සඳට බැළුම් හෙලූ අය

Oct 2, 2012

මාර සරණියෙන් උයන කෙරුවාව ගොඩදා ගත් මගේ සත්තලන් !




                                       අනේ දෙයියනේ මගේ අසරණ අහිංසක බ්ලොග් එක වල් බිහි වෙලා. අහු මුලු වල මකුළු දැලුත් බැඳිලා.....මොනා කරන්නද සති ගානකින් මේ පැත්තේ එන්න බැරි උනා.දැන් මේ ආවෙත් නෑවිත් බැරි කමට අප්පා.මේ දවස්වල මම ඉන්නේ බොහොම අසාධ්‍ය තත්වයක බ්ලොග් ලියනවා තියා ගෙදර වැඩ පලක්වත් කර ගන්න හැටියක් නෑ.කොටින්ම මේ දවස් වල කුස්සියේ සියලුම කටයුතු භාර ගන්න වෙලා තියෙන්නෙත් සත්තලන්ට තමා.අනේ බැරි බැරි ගාතේ උනත් නෑ බෑ නොකියා එයා ඒ සේරම කරට අරන් කරනවා.

                               උදේට උදේට පොල් ගෙඩියක් බිඳලා ගාලා දුන්නට, ඉදලා හිටලා රෑකට රොටියක් පිච්චුවට ,මගේ පොල් සම්බෝලෙට වැඩිය ඔයාගේ පොල් සම්බෝලේ රසයි අනේ කිව්වම පොඩ්ඩක් ගණන් උස්සල පොල් සම්බෝලයක් හැදුවට ඊට එහා දෙයක්නම් ඔය උයන පිහන අන්සෙන්  මගේ සත්තලන් පොඩ්ඩ දැනගෙන උන්නේ නෑ.ඒකට දැන් උදේට තේක හදන එකේ ඉදන් රාජකාරි එයා පිට පැවරිලා.නහය උඩට ඇද ඇද කඳුළු පෙර පෙර හොටු හූර හූර ලූණු කපද්දි, මිරිස් බදිද්දි අනේ මටනම් දුකත් හිතෙනවා.ඒත් ඉතින් එයා ඒවා කරන්නේ හරිම ආසාවෙන්.ටික දවසක ඉදන් උයන නිසා මේ වෙනකොට හොද ප්‍රගතියකුත් තියෙනවා හැබැයි ඉතින් චන්ඩියා වගේ උයන්න ගත්තට මුන්දැගේ කෑම ගැලපීම අන්තිමයි.මුල් දවස්වල  ඒවට මගෙන් සහයෝගය ගත්තට දැන් ඔන්න ඒකටත් කැමති නෑ.දැන් මිනිහට ඕනෙ වීරයා වගේ හැම දේම තනියම කරගෙන කට්ටියගෙ ක්‍රෙඩිට් එක තනියම  අර ගන්න.අනේ ඉතින් පොඩි එකාගෙ ආසවනෙ කියල මමත් ඉන්නවා  සද්ද නොකර.මෙන්න සමහර දවසට මේකා කැරටුත් උයලා අලත් උයලා මාලුත් කිරට හදනවා. කොහොමද ගැලපීම නියමනේ?


අනේ මම ඉතින් අමාරුවෙන් හරි කටක් දෙකක් කනවා. මොනවා උනත් මගේ සත්තලන්ගේ අතින් හදපු කෑමනේ.මම මුකුත් නොකිව්වත් ඔන්න පස්සේ එයාටම තේරෙනවා මේවා ගැලපෙන්නේ නෑ කියලා. එතකොට ඉතින් මූණ බෙරි කරගෙන එයාම එයාගෙ ඔලුවට ඇණ ගන්නවා.මේ ඉතින් වෙන මුකුත් නෙවෙයි අර සුජීව ප්‍රසන්නාඅරච්ච්ගේ නව කතාවක් දෙකක් නොබලපු එකේ වරද තමා මුන්දෑ.එහෙම බැලුවනම් අඩුම ගානේ රෙසපීස් දහයක් දොළහක්වත් ඉගෙන ගන්න තිබුනනෙ.අඩේ සුජීවගේ රෙසපීස් ගැන මතක් කර කර ඉන්නකොට තමා මට මතක් උනේ සුජීවටත් වැඩිය හොද බුවෙක් මේ සයිබරයේ ඉන්නවා නේද කියල මාර රෙසපීස් දෙන.මම දඩිබිඩි ගාලා ලැපත් ඉන් ඔන් කරලා සත්තලන්ටත් එන්න කියලා ඔන්න  බුකියේ මාරයාගේ
මාර සරණිය හොයා ගත්තා.

අඩෙ අප්පා මේ තියෙන්නෙ කෑම.මේ දවස්වල මට තියෙන ලෙඩෙත් එක්ක මේවා දකිද්දී කටින් කෙල බේරෙනවා.සමහර කෑම මේ දැන් කන්න ඕනෙ වගේ හිතෙනවා.සත්තලනුත් බොහොම උවමනාවෙන්  හොම්බ ඔබාගෙන මේවා බලනවා.බල බල ඉන්න ගමන්  මෙහෙමත් ඇහුවා.


මේ බුවා කොහෙද ඉන්නේ...?

මේ බුවා නිට්ටම්ඹුවේ...

ආ..පෝ... පට්ට දුරනේ... නැත්තං ගිහින් කෑම දෙකක් අරන් එන්න තිබුනා...


කොහොමින් කොහොම හරි මාරයාට පිං සිද්ධ වෙන්න දැන් මගේ සත්තලනුත් රස කෙසේ වෙතත් මැච් කරලා උයනවා.රෑට මාර සරණිය බලලා උදේට උයන ඒවත් තීරනය කරනවා. හි ... හී කොහොමද වැඩේ.


ඔන්න අද ඉව්වේ මෙන්න මේවලු. මේකත්  මාරයාගෙන් උස්සපු පින්තූරයක් හොදේ.අපොයි දැක්කොත් මට බනීද දන්නෙත් නෑ.අනේ ගැත්තීට අනුකම්පා කොරන්න හොදේ.



64 comments:

  1. ආයේ අහල සුජීවගේ රෙසිපි තමා රෙසිපි පොත පැත්තකින් තියල කන්න හිතෙනවා ඒවා කියෙවුවම..
    එහෙනම් සත්තලන්ට ජය වේවා!!! :)
    මං පනුච්චි එකද කොහෙද ඔන්න :) :)

    ReplyDelete
  2. මම හැමදමත් කියන්නෙ කවිය හෙනම හෙන වාසනාවන්තයි... සත්තලන් වගේ සත්තලන් සැමියෙක් ලබන්න

    එ උනාට සත්තලන් පට්ට පව්... (වනේ වන හතුරෙකුටවත් මෙහෙම වෙන්න එපා )

    ReplyDelete
    Replies
    1. අඩේ කවියගෙ ලෙඩේ අහන්නත් බැරි උනා... මොකෝ උනේ...

      Delete
    2. මටනං හිතාගන්න පුළුවන් ^_^

      Delete
    3. ඇයි ඔයාලට කිවුවේ නැද්ද කාවයියා අම්මෙක් වෙන්න යන්නේ අනි

      Delete
    4. ඒක තමයි මමත් හිතුවේ :)

      Delete
    5. අඩේ නොකිව්වට මටත් හිතුනා...

      ඒ කවියෝ.. ඔන්න මගෙනුත් බොටයි සත්තලන්ටයි.. ජුනියර්ටයි ඔක්කොටොම සුභපැතුම්

      Delete
    6. එහෙනම් නගෝ මන් එදා කියපු අනාගත වාක්ක්‍ය හරි ගියා නේද. ඔන්න මගෙන් උණුසුම් සුබපැතුම්. වැඩි විස්තර වෝල් එකට ඇවිල්ලා අපිට කියන්න නගෝ.

      ඔයාගේ සත්තලන් ඇත්තටම බොහොම වටිනා කෙනෙක්, එහෙම අයට දෙවියන්ට හා සමානව ගරු කොරන්න, ආදරය කොරන්න ඕනේ. ඉදිරියට තමා තව හොද දේවල් අද්දකින්න ලැබෙන්නේ ඔයාට.

      අපි ඉන්නවා ඔයත් එක්ක හැම තිස්සෙම. ජය වේවා, වසනා වේවා.

      Delete
  3. සුජීවයටත් වඩා බුවා කියපු එකනං ගැලපෙනවා...එක අතකට...

    ReplyDelete
  4. ඔයාගේ සත්තලන්ට අපි සුබ පැතුවා කියන්න. මේ මොකක්ද ඔයාට තියන අසනීපය කන්න බැරි ලෙඩක් නෙමේ නේද. එහෙමනං කියන්න අපිත් මෙනවා හරි හදල එවන්නං. දෙන්නටම අපේ සුබ පැතුම්
    http://samakayawate.blogspot.com

    ReplyDelete
  5. කැම පිගානනම් මරු... මම අසාම ජාති ... :P

    ReplyDelete
  6. මම සුජිවයාගේ පොත් කියවලා නෑ අෆ්ෆා...
    මගේ වෙන්ඩ සත්තලන් උයන්න දන්නවා වැඩි. එකත් අවුල්ද මන්දා ;) හික් හික්
    මොනා උනත් අක්කිගේ සත්තලන්ට ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අහ්.. දැන් මොකද්ද ඒකේ තියෙන අවුල??

      Delete
  7. මමනම් ගෙස් කළා ලෙඩේ.. හු හු

    ReplyDelete
  8. කවියෝ.. වාසනාවන්ත, ඉල්ලා හදා ගත්ත ලෙඩක්ද හැදිලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මම ගෙස් කල ලෙඩේ හරි වගේ.. හි හි...

      අපේ මහත්තයට නම් බේතකට උයන්න බෑ තමා.. හැබැයි එක දවසක් මට බරපතල නිදිමතක් ඇවිල්ලා ඇඳෙන් නැගිටගන්න බැරුව හිටපු දවසක කැරටුයි අලයි බතලයි බෝංචියි තවත් මොන මොනවදයි ප්‍රෙෂර් කුකර් එකට දාලා තම්බලා අරගෙන (මගේ ෆේවර්ට් භාණ්ඩේ තමා ඒක...) පිඟානට දාගෙන ඇවිත් මගේ නහය ළඟට ඇල්ලුවාම මම නැගිටලා කාගෙන කාගෙන ගිහින් ආයිත් එහෙමම වැටිලා නිදා ගත්තා.. හි හි....

      පස්සේ දවසේ තමයි කල්පනා කලේ මෙයා මොනාද තම්බලා තියෙන්නේ කියලා.. හි හි...
      හිනා ගියාට මම එයාට පේන්න හිනා උනේ නෑ... ආයිත් දවසක උයා ගන්න තියෙන චෑන්ස් එක නැති වෙනවානේ.. හි හි

      Delete
  9. හච්චෝ........පින්තුලේ දැක්ක ගමන් බදකිනි ආවෝ...........................

    ReplyDelete
  10. ඒකත් ජයසිරි මංගලම් කිව්වලු . මට හිතුන ඇබුල් කනකොට පසුගිය ටිකේ .
    …කොච්චර හොඳ සත්තලන් කෙනෙක්ද ඔයාට ඉන්නේ . ඒ අතින් ඔයා හරි වාසනාවන්තයි .

    ReplyDelete
  11. මේ දවස්වල මට විවේකයක් නැහැ නැත්තං පිංතූරේ විතරක් නෙවෙයි ඇත්තටම කෑම එකක් හරි සප්ලයි කොරන්න තිබුනා... අවුලක් නැහැ ගෙදර උන්නැහේ වැඩේ අල්ල ගනී නෙව දවසින් දෙකෙන්... ඔහොම යං...

    :D

    ReplyDelete
    Replies
    1. ඒක තමා බුකියේ කෑම පිගන් නැත්තේ....

      අර දෙල් පොතු මාළු එහෙම ;)

      Delete
    2. ඔය හොඳ හොඳ ජාති විතරක් හදන්නැතිව මාරය අර විසිකරන පොතු, මුල් වලිං හදන ජාතිත් හදල දුන්නනං තමයි හොඳ.

      Delete
  12. හපොයි..දුශ්කොලුවටත් ගිය කල..
    මං හැමදාමත් කිව්වා වගේ ඔයා ගොඩක් වාසනාවන්තයි කවියො..
    කෙල්ලෙකුට ලැබෙන්න ඕනා වෙන මොනාද ඉතින්..
    ඔයාගෙ කැදැල්ලෙ හැමදාම ඔය වගේම සතුට පිරී ඉතිරෙන්න පතනවා මම..

    ReplyDelete
  13. // මුකුත් නෙවෙයි අර සුජීව ප්‍රසන්නාඅරච්ච්ගේ නව කතාවක් දෙකක් නොබලපු එකේ වරද තමා// :D :D :D

    බඩගිනිවැඩිකලානෙ අර අන්තිමට ෆොටොවක් දාලා.. :D
    සුබ පැතුම් අක්කෙ..!!!

    ReplyDelete
  14. අනේ අප්පේ...හැමෝටම සත්තලන් වගේ සත්තලන්ලා ලැබෙනවානම් කොච්චර හොඳද....

    ReplyDelete
  15. ඔහොම යං... ඔහොම යං....

    පව් අර අයියා කොල්ලා ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete

  16. කාවෝ, මොකද්ද මේ ලෙඩේ...?? හා හා....... මම නම් දන්නව

    ReplyDelete
  17. හුලේ.....සුභ පැතුම් අක්කෝ....!!! හුගක් සතුටුයි...:)
    පව් ඉතින් සත්තලන්නේ....:(

    ReplyDelete
  18. පවු අප්පා උයාගේ සත්තලන්....ලොකු වාසනාවන්තයි හුගාක්ම
    අපි නම් ඔන්න කලින්ම සුභ පැතුවලු....:D

    ReplyDelete
  19. කාවයියෝ මෙන්න මේකිත් බැ බැ කියලා වැඩේ කොරගෙන


    කෑම එකක් එවන්නදෝ මෙහෙන් බොට

    ReplyDelete
    Replies
    1. අඩේ කියන්න අමතක උනා බං සුබ පැතුම් හොදේ උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ගොඩක්

      Delete
  20. හුරේ..... මෙන්න අපි මාමලා නැන්දලා වෙන්නයි යන්නේ,,,,
    මුන් දැන් වයසයි නේද??? මං හරිද මංදා...!

    ReplyDelete
    Replies
    1. උබේ තව මොනා මාමාල වෙන්නද ශා ??

      Delete
  21. ඒ මටත් ඕක බලලා ඉස්සරහට ඉගෙන ගන්න වෙයි අප්පා....
    කිවුවත් වගේ අපි මාමලා නැන්දලා වෙන්නද යන්නේ??????????

    ReplyDelete
  22. සුභ පැතුම් මගේ පොඩි අක්කේ.. ඉක්මනටම සුභ ආරංචිය බලාපොරොත්තු වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් කියන්නේ...? උඹ හිතුවද මේ හිතපු ගමන් හම්බෙනවා කියලා ;)

      Delete
    2. අනේද කියන්නේ එහෙම හම්බවෙනවද හිතපු ගමන්

      Delete
  23. කවියො මගේ සුභ පැතුමි!! අනේ මේ සත්තලං විදින දුක දකිද්දි මට ඇඩෙනවා..හපොයි..වනේ වන හතුරෙකුටවත් මෙහෙම දුකක් වෙන්න එපා....

    ReplyDelete
    Replies
    1. බොලා නාඩා හිටින මයෝ

      Delete
  24. oya harima wasanawanthai kaviyo oyage saththalan shoine onna ithina mama dennatama suba pathanawa

    ReplyDelete
  25. මගේ සුබපැතුම් කවියෝ ....... මන් එදා වැරදීල ඔයාගෙන් අහපු දේ හරි නේද දැන් කවියෝඕ..... ශෝර්ක් ... ඔයාගේ සත්තලන් හරිම හොද කෙනෙක් ...

    ReplyDelete
  26. හම්මෝ... මේවා දැක්කම කසාද බඳින්ටත් බය හිතෙනවනේ... මොකෝ මම උයන්ට තබා තේ එකක්වත් හදාගන්ට දන්නවා කියලයැ...

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා කවයියාගේ සත්තලන් ඉදිරියේ ක්ලාස් කරනවලු (ඕකි තමා මටත් කිවුවේ )ඔයාටත් එකට යන්න පුළුවන්

      Delete
  27. ඔයා නම් හරිම වාසනාවන්තයි!

    ReplyDelete
  28. සුභ පැතුම් කවියෝ......

    :))))))))))))))))

    ReplyDelete
  29. අනේ සත්තලන් ඔකිට ආස දෙයක් හදලා දිපං සත්තලං.. ඔන්න ඔහේ මට ත්‍රිපොෂා පැකැට් දෙක මට එවපන් සත්තලං...

    එකෙක් මට කොස්ස දලා මාව මිනිමරැවෙක් කර ගන්න එපා.. හැම මාසේම ලැබේන ත්‍රි පොෂා පැකැට් ටික මට

    ReplyDelete
    Replies
    1. අනේ මගේ සුදු පූ අපි දෙන්න බෙදාගෙන කමු හොදේ

      Delete
    2. පුවෝ එදා මන් කියපු දේ හරි ගියා නේද.

      Delete
  30. අලයි කැරටුයි මාළුයි ඒ තරමටම නොගැලපෙනවද හලේ?? ඔයතරම් අසාධ්‍ය වන ලෙඩේ මොකක්ද කියලා පොඩි ගෙස් එකක් නම් ආවා.. අර ලෙඩක් නොවන ලෙඩේ වෙන්ඩැ? එහෙනම් සුභපැතුම් :)

    ReplyDelete
    Replies
    1. අපෝ මෙයාගේ චෝයිස්‌ හරියට සත්තලන් ගේ වගේනේ හෆොයි

      Delete
    2. අපි සමහර වෙලාවට කාපු කෑම ඇහුවොත් ඔහොම කියන්නේ නෑ.. such as කොත්තු එක්ක පාන්...

      Delete
    3. නිදකින් කිවුවලු මේක දැකලා මගේ බඩත් දැගලුවා

      Delete
  31. ඔන්න කවි අක්කේ මම කිව්වා නේද දවසක් අපේ පිස්සෝ ටිකට සබන් පව්ඩර් ලැස්ති කරගෙන ඉන්න කියලා. හෙහ් හෙහ් සුභ පැතුම් මගෙන් ඈ.....!

    ReplyDelete
  32. හැක හැක ...

    මේ ඇස් දිහා බලං දැන්වත් කියන්න මගේ සත්තලන්
    බත් අමුයිද ? හොදි රසයිද කියලාආ ආ ආ
    දැන්වත් කියන්න මගේ සත්තලන්

    හැක හැක හැක හැක හැක හැක ... ...

    ReplyDelete
  33. උණුසම් සුභ පැතුම් කවියෝ :ඩී
    අර අහිංසකය ගැන නං අම්බානක දුකයි ඒත්.. ;)

    ReplyDelete
  34. සුභ පැතුම් අක්කියෝ :) :)
    …අනේ පවු වැඩේ හැබයි ඔයාගේ සත්තලන්.. : P

    ReplyDelete
  35. හික්ස්ස්ස්.... ඔය වගේ සත්තලන්ලා තව නැද්ද හෆ්ෆා... ;) :D

    මගේ සුභ පැතුම් අක්කියෝ!!!!! :D ඉස්සරහට වැඩ වැඩිවෙයි එහෙනම් අක්කිට!!

    ReplyDelete
  36. සත්තලන් නම් හරිම හොද පාටයි...

    පින්තූරෙ තිබ්බ බිත්තරේ දැක්කම මතක් වුනේ... අපි ඉස්සර බෑන්ඩ් ගහන කාලෙ එක බත් මුලට 5ක් 6ක් සෙට් වෙනවා... හැමෝම සෙට් වෙලා ඉන්නෙ බත් එක දිග අරිනකොටම බිත්තරේට වගකියන්න... ඒ නිසාම පස්සෙ පස්සෙ බත් මුලේ අයිතිකාරයා බිත්තර ගෙඩිය බත් වලින් හංග ගෙන අරන් ආවෙ....

    බොහොම අසාධ්‍ය තත්වයෙන් ඉන්නවා කිව්වෙ... සුවවෙන්න මාස 9ක් විතර යන රෝගයද වැළදිලා තියෙන්නෙ....

    ReplyDelete
  37. නගාට මහ ලෙඩේ හැදිලා වා‍ගෙයි

    මාරයාගේ බඩයාසරණියත් ප්‍රයෝජනයට ගන්න සත්තලංලා ඉන්නවා එහෙනං,

    ඉස්සර මං සත්තලංටත් ඔහොම කාලයක් තිබ්බා අපේ අම්මිච්චා ඔක්කං බබෙක් වෙච්ච දවස්වල

    ReplyDelete
  38. කවි අක්කේ ඔන්න මමත් ආවෝ. නියමයිනේ. චැම්ප්ටත් බ්ලොග් එකක් හදමුදෝ......?

    ReplyDelete
  39. හප්පේ දැක්කම කටට කෙල එනවා. ඔහොම කෑමක් කන්න නම් ලංකාවටම එන්න ඕනේ. ඇවිත් කනවා අවුරුදු දෙකකටම හරියන්න. එල එල. මේ කාවයියෝ තනියම කාල බඩේ ලෙඩේ හැදෙයි අපි දන්නේ නෑ.

    ReplyDelete
  40. මගේ සුභ පැතුමි!!

    ReplyDelete
  41. සත්තලන් වටින මනුස්සයෙක් නේද? නියමයි...


    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...