් හැක් කරලා එහෙම නැහැ නේ?? හී හී..:)
හි හි නෑ හිරුවෝ තාමනම් නෑ
Deleteහෆ්ෆා.. මම නරක් වුනා හොදටම... :( :P :P ශෝයි හෆ්ෆා.. සත්තලන් ගානට අවස්ථාවෙන් ප්‍රයෝජන අරන්...
ReplyDeleteඒකනේ ...කපටියා
Deleteහෙහ්.. මම මුකුත් නොකියමි... :)
ReplyDeleteඅර මොකෝ මුකුත් නොකියන්නේ ?
Deleteහෆොයි..හොද ළමයි නලක් කලනවනේ මේ සත්තලන්ගේ වයිපරේ.
ReplyDeleteවයිපරේ නෙවෙයි හෆ්ෆා... සත්තලන්නේ
Deleteහුක්කි හුක්කි හූ...අනේ තොට හොදම වැඩේ...මැරෙන්න හිනා අප්පා මට...හික් හික්..
ReplyDeleteචික්... නරියා... දුප් යන්ටර්
Deleteසත්තලන්ලා සේලම නාකයි අප්පා බලන් යද්දි. නේද ලොකූ....?
ReplyDelete(සිතමින් ...හැබැයි මෙයත් මට නම් පොඩ්ඩක්වත් ෂුවර් නම් නෑ)
ඒක නේන්නම් මේ සත්තලන්ලා හොදම නෑ. ග් ර් ර් ර් ..... ඔය සිතන එවා ඔට්ටු නෑ හලී
Deleteනියමයි කවියෝ....අනේ සත්තලංගෙ පටි රොල් නේද? මට කවිව සැකයි හැබැයි...
ReplyDeleteඅනේ අහිංසක මම
Deleteඉතින් ඊත පත්තෙ.............
ReplyDeleteසත්තලන් තැලුවද බූවල්ලෙන්...
පවූවූවූවූවූවූවූවූවූ.............කව්‍යා....
නෑ නෑ මට තාම බූවල්ලක් හොයා ගන්න බැරි උනා
Delete:D
ReplyDelete:D ?
Deleteහිහිහි..සත්තලන්ට විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ කියලා හිතෙන්න ඇති.. :D
ReplyDeleteඔව් ඔව් එහෙම තමා හිතිලා තියෙන්නෙ රතූ
Deleteහයියූ.... හී හී .. මරු කතාව කාවී .. :)
ReplyDeleteආ මෙන්න පණුච්චිත් මෙහෙ ඇවිල්ලා.. සතුටුයි සතුටුයි...
Deleteකවි අක්කාට වෙච්ච දේ සත්තලන්ගේ පිට දැම්මා නේද??? කොල්ලෝ නම් කවදාවත් නෝටි වැඩ කරන් නැ..කෙල්ලෝ තමා නෝටි..හික්ස්..
ReplyDeleteනෑ නෑ මේ ඇත්තම ඇත්ත
Deleteසනි ලියොන් හැක හැක හැක
ReplyDeleteහිකි හිකි හිකි
Deleteහම්මේ මරුම ඈ
ReplyDelete