සඳට බැළුම් හෙලූ අය
Apr 4, 2017
ඉස්සරත් මෙහෙමම හිතුනා දැන් කියලත් වෙනසක්යැ ඉතින්
හෝ ගාන වැහි කෝඩෙ
උණුහුමට ළං වෙන්න
මනමාල ඇස් ගාව
ටිකක් හුරතල් වෙන්න
පොඩි කුඩෙත් ලොකු වැඩී
තව ටිකක් ගුලි වෙන්න....
තවත් හයියෙන් ඔහොම
පිණි වැස්ස වස්සන්න
මල් කුඩේ හෙවනැල්ලෙ
ආදරය උතුරන්න
අරුංගල් දෙක මත්තෙ
දෙතොල් පෙති තවරන්න...
ළඟ ළඟම ඔය හුස්ම
මට මෙහෙම විඳගන්න
රෝස තොල් මත වැටෙන
වැහි කඳුලු අරගන්න
තව ටිකක් ආදරෙන්
මල් කුඩේ යට ඉන්න....
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
සුන්දර සුවබර බිනර මාසයක් වේවා ඔයාලට!💐💐💐 බොහොම අවිවේකී සති අන්තයකට පස්සෙ සදුඳාට එළිය වැටුනේ අලුත් මාසයක් එක්කමයි.සැප්තැම්බර් ඒ කියන්නෙ ...

නාකි විසේ හැක්. ලස්සනයි
ReplyDeleteහැක් මූණ බලාගෙන කියන කැත
Deleteහරිම ආදරණීයයි සඳූ.....ජීවිතේ සුන්දරයි
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්ම් නැතුව නැතුව අක්කෝ
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමේ හවස වහින වැස්සට නොතෙමි ඉන්නෙක තමා හොඳ.
ReplyDeleteවැස්සෙ තෙමෙන එකත් හරි සුන්දර වැඩක්
Deleteහොඳයි හොඳයි...එසේම වෙන්න ^_^
ReplyDeleteස්තූතී අරූ
Deleteහරිම ලස්සනයි හොඳේ....
ReplyDeleteතැන්කූ හොදේ ආයෙත් බ්ලොග් එක අප්ඩේට් වෙලා තියෙනවා දැක්කා තාම යන්න උනේ නෑ ඒ පැත්තේ ජනේලෙන් බලන්න
Deleteතවත් වැහි හීතලේ උණුහුමක් විඳගන්න
ReplyDeleteහිතත් මගෙ මත්වෙලා ඔය රුවම ළඟ ඉන්න
රැයත් දැන් ගොළුවෙලා දෙබස් නෑ මුමුනන්න
මටත් හිත නෑ නගේ රෝස තොල් හැරයන්න......
ලස්සන කවි ටිකක් සඳූ....
ජයවේවා!!!
හි හී මේක මරු දුමී
Deleteආදරණිය කතාවක් වගේ
ReplyDeleteමෙන්න මෙයත් මෙහෙ ස්තූතී වගේම සතුටුයි පැමිණීමට
Deleteපොද වැස්සක් වැටෙන වෙලාවට කුඩේ යටින් තනියම යන අපිටත් ඕව හිතෙනවා.ඒ වැස්සේ අරුමය වෙන්ඩ ඇති.
ReplyDeleteම්ම්ම් එහෙනම් ඉතින් කුඩේ යටින් යන විටදී එපා තනිය දැනෙන්න
Deleteලස්සනයි
ReplyDeleteජය වේවා ..!!!
තුති වේවා
Delete- ජෑ මා කාලී -
ReplyDeleteහා හා එසේම වේවා කාලි
Deleteසමා වෙන්න ඕන පමා උනාට එන්න මේ පැත්තෙ. දාපු දාම කියෙව්වට කමෙන්ට් එකක් දාන්න බැරි උනා.
ReplyDeleteඅපිට කිව්වට ඔයත් ටිකක් ස්ලෝ වෙලා නැද්ද
හ්ම්ම්ම් ඔව් මේ ටිකේ හරිම බිසී අනේ මමත්.හැබැයි ඔයාටනම් සමාවක් දෙන්නම නරකයි 4 weeks කියන්නෙ සෙල්ලන්ද ... බ්ලොග් ලියන අය විතරක් නෙවෙයි කියවන අයත් හැලිලා වගෙයි මේ දවස්වල මට පේන විදියට.
Deleteකෝ බොලව් මන් දාපු කමෙන්ට්
ReplyDelete