සඳට බැළුම් හෙලූ අය

Sep 10, 2016

ඔව් ඔව් මේකත් එක්තරා විදියක අභියෝගයක් තමා !


 අද  විවේකිව ඉන්න වෙලාවක ඔන්න  බ්ලොග් ලෝකෙ සැරිසරද්දි තමයි ඉයන්ගෙ.  පෝස්ට් එකත් දැක්කේ. ඔව් ඔව් මේකත් ඉතින් මේ  එක්තරා විදියක අභියෝගයක් තමා.පුංචි මල් කැකුළු.
ලියන තුශාණිගේ කවි සිතුවිල්ලක අනුභූතිය අරගෙන ගීයකට සුදුසු පදරචනාවක් කරන්න.මේක දැකපු ගමන් මට ඒ ගැන කැමැත්තක් ඇති උනා පුංචි උත්සහයක් අරන් බලන්න. ඔන්න ඉතින් මම ලියපු සිතුවිල්ල තමා මේ. අඩු පාඩුනම් ගොඩක් ඇති.මේක දැනගෙන පැයකින් වගේ ගෙදර වැඩ කරන ගමන් හිතේ ලියවුන සිතුවිල්ලක් මේ.





නැවුම් සුවඳක සිහිළ අරන් එන පවනැල්ල
මගේ මේ සුබ පැතුම් එහා ගමට ගෙනියන්න
අම්මගේ සුදු දෝණි සුවෙන් බව දැන ගන්න
අප්පච්චිටත් මෙතැන හාදු ඇති පවසන්න....

මං නැතුව පාලුවක් අම්මාට දැනෙනවද
පුරුද්දට අප්පච්චි තව පාර බලනවද
දොළ පාරෙ දණ්ඩි පැටවුනුත් මං හොයනවද
මතක ඇතුවම ආයෙ ඇවිත් මට කියනවද....

ආදරේ අඩු නැතත් මේ සෙනෙහෙ කැදැල්ලේ
අම්මෙ නුඹ සිහිවෙද්දි දුක ගලයි නිදැල්ලේ
ඇගේ උණුහුම රැඳුණු උකුල් තල තොටිල්ලේ
සුවඳ අරගෙන සුළඟ වරෙන් මෙහෙ ඇසිල්ලේ....

13 comments:

  1. අනේ ශාණි දැනුයි දැක්කේ. ඉස් ඉසෙල්ලම දාල තියෙන්නේ ඔයනෙ. බොහොම ස්තූතියි. මගේ පෝස්ට් එකට ඇතුලත් කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තූති මේ වගේ එක එක සොඳුරු අභියෝග බාර දෙන එකට අපිට

      Delete
  2. ලස්සනට ලියලා ශානි. මාත් එකක් ලිව්වා. හෙට තමයි ඔෆිස් ගිහින් දාන්න වෙන්නේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති ම්ම්ම් බොහොම අපුරු පද පෙලක් ලියලා ඇති ආසාවෙන් බලන් ඉන්නවා කියවන්න

      Delete
    2. මගේ ගී රචනාවත් ශානිට අද බලන්න පුලුවන්.

      ජයවේවා!!!

      Delete
  3. ඔයාගේ පද ටික හරිම ලස්සනයි කාව්‍යා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති ඔයාට හීන දකින්නී..... ඉතින් ඔයත් ලියමුකො එකක්

      Delete
  4. සුන්දර පද පෙළක් කාව්‍යා...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ගොඩක් ස්තූති ඔයා මෙහෙ ආව එකම මට සතුටක් රෝන්දෙ යන කවි හිත නේද මේ ?

      Delete
  5. ඔන්න තුශානිත් මේ පැත්තට ආවා...

    හරිම සතුටුයි.. ලස්සන පද පේලි ටිකක්... බොහොම ස්තූතියි...
    අන්තිම පද පේලි ටික කියවද්දි නම් නොදැනිම ඇහැට කඳුලක් ආවා...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ගොඩක් ස්තූති තුශාණි මේ ඉතින් ඔයාගේ සිතුවිළි වලට පින් සිද්ද වෙන්න තමා.

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...