සඳට බැළුම් හෙලූ අය

Mar 22, 2017

වික්ටරුයි මමයි , බ්ලොග් ලියන අයයි




ඉතින් දැන් මේ මැදෑ ලියන්නට කියවන්නට බැරි දුකින් පීඩා වින්දා.හදවතම සිතුවිළි වලින් හිස් වෙච්ච  කාලයක් ඕං යාන්තමට ගෙවල හමාර කලා.උපන්දිනයට හම්බවුණු අලුත්ම නවකතා පොත් 6ක් කණ්නාඩිමේසේ උඩ  අනේ මාව කියවන්නකෝ  කිය කිය බලාන ඉන්නව.බාගෙට ලියල සේව් කරපු කයි කතන්දර හත අටක්ම බ්ලොග් එකේ ඔහේ පල් වෙවී තියෙනව.එව්වනම් ඉතින් කවදා ඉවර කරයිද කියල මමවත් දන්නෙ නෑ. මම ගැන කතාව එහෙම තියෙද්දි මුලු බ්ලොග් ලෝකෙම පොඩි පසුබෑමකුත්  දකින්න තියෙනව.විස්කි වඩියක් බිබී සතියකට එකක්වත් බ්ලොග් පෝස්ට් එකක් ලියපු අර කොච්චියා කියන එකා හාමිනේගේ කොන්දෙ අමාරුවක් පිටින් දාලා ටික දොහක ඉදන් නෝ කතා නෝ සිනා.උන්දා විසින්ම බ්ලොග් ලෝකෙට කැන්දාගෙන ආපු නෙල්ලි ප්‍රින්ස් කියන එකා ආගිය අතක් නෑ.බ්ලොග් ලියන අයට නිබඳ අත හිත දෙන අටම්පහුරෙ හුටං අයියත් මේ දවස්වල  බොහොම නිස්සද්දයි. දුමී උනත් මේ දවස්වල හරිම ස්ලෝ, අර මං එරන්දි කියල කියන එකිත් එහෙමම තමයි.මොනවා උනත් චෙෆාකි, විසිරි ,නිදහස් සිතුවිලි තාම එහෙම නෑ අපිට කියවන්න මොනා හරි දෙනවා.පොකුරු අක්කත් එහෙමයි ටිකක්  සද්දෙ වහලා ඉදලා දෙන එක දෙනවා දවස් ගණන් හිත හිත ඉන්න දෙවල්.රස්තිය, කටුස්ස, ගස්ලබු  මේ කාගේ කාගෙත් බ්ලොග්  ගොඩක් වෙලාවට සති ගනන් ඔහේ වේලෙන වෙලාවල් වැඩී වගේ.ඒත් මේ හැමෝම තමන්ගේ  බ්ලොග් එක අප්ඩේට් නොකලත් අනිත් අයගේ  ඒව බලල කමෙන්ට් එකක් දීල යන්න අමතක කරන්නෙනම් නෑ. ඒකනම් අගය කල යුතුම දෙයක්. ආ හැලප තුමත් ඔටු දේසෙන් වැඩියට පස්සේ බ්ලොග් එකට මොනා කරයිද කියලත් අපිට බලන් ඉන්න වෙනවා. ඉතින් කියනවනම් තව  ගොඩක් අය ඉන්නවා කියන්න ඒත් මේ මැදෑ.මට උනත් තවම හරියකට  කවියක් කතාවක් ලියා ගන්න කම්මැලි හිතිල තියෙන වෙලාවෙ මම හිතුව අද මම හිතුව පොඩි වෙනසක් කරන්න.
 පහුගිය දවස්වල සමාජ ජාලා අඩවි වල කටගැස්ම උනේ  වික්ටර් රත්නායක මහත්මයනෙ.ඒ නිමාවක් නැති පහර ගැසීම් ගුණ වැයුම් අරව මේවා අස්සෙ මම දැක්ක බුකියේ වික්ටර් රත්නායක මහත්තයගෙ සිංදු චැලේන්ජ් එකකුත් යනවා.ඉතින් මම හිතුවා ඒක බ්ලොග් අඩවි වලටත් අරන් එන්න . මම හිතුවට දැනටමත් ඒක වෙලාද දන්නෙත් නෑ.මොකද ඔය වැගේ වැඩ වලට බොහොම දස්සයෙක් අපේ මේ බ්ලොග් ලියන ඉයන් එහෙමත්.  මතකනේ අර උන්මාද ගී රැල්ල එහෙම. කොහොම හරි ඉතින් මමත්  වික්ටර් රත්නායකයන්ගේ ගී වලට පෙම් බඳින කෙනෙක් නිසා එයාගේ මම කැමතිම ගී දහය  මෙතන ගොනු කරනවා. ඉතින්  වික්ටර් රත්නායක මහත්මයගෙ ගී වලට ප්‍රිය කරන බ්ලොග් ලියන්නන්ට ඔන්න අවස්තාව තියෙනව ඔයාලා කැමති ගී 10ත් තමන්ගේ බ්ලොග් එකේ සනිටුහන් කරන්න.ඔන්න මම පටන් ගන්නවා වැඩේ.




                                             1 - සසර සැරි සරණ තෙක් ඔබ මගේ
    
     මොන මූඩ් එකේ හිටියත් මම අහන්න කැමතිම ගීතයක්. කොච්චර ඇහුවත් එපා නොවන ගීතයක්.මේ තමයි එතුමගේ ගී වලින් මගේ  හැමදාමත් නම්බර් වන්.

ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ
හද දියව ගලා යයි රැලි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේ
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ

හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙන විට අහස් ගඟ කැලතිලා
මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ

නා ගසක් දළු දමා වසන්තය එළඹිලා
මද පවන් රැළි නැගී සැලෙන විට කැළඹිලා
මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ

යුග ගණන් පැමිණි මග පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැඟෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ

අහස්තල පොළෝ තල ඔබට මට පොදු වෙලා
හදවතින් එක් උනත් ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ සියොළඟම සැලෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ





2 -   සිහිල් සුළං රැල්ලේ

    මේ ගීතය අහන හැම වෙලාවකම මාව  වෙන කොහේදෝ ආත්මෙකට පාවෙලා යනවා වගේ දැනෙනවා.හරියට පෙර ආත්මෙක අහල පුරුදු ගතියක් දැනෙනව.මම ඇස් පියාගෙන කල්පනා කරනව ඒ කොහේ කොතැනද කියල.මේ වචන වගේම මේ ගීතයේ සංගීතයත් මවා මුසපත් කරනව.

සිහිල් සුළං රැල්ලේ...
ඔබේ සුවඳ මුසු වේ ආදරයේ මඳ සිනිඳු
පහස ලැබ හදවත දළු සෙලවේ
සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ

සුදු වැලි කතරේ පිපුණු මල වගේ
ලොව්තුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙව්ලොවක් වේ... කතර දෙව් ලොවක් වේ...

සීත හිමව්වේ කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා
ඈත හිමේ කඳු අතරේ පාවෙන
අමා සුවය පැතුවේ... අමා සුවය පැතුවේ... 




 3 -  හඳ පානේ මඳ අඳුරේ අත් පටලා යමු ආයේ

      මොනවා කියන්නද  මේ හැඟුම් ගැන, අසමින් විඳිනවා හැර.


අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . .
හඳ පානේ . . මඳ අඳුරේ . . .
අත් පටලා යමු ආයේ . . .

ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී . .
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳ පානේ මඳ අඳුරේ . . .
හඳ පානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ . . .

හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම් . . .
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ ...
හඳ පානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ . . . .







4 - ආදරයේ උල්පත වූ අම්මා

    මව් ගුණ ගී කොයි තරම් අපි අහල ඇතිද ඒ අතරින්  මගේ රසවින්ඳනයේ ඉහලින්ම තියෙන ගීයක් මේක.
 
ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැඟිලේ එල්ලී...

සඳ දිය කොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන්
මතකයි මා නැළැවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජිවිතයට කිරි දී පණ දී
මා දැඩි කළ අම්මා...

තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ළබැඳී
ගෙන දී දිවියට නව පණ ලැබ දී
මා දැඩි කල අම්මා...






5 - අපි ඈතට ඈතට පා නගලා
   
    අද අපිට ඇහෙන ආදර ගී විරහ ගී එක්ක බැලුවම මේ ගීත මොන තරම් සුන්දරද.. සරළ සොඳුරු ආදරණීය වචන.කාලයක් මම මේ ගීයත් එක්ක ආත්මෙන්ම බද්ධ වෙලා හිටිය.

අපි ඈතට ඈතට පා නගලා
ඝන වනන්තරේ
අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ

කාත් කවුරුවත් නෑ එන්නේ
ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ

කෙසේද අත් බැඳ ඇවිදින්නේ
වෙරළේ උයනේ තුරුළු වෙමින්
නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ
උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ



6 - තනිතරුවේ

   මේ වචන මේ තනුව වේදනාවෙන් හිත පසාරු කරගෙන යනව.මට  මේ  ගීතය ඇහෙන හැම වෙලාවකම කපුගේ  මහත්තයගෙ උලලේනෝ මතක් වෙනව.ඒ ගීතය ඇහෙද්දි දැනෙන මොකදෝ පාලු මූසල ගතිය මේ ගීතය ඇහෙද්දිත් ඊට ටිකක් අඩුවෙන් දැනෙනව.

තනිතරුවේ.........තනි තරු‍වේ......
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා...

නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි...
මෙතෙක් දුරක් එක් වී පැමිණී...
තනිතරුවේ.........තනි තරු‍වේ......
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා...

මහඳ අරනෙ ලතැවි ලතැවි
රැදෙනු බැරිව ඉගිලි ඉගිලි...
මගෙන් ඉවත බැඳිලා සැනසී...
තනිතරුවේ.........තනි තරු‍වේ......
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා..






7 - ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා

ඔය ගීතයේ මුල් පද හතරට මම බොහොම පෙම් කරනවා.නිතරම මම මුමුණන  පද හතරක් ඔය.  හැබැයි ඉතින් ඕක මම කියනවා අහන් ඉන්න ගොඩක් වෙලාවට අර අරයා  කියන්නේ ආපෝ ඉවරයි... කිසිම ආත්මෙක මට සැනසීමක්  නැති පාටයි කියල.


මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ
කැලුම් දිදුලුවන සරා සුපුන් සඳ
එක වහළක් යට එකට දකින්නට
පූරුවෙ කළ පින් මහිම කියන්නට
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...

කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී
පැතූ පතුම් පෙළ දැවී ගියාවූ
ජීවිතයට ඔබ අලුතින් එක්වී
මා ජීවත් කර සතුට ගෙනාවූ
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා....

කිළිටි මගේ අත ඔබට සුදූසු නැත
එබැවින් වෙනතක බැඳුණද කම් නැත
එනමුඳු මෙලොවෙහි නැවත උපන් කල
ඒ අත් භවයෙන් එළිය දකින්නට
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...



8 - මල් පොකුරු පොකුරු
   
මේ ගීතය බොහොම ඉස්සර මගේ චූටි බාප්පා හරි ආසවෙන් අහනවා මමත් අහගෙන ඉදලා තියෙනවා.එහෙම අහල අහලම තමා මේකට මනාපයක් ඇති උනේ

මල් පොකුරු පොකුරු ඇය එන මඟ
ඈ දෙසටම නැමීයන්
මල් අසිරි සිරිය ඇගෙ මුහුණින්
මල් පොකුරට ලැබීයන්..

නිල්ල නිලන ගහකොළ මත පින්න පිපීලා
ඇගෙ පුංචි ටිකිරි පා වටකොට රංචු ගැසීලා
පින්න පිපීලා ඈ ළඟ රංචු ගැසීලා
ඇගෙ පුංචි ටිකිරි පා වටකොට රංචු ගැසීලා


සින්දු කියන බමරු විලස ළංව නැමීලා
අයැදින්න හිතයි ආදරයක් දෙන්න කියාලා
ළංව නැමීලා සෙනෙහස දෙන්න කියාලා
අයැදින්න හිතයි ආදරයක් දෙන්න කියාලා




9 - හෝපලු වනපෙත

මේ පද මේ හඬ  මේ  සත්සර නද කෝකට වැඩි පුර කැමතී කියන්නද මන්දා

හෝපලු වනපෙත කම්පිත කරවන
මන්මද නර්තන රංගන කළ මැන

ළැමවිල පියකරු හසුන් රකින්නී
සිහිනිඟ සුවිපුල් උකුල් දරන්නී

ළැමවිල පියකරු හසුන් රකින්නී
සිහිනිඟ සුවිපුල් උකුල් දරන්නී
මන්මද නර්තන රංගන කළ මැන

අංජන ගල්වන පංකජ නයනී
වෙණ චංචල කළ සත්සර දියණී

අංජන ගල්වන පංකජ නයනී
වෙණ චංචල කළ සත්සර දියණී
මන්මද නර්තන රංගන කළ මැන





10 - රූකඩ මඩු යාග පොලේ

 වෙනස්ම රසයක් දැනෙන ගීතයක්.

රූකඩ මඩු යාග පොලේ
කොල නුඹේ රුවට ලොලේ
ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌ ...

ඈත ලන්ද දිය මංකඩ
බේම පිපී තිබුණු මලට
ආලවන්ත බහක්‌ දෙන්න ආ බඹරින්දු
මලට ලොලේ පිණි කදුලේ
නිතර රැදි උන් බඹරින්දු
ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌

යාය පුරා මල් උතුරා
කොල දැරවි කුමරි වෙලා
මාල හතක වරම ගන්න
දෑත වනන්නා
නිබද මගේ පිරුණු සෙනෙ
නුඹ නොදනි මල්මද ලන්දු
ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌





ඉතින් ඔන්න ඔහොමයි වික්ටර් රත්නායකයන්ගේ ගී ගඟුලෙන් තොරල බේරල මම කැමතිම 10ක් ලිස්ට් ගත කලේ.හා දැන් කවුද කැමති ඔයාලා කැමති ගීතත් මේ වගේ ලිස්ට් එකකට ගන්න. වැඩිය ඔනේ නෑ මේ වගේ 10ක් ඇති.






70 comments:

  1. මගෙ කැමති ගීත කිහිපයකුත් ඔය අතරෙ තියෙනවා... මමනන් හැබැයි ආසම ගායකයා සී.ටී.ප්‍රනාන්දු... ගායිකාව නන් රුක්මනී දේවි...

    ReplyDelete
    Replies
    1. මේ යුගයේ අය ඒ වගේ අයගේ ගීත වලට ප්‍රියයි කියලා ඇසීමත් සතුටක්.හැබැයි බොරු කියන්න ඕනෙ නෑ මටනම් රුක්මනීගේ කටහඬ අහන්න ඉන්න ආස හිතෙන එකක් නෙවෙයි.

      Delete
  2. අංක හත ගීය ගස්ලබ්බට දැනිලා ඒක පාවිච්චි කලේ මෙහෙම.. ප්‍රියේ නුඹ...
    වික්ටර් ගෙ ගීත ගොඩක් වෙලාවට සරු වෙන්නෙ ඉතා ශක්තිමත් ගේයපද රචනාව නිසා.ඇත්තටම සංගීතයට හෝ ගායනයට වඩා වටිනා ගේයපද රචනා ඔහුගේ ගීත ගොන්නේ තියෙන්නෙ.ඉන්න මූඩ් එකත් එක්ක බොහොම තදින් ගීත ප්‍රමුඛතාවය උඩ පහල යන එක තමයි අවුල..
    ඉඳහන්..ඔය කිව්ව නිසාම වේලෙන බ්ලොගට වස්තියක් දීල බලන්න.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඔව් මට මතකයි ඔයාගේ ඒ කතන්දරේ මම ගස්ලබ්බිට සුබ පතලා කමෙන්ට් කරලත් තියෙන්නෙ ඔය. ඔව් ඔයාගේ ඒ කතාවට මමත් එකඟයි මේ හැම පද රචනාවක්ම එකකට එකක් නොදෙවෙනි ඒවා.ඒකනේ වස්තියක් දීල බලමු නේද

      Delete
  3. කියවන්න අමාරුයි. කියෙව්වෙ නෑ.

    ReplyDelete
    Replies
    1. හයියූ එහෙම කියල හරියනවද ඉතින්

      Delete
    2. ඒ ගමන සෑහෙන්නට හොඳය.

      Delete
    3. මට දැන් මේ කලු පසුබිම සුදු හෝ ලා පාටක් කරලා අකුරු කලු පාටින් දාන්න හදා ගන්න ඕනේ තීම් එක වෙනස් කරන්නත් බයයි බ්ලොග් එක සෙත්තපෝච්චි වෙයි කියලා

      Delete
  4. වික්ටර් රත්නායකගෙ "සඳකැන් වැසිලා " සින්දුව මම ආසම සින්දුවලින් එකක්.ඒ සින්දුව කන්දෙකට ඇහුනට මුළු ඇඟටම දැනෙනව.

    ReplyDelete
  5. ඔය ගීතවලින් 1 2 3 4 5 6 ට කොළොම්පුරෙත් කැමැතියි. එත් වැඩියෙනම් කැමති මූඩ් ගහගෙන මුමුනන්න ආස කරන ෆේවරිට්ම ගීය තමයි තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් ගීතය.

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩක් අය ඒ ගීතයට කැමති වගේ විශේශයෙන් පිරිමි උදවිය

      Delete
  6. හොඳ තේරීමක් සඳු මමත් කැමතිම ගීත කිහිපයක්ම තියෙනවා.

    දිනෙත හිරු බැස යන වේලාවක

    වගේම

    කුරුල්ලන්ට ගී හදන්න ගීතය
    තනිවේනනට මගේ ලොවේ පුරුදු පාළුවෙන්

    මම කැමතිම තවත් ගීත

    ReplyDelete
    Replies
    1. ස්තූතී මෙහෙ ආවට .. රස වින්දාට... තනිවෙන්නට මගේ ලොවෙත් බොහොම අපූරු ගීයක් තමයි

      Delete
  7. :) :) මේ නම් සොඳුරු සඳවතීම තමයි. ඉන්ඩ බලමු සිංදු දහයක් තෝරන්න. මං කැමැති සිංදුත් ඔක්කොම වගේ මෙතන තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හා හා තෝරමු බලන්න එහෙනම්

      Delete
  8. අංක 1 ට ඇති ගීතය මේ හැම අතරින් මගේ කැමැත්ත ගන්නවා, සඳූ....
    ඒ හැර මෙතන නැති මම කැමති ගීත කීපයකුත් තියෙනවා. ඒත් 10 තියෙයිද දන්නේ නෑ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එකතු කරල බලමු නේද ගීත ටික

      Delete
  9. සදවතී ඔන්න මම ඉන්නෝ , ඔහෙ දුමියට ලිව්ව කව දැකලා මමත් ලිව්වා 😬

    ReplyDelete
    Replies
    1. හෑ කොහෙ ඉදලද කඩන් පාත් උනේ ? අර වේලෙන බ්ලොග් එක ගැන දුක නැද්ද

      Delete
  10. ඔය සිංදූ ඔක්කොම මමත් ආසාවෙන් අහන එව්වා😍

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා බෑ ඉතින් ඔයා කැමති එව්වා දාලා පෙන්නන්න අපිට

      Delete
  11. සිහිල් සුලං රැල්ලේ
    මම කැමතිම එක

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ ගීතයට අකමැති කෙනෙක් හොයා ගන්නත් අමාරුයි

      Delete
  12. 1. මේ හලෝ..නිදහස් සිතුවිලි ලින්ක් එකෙන් ගියාම යන්නෙ විසිරි සිහින බ්ලොග් එකට...වහාම හදනවා...වහාම...වහාම... :)

    2. හැලපගෙ කතාවට මමත් එකඟයි. වයසෙ වැරැද්දද මන්ද කළු පසුබිමේ සුදු අකුරු කියනව එක ඇහැට මරන්නා වගේ...:(

    ReplyDelete
    Replies
    1. විසිරි,

      මේ අම්මණ්ඩි ලින්ක් එක හරියට එන්ටර් කරල නෑනෙ..ඒකයි..:)

      Delete
    2. 1 - කමා කරන්න කමා කරන්න ඔන්න ආපු ගමන් ඒක නිවැරදි කොලා.

      2 - ඒකත් එහෙමද එහෙනම් මේ වයසක උන්දලාටත් හරියට විදියට පෙනුම වෙනස් කොරන්න වෙයි වගේ.

      Delete
  13. මගෙ හිතට හිරිවැටෙන්නම දැනෙන එක තමා ඔය පලවෙනි ගීතය...අනික් ගී එකතුවටම මාත් කැමතියි....වෙලාවක සඳූ කිව්වා සේ කැමති ගී ලැයිස්තුව ලියන්නම්කො..හේතු පාඨ සහිතව

    ReplyDelete
    Replies
    1. වෙලාවක කිව්වේ තව කොච්චර කාලෙකින් විතරද

      Delete
  14. විට්ටර් ගේ සින්දු!!. (අපේ අයිය නං ඔය සින්දු කියන විට්ටර් නං නෙවේ, හරිය )
    මම කැමති එක මේක

    ReplyDelete
    Replies
    1. විට්ටර්ගෙ මල්ලි හැට්ටර් ඔයා මෙහෙ ආපු එකම මට සතුටක්

      Delete
  15. වික්ටර් ගෙ සිංදු වලට කොච්චියා ද ආසාය. වික්ටර් ගේ කසාදයටද මනාපය.. ඊලග පෝස්ටුව ට නිමිත්තක් ලැබී ඇත්තේය. හැබැයි සිංදු දහයක් ම කියන්නේ ... වැඩි නැද්ද ඇත්තටම?
    මගේ බ්ලොගය මේ දවස් වල වේලෙන බව සැබෑය. හරි හැටි ගැම්මක් ඇත්තේම නැතිය..නෝනාට දැන් කොන්දේ අමාරුව හොඳ වී ඇති මුත් සමස්ත සෞඛ්‍ය තත්වයේ බරපතල පිරිහීමක් ඇත්තේය. ඒ සියල්ලද සමග පෝස්ටුවක් ලිවීම මාර ප්‍රොජෙක්ට් එකක් වී ඇත්තේය .

    ReplyDelete
    Replies
    1. 10ක් කියන්නෙත් ගානක්ද අප්පා.. මටනම් මේ 10ත් මදි මදි වගේ.ඇම්ම කොහෙන් හරි හොයා ගෙන බ්ලොග් එක අප් ඩේට් කරන්න අනේ.

      Delete
  16. වික්ටර් කියන්නේ අපෙත් ගීත රජා....... පට්ට සින්දු ටික... ජයවේවා...

    ReplyDelete
  17. මම කැමති වික්ටර් ගේ සිංදු 10 පෝස්ට් එකක් දැම්මා

    ReplyDelete
    Replies
    1. වාව්... මේ තියෙන්නෙ වැඩ අන්න එහෙමනෙ ඉන්න ඕනේ

      Delete
  18. පලවෙනි සින්දු හය ගත්තම සොසඳ ගේ බීට් එක හිතා ගන්න පුළුවන්. :) මාත් වික්ටර් ගේ සිංදු වලින් කැමතිම අන්න ඒ බීට් එකේ සිංදු වලට.

    විශේෂ කැමති සිංදුවක් තියෙනවා තව වික්ටර්ගේ..

    අම්මා නැති මට කිරි අම්මාවී.. කළුවර ගෙදරට මිණි පහනක් වී..
    දැන ගත්දා සිට පෙරුම් පිරූවෙ.. අක්කේ මං මතු සක්විති වෙයි සිතලාදෝ...

    පියුම් රටාවට පැදුරක් පිරෙයි රැයේ..
    උදේට ලිප ළඟ කඩයප්පන් ගොඩ වේ..
    දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹගේ..
    පනමට දී මගේ නැණ නෙත් පෑදුයේ..

    මෝරා හද ගැබ පෙම් මල් නෑ පිපුණේ..
    ඉහිලා බඳ වට ගෝමර ලතැවෙන්නේ..
    බාල යොවුන් හඳ වැහැරෙයි ගේ ඇතුලේ..
    මා ලද ශිල්පද ඈ හා එක මුල්ලේ..

    ඇඬේනවා... :'(

    ReplyDelete
    Replies
    1. ස්තූතී කළ්‍යාණ මිත්‍ර මෙහේ පැමිණීමට....මේකත් බොහොම අපූරු ගීයක් තමයි හැබැයි මම උවමනාවෙන් අහපු එකෙක් නෙවෙයි බලමු දැන් එහෙම උවමනාවකින් අහලා

      Delete
    2. මම ඒ පැත්තේ ගියා කෝ පස්සෙන් පන්නන්න තැනක් නෑනේ අපි වගේ අයට ගූගුල් එකෙන්ම එන්න ඕනෙ වගේ.

      Delete
  19. අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
    දිනෙක හිටු බැස යන වෙලාවක
    පෙම් රස වෑහෙන
    එපා හිරු පායන්න
    අහිමි උනත් ඔබ ලඳේ
    අඳුර බිඳින්නට
    සිහිල් සුලන් රැල්ලේ
    අපි ඈතට ඈතට පා නගලා
    පාවෙ වලා
    ගිගිරි ගීත රාවේ

    ReplyDelete
    Replies
    1. ස්තූතී ඔබටත් මෙහේ පැමිණීමටත් මේ විදියට හරි ගීත 10ක් තේරීම ගැනත්.පෙම් රස වෑහෙන ,අහිමි උනත් ඔබ ලඳේ ඒ ගීත දෙකත් මරු

      Delete
  20. මමත් කැමතිම... සමහර වෙලාවට අහද්දි අඬන්න තරම් මතකයන් එක්ක බැඳුණු ගීත ටික මෙතන තියෙනවා...

    මම අදනෙ මේ බ්ලොග් එක දැක්කෙ.. සොරි නංගි.. බ්ලොග් කියවන්න වෙලාව ලැබෙන්නෙ අඩුවෙන් නිසා ගොඩක් ඒව මිස් වෙලා මට...

    ReplyDelete
    Replies
    1. මෙන්න තරුරසි අක්කිත් ඇවිල්ලා සතුටුයි අක්කේ...දැන් ඔයාට මම කවුද කියලා පැටලිලා නැතුව ඇතිනේ මම කාව්‍යා හොදේ.

      Delete
  21. ඉයන් දාලා තියෙන වික්ටර් ගී එකතුව දැකලයි මෙතැනට එන්න හිතුනේ. ඔබ තෝරලා තියෙන ගීත එකක්වත් මම ඔබේ ලින්ක් හරහා ඇහැව්වේ නැහැ. ඒ ගීත ඔක්කොම මගේ ලැප් ටොප් එකේම තියෙනවා. ඊටත් වඩා මේ ගීත වල පද පෙල දකින කොට නිකන්ම වික්ටර් රත්නායකයන්ගේ හඬින්ම ඒ ගීත මතකයට නැගෙනවා.
    මම වික්ටර් රත්නායකයන්ගේ මව් ගුන ගීත දේශාභිමාණී ගීත බුදු ගුන ගීත වැනි ඒවාට වැඩි ඇලමක් නැහැ.
    එතුමාගේ කටහඬ හොඳින්ම ගැලපෙන්නේ සංවේදී ආදර ගීත වලට. ඒක ආදරයටත් විරහවටත් එක වගේම අපූරුයි.
    මටනම් කවදාවත් වික්ටර් රත්නායකයන්ගේ මම කැමතිම ගීත 10ක් තෝරන්න බැහැ. ඒ ගීත පණහකින් හැටකින් ඉවත් කරන්න දෙයක් නැති හින්දා.
    ඔබ බ්ලොග් වලට රසවත් මතකයක් අළුත් කරලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතී නයනේ මේ පැත්තටත් ආවට. මමත් ගියා ඒ පැත්තේ ඊයේ.ඔව් මගේ මනාපයත් එතුමගේ ආදර , විරහ ගී වලට තමා.එතුමගේ කටහඬටත් වඩා ඒ සෑම පද රචනයක්ම බොහොම ප්‍රබලයි ඒ නිසාමයි මම හිතන්නේ ඒවා අපිට මේ තරම් සමීප.

      Delete
  22. හය,හත ගීත දෙක ඇරෙන්න අනිත් හැම ගීතයටම ප්‍රියයි.හොඳට රස දැනෙන ගීත කිහිපයක්.

    ReplyDelete
  23. මමත් ආසම සින්දු සෙට් එකක්. මුල් සින්දුවයි හත්වෙනි එකයි අහලා නෑ එක නිසා කැමත්තක් නෑ(දැනුත් අහන්න බෑ යූ ටියුබ් බොලොක් කරලා මෙහෙ.පස්සෙ අහලම කියන්නම්)

    ඒත් අනිත් ඒවානම් මගේ කැමතිම ලිස්ට් එකේ උඩින්ම තියෙන ඒවා තමයි. හැබැයි "දෛවයෝගයකින්" කියන්නේ මගේ ලිස්ට් එකේ මුල්ම එක. ඒත් මෙතන නෑ. යූ ටියුබ් අවුලක් තිබ්බත් මේක භාරගන්නව සති දෙකක් ඇතුලත මාත් දානව සෙනිකව.

    මගේ බොලොග් එක පටන් ගත්ත දවසේ ඉදන්ම මාසෙකට 3න 4ක පෝස්ට් ගානක්නේ සොදුරු දාන්නෙ. ඒ නිසා චෝදනා තරයේ ප්‍රතික්ශේප කරනවා

    ReplyDelete
    Replies
    1. දෙයිහාන්දුවනේ ඒ තරම් ජනප්‍රිය ගීත දෙකක් අහලා නෑ කියන එකත් පුදුමයක්. වහාම අහලා බලන්න කියල මම යොජනා කරනවා.දෛවයෝගයකින් ගීතයත් හරි අපූරු ගීයක් තමයි.හෑ සෙනිකව කියන්නෙත් සති දෙකක් විතරද අප්පා

      Delete
  24. තරු අත් අකුරින් ලියා එවමි නුබට පෙම්පත
    කියලා ඉස්සර ලියුමකට ලියන්න ගිහිල්ලා ලිව්වේ නෑ මගේ අකුරු කතා නිසා

    ReplyDelete
  25. Replies
    1. කලු කොහෙද අනේ මේ රන් කියලා තියෙද්දි. හි හී

      Delete
  26. මමත් ආසම සංදු සෙට් එකක්.ඇස් පියාන රස විඳින්න පුළුවන්

    ReplyDelete
  27. ඒක නෙමෙයි සඳ "ඒ ඔබය ඔබමය" ආපහු ලියන්න අදහසක් නැද්ද. ඔයා ඒක 2012 නැවැත්තුවානේ. අනේ ඉතිරි ටික ලියන්නකෝ...

    ReplyDelete
    Replies
    1. අනේ ඒක මඟ නැවැත්තුව නැවැත්තුවමනෙ ම්ම්ම් බලමු ආයෙත් ලියන්න උත්සහයක් අරන්. ස්තූතී මෙහෙ ආවටත් මගේ කතාව කියෙව්වටත්

      Delete
  28. සඳ කැන් වැසිලා... අඳුරේ ගිලිලා.... මං ආසම සිංදුවක්... ආස හිතුනා සඳවතී ගේ ලියවිල්ලට.... හොඳ ගීත තේරීමක්...

    ReplyDelete
    Replies
    1. මෙන්න අරුත් ඇවිල්ලා .. ස්තූතී

      Delete
    2. අයියෝ... මං කලින් කමෙන්ට් කරලා තිබුනේ නැද්ද අප්ෆා... මං ආවත් එක්කනෙ සඳවතී ගේ කවි කතා කියවන්න...

      Delete
  29. හරි අපුරු සින්දු ටික සඳවතී... 'අත් පටලා යමු ආයේ..' ගීතය මම හදවතේ පතුලටම වැදුණු ගීතයක්. මම මුලින්ම වහවටෙන්නේ තනුවට. තනුව හොඳ නම් තමයි වචන ගැන හිතන්නේ.
    සඳවතීගේ සොඳුරු අභියෝගය මටනම් සොඳුරු වෙන එකක් නෑ වගේ...

    හැකි ඉක්මනින්ම පොස්ට් එක දාන්නම්කො...

    ReplyDelete
    Replies
    1. ස්තූතී පිලෝ... එහෙනම් ඔන්න මම බලන් ඉන්නවා පෝස්ට් එකක් දානවා

      Delete
  30. වික්ටර් ගේ සසර සැරි සරන තෙක් සහ දයිවයෝගයකින් නොවේදෝ
    .. මේ දෙකම ඩෙල් ස්ටුඩියෝ එකෙ කීව වෙලාවේ සංගීත සංයෝජනයට මම හරි කැමතී.

    ReplyDelete
    Replies
    1. බොහ්ම ස්තූති ඔබට මෙහේ පැමිණීමට

      Delete
  31. මම කැමතිම සින්දුව තමා ඔය උඩින්ම තියෙන්නේ.
    1. ඔබෙ දෙතොල් පෙති ලිහී
    2. පෙම් රස වෑහෙන
    දෛව යෝගයකින් නොවේදෝ
    ආශා නිරාශ මැවූ
    අමා දහර
    පෙම්බර මධු මගේ
    නීල බිඟු කැල
    පොඩි කුමරිහමියේ
    බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති
    තුරු ලපලු ලතාවෝ

    ලස්සන ලියැවිල්ලක් වික්ටර් ගැන.

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...