සඳට බැළුම් හෙලූ අය

Sep 5, 2012

මෙයාට සත්තලන් කියන මට තලන්න ඕනෙ බූවල්ලෙන් !






අනේ..... අයියෝ...... එපා..... එපා...... අයියෝ.....


මහ පාන්දර ජාමේ ලස්සන හීනෙකුත් බල බල හීතළට තුරුල් වෙලා හොදට දොයියගෙන හිටපු මාව සත්තලන්ගේ මර ළතෝනියකට උඩ විසි වෙලා වහලෙ වැදිල ආයෙම දබක් ගාලා ඇද උඩට පතබෑවුණා.ඒ වැටිච්ච පාරට ඔලු ගෙඩිය ඇද විට්ටමේ වැදිල ලස්සන පාට පාට තරු දෙක තුනකුත් විසි වුණා.යංතන් සිහි එලවගෙන කරුවලේ අත පත ගාල කාමරේ ලයිට් එක පත්තු කරල මං සත්තලන් දිහාවට හැරුණ.තප්පර දෙක තුනකට කලින් මර හඬ දීපු එකා මේන් පාඩුවේ නිදි.මගේ නින්ද කඩලා එයා නිදියන්න....? එව්වා කොහෙද මාත් එක්ක.බෙල්ලෙන් අල්ලලා හොලොලා හොලොලා කොහොම හරි කූද්ද ගත්තා.මේකා නිදා ගත්තම ආයේ ඉතින් පෙරේතයා පොලේ ගැහුවා වගේ තමා කණ ගාව හේවිසි ගැහුවත් ඇහෙරෙනවා බොරු.දැන් ඉතින් කට්ටිය මගෙන් අහන්න එපා පෙරේතයා පොලේ ගහලා ඉන්නවා දැකලා තියෙනවද කියලා.මම ඔය මහ දවල්ට පස්ස උඩ දාගෙන නිදා ගත්තම මාව අහන අයට සත්තලන්ම තමා කියන්නෙ " අන්න ඒකි නිදි පෙරේතයා පොලේ ගහලා වගේ " කියල.හා හා ඒ කතා මොකටද ... අපි යමුකෝ සත්තලන්ගේ දිහාවට.

වදෙන් පොරෙන් කොහොම හරි ඇහරව ගත්තට පස්සේ ඔන්න සත්තලන් කෙදිරි ගඟා ඇද උඩ වාඩි උනා.

ඇයි සත්තලන් ඔයා මහා හයියෙන් කෑගැහුවෙ...?


මම...? මම ... කෑ ගැහුවද....?


ඇස් ගෙඩි දෙකත් උඩ තියාගෙන මේකා මගෙන් අහද්දි මට ළඟ තිබුණ මෙගා බෝතලේ වතුර එකම ඔලුවේ හලන්න හිතුනා.ඇයි වදේ එයා නෙවෙයිනම් මමද මේ මල පාන්දර මර හූ තිබ්බෙ.

කෑ ගැහුවා නේන්නම් අනේ... ඒ සද්දෙටනෙ මාවත් උඩ විසි වෙලා ඇහැරුනේ

ආ... ඔව් නේ.. මම මහ නපුරු හීනයක් දැක්කා බබා...


නපුරු හීනයක්...?? වෙන්න බෑ මෙයා කියනව විදියටනම් මෙයාට කවදාවත් නපුරු හීනනම් පෙනිලා නෑ.මොකද මෙයා දැක්කොත් දකින්නේ සනී ලියෝන් එක්ක හවායි දූපතේ අසභ්‍ය ජවනිකාවක් රඟපාන එකක් එහෙමත් නැත්තන් කරීනා කපූර් එක්ක කාශ්මීර් වල මල් වත්තක තුරුල් වෙලා සිංදු කියන එකක් ඒකත් නෙවෙයිනම් ඩර්ටි පික්චැර් එක බලපු දවසේ ඉදන් එයාගේ ලිස්ට් එකට දා ගත්ත විද්‍යා බාලන් එක්ක මොකක් හරි මගුළක් නටන එකක් ඒ මොකවත් නෙවෙයිනම් ශකීරා එයා ඉස්සරහට ඇවිත් " Hips Dont Lie "කිය කිය එයාව බලෙන් වරදට පෙළබෙව්වා වගේ බොහොම හුරතල් ලස්සන අහිංසක හීන.එච්චර ලස්සන හීන පේන මෙයාට අද මොකක්ද මේ පෙනිච්ච නපුරු හීනේ කියලා මම කල්පනා කලා.

බබා මම දැක්කා ලෝකෙ විනාස වෙනවා...ඈතින් ලොකේ විනාස වෙවී එනවා අපි ගොඩාක් කට්ටියක් එක තැනකට කොටු වෙලා අඬ අඬ බලන් ඉන්නවා දැන් මැරෙයි දැන් මැරෙයි හිත හිත...


ඇස් ගෙඩි දෙකත් ලොකු කරගෙන සත්තලන් එහෙම කියනකොට මටත් බය හිතුනා හප්පච්චියේ දැන්ම මැරෙන්න පුලුවන්ද ...

ඉතිං සත්තලන් ලොකේ විනාස වෙලා අපි මැරුනද...

මම සත්තලන්ට තව ටිකක් කිට්ටු වෙලා ඇහුවා.

නෑ .. මැරෙන්න කලින් ඔයා මට ඔයාගේ අවසන් කැමැත්ත කිව්වා...

අවසන් කැමැත්ත...? යකඩෝ මමවත් නොදන්න මගේ අවසන් කැමැත්ත මොකක්ද . මම එහෙම හිතුවා.

බබා ඔයා කිව්වා මැරෙන්න කලින් අන්තිම පාරට නෝටි වැඩක් කරමු කියලා...

ඊ...ක්කා... මේකා කියන බොරු... ඔයනම් ෂුවර් එකට මගේ පිටින් යවන්නේ එයාගේ අවසන් කැමැත්ත වෙන්න ඕනෙ.


බොරු කියන්න එපා අනේ....

මම ලැජාවෙන් ඇබරි ඇබරි එහෙම කිව්ව.

බොරු නෙවෙයි අනේ... මම ඉතින් එහෙම බොරු කියන තාලේ මිනිහෙක්ද...ඔයා දන්නවනේ බබෝ මං ගැන.

අනේද කියන්නෙ මම නොදන්න සත්තලන්.( රහසින් එහෙම හිතමින් )

හරී.... දැන් ඉතින් ඔයා අර අනේ... අයියෝ.. එපා .. එපා.. කිය කිය කෑ ගැහුවේ ඇයි... අපි මැරෙන්න ගියාද...?

පික්ෂුද මෙයා..... ඉක්මනට මොනා හරි කරමු කියලා ඔයා අර දෙනොදාහක් ඉස්සරහ මගේ සරම කැඩුවනේ.විලිලැජ්ජාවේ සංතෝසේ වැඩි කමට මට කෑ ගැහෙන්න ඇති.

මට ආපු කේන්තියක්.... ඇද විට්ටමේ ඔලුව ගහගෙන ගහගෙන යන්න හිතුනා... මගෙද...? පිස්සුද නෑ සත්තලන්ගේ.


නිදාගෙන හිටපු කොටියා බලෙන් කූද්දලා ඒකගේ හැටි දැන දැන මේ කියන ගජ බින්න අහන් හිටපු මට හොද වැඩේ... හොද වැඩේ... හොදම වැඩේ.



98 comments:

  1. සත්තලන්ට හීනෙන් පේන්නෙ ඉතින් ඔයා ඇත්තටමත් ඔහොම කරනව ඇති ...
    …හිනා හොදටම තාමත් :D

    ReplyDelete
  2. හෆොයි සත්තලන් පවු අක්කියෝ.......

    ReplyDelete
  3. කව්ද මට කලින් ආවේ. මන් දෙවෙනියා උනේ කොහොමද?

    ලස්සනයි කවියෝ ඔයාගේ කතාව

    ReplyDelete
    Replies
    1. ඔයාට කලින් දෙන්නෙක්ම ඇවිල්ලා හි හී

      Delete
  4. Replies
    1. හප්පේ මම හිතන්නේ මේ සාතන්ගේ පලමු කමෙන්ට් එක මට ස්තූති හොදේ

      Delete
  5. මේක නං 21+ :පී
    හයියෝ :ඩී :ඩී

    ReplyDelete
  6. පව් අප්පා අහිංසක සත්තලන් :D

    ReplyDelete
    Replies
    1. යකඩෝ ඔක්කොටොම අහිංසක සත්තලන් විතරයි

      Delete
  7. හනේ අපොයි කාවී අක්කෝ....:D :v

    ReplyDelete
  8. හෆොයි............! දැන් දැන් මේක අපි වගේ පොඩි උන්ට එන්න හොඳ නැති සයිට් එකක් වේගන එනවා

    ReplyDelete
  9. //මොකද මෙයා දැක්කොත් දකින්නේ සනී ලියෝන් එක්ක හවායි දූපතේ අසභ්‍ය ජවනිකාවක් රඟපාන//

    මට ඉතින් ආයෙ හිනා නවත්තගන්න බැරිවුනා තාමත් එසේමැයි.අර උඩින් ඉන්නේ ෂකීරා නේද?? සනී අක්කව දාන්න තිබුනේ අප්පා.

    සත්තලන් අයියේ සරමට යටින් අර "chastity belt" එකක්වත් දාගන්න හොඳේ නැත්තම් ලෝක විනාසෙ කලින් එයි ඈ... ඕං අපි නොකීවයි කියන්න එපා...

    ReplyDelete
    Replies
    1. හි හී මම හදලා කියපුවා නෙවෙයි ඉතින් මේ එයාම තමා ඕවා කියන්නේ

      Delete
  10. හෆ්ෆේ..:ඩී :ඩී

    ReplyDelete
  11. මරු හොඳේ.. කිසිම කම්මැලියක් නෑ.. ඉතින් ඔයා ඇත්තටම එහෙම කැත වැඩ කොරනවද...?

    ReplyDelete
    Replies
    1. ස්තූති කමෙට් එකට හොදේ... පිස්සුද අනේ මම එහෙම නරක ළමයෙක් නෙවෙයි

      Delete
  12. යකඩෝ මෙහෙමත් මඩක්.... :D

    ReplyDelete
    Replies
    1. හි හී මඩ නෙවෙයි අප්ප මේ ඇත්තම ඇත්ත

      Delete
  13. අම්මපා කථාව කියවලා විනාඩි පහකට වඩා හිනාවෙලයි මේ කොමෙන්ටුව කොටන්නේ..........

    ඇයි හත්වලාමේ කසාද මනුස්සයගෙ උනත් රෙදි ගලවන එකේ සීමාවක් තියෙන්න එපැයි..... මන් කිව්වේ අර හීනෙන් ගැලෙව්ව එක නෙවෙයි ඈ.. සනී ලියොන්ල ගැන කියල මේ බ්ලොග් එකේ අර මනුස්සයගේ සරම ගැලෙව්ව එක ගැන

    ReplyDelete
    Replies
    1. හි හී මන් මොනා කරන්නද ඉතින් එයාමනේ ඕවා කියන්නේ

      Delete
  14. අනේ සත්තලංගෙ සරං කොටෙත් මේ පෝස්ටුවෙන් ගලවලද මන්දා...අමුඩෙ ගහලද කියල අහලද සරම කැඩුවෙ.....

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඒ මුකුත් අහන්න වෙලාවක් උනේ නෑ හී

      Delete
  15. සත්තලන්ට දෙවි පීටයි වගේ

    ReplyDelete
  16. සත්තලන් නිදිමතේ වුනත් අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න ට්‍රි කරල වගේ..:D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් පස්සේ මටත් ඕක හිතුනා

      Delete
  17. Replies
    1. හ හා හිමින් හිනා වෙන්න උමා

      Delete
  18. aneee kaviyath korana dewal.. pau appa saththalan ....... hikzzzzzzzzzzz
    oyath wennemara dewal thama.... D

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ මම ම නිසා හොදයි

      Delete
  19. හයියයියෝ..කවි අක්කේ....හීනෙන් පෙන්නේ හැබැහින් වෙන දේවල් කියලයි මමනම් අහලා තියෙන්නේ.

    හයියෝ ඔෆිස් එකේ එවුන් හිතයි මට ඔල්මාදේ කියලා මහා දවල් හිනාවෙනවට. හෙහ් හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. එයා ඉතින් හීන මවන් හිටියට මම මුනා කරන්නද අප්පා

      Delete
  20. aneee kaviyath korana dewal.. pau appa saththalan ....... hikzzzzzzzzzzz
    oyath wennemara dewal thama.... D

    ReplyDelete
  21. අපෝ අහිංසක අපිත් නරක් වෙනවා මෙවුවා කියෝලා..

    ReplyDelete
  22. ඇත්ත ඇත්ත..තලන්න තිබුනේ බූ වල්ලෙන්ම

    ReplyDelete
    Replies
    1. හම්මේ මෙන්න මාරයා අයියත් මෙහෙ ඇවිත් බොහොම ස්තූති හොදේ

      Delete
  23. බොහොම යසයි...ඒ දෙන්නා බොහොම සන්තෝසෙන් ඉදලා තියෙනවා වාගේ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඔව් නේද ඒ වගේ හිකීස්

      Delete
  24. මේ ඒක නෙමෙයි බොලාගෙ සත්තලන් මෙච්චර ***** ද බං,,
    බොලත් ඉතින් ඊට දෙවනි නැතුව ඇති .එවුනාට කැතයි ඔදේ අපි වගේ අහිංසක පොඩි ලමයින් මේවා බලලා නලක් වෙයි අලිද

    ReplyDelete
    Replies
    1. පොඩි? කොහෙද දන්නේ නෑ පොඩි.... හික් හික්

      Delete
  25. මට තාම හිනා......
    ඔහොම කියනවනං සත්තලන් නෙවෙයි ඊට වඩා එකක් හරි කියන්න බැරියැ....

    හි හි.......

    ReplyDelete
  26. මෙයා සත්තලංව ඇහරවගෙන.. දැන් බොරුවට බනිනවද කොහේද? o.O

    ReplyDelete
    Replies
    1. හයියෝ නෑ අප්පා මම ඉතින් ඇහෙරෙව්වේ බෙරිහන් දුන්නේ මොකෝ අහන්න

      Delete
  27. හැබෑටම ඇයි එයාට සත්තලන් කියන්නේ? මොනවා වුනත් එයා නම් තැනේ හැටියට ඇනේ ගහන්න දන්නවා. මරු කතාව.. හැක් හැක්... අපි වගේ පොඩි ළමයි මේවා කියවලා නරක්වෙයිද මන්දා..:P ඒකනෙ පැරැන්නො කියන්නේ නිදාගෙන හිටපු කොටි ඇහැරවන්න එපාය කියලා...

    ReplyDelete
    Replies
    1. එයාට ඉතින් මම ආදරේට සත්තලන් තමා කියන්නේ. ඔව් ඔව් ආයෙනම් කොච්චර කෑ ගැහුවත් මම මගේ පාඩුවේ සිටිමි

      Delete
  28. අනේ අර මිනිහ රෙද්දක් ඇඳන් පාරෙ යන්නෙ කෝමෙයි...(දවල්ට)

    ReplyDelete
  29. ඔය හෙනයක් නෙමේ මෙකි ඇත්තට කරපු දෙයක් මම නොදන්නවා යැ කවයියාගේ තරම පව් අර අසරණ සත්තලන්

    ReplyDelete
    Replies
    1. ග් ර් ර් ර් ලක්ස් කටවහපිය

      Delete
  30. පලමුවරට ගොඩවුනෙමි.කියෙව්වෙමි! :)

    ReplyDelete
  31. ඔයාගෙ සත්තලනුත් අහිංසක පාටයි වගෙ :D

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ එහෙමද ඔයාට පෙන්නේ

      Delete
  32. අනේ මගේ සත්තලනේ...

    ReplyDelete
  33. අනේ අපි නොදැන්න මොණරතැන්න... ඔකට කරන්න තියෙන්නේ එක කෙමයි.

    සත්තලන්ගේ අහවල් තැන රැට ගම්බිරිස් ගලා දොයියන්න, නපුරැ හීන වලින් තොර සුවදායි හින පෙනිලා හොදට දොයිය ගනියි.

    ReplyDelete
    Replies
    1. හෑක් ... දැන් එතකොට පූගේ හාමිනා මේ ක්‍රමේ වෙනන් ඇති අනුගමනය කොරන්නේ හික් හික්

      Delete
  34. අයියෝ ඕවා ඇත්තටමත් වෙයි..

    ReplyDelete
    Replies
    1. හි හී මේ සේරම ඇත්ත තමා අර කෑ ගහපු එකට එය කිව්ව බොරුව ඇරෙන්න

      Delete
  35. hikz.......maala weda thamai botath wenne.

    ReplyDelete
  36. හච්චෝ අක්කෝ...................................................
    උයාගෙ බ්ලොගේ කවුරුත් හැක් කරලා එහෙම නැහැ නේ?? හී හී..:)

    ReplyDelete
    Replies
    1. හි හි නෑ හිරුවෝ තාමනම් නෑ

      Delete
  37. හෆ්ෆා.. මම නරක් වුනා හොදටම... :( :P :P ශෝයි හෆ්ෆා.. සත්තලන් ගානට අවස්ථාවෙන් ප්‍රයෝජන අරන්...

    ReplyDelete
  38. හෙහ්.. මම මුකුත් නොකියමි... :)

    ReplyDelete
    Replies
    1. අර මොකෝ මුකුත් නොකියන්නේ ?

      Delete
  39. හෆොයි..හොද ළමයි නලක් කලනවනේ මේ සත්තලන්ගේ වයිපරේ.

    ReplyDelete
    Replies
    1. වයිපරේ නෙවෙයි හෆ්ෆා... සත්තලන්නේ

      Delete
  40. හුක්කි හුක්කි හූ...අනේ තොට හොදම වැඩේ...මැරෙන්න හිනා අප්පා මට...හික් හික්..

    ReplyDelete
    Replies
    1. චික්... නරියා... දුප් යන්ටර්

      Delete
  41. සත්තලන්ලා සේලම නාකයි අප්පා බලන් යද්දි. නේද ලොකූ....?
    (සිතමින් ...හැබැයි මෙයත් මට නම් පොඩ්ඩක්වත් ෂුවර් නම් නෑ)

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් මේ සත්තලන්ලා හොදම නෑ. ග් ර් ර් ර් ..... ඔය සිතන එවා ඔට්ටු නෑ හලී

      Delete
  42. නියමයි කවියෝ....අනේ සත්තලංගෙ පටි රොල් නේද? මට කවිව සැකයි හැබැයි...

    ReplyDelete
  43. ඉතින් ඊත පත්තෙ.............
    සත්තලන් තැලුවද බූවල්ලෙන්...
    පවූවූවූවූවූවූවූවූවූ.............කව්‍යා....

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මට තාම බූවල්ලක් හොයා ගන්න බැරි උනා

      Delete
  44. හිහිහි..සත්තලන්ට විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ කියලා හිතෙන්න ඇති.. :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එහෙම තමා හිතිලා තියෙන්නෙ රතූ

      Delete
  45. හයියූ.... හී හී .. මරු කතාව කාවී .. :)

    ReplyDelete
    Replies
    1. ආ මෙන්න පණුච්චිත් මෙහෙ ඇවිල්ලා.. සතුටුයි සතුටුයි...

      Delete
  46. කවි අක්කාට වෙච්ච දේ සත්තලන්ගේ පිට දැම්මා නේද??? කොල්ලෝ නම් කවදාවත් නෝටි වැඩ කරන් නැ..කෙල්ලෝ තමා නෝටි..හික්ස්..

    ReplyDelete
  47. සනි ලියොන් හැක හැක හැක

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...