සඳට බැළුම් හෙලූ අය
Jun 21, 2016
උඹ පත්තිනි, එතකොට මම ? ( මාධවියකගේ වැළපුම )
මව් ඇවෑමෙන් උනත් මං මේ රටේ නැටුමට රාජිණී
කෝවලන් නුඹ ළඟයි නිවුනේ හිතේ නැගි අනුරාගිනී
ලෝකයම අමතකව නුඹ මට තුරුලු වූ හැටි ස්නේහෙනී
දන්නෙ නෑ ඇය හිතේ හිටි බව අවුලමින් විරහාගිනී
දවස් හතකට නෙවෙයි මං ඔබෙ ළඟට ආවේ සිත පුදා
මියෙන්නත් මං පැතුවෙ ඔය පපුවේම පැත්තක හිස තියා
පාවලා දී නේක මිනිසුන් කලත් මට මේ ලෙස නිගා
නලඟනක් මිස වෙසඟනක් නොව නුඹම පමනයි මට සදා
අපේ ප්‍රේමෙට උපන් කැකුළක් පන ගහද්දී මගෙ බඩේ
දැක දැකත් නුඹ නොදැක්කා මෙන් ඇගේ අත ගෙන ගිය රඟේ
නුඹේ හිත ගත ඇගේ ළඟනම් ඉතින් මට නෑ කිසි පලේ
ඒත් මගෙ පෙම ඇගේ පෙම ළඟ දෙවෙනි යැයි හිතුවද කෙසේ
රටේ ලොකු ලොකු ඈයො ඉදිරිය නටන්නයි මම ඉපදුනේ
එහෙම කියලා මගේ සෙනෙහස නුඹට කොතනද හිස්වුනේ
ඔය තරම් මහ පෙමක් ඇය ගැන තිබුනිනම් හදවත කොනේ
මේ තරම් ලොකු තෑග්ගක් ඇයි හුස්ම ගන්නේ මගෙ බඩේ
කන්නගී උඹ උනත් පත්තිනි පෙන්නලා පතිදම් බලේ
මටත් තිබුනා ගිනි තියන්නට උඹට කලියෙන් පඬිපුරේ
පිරිමින්ගෙ පව් කරට ගන්නා මාධවීලා මේ පුරේ
නැතිදාට කන්නගීලට බෑ වෙන්න පත්තිනි කිසිකලේ
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

මම මේක ෆේස්බුක් එකෙත් කියෙවුවා. නියමයි ඈ..
ReplyDeleteබොහොම ස්තූති මලයා මෙහෙ ඇවිත් යනවට
Deleteනියමයි.. මේ ෆිල්ම් එකේ නලු නිලි විචාරයකදි ප්‍රධාන නලුවට යොමු කල ප්‍රශ්නයක්, ඔහු කෝවලන් නම් තෝර ගන්නේ ??? උත්තරය "කන්නගී" , "මාධවී" ලඟට යන්නත් දරුවෙක් දෙන්නත් හොඳයි, හැබැයි "මාධවී" හොඳ නැ....
ReplyDelete//පිරිමින්ගෙ පව් කරට ගන්නා මාධවීලා මේ පුරේ
නැතිදාට කන්නගීලට බෑ වෙන්න පත්තිනි කිසිකලේ///
බොහොම ස්තූති මේ පැත්තට ඇවිත් ගියාට, ඔව් ඒකනේ මටනම් මේ ෆිල්ම් එක බැලුවම මාධවීගේ වරදක් පේන්නෙ නෑ
Deleteමම මේ කවිය මගේ ලිපියකට ගත්තා. ඒ්කෙ රචිකාවිය ලෙස දැක්වූයේ මෙහි ඇති ඉමේජ් ඒකේ ඇති ශානි ශෂී යන නම යි. එය නිවැරදි ඇතැයි සිතනවා. ඒ් කවිය සුන්දරයි. ඒ් වගේම වෙනස් කියවීමක්
ReplyDeleteස්තුතියි.
මම මේ කවිය මගේ ලිපියකට ගත්තා. ඒ්කෙ රචිකාවිය ලෙස දැක්වූයේ මෙහි ඇති ඉමේජ් ඒකේ ඇති ශානි ශෂී යන නම යි. එය නිවැරදි ඇතැයි සිතනවා. ඒ් කවිය සුන්දරයි. ඒ් වගේම වෙනස් කියවීමක්
ReplyDeleteස්තුතියි.
හංසමාලා රිටිගහපොළ
නංගි අපි හම්බෙමුද? ආසයි.
ReplyDelete