සඳට බැළුම් හෙලූ අය
331755
Sep 10, 2016
ඔව් ඔව් මේකත් එක්තරා විදියක අභියෝගයක් තමා !
අද විවේකිව ඉන්න වෙලාවක ඔන්න බ්ලොග් ලෝකෙ සැරිසරද්දි තමයි ඉයන්ගෙ. පෝස්ට් එකත් දැක්කේ. ඔව් ඔව් මේකත් ඉතින් මේ එක්තරා විදියක අභියෝගයක් තමා.පුංචි මල් කැකුළු.
ලියන තුශාණිගේ කවි සිතුවිල්ලක අනුභූතිය අරගෙන ගීයකට සුදුසු පදරචනාවක් කරන්න.මේක දැකපු ගමන් මට ඒ ගැන කැමැත්තක් ඇති උනා පුංචි උත්සහයක් අරන් බලන්න. ඔන්න ඉතින් මම ලියපු සිතුවිල්ල තමා මේ. අඩු පාඩුනම් ගොඩක් ඇති.මේක දැනගෙන පැයකින් වගේ ගෙදර වැඩ කරන ගමන් හිතේ ලියවුන සිතුවිල්ලක් මේ.
නැවුම් සුවඳක සිහිළ අරන් එන පවනැල්ල
මගේ මේ සුබ පැතුම් එහා ගමට ගෙනියන්න
අම්මගේ සුදු දෝණි සුවෙන් බව දැන ගන්න
අප්පච්චිටත් මෙතැන හාදු ඇති පවසන්න....
මං නැතුව පාලුවක් අම්මාට දැනෙනවද
පුරුද්දට අප්පච්චි තව පාර බලනවද
දොළ පාරෙ දණ්ඩි පැටවුනුත් මං හොයනවද
මතක ඇතුවම ආයෙ ඇවිත් මට කියනවද....
ආදරේ අඩු නැතත් මේ සෙනෙහෙ කැදැල්ලේ
අම්මෙ නුඹ සිහිවෙද්දි දුක ගලයි නිදැල්ලේ
ඇගේ උණුහුම රැඳුණු උකුල් තල තොටිල්ලේ
සුවඳ අරගෙන සුළඟ වරෙන් මෙහෙ ඇසිල්ලේ....
Subscribe to:
Post Comments (Atom)
ආදරෙයි උතුරන්න !
දුරුත්තේ හීතල හිත කොනිත්තන වෙලාවට ඉස්පාසුවක් නැති හිතත් වත්තන් කරන් ඉවක් බවක් නැතුව මේ කොන්ක්‍රීට් වනාන්තරේ පුරා ඉබාගාතෙ ඇවිදින එක දැන් දැන්...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
ඔන්න ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ ළඟදී මං ගිය පොදු ගමනාගමනයේ චාරිකාව. ඒක කොයි තරං ජොලිද කියනවනම් තාමත් මගේ දකුණු අත උස්සනක...
අනේ ශාණි දැනුයි දැක්කේ. ඉස් ඉසෙල්ලම දාල තියෙන්නේ ඔයනෙ. බොහොම ස්තූතියි. මගේ පෝස්ට් එකට ඇතුලත් කරනවා.
ReplyDeleteඔයාටත් ස්තූති මේ වගේ එක එක සොඳුරු අභියෝග බාර දෙන එකට අපිට
Deleteලස්සනට ලියලා ශානි. මාත් එකක් ලිව්වා. හෙට තමයි ඔෆිස් ගිහින් දාන්න වෙන්නේ.
ReplyDeleteජයවේවා!!!
බොහොම ස්තූති ම්ම්ම් බොහොම අපුරු පද පෙලක් ලියලා ඇති ආසාවෙන් බලන් ඉන්නවා කියවන්න
Deleteමගේ ගී රචනාවත් ශානිට අද බලන්න පුලුවන්.
Deleteජයවේවා!!!
ලස්සනයි...
ReplyDeleteබොහොම ස්තූති ඔයාටත්
Deleteඔයාගේ පද ටික හරිම ලස්සනයි කාව්‍යා
ReplyDeleteබොහොම ස්තූති ඔයාට හීන දකින්නී..... ඉතින් ඔයත් ලියමුකො එකක්
Deleteසුන්දර පද පෙළක් කාව්‍යා...
ReplyDeleteම්ම්ම් ගොඩක් ස්තූති ඔයා මෙහෙ ආව එකම මට සතුටක් රෝන්දෙ යන කවි හිත නේද මේ ?
Deleteඔන්න තුශානිත් මේ පැත්තට ආවා...
ReplyDeleteහරිම සතුටුයි.. ලස්සන පද පේලි ටිකක්... බොහොම ස්තූතියි...
අන්තිම පද පේලි ටික කියවද්දි නම් නොදැනිම ඇහැට කඳුලක් ආවා...
ම්ම්ම් ගොඩක් ස්තූති තුශාණි මේ ඉතින් ඔයාගේ සිතුවිළි වලට පින් සිද්ද වෙන්න තමා.
Delete