සඳට බැළුම් හෙලූ අය

Sep 21, 2016

ආදරෙන් ඉමු තව ටිකක් !




  
ඉර ගිලින මඳ අඳුර
තව ටිකක් ලතැවෙන්න
තඹ පාට හැන්දෑව

අනේ ඔහොමම ඉන්න

කුරුළු කිචිබිචිය මැද
ටිකක් හුරතල් වෙන්න
එපා උයනට දැන්ම
කලු සේළ පළඳන්න

තබා උරතලේ හිස
තව ටිකක් ළං වෙන්න
සෙනෙහසේ හාදුවක්
නළල මැද්දට දෙන්න

වෙන්ව යන නිමේශෙට
එපා කඳුළක් ගන්න
අද වගෙම සෙනෙහසක්
හෙටත් අරගෙන එන්න

8 comments:

  1. හෝව් හෝව්.. සෙනෙහස පොඩ්ඩක් වේරීඩ් විදියට ගේන්ඩ හොදේ.. හැක්

    ReplyDelete
  2. ලස්සනයි.
    උනන කදුලට එපා වද දෙන්න
    දැවෙන හිත ඉන් සනසවාගන්න
    හෙටත් මල්වල සුවඳ විදගන්න
    වෙලාවයි මේ සොදුර වෙන්වෙන්න.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූති දිරි ගැන්වීමට, ජය ඔබටත්.

      Delete
  3. ලස්සනයි. දම්පාටින් ... සිංදුව මතක් වුණා

    ReplyDelete
  4. හම්මේ.. වැම්පයර් කවියක්..!

    ReplyDelete
    Replies
    1. හා.. හා.. හා... පොටෝව විතරයි වැම්පයර්...

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...