සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Sep 19, 2012

ඒ සොඳුරු සමනළ් වියේ..........





හැන්දෑවෙ තුන වෙද්දි කිරි කොක්කු වගේ ඇද ගත්තු බාලිකාවියනුත් එයාලගෙ දෙමාපියන්ගෙනුත් ඉස්කෝලෙ ප්‍රධාන ශාලාව පිරෙන්නට උනා.බාලිකාව පුරාම තිබුනෙ අමුතු ලස්සනක් අපි හිටියෙ කඩියො වගේ කඩිසර කමින් එහෙ මෙහෙ දුවමින්.මේ අපේ ඉස්කෝලෙ අපේ මහන්සියෙන් එළි දකින අන්තිම කළා උළෙල.ඒක පුලුවන් තරම් උපරිමෙන් ලස්සනට සාර්ථකව කරන්න අපි හැමෝගෙම හිතේ තිබුනෙ පුදුමාකාර උනන්දුවක් කැපවීමක්.ලබන අවුරුද්දෙ කළා උළෙල කරන්න අනේ අපි මේ ඉස්කෝලෙ නෑ නේද කියල මතක් වෙද්දි පපුවට පුංචි දැවිල්ලක් දැනුනත් අපි හැමෝම ඒක හංගගෙන හිනා වෙලා හිටිය.

සංජුයි මමයි හිටියෙ ශාලාවට ආරධිත පාසල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් එන දොරටුව ළඟ එයාලව පිලිගන්න.මුලින් දෙමාපියන් පිළිගන්න දාල තිබුන මාව අන්තිම මොහොතෙ කට්ටිය මේ පැත්තට තල්ලු කලේ ඇයි කියල මම දැන ගෙන හිටිය.ඒ හින්දම මම හිටියෙ බුම්මගෙන.සංජුනම් කිව්වෙ මම පුප්පන්නෙ බොරුවට කියල.

පව් හලෝ ඒ අසරණය.... දැන් මාස කීයක් තිස්සෙ පස්සෙන් එනවද... අදවත් ගනන් උස්සන්නෙ නැතුව පොඩ්ඩක් කතා කරනවකො...මටනම් ආදරේ හිතෙනව ඌට...
සංජුගෙ ඒ කතාවට මට බක්ස් ගාල හිනා ගියා.

ඉතින් උඹ ඒක එයාට කියපන්කෝ .... එතකොට මටත් කරදරයක් නෑ...
කොහෙ කියන්නද ඌ හරියට නිකන් ගජමන් නෝනා පස්සෙ වැටිච්ච ඇලපාත මුදලි වගේ උඹ පස්සෙමනෙ....

මං ලඟත් ඕව්ට දෙන්න ඕන තරම් උත්තර තිබුන උනත් මම හිනාව තද කරගෙන ඇතුලට යන අයට හිනා වෙලා සමරු කලාප බෙදුව.

ඒයි... ශානි...

බෞද්ධ බාලිකාවෙන් ආපු සෙට් එක එක්ක පොඩ්ඩක් කතා කර කර ඉද්දි සංජු මගේ පිට කෙනිත්තුව.මම ඌයි කියාගෙනම සංජු දිහා බලද්දි එයාගෙ ඇස් තිබුනෙ ගේට්ටුව ගාව.මමත් එහෙමම ඒ පැත්තට ඇස් ගෙනිච්ච.අඩි හයකටත් වඩා උස ඒ හිතුවක්කාරයව හැමෝටම උඩින් කැපිල පේන නිසා වැඩිය ඇස් වෙහෙසන්න ඕන උනේ නෑ.ගේට්ටුව ගාව ඉදන්ම ඒ ඇස් හතර අතට කැරකෙන්නේ මාව හොයන්න කියල මම විතරක් නෙවෙයි අපෙ මුලු පංතියම දන්නව.මම හිමින් සැරේ සංජුගෙ පිටිපස්සට උනා.

මේ මොකද මේ.... හාල්මැස්ස වගේ ඉන්න මගේ පිටිපස්සට ගියාම තලපතා වගේ ඉන්න උඹව පෙන්නෑ කියලද හිතන් ඉන්නෙ...විකාර නොකර ඇවිත් ඔන්න ඕක බෙදපං...


සංජු මාව අතින් ඇදල අරන් ඉස්සරහට කලා.ඒ වෙනකොට එයාල අපි ළඟට ඇවිල්ලත් ඉවරයි.සංජු බොහොම සුහඳව එයාල එක්ක දොඩමලු උනා. මම හිටියෙ බිම බලාගෙනමයි.මම දැක්කෙ එකම විදියට ඔප දාපු එකම විදියෙ පිරිමි සපත්තු ජෝඩු හතරක් විතරයි.

සංජු මේ.... ඔන්න මෙයා අපි දිහා බලල හිනාවෙල කතා කලේ නැත්තං අපි ඇතුලට යන්නෙ නෑ හරී...

එතන හිටපු තවත් දඟකාරයෙක් එහෙම ගෝරණාඩුවක් දැම්ම.

ගනන් ගන්න එපා සංඛ ... ඔයාල දන්නවනෙ මෙයාගෙ හැටි...

සංජු කිව්වෙ හිනා වෙවී.

එහෙම බෑ ... ඇයි යකෝ අපිට ඉන්වයිට් කරලා මෙහෙම පාට් දාන එක කැතයිනෙ අප්පා...

ඊලඟට තවත් එකෙක් එහෙම කිව්ව.

මෙයාලව මෙතනින් යවන්න මට සෙකන්ඩ් වෙන්නම වෙනව කියල ඒ වෙනකොට මට තේරිල තිබුනෙ.මේ පැත්තට ඇස් තියාගෙන ඉන්න මිස් කෙනෙකුට නෝට් වෙලා නිකන් ලෙඩ දාගන්න තියෙන බය නිසාම මම ඔලුව උස්සල කට්ටිය දිහා බැලුව.අර ඇස් දෙක මං ළඟම හිනා වෙවී ඉන්නව මම දැක්කෙ එතකොටයි.මොකද දන්නෙ නෑ අද එයා මෙච්චරම නිශ්ෂබ්ද... මම එහෙම හිත හිතම එයාලට සමරු කලාප දික් කලා.

ඈ බං සංජු... හයුස්කූල් එකේ අපිව පිලිගන්න මීට වැඩිය ලස්සනට හිනා වෙන්න දන්න එකියක් හිටියෙම නැද්ද... මෙයා හරියට කාලි අම්මගෙ වද පුංචිගෙ දුව වගේනෙ...


ආයෙත් අර සංඛ කියන එකා කෑ ගැහුව.සංජු මහා හයියෙන් හිනා උනේ ඉන්න තැනත් අමතක කරල.ඒ වෙලාවෙනම් මටත් හිනා ගියා.

ෂා...... ඔය තියෙන්නෙ..... ඔහොම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා......

මෙයාල මෙච්චර මට වදේ ගහන්නෙ සචින් මං ගැන උනන්දුයි කියල දන්න නිසා.මගේ යාලුවො වගේම එයාගෙ යාලුවොත් ට්‍රයි කලේම අපි දෙන්නව සෙට් කරන්න.

අනේ.... ළමා...........යි... දැන් යනවද ඇතුලට ඉක්මන් කරලා පේනවද පිටිපස්සෙ පෝලිම...

ඒ වෙනකොටත් අපි ආරධනා කරපු තව පාසල් දෙක තුනකින්ම ළමයි එතන්ට රොක් වෙලා තිබුන.සංජු හොද වෙලාවට එහෙම කිව්වෙ නැත්තං මෙයාල තවත් මෙතන ඉදිවී විකාර කර කර.

සචින්ලගෙ නඩයෙන් අන්තිමට ඇතුලට යන්න ආවෙ සචින්. මම එයාට දීපු අපේ කළා උළෙලෙ සමරු කළාපය එයා ආයෙම මට දුන්න.මම පුදුම වෙලා එයා දිහා බැලුව.

මේක ඔයාට.... ඔයා මේක තියාගෙන මට වෙන එකක් දෙන්න...

එයා එහෙම කියල මගේ අතේ තිබුන පොත් මිටියෙන් එකක් ඇදල අරගෙන මගේ නලලට වැටිල තිබුන කෙස් රොදකට කටින් පිඹගෙනම ඇතුලට ගියා.යාන්තමට වැදුණු ඒ හුස්මට මගේ මුලු ඇගම හිරි වැටිල ගියා. පොත් මිටිය බදාගෙන හිටපු මගේ අත් පවා වෙව්ලන්න ගත්ත.

උඹ ඌට කොච්චර ගනන් ඉස්සුවත් ඌ ලඟදි උඹ බ්ලශ් වෙනව ශානී... ඒක උඹට තෙරෙන්නෙ නෑ ඒත් බලන් ඉන්න අපිට පේනවා...

සංජු කිව්වෙ ඇත්ත උනත් මගේ හිත ඒක පිළිගන්න මැලි උනා.පාසලේ මොන තරම් නිහතමානි දඟකාර ක්‍රියාකාරි සිසුවියක් උනත් පිරිමි ළමුන් ලඟදි මම බොහොම ආඩම්බර චරිතයක්.එයාලගෙ ඇසුරෙදි මම බොහොම නිශ්ෂබ්ද කෙනෙක්.කවදාවත් එයලා එක්ක විහිලු කරගෙන එකට එක කියාගෙන යන ගතියක් මට තිබුනෙ නෑ.ඒ නිසාමද මංද සමහර වෙලාවට පිරිමි ලමයින්ට මාව වැඩියෙන් නෝට් උනා.එයාල මං ගැන වැඩිපුර උනන්දු උනා හෙව්ව කලා.පාසල් යන කාලෙදි පෙම් පටලැවිල්ලක් ඇති කර ගන්නෙ නෑ කියල මහ ලොකුවට හිතට හිතාගෙන උන්නෙ නැති උනත් මගේ අතින් එහෙම උනා.සමහර විට එහෙම උනේ තාත්තගේ දැඩි රැකවරණය නිසාමද කියලත් මට හිතෙනව.තාත්තා ඕනාවටත් වඩා මාව පරිස්සම් කලා.මගේ ජීවිතේ පිරිමි ළමයි හමුවන්න ඔවුන් හා ගැටෙන්න තියෙන අවස්ථා අවම කරන්න තාත්ත හැම තිස්සෙම වග බලා ගත්ත.අම්මගෙ තාත්තගෙ ආදරේ ඕනාවටත් වැඩිය ලැබුණු නිසාම වෙන ආදරේක අඩුවක් හිස් තැනක් ජීවිතේට දැනුනෙත් නෑ.මේ හැම හේතුවක් නිසාම වෙන්න ඇති මම ලැබෙන හැම පෙම් ආරාධනාවක්ම ප්‍රතික්ශේප කලා.ඒත් මොන එහෙකටද මංද මේ කොල්ලා සචින් ගැන මගේ හිතට මොකක්දෝ දෙයක් දැනෙනව.එයා මගේ හිත හොල්ලන්න හදනව කියල මට තේරෙනව.

ඒයි.... ශානි බලපං සචින් දීපු Souvenir එකේ මොනාද ලියලා තියෙන්නෙ කියල. මම දක්ක උඹ ඒක දීපු ගමන් මෑන් මෙතන තියාගෙන මොනාද ලිව්ව....

එහෙට මෙහෙට දුව දුව වැඩ කරන අස්සෙ ලැබුන පුංචි ඉඩකදි සංජු මට කිව්ව.

දැන් බෑ පස්සෙ බලමු...

මම එහෙම කිව්වෙ එයා මොනා හරි ලියලනම් දැන් ඒක බලල ඔලුව අවුල් කර ගන්න ඕනෙ නැති නිසා.

උඹ දනන්වද... සචින්ලගෙනුත් අද අයිටම් එකක් තියෙනවා... මුන් මොනවා කරන්න හිතන් ඉන්නවද දන්නෙ නෑ...

උන් මොනවා කලාම අපිට මොකද .. අපි අපේ අයිටම් එකට ලෑස්ති වෙමුද...

මම එහෙම කිව්වෙ සංජු කියපු දේ කණකට ගත්තෙ නෑ වගේ උනාට හිතටනම් මොකදෝ උනා වගේ දැනුන.

ඇයි බං උඹ ඌට ඔච්චර අකමැති...? බලපං නියම උස... නියම මහත... ක්‍රේල් කොණ්ඩෙ...නියම හැන්ඩිය...
කලා සංගමේ සියලුම නිළධාරිනියන් සහභාගි වෙන නැටුමට ඇදුම් මාරු කරද්දි සංජු විතරක් නෙවෙයි ගංගි , නිපූ , තරූ පවා මට වදේ ගහන්න ගත්ත.

පිස්සු... එයා මාධවන් තරම් ලස්සන නෑ...ඒ තරං ලස්සන හිනාවකුත් නෑ..

මම එහෙම කිව්වෙ හැමෝම හිනා ගස්සන්න උනාට උන් මට විතරක් නෙවෙයි අසරණ මාධවන්ටත් බැන්න.

අනේ උඹෙ මාධවන්... බලන් හිටපං එනකන් කැන්දන් යන්න...


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ණහිස ගාවට කොට රෝස පාට චීත්ත ගවුම් ඇදල කොන්ඩ කරල් දෙක ගොතල වේදිකාව උඩට යද්දි කකුල් දෙක පුදුම තරම් ගැහුන.පොඩි කාලෙ ඉදන් මේ වේදිකාව උඩ කොච්චර සෙල්ලම් දාල තිබුනත් හැමදාමත් මේක උඩට නගිද්දි ගර්වයට මුසු වෙච්ච පුංචි බයක් හිතට දැනෙන එක අමුත්තක් නෙවෙයි.ඒත් අර උස කොල්ලගෙ දිග ඇස් මං වටේ කැරකෙද්දි මට හරියට නටාගන්න බැරි වෙයි කියලමයි හිත කිව්වෙ.

බෝධියේ විහාරයේ
පිදූ පියුම් වැනු වූ
බාලිකා ලොව මැලවුන දා
මුලු ලොවටම රෑ වෙනවා...


පසුබිමින් වාදනය වෙන ගීතයට බොහොම අපූරු නර්තනයක් අපි හැමෝගෙම මහන්සියෙන් ලස්සනට දිගහැරුණ.ඕඩියන්ස් එක දිහා නොබල ඉන්න මම තරයේම හිතා ගත්තත් මගේ ඇසුත් මටත් හොරෙන් ඒ රුවම හොයනව කියල මට තේරුනා.

නැටුම ඉවර උන ගමනම අපි හැමෝම කඩිමුඩියෙ දුවල ගියේ අපිට පැවරිච්ච තව රාජකාරි දාහක් තිබුන නිසයි.විනාඩියට දෙකට ආපහු යුනිෆෝම් එකට මාරු වෙලා අපි අපිට අදාල තැන් වලට ගියා.කොහෙ කොහෙ මොනාට දිව්වත් මගේ ඇස් දිව්වේ සචින් ලඟට. මගේ හිත දිව්වෙ සචින් දීපු සමරු කලාපෙ මොනවා ලියලා ඇද්ද කියල බලන්න.මෙච්චර කාලෙකට කාටවත්ම කරන්න බැරි උන හපන් කමක් මෙයා කරන්නෙ හදන්නෙ කොහොමද කියල මට හිතා ගන්නවත් බැරි උනා.

කළා උළෙලෙ අවසන් භාගයේ තිබුනෙ ආරාධිත පාසල් වල ඉදිරිපත් කිරීම්.එක එක පාසල් වලින් විවිධ අංග ඉදිරිපත් කර කර යද්දි මගේ හිත එන්න එන්න වේගෙන් ගැහුණ.වේදිකාව අයිනෙ තිරේකට මුවා වෙලා මම හිටියෙ නොසන්සුන් හදවතින්.තරූගේ හඬින් සචින්ගෙ නමයි පාසලයි කියද්දි ස්ටේජ් එකෙ එහා පැත්තෙ හිටපු සංජු මේ පැත්තට දුවගෙන ආව.

ආ...ව්....ආ...ව් බලමු කුමාරයගෙ වැඩ.


සචින් වේදිකාවට එන්නත් කලින්ම සංජු කියවන්න පටන් ගත්ත.අපේ කට්ටිය සේරමල එහෙ මෙහෙ අහුමුලු වල ඉදගෙන මට හිනා උනා.

එයා ගිටාර් එකකුත් අතින් අරන් දුවගෙන දුවගෙන ඇවිත් ස්ටේජ් එකට නැගල ඉස්සෙල්ලම බැලුවෙ මං දිහා.පුරුදු විදියට මම බිම බලා ගත්ත. එයා අපි කිට්ටුවටම ඇවිත් සංජුගෙන් පුටුවක් ඉල්ලුව. සංජු දඩි බිඩි ගාල පුටුවක් ගිහින් ස්ටේජ් එක මැද්දෙ තිබ්බ.එයා ඒ පුටුවෙ වාඩිවෙලා ගිටාර් එකත් කකුලට හිර කරගෙන ආයෙම සැරයක් මං දිහා බලල ගිටාර් එකේ තත් පිරිමදින ගමන් හිමිහිට ඇස් පියා ගත්ත.


I've been alone with you inside my mind
And in my dreams
I've kissed your lips a thousand times
I sometimes see you pass outside my door
Hello.........
Is it me you're looking for..........?



Lionel Richie ගේ ඒ ලයාන්විත ප්‍රේම ගීතය සචින් බොහොම අපූරුවට ගායනා කලා.මුලු ශාලාවම නිහඬ නිසල වෙලා සචින්ගෙ ගායනය දිහා බලන් හිටියෙ වශී වෙලා වගේ.ඒ සිංදුවෙන් කියන වචනයක් වචනයක් පාසා මගේ හිත ගිනියම් උනා. ඒ හැම අකුරක්ම මං වෙනුවෙන් කියල මට දැනුන.දැහැනට සම වැදිල වගේ ඇස් පියාගෙන සචින් ගායනා කරන දිහා මම ඇස් පිල්ලමක්වත් නොගහ බලන් හිටියෙ ඇස් වලට කඳුලු පිරෙද්දි.මේ වෙනකන් වෙන කිසිම පිරිමි ළමයෙක් ගැන නොදැනුන දුකක් අනුකම්පාවක් මට ඔහු ගැන දැනුන.ඒ අනුකම්පාව ආදරේකට පෙරලෙයි කියල මට බය හිතුන.

ඒ වෙලාවෙ මගෙ හිතේ තිබුන නොසන්සුන් කම මගේ ලඟම හිටපු සංජුට ඕනාවටත් වැඩිය දැනෙන්න ඇති.සංජු හිමිහිට මගේ අතින් අල්ල ගත්ත.

ආදරේ ගැන පැණි බේරෙන කවි කතා ලියන උඹ ඇයි බං මෙච්චර ආදරේට බය...
සංජු කියප දේ නෑහුන ගානට මම සචින් දිහාම බලන් උන්න.

උඹ සචින්ට කැමති... ඒක උඹේ ඇස් වල ලියවිලා තියෙනවා...

වෙන්
ඇති සංජු... ඒත් කැමැති කියන්නෙ ආදරේට නෙවෙයි.ආදරේ ඊට වඩා වෙනස් දෙයක්..

උඹේ ඔය මහප්‍රාණ තමා මට දිරවන්නෙ නැත්තෙ...මට ඇත්ත කියපං උඹ සචින්ට කැමති නැත්තෙ ඌ ටැමිල් නිසාද...?


සමහරවිට වෙන්න පුලුවන් සංජු... දැන දැනම මිරිඟුවක් පස්සෙ දුවල හති වැටෙන්න මට බෑ... මම ආදරේ කලොත් ඒ එක පාරයි..ඒ නිසා හදිස්සි වෙන්න මම බයයි..

සචින් හොද එකා...


වෙන්න ඇති... ඒත් මගේ තාත්ත ලෙඩ ඇදේ ඉද්දි මට පිස්සු නටන්න බෑ සංජු... එයාට මාව කොච්චර විශ්වාසද... මට ඒ විශ්වාසෙ මේ වගේ දේකින් කඩල දාන්න බෑ...උඹ දන්නවද මම දුකින්...මේ අපේ අන්තිම කළා උළෙල.. ඒ වගේම මේ මගේ තාත්තට මගේ දෙයක් බලන්න එන්න බැරි උන පලවෙනි දවස...

මගේ ඇස් වලින් හෝ ගාල කඳුළු වැටෙන්න ඇති.සංජු ඒ කඳුළු වැටෙන්නත් කලින් පිහිදුව.

සොරි කෙල්ලෙ... අඬන්න එපා මට ඒක එච්චර දැනුන්නෑ....

සංජු මාව සැනසුව.කඳුලු පිහිදගෙන ඔලුව උස්සද්දියි දැක්කෙ සචින්ගෙ සිංදුව ඉවර වෙලා තිරෙත් වැහිල ඒත් සචින් යන්නෙ නැතුව පුදුමෙන් වගේ මං දිහා බලන් ඉන්නව.මම පඩිපෙළ පැනල ඉක්මනට ඩ්‍රෙසින් රූම් එකට ගියා.සංජුත් මගේ පස්සෙන්ම ආව.

දැන් අඬන්න එපා බං.... මම දන්නවා උඹට සචින් ගැනත් දුකයි.... මං එයාට පස්සෙ හිමිහිට තේරුම් කරල දෙන්නම්... මීට පස්සෙ මම අනිත් උන්ටත් කියනව ඌව අල්ලල උඹට විහිලු කරන්න එපා කියල...
පහුවෙලා හරි සංජුට මාව තේරුන එක ගැන මම සතුටු උනා.ඒ වගේ සචිනුත් මාව තේරුම් ගනීවි කියල මම විශ්වාස කලා.ආයෙ ඒ ඇස් වලට පේන්න යන්නෙ නෑ කියල මම හිතා ගත්ත.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

අවුරුද්දෙ කළා උළෙල සාර්ථකව අවසන් කරල අපි හැමෝම ගෙවල් වලට ගියේ හරිම සතුටින්.කොච්චර හිතේ දුකක් තිබුනත් මමත් ඒ සතුට උපරිමව වින්දා.ගෙදර ගිහින් ඉඩක් ලැබුන හැටියෙම මම කලේ සචින් දීපු Souvenir එක දිග ඇරල පිටු පෙරලපු එක.

පොතේ මැදකට වෙන්න තිබුන පිටුවක හිස් තැනක කළබලේට ලිව්ව උනත් බොහොම ලස්සනට ගලපපු අකුරු ටිකක් තිබුන.

නිතර ඔබේ නෙත මා වෙත හෙලනා
අහංකාර බැල්මේ
රිදුම් දුන්නත් මසිත තවමත්
ඔබට පමණයි ආදරේ......


ඒ අකුරු අතර ඇස් දුවද්දි ආයෙම හිතට මොනාදෝ උනා.මම ඇස් වල කඳුලුත් එක්කම තවත් පිටු පෙරලුව.තවත් පිටුවක මෙහෙම තිබුන.

" ඔච්චර ආඩම්බර වෙන්න එපා... ඔයා ආඩම්බර වෙන්න වෙන්න මගේ ආදරේ තව තව වැඩි වෙනවා "

ඊළඟ පිටුවෙ ලොකු Heart එකක් ඇදල ඒක මැද්දෙ S + S කියල ලියල තිබුණ.

ශානී..... සචින්....

මම හිතින් මුමුණල බැලුව.අපූරුවට ගැලපෙන නම් දෙක.

ඒත් නම් ගැලපුනාට අපි ගැලපෙන් නෑ සචින්....මට සමාවෙන්න....


තව මොනවා ලියලා තිබුනත් මම මේක කියවන්නෙ නෑ කියල හිතාගෙන පොත වහල මේසෙ උඩට විසි කලේ ආයෙ කවදාවත්ම දිගහරින්නෙ නෑ කියල හිතාගෙන.

_________________ ~~ ___________________

ප / ලි - අතීතයේ දවසක්දා එයාට ඔන්න ඔහොමලු උනා කියන්නෙ. ඉතින් ඊට පස්සෙ හිතුව වගේම ආයෙ කවදාවත් එයා ඒ පොත දිග ඇරියෙ නෑලු.මේ කතාව එයාට මතක් උනේ පහුගිය දවසක තරියා දාල තිබුණු
බාලිකා පාසලක අමතක නොවන මෙහෙයුම දැකලලු.ඉතින් තරියාට ස්තූතිලු.

ප/ප/ලි - මේක සිතුවිල්ලක් පමණි නෙමෙයිලුද මංද
Link

60 comments:

  1. " ඔච්චර ආඩම්බර වෙන්න එපා... ඔයා ආඩම්බර වෙන්න වෙන්න මගේ ආදරේ තව තව වැඩි වෙනවා " - මම ආසම මේ කෑල්ලට ... :D

    ලස්සන කතාව කාවී... බට් අයි හේට් ලව් ස්ටෝරීස් ...

    ReplyDelete
    Replies
    1. පනුච්චි කෙලියා නේ පෝලිම පැනලා නිදකින්

      Delete
    2. ඒ මොකෝ පණූ ලව් ස්ටෝරීස් ඇලජික් ආ.....

      Delete
  2. පව් අසරණයා මෙකි කරොත් කරන්නේ ඔහොම වැඩමයි කමක් නැ දැන් සත්තරන් ඉන්නවනේ

    මේ එක නෙමේ ඉට පස්සේ දැම්මේ නැද්ද බං කාවයියෝ සචින් ව ??

    මමනේද 1 හුරේ

    ReplyDelete
    Replies
    1. මම මුකුත් කලේ නෑ අනේ...ම්ම්ම් ඊට පස්සෙත් දැක්කා ඒ ලෙවෙල් ඉවර වෙනකන්ම. බට් අයි ඩෝන්ට් කෙයාර්...

      Delete
  3. අඩේ බොහොම ලස්සන කතාව. හැගීම් බරයි . මන් ගොඩාක් අසාවෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. ස්තූති ඩෝකා අය්යේ

      Delete
  4. අම්මෝ මම මාරම ආස සින්දුවක්" බෝධියේ විහාරයේ.. "
    හිතට නම් මාරෙට වැදුණා..
    ඇත්තටම ඒ කතාව ඇත්ත.. ආඩම්බර වෙන්න වෙන්න තවත් ආදරේ වැඩි වෙනවා..
    ඇත්තමේක නම් ඇත්තම සිද්ධියක්ද කොහෙද..?
    (මට නිකන් අපේ සයන්ස් ඩේ එක මැවිලා පෙනුණා)

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ සිංදුවටනම් මමත් හරිම ආසයි.... හික් හික් ඇත්ත කතාවක්ද කොහෙද තමා

      Delete
  5. එදා ඔයා කරපු දේම අද මගේ අතිනුත් සිද්ධ වෙලා තියෙනවා අක්කේ.දුකක් නම් දැනෙනවා.ඒත් එහෙම කරන්නෙ නැතුව ජීවිතේ හරි ගමනක් යන්න බැරිවෙයි කියලා මට බය හිතෙනවා.මගෙ දිනපොතෙත් මං ලියලා තියෙනවා don't add love your life before finish your education කියලා.කොච්චර වුණත් පස්සේ දුක හිතෙනවා තමයි ඉතින්.

    ReplyDelete
    Replies
    1. මමනම් ඒ කාලේ ගැන දුක් වෙන්නෙ නෑ... පස්සෙ කාලෙක මට හොදම කෙනා හම්ම්බුන නිසා... මම හිතනවා මම ඒ කාලේ ඉක්මන් නොවුන එක හොදයි කියලා

      Delete
  6. දැන් කවුද මේ ශානි???? අනේ මන්දා.. දුක හිතෙනවා.. ඒත් හැමදේම වෙන්නේ හොඳටනේ.. එහෙම හිතමු..

    ReplyDelete
    Replies
    1. හික් හික් අනේ මංදා කව්ද මේ ශානි ?

      Delete
  7. සිංදු කෑල්ල දැක්කම හිතුවෙ ශිහාන් මාමා ගැන කියලා...

    ReplyDelete
    Replies
    1. ශිහානයා ඉස්කෝලෙ යනකොට අපේ කොමස් ඩේ එකකටත් ඇවිත් ගිටාර් එක ගගහා සින්දුවක් කිව්ව හැටි මතක් වුනා..

      Delete
    2. ඔව්නේ මේක ශිහාන් මාමගෙනේ

      Delete
  8. හ්ම්..වෙන් වෙන කතාවක් නොවුනානම්..!මොනවා උනත් ලස්සනට කතාව ගලාගෙන ගියා..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඔව්

      Delete
  9. අතීතය සිහනයක් පමණයි...
    සැබැ සුවදක් නැ..
    ඒදා සේනේහෙන් නොබැදුනානම්
    මේදා වියොවක් නැ....

    තව කොල්ලෝ කි දෙනෙකුට බලාපොරොත්තු දුන්නද දන්නේ නැ.. ඒවත් මේවා වගේම ලස්සන ඇති නේද? ඒ කතාත් අපිට කියවන්න දෙන්න..

    ReplyDelete
    Replies
    1. මම බලාපොරොත්තු දුන්නෑ අනේ.. එයාලා බලාපොරොත්තු තියා ගත්තට මම මක්ක කොරන්නද... ම්ම්ම් කතානම් තියෙනවා ගොඩක්...

      Delete
  10. අප්පේ.......... කාවාටත් වෙන වැඩ.
    මේ අපේ සයන්ස් ඩේ ගැන මම ලිවුව ඒවා. ඒත් දැන් තමයි මතක් වුණේ, අපේ සයන්ස් ඩේ එකෙත් තියෙනවනෙ බොලේ මම නොකියූ නොලියූ කතාවක්

    http://lokayekonaka.blogspot.com/2012/02/blog-post_2523.html
    http://lokayekonaka.blogspot.com/2012/02/science-day-science-section.html

    ReplyDelete
    Replies
    1. මමත් මේ දෙක කියවලා බැලුවා හි හී

      Delete
  11. පාසල් යන කාලයේ මම ට්‍ර‍යි කලේ රතු කොණ්ඩෙට විතරමයි. එයත් මේ වගේ අපේ පාසලට එන දවස් වලට මම බලන් ඉදලා තියෙනවා.. සිරා ඒ දවස්වල ලැජ්ජා කාරයා නිසා උසස් පෙළ වෙනකම්ම කවදාවත් එයා එක්ක කථා කරන්න උත්සාහ කළෙත් නෑ... මගේ හිත ඒ අතීතයට දිව්වා මේ කථාව කියවලා.. ඔබටම ආවේණික ක්‍ර‍මයට ලියන මේ ලියවිල්ල හැමදාමත් වගේ මම කියවන්න හරිම පෙරේත කමකින්. පාසල් වියේ ආදරේ ඉතා සුන්දරයි කියලයි මගේ වැටහීම. ‍එහෙම කිව්වට මට අත්දැකීම් නෑ... අද තියෙන සිල්ලර ආදරයට වඩා මේ තනිකම හොදයි කියලත් හිතෙනවා....Hello ගීතයත් එක්ක බැදුන බොහොම ශෝක ජනක සිද්ධියකුත් තියෙනවා....මට ඒකත් මතක් වුනා...

    මේ කථාව එයාට මතක් වුනා කිව්වෙ සත්තලන් ටද ?
    ජය !

    ReplyDelete
    Replies
    1. රතු කොන්ඩෙ කියවලා කමෙට් එකකුත් දැම්ම ඕං...ස්තූති සිරා ඔබේ දිරි ගැන්වීමට....හික් හික් සත්තලන් නෙවෙයි එයාගේ නෝනටද කොහෙද

      Delete
  12. මෙන්න කතා..ඕවා ලියද්දි..අපේ එක එක හුස්ටප්පරත් ලියන්න හිතෙයිද කියලයි බය!

    ReplyDelete
    Replies
    1. ලියන්න ලියන්න අපි කියවන්න බලන් ඉන්නවා

      Delete
  13. 'උඹ ඌට කොච්චර ගනන් ඉස්සුවත් ඌ ලඟදි උඹ බ්ලශ් වෙනව ශානී...' - සමහර වෙලාවට ඔහොම වෙනවා තමා අප්පා :) :)

    නියමයි..කතාව ආසාවෙන් කියෙව්වේ අක්කෝ..
    ජය! :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඒක නේන්නම්.... අනේ මංදා එහෙම වෙන්නේ ඇයි කියලා

      Delete
  14. lassanama lassana kathawak kaviyo kauda me shani kiyala mata sakai wage

    ReplyDelete
    Replies
    1. මටත් සැකයි අප්පා එයා ගැන

      Delete
  15. Replies
    1. ඔව් මතක් කර කර හිනා වෙන්න පුලුවන් දුක් වෙන්න පුලුවන්...

      Delete
  16. අ‌ෙඩ්.. මේක කියවද්දි මගේ පපුවත් චුට්ටක් විතර හයියෙන් ගැහෙන්න පටන් අරං, මුණටයි අත් දෙකටයි දාඩිය දැම්මා... ඇයි අප්පා ඒ........ ?????????

    ReplyDelete
    Replies
    1. මේ හිරුවෝ ෂුවර් එකටම දාඩිය දැම්මේ මූණටයි අත් දෙකටයි විතරමනේ...හිකි හික්

      Delete
    2. හික් හික් තමයි......
      මම ඇත්ත කිව්වේ.....

      ඒ තරම් ලස්සනට ලියලා තියෙනවා......

      Delete
    3. එහෙනම් ඉතින් හිරූගෙත් මොකක් හරි හොරයක් තියෙන පාටයි .... හි හී

      Delete
  17. බොහොම අගේට කතාව ලියලා තියනවා...කෙළිලොල් යව්වනයේ හද ගැස්ම ඔහොම තමා.

    ReplyDelete
    Replies
    1. ස්තූති ඔබට..... ම්ම්ම් ඒ කාලේ තරම් කොයි කාලෙවත් ලස්සන නෑ තමා

      Delete
  18. appe matath mathak wuna katha set ekakma.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ලියමු බලන්න අපිටත් කියවන්න

      Delete
  19. හ්ම්ම්... ඔහොමලු වුනා කියන්නේ...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්ම් ඒකනේ

      Delete
  20. අයියෝ..ඉතින් ආයේ එයාව මුණගැහුනේ නැද්ද..??

    ReplyDelete
    Replies
    1. ඒ ලෙවෙල් ඉවර වෙනකන්ම දැක්කා

      Delete
  21. හපොයි බං කවියො අර බොලාගෙ සත්තලන් ඊරිසියාවෙ පුපුරනවා ඇති..
    මොනා වුනත් හරි ලස්සන කාලයක් නේද කවියො,,

    ReplyDelete
    Replies
    1. හික් හික් ඔව් ඔව්... මං ගැන තමා ලියනන් බැරි කිව්වා... ඇයි වදේ ලියන තරමක් ලියන්නෙත් ඒකා ගැන...ඊරිසියාව මිසක් වෙන මොකක්ද

      Delete
  22. සුපිරියි අක්කේ කතාව. කියල වැඩක් නෑ. මට මෙහෙමත් හිතෙනවා. ඔයාගේ දැන් යන නවකථා සීරීස් එකෙත් ඉන්නේ ටැමිල් කොල්ලෙක්. මේ කතාවේ ඉන්නෙත් ටැමිල් කොල්ලෙක්. බලන් ගියාම ටැමිල් කොල්ලන්ගේම කතා මේ විදිහට ඔයා ලියන්නේ හේතුවක් නැතුවමත් වෙන්න බෑ. හේතුවක් ඇතත් නැතත් මට වැදගත් වෙන්නේ හේතුව නෙමෙයි. කතාව. ආයෙත් කියනවා මැක්සා කතාව කවි අක්කේ.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවයි මේ කටාවයි අතර සම්භනධයක්නම නෑ මල්ලෝ... වෙනස් විදියේ කතාවක් ලියනන් ඕන නිසා තමා එහෙම එකක් පටන් ගත්තෙ.

      Delete
  23. අපරාදේ අප්පා.....

    ඔය කෙල්ලො ඔහොම්මමයි.... මුලින් ලොකු කම දාලා අවුරුදු ගානකට පස්සෙ අපිත් එක්කම කියනවා ඒදා අරෙහෙම උනානම් හොඳයි කියලා.. ඒත් එතකොට අපි ජීවිතේ හැරෙන්න බැරි තරම් දුර ගිහිල්ලා

    ReplyDelete
    Replies
    1. අලේ ඕං මමනම් කිව්වෙ නෑ ඔහොම හලී... මම මේ නිකන් මතකයක් අවදි කලා විතරයි

      Delete
  24. ඔය පයින්නේ පූස් පැටව් ටික ටික එලියට......... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ආ මේ ඇවිත් තියෙන්නෙ ... කියලම එපැයි මෙයාව ගෙන්න ගන්න

      Delete
  25. මාරම ලස්සනයි...මාත් හිතාගන්න විදිහට හැගිම්බර උනා මේක කියවගෙන යද්දි..ගොඩාක් ආසාවෙන් කියෙව්වා එකපාරක් නෙමෙයි දෙපාරක්ම..ආදරේ නිසා අඩපු හිනාවුන රණ්ඩු උන මගේ අතීතෙත් මතක් උනා...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ස්තූතී පැමිණීමට ගවේෂක....

      Delete
  26. කියවද්දී දන්නෙම නැතුව ඉස්කෝලේ කාලෙට ගියා

    ReplyDelete
  27. ඔව් ඒක එහෙම වෙන්න එපැයි බුවා

    ReplyDelete
  28. ඕක කෙල්ලංගේ හැටියක්මනේ...
    අච්චර අපි කට්ට කාලා අරක ඇතුලට රිංගලා මූන චුට්ටක් බලාගන්න හදනකොටම බිම බලාගත්තා..
    නෙදකිං...
    තුඃ තුඃ තුඃ..

    ReplyDelete
  29. කතාව ලස්සණ ඇතිලු... තරහා වෙන්ට එපාලු... කියවන්ට බැරී වුණාලු... අද යන්ට හදිස්සියිලු... පස්සේ කියවන්නම්ලු... එහෙම කිව්වේ අළුත් මල්ලිලු...

    ReplyDelete
    Replies
    1. හික් හික් එහෙනම් පස්සේ ඇවිත් කියවනවාලු... නේදලු

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.