සඳට බැළුම් හෙලූ අය
Sep 17, 2012
ඒ ඔබය ඔබමය - 3 කොටස
මුල් කොටස් අමතක අය ගොහින් බලලම එන්නකෝ
ඒ ඔබය ඔබමය - 1 කොටස
ඒ ඔබය ඔබමය - 2 කොටස
මොකක්දෝ මහ අමුතුම හැඟීමක් හිත වට කොට පවුරු බදිද්දී සතියක් දෙකක් නිසොල්මනේ ගෙවී යන්නට ඇත.සොල්දරයට වී මා පිනි ජම්ඹු ගහේ අතු අතරින් අපූරුවට දිස් වෙන දළදා මාළිගාව දෙස ඔහේ බලා සිටියෙමි.පෙරදාක එහෙදී වූ අපූරු හමුව සිහිව මා මුවට හීන් හිනාවක් නැගුණි.ඒ ආගන්තුක හමුවෙන් පසු අද වන තුරු මා ආයේ දළදා වදින්නට ගියේ නැත.ලෙඩක් දුකක් හැදුනද හැන්දෑවට හැන්දෑවට දළදා මාළිගාවට නෙළුම් මල් වට්ටිය පුදන්නට යන ගමන අත් නොහරින මා මතක ඇති කාලයක මේ ඒ ගමන මගහැරියාමය.වලව්වේ අයට එය පුදුම හතෙන් එකක් මෙනි.
සුදු මැණිකෙ... අදත් දළදා උන්නාන්සේ වදින්න යන්නෙ නැතැයි
හැන්දෑවේ තේකත් රැගෙන මා සොයා පැමිණි ඩිංගිරි අම්මා මගෙන් විමසයි.
හිතක් නෑ ඩිංගි අම්මා.... ඇගට හරිම තෙහෙට්ටුවක් දැනෙනවා
සීවරං දෙයියනේ... අර මොකෑ සුදු මැණිකෙ...? මුකුත් ලෙඩක් දුකක්වද්ද...?
අයියෝ නෑ ඩිංගි අම්මා ... මේ කම්මලි කමට වෙන්න ඇති...
මා එසේ නොකීවානම් ඩිංගි අම්මාගෙන් බේරෙනවා බොරුය.
සුදු මැනිකෙ .. මං කොත්ත මල්ලි ඩිංගිත්තක් තම්බලා ගේන්නද.....සුදු මැණිකේ... මම හිසට තෙල් සාත්තුවක් කරන්න්ටද....ඔය වගේ තව කීයක් දේවල් අහවිද මංද.පුංචි දවස්වල මමත් මල්ලිත් තරගෙට ලෙඩ කියමින් ඇය ලවා හිස අත ගාගන්නවා මට මතකය.
ඩිංගිරි අම්මා වලව්වේ ප්‍රධාන මෙහෙකාරියයි.ඇය මෙහේ පැමිණ ඇත්තේ අම්මා අප්පච්චී සමඟ විවාහ වී මෙහි ආ දා අම්මාත් සමඟමය.විවාහ වී දරුවන් ලබන්නට පින්මද ඇය මාවත් මල්ලීවත් දෑහේ මූනේ තියාගෙන හැදුවේ වැඩුවේ ඇගේම කුසින් බිහිවුන දරුවන් මෙන් ප්‍රේමයෙනි.අපේ අම්මාට වඩා වසර හත අටකට පමණ වැඩිමල් වූ ඩිංගිරි අම්මා මේ වලව්වේදී අම්මාව බලා කියා ගත්තේද කුඩා දරුවෙකු මෙනි.අම්මා කවදත් ඇයට මෙහෙකාරියකට මෙන් සලකනවා මා දැක නැත.අම්මා තෙවෙනි දරු උපතට සූදානම් වෙද්දී මල්ලිත් මමත් වැඩුණු ළමුන් විය.බොහෝ කල් ගොස් අප්පච්චීට තවත් දරුවෙකුගේ අවශ්‍යතාවය දැනුනේ අපි හැමෝගෙම අවාසනාවකටදැයි මට නිතරම සිතේ.ඒ දරු ප්‍රසූතියේදි අම්මා මෙලොව හැර ගිය නිසාය.දවස් කීපයක් වීදුරු පෙට්ටියක සිට පන නල රැකගන්නට වෙහෙසුණු අපේ අලුත් සහෝදරියද මෙලොව හැර අම්මා සමගම යන්නට ගියාය.
අම්මාගේ අකල් මරණයට අප්පච්චී වගකිව යුතුයැයි කාලයක් යනතුරුම අම්මාගේ සනුහරේම අප්පච්චීට දෙස් දෙවොල් තැබීය.එහෙත් අප්පච්චී සියලු ගල් මුල් පතාක යෝධයෙකු සේ නොසැලී දරා ගත්තේය.අම්මා මිය ගිය දවසේවත් අප්පච්චිගේ ඇසින් කඳුලක් වැටෙනවා මා දැක නැත.අප්පච්චී මේ තරම් දරදඬු උඩගු මිනිසෙකු වූයේ පරම්පරාගත මාන්නය නිසායැයි මට නිතරම සිතේ.
අක්...... කා........
මගේ සිතුවිලි සී සී කඩ කරමින් ඔය බෙරිහන් දීගෙන තරප්පු පෙල නගිනවා ඇසෙන්නේ යුවනෙක මල්ලීය.මේ වලව්වේ හිතූ හිතූ හැටියට කෑ කෝ ගසමින් නිදහසේ හැසිරෙන එකම ප්‍රාණියා ඔහු පමණි.
මොකෝ හලෝ.... මාළිගාව දිහා බලාගෙන අනිමිස ලෝචනාව කරනවද...
කොළඹ උසස් යැයි සම්මත ජනප්‍රියම පාසලක නේවාසිකව ඉගෙන ගන්නා මල්ලිගේ කතා විලාසය පමණක් නොව ඇවතුම් පැවතුම් පවා වලව් සම්මතයට පටහැනිය.එහෙත් මේ විශාල වලව්වේ මා සතුටින් සිටින්නේ නිවාඩුවට ඔහු ගෙදර එන දවස් ටිකටය.වසර දෙකකින් ඔහුට අක්කා වූ මා මල්ලීටනම් සම වයසේ මිතුරියක මෙනි.
මුකුත් නෑ ... හරී කමැලී අනේ.....
ඔය සදලුතලෙන් බැහැල පල්ලෙහාට එනවකො මටත් කම්මැලී අප්පා.... යමුද අදවත් මාළිගාව පැත්තෙ...?
අද බෑ මල්ලි... අපි හෙට හවස යමු.....ම්ම්ම්ම්ම්...
මොකද මේ උපාසකම්මා පන්සල් යන්න අදි මදි කරන්නේ...මම දැන් දවස් දෙක තුනක්ම නෝට් කලා...
මල්ලී ඩිංගි අම්මාට හපන්ය.මා එයට උත්තරයක් නොදීම හැන්දෑවේ අහසට හිනැහීමි.
මේ අක්කා......
මල්ලී මා උන් තැනම ගරාදි වැටට බර දී හරි බරි ගැසුනේ හරියට ලොකු කතාවකට මෙනි.
අපරාදේ නේද හලෝ විශ්ව අයියා කොළඹ උනේ.. කැන්ඩි හිටියනම් මරු නේද...?
ඒ නම ඇසී යටිපතුල් පවා සීතල වෙනවා මෙන් මට දැනුණි.එහෙත් මා වෙනසක් නොපෙන්වා ඉන්නට වෙර ගතිමි.
කවුද.... විශ්ව...?
ඕනාවට එපාවට මම එහෙම අහද්දි මල්ලි ඉනට අත් දෙක තියාගෙන මගේ මූණ දිහා බැලුව.ඒ බැල්ම මග ඇරල මම ආයෙම මාළිගාව දිහා බැලුව.
අනේ යනවා යන්න...ඔයා මේ මටනෙ බබා පාට් දාන්නේ...මේ අක්කා... ඔයා දන්න ලුණු ගොරක මදි හොදේ මාව තම්බන්න...
මල්ලි මගේ හිසට තරමක් තදින් තට්ටුවක් දැම්මේ මට හිනා වෙවී ඔලුක්කුවට මෙනි.
ඇත්තටම මට සියුම් ලැජ්ජාවක් දැනුනි. මේ සා ළඟින් ඉන්න මල්ලීට බොරුවක් කිරීම ගැන මට දුකක්ද දැනෙන්නට විය.
හා... එහෙනං දැන් කියන්නකො බලන්න ඔයා මේ මෙතන්ට වෙලා පැය ගානක් තිස්සෙ මාලිගාව දිහා බලාගෙන හීන මව මව හිටියෙ ඌ ගැන නෙවෙයිද....?
මල්...ලී... චී...කතා කරන කැත.... මිනිස්සුන්ට ඌ මූ කියන්න එපා...
හරි හරී ඉතින් ඕකට බොරුවට තරහ අරන් මම අහපු එක මග අරින්න එපා... මං ඌ කිව්වේ යාලු ෆිට් එකට... අනික ඔයාට මොකෝ ඌට ඌ කිව්වම..
මල්ලි එහෙම කිව්වම මට කට උත්තර නැති උනා. ඇත්ත නේන්නම් මට මොකෝ එයාට මොනවා කිව්වත් කලත්.අනවසරයෙන්ම මගේ හිතට ගොඩ වදින්න හදන විශ්වගෙ මග අවුරමින් මම එහෙම හිතුව.
ආ... අක්කා..... කියනවකෝ දැන් මෙතන ඉදන් හිත හිත හිටියේ කා ගැනද කියල...
මල්ලි ආයෙමත් කණ ළඟම සද්දෙට කතා කරල මගේ සිතුවිලි එහෙ මෙහෙ කලා.
ෂ්ෂ්ෂ්.....ඔච්චර සද්දෙට කෑ ගහන්න එපා මල්ලි ...... අප්පච්චි පුංචි කොනක් අල්ල ගත්තනම් ඇති.....මට තමයි විසුමක් නැති වෙන්නෙ....
මම එහෙම කිව්වෙ වට පිට බල බල ඇත්තටම පරාණ බයෙන්.මල්ලිටනම් ඒකේ වගක් නෑ එයාට කතාවට හිනාවට ගියාම ඉන්නෙ කොහෙද කරන්නෙ මොනාද මුකුත් වැඩක් නෑ.
බිය නොවන්න අක්කණ්ඩිය.... ආදරය කරන හැටි මම උගන්නන්නම්....
පපුවත් ඉස්සරහට දාල ගාම්බීර තාලෙට මල්ලි එහෙම කියනකොට මටත් හිනාව නවත්ත ගන්න බැරි උනා.අතින් කට වහගෙන මම හිනා වෙද්දි මල්ලි ආයෙම මට ලං උනේ කලිසම් සාක්කුවෙ ඔබා ගෙන හිටපු එයාගෙ මොබයිල් එකත් අතට ගන්න ගමන්.
අක්කා ... මම ඔයාට පොඩි මැජික් එකක් පෙන්නන්නද....
ඒ මොකද්ද ඒ....
මමත් හරි බරි ගැහිල සැදැල්ලෙ හාන්සි පුටුවට බර දුන්නෙ ඊ ළඟට එයා කරන්න හදන විකාරෙ මොකක්ද කියල බලන්න.මල්ලි අතේ තිබුන එයාගෙ මොබයිල් එකේ අංක කීපයක් ඔබල මගේ කණට ළං කලා.
මේක අල්ලගන්න... Answer කලොත් ඔයා කතා කරන්න මම එනකං... මම ටක් ගාලා එන්නම් අක්කා ... මට චූ බරයි...
පිස්සු මල්ලි ඔයාටනං ...කවුද මේ.....?
කතා කරල බලනවකො වදේ....
බලහත් කාරයෙන් දුරකතනය මා අතට දී මල්ලී තරප්පු පෙල දිගේ පහළට දිව ගියේය.මා දුරකතනයට කන් දීගෙන ඔහේ අසා සිටියෙමි.
කියන්න හිමරු මල්ලියා...
පුටුවට බර දී උන් මා විදුලි සැරයක් වැදුණු එකියක සේ නැගී සිට ගතිමි.මට මගේ සවන් අදහා ගැනීමට නොහැකි තරම්ය.ඒ අර ආගන්තුක කටහඬය.දළදා මාළිඟාව දෙසින් හමා එන සුළගේ පවා විසිරී ඇවිත් පහුගිය ටික දොහේම මගේ සවන් පත් අසල නින්නාද වූ ඒ ළයාන්විත කටහඬය.
________________ මතුසම්බන්ධයි_______________
Subscribe to:
Post Comments (Atom)
රංකඳ රාවණා !!
ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
ඔන්න ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ ළඟදී මං ගිය පොදු ගමනාගමනයේ චාරිකාව. ඒක කොයි තරං ජොලිද කියනවනම් තාමත් මගේ දකුණු අත උස්සනක...
මමයි එක හුරේ
ReplyDelete1 උනාට මදි කතාව කියෙව්වද කියලා කියන්න ඕනෙ
Deleteමේක කියවන්න බලාගෙන හිටියේ .. මේ කොටසට කල ගියා වැඩියි ද මන්දා .. ඉතුරු ටික ඉක්මනට දාන්න
ReplyDeleteඔව් ටිකක් කල් ගියා ඒකට සමාව භාජනයට දාන්න හොදේ
Deletelassnai kaviyo....... thankuuuuuuuuuuuuuuuuu ada denmata.........
ReplyDeleteස්තූති යසා
Deleteකව්ද මට කලින් ඇවිත් 1 දාලා ගියේ, අනේ මන්දා අදකාලේ වැඩිමල් අයට සලකන්න දන්නේ නැති හැටි. දරුවනේ එකත් ඉගෙන ගනිල්ලා.
ReplyDeleteකතාව ගොඩාක් ලස්සනයි කවියෝ, දිගටම ලියාගෙන යන්න, අපි කියවනවා.
හුහුහුහුහුහුහුහුහු ඩොකා අපිත් එක්ක තරග නැ කියලා දැනගනින් හරිය
Deleteඔයාට කලින් 3 දෙනෙක්ම ඇවිත් ඩොකා අයියේ... ස්තූති
Deleteමෙයා මොකාටද දැන් මේ එන්න හදන්නේ?
ReplyDeleteබලමුකෝ බලමුකෝ :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඔව් ඔව් බලන් ඉන්නකෝ
Deleteම්ම්ම්... හොඳයි හොඳයි... ජය වේවා..
ReplyDeleteස්තූති රතූ
Deleteකාතව ගලාගෙන යන විදිහ නම් අපුරුයි............. මම අසයි..
ReplyDeleteස්තූති දිගටම එන්න හොදේ
Deleteමල්ලි මරු කපුවෙක්නේ බලන් ගියහම ....
ReplyDeleteහිකීස්....... ඒ වගේ....
Deleteමේ කතාවේ අක්කා විතරක් නෙමේ අර මල්ලි බූතයා කියපු කතාවට මාවත් නිකන් ගල් ගැහුනා වගේ උනා.යකඩෝ මගෙ කෙලීටත් අම්මලා ආච්චම්මල කියන්නේ සුදු මැණික කියලා එයත් නුවර.ඒ මදිවට කෙලීගේ නල්ලමලේ යක්ෂ මල්ලි අවුරුදු දෙකයි බාල... අපේ සීන් කෝන් ගෙදරට කියලා වැඩේ අල කරන්න හැදුව එක විතරයි ඩබලගේ වෙනස... අනික මම කොළඹ.මරු ඈ අඩේ මගේ කතාවට සමාන කතාවක් වෙයිදෝ මන්දා.... බලමූ බලමූ මට හිතෙනවා එහෙම වෙයි කියලා... මේ කොටස හිතට ඇල්ලුවා ගොඩක්
ReplyDeleteහා.. හා... මස්සිනා කාරයා ගැමියට උදැල්ල දානවා වගේ නේද...
Deleteඔය ඩිංගිරි අම්මගෙ කැරැක්ටර් එක රගපාන එක්කෙනෙක් අපේ ගෙදරත් ඉන්නවා..
ReplyDeleteනම මිසිස් පියුමාවතී ජයසිංහ...
හැබැයි එයා වැඩකාරී නෙමේ මගේ වන් ඇන් ඔන්ලි ස්විට් ආච්චම්මා..
ලොකු පුතා කන්නැද්ද, ලොකු පුතා තේ, ලොකු පුතා බත් එපානං ආ නූඩ්ල්ස්...
ඇඩෙනවා..
අනේ මුන්ට අඩගහලා කන්න දුන්නත් කතන්දර....
Deleteඑහෙම තමා තරියෝ.... ඔය වගේ ආච්චියෙක් මටත් ඉන්නවා...
Deleteඅද නං කාගේ හරි වදේකින් බේරෙන්න පොඩ්ඩක් ලියල ෂේප් වෙලා..
ReplyDeleteම්ම්ම් ඔයාට තමා ඒක තේරුනේ නේද.... හි හී.
Deletehikizzzzzzzzzzz onna ithin malsara balma helala wage
ReplyDeleteඔව් ඔව් හෙලාගෙන හෙලාගෙන යනවා
Deleteමං නං බයයි මේ වගේ ලවු ස්ටෝරිස් වලට... ඒ කාලේ මගෙත් නිකම් ගෑවිලා ගිය ක්‍රෂ් එකක් තිබුනා විශ්වජිත් කියලා. . අනේ ඒ අයියා පස්සේ කාලෙක නැති උනා කියලා ආරංචියක් ආවා.. මට ඒක මතක් උනා....
ReplyDeleteම්ම්ම් ඒ මතක හරි සුන්දරයි නේද?
Deleteම්ම්මම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...........
ReplyDeleteම්ම්මම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.
Deleteබොහොම ලස්සන කතාවක්.
ReplyDeleteස්තූති ඔබට
Deleteවිභාග අතරමැදත් ඔන්න මම අක්කියාගෙ කතාව කියවන්න දුවන් ආවා... පොඩ්ඩයි ව්අගේ අනේ.. මදි මදි!!!
ReplyDeleteදෙන දෙයියො ගෙට ගෙනැල්ලාම දීලා තියෙන්නෙ ඔය...:D දැන් ඉතින් ලව් එක පටන් ගන්න තියෙන්නෙ....
අහා... මේ ඉන්නේ හිතූ... මම ඒත් බැලුවා කෝ මොකෝ සද්දයක් නැත්තේ කියලා
Deleteකලින් කොටස් 2 කලින් කියෙව්වට අමතක වෙලා තිබ්බේ අක්කෝ කියව්කගෙනම ආවා එකත්...හුගක් ලස්සනට කතාව ගලාගෙන යනවා අක්කෝ....එහෙනම් ඔහොම යන්....:)
ReplyDeleteම්ම්ම්ම් දිගටම එන්නකෝ හොදේ ටෙඩියෝ
Delete'හිමරු' ලස්සන නමක්..:)
ReplyDeleteහරියට ඔයාගේ නම ලගින් යනවා නේද?
Deleteඑන්න ටිකක් පරක්කු උනා.. වෙලා ආපු ගමන් ඔන්න ඉස්සෙල්ලම කියෙවුවේ මේක.. ඉතිරිය එනකම්....
ReplyDeleteදැන් ඉතින් මෙයාව අල්ලන්න හරි අමරුනේ
Deleteලස්සන කතාව කොහෙද හොරටනෙ දෙන්නෙ කියවන්න බොලා..ඉක්මනට දාහන් ඉතුරු ටික හැබැයි ටිකක් වැඩිපුර හරිද කවියො :p
ReplyDeleteහි හී පුලු පුලුවන් වෙලාවට දෙන්නම් හොදේ ඉක්මනට
Deleteගොඩක් කතා කියවනකොට මුල ඉඳන්ම කියවන්න ඕනේ නැත්තම් මතක හිටින්නේ නෑ. ඒත් කවි අක්කේ මේ කතාව මුල් පද පේලි ටික කියවනකොට කතාවම මතකෙට ආව. එහෙම වෙන්නේ කතාව ගොඩක් හිතට වැදුන නිසා.
ReplyDeleteම්ම්ම් පරක්කු වෙලා හරි කියෙව්ව එක අගේ කරනවා මල්ලි
Deleteඔයා හොදටම නුවර අයගේ ජිවින රටාව තෙරැම් අරගෙන ලියනවා. තනිකරම නුවර ඉන්න කෙල්ලෙක් ලියන විදිහටම ලියනවා අයේ එකේ දෙකක් නැ.. උපරිමයි. හැබැයි මේ පාර කතාවේ නම් කුතුහලය නැ. කුතුහලයක් එක්කම කතාව ඉවර කලානම් හරි. ෆොන් එකේ අනිත් පැත්තේ ඉන්න කෙනා ඉලග කොටසෙන් පෙන්නුවානම් අලි.
ReplyDeleteමගේ අදහසක් විතරයි. පරක්කු වේලා එන්න වුනාට සොලි.. මේ දවස්වල ෆුල් බිසි අප්පා
හම්මේ ඇති යාන්තං මේ ඇවිල්ල ඉන්නේ.ඔව් මටත් ඕන උනේ එහෙම තමා ඒත් මේ පාර කොටස ටිකයිනේ මේක මේ හදිස්සියට ලිව්වේ ඒ නිසා තමා ඒක උනේ.
Deleteමේ... කරුණා කරලා මේ කතාවේ ඉතිරි ටිකට වෙච්ච දෙයක් කියනවද හොඳ හිතින්??????
ReplyDelete