සඳට බැළුම් හෙලූ අය

Apr 10, 2017

සොබාදම් අවුරුද්ද !




මල්වර වෙච්ච කෙවිළිගෙ මනහර සද්දේ
තුන්තිස් පැයේ රැව් දෙනවා ගම් මැද්දේ
එරබුඳු ඉද්ද පිපිලා සුවඳට බැද්දේ
ඵලබර වෙච්ච අතු ඉති සුළඟට පැද්දේ

ගැබ්බර වෙච්ච ඟං කොමළිගෙ මිහිරාව
කෙකටිය පිපිල සුදු පාටින් වරුණාව
සඳ දිය වැටිල බෝ මළුවට කරුණාව
සංකර නොවුන ගම මැද්දක සිරියාව

පෙම්බර වෙච්ච වසන්ත සැනකෙළි සද්දේ
මාදං හිඹුටු ඉදිලා බඬවැටි මැද්දේ
බක්මහ කුමරි හිනැහෙන අසිරිය බැද්දේ
බලමින් ඉදුණු පුහුලන් කෝලෙන් පැද්දේ

කිරිබර වෙච්ච ගොයමේ හරි පිරියාව
පින්නේ පිණි වැදී දිළිසෙන සිරියාව
කන්දට උඩින් පායන රැස් දහරාව
මේ හැම සොබාදම් අම්මගෙ කරුණාව

17 comments:

  1. අවුරුදු ජයයි වගේ ..
    ජය වේවා ...!!!

    ReplyDelete
    Replies
    1. එහෙම විශේශ ජයක් නෑ අප්පා මේක මේ නිකමට ලිව්ව එකක්

      Delete
  2. ඕවිටේ නොපිපි
    රූප පෙට්ට්යේ පරවෙන
    රතට රතේ
    එරබදු මල් වැට දිගට

    කපුටන්ගේ කූඩුවෙ
    කොවුලන්ගේ බිජු
    කාක් කාක් උඹ
    කොහෝ කොහෝ මම
    එෆ් එම් කෝකිල නාදේ

    පුහුලන් නෙක පාටින්
    කෑමෙන් බැරැන්ඩි උගුර
    කජු කිරි විස උන
    වන උන ඇඟිලි

    පලාපු කජු මද පදමින්
    යූ බටේ රෙසිපියෙන්
    හත්මාලුව රසට උයන්
    නෑගං යමු ඇඟිලි වහන්


    ReplyDelete
    Replies
    1. මම ඉතින් හිතින් හිතලා මෙහෙම ලිව්වට තාම ඇත්තට පිපුණු එරබුදු මලක් දැකලා නෑ නොවැ.ඇත්තටම දැන් අවුරුදු කියන්නේ රූප පෙට්ටියෙන් අපිට පෙන්නන දේනේ.

      Delete
  3. සංකර නොවූ ගම්මැද්ද දැන් තියන්නේ මෙහෙම නිර්මාණවල තමයි .

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් මෙහෙම ගම් තිබුනේ අපේ අම්මලගේ තාත්තලගෙ කාලේ

      Delete
  4. එදා ගමක අවුරුදු සිරි රැඳුණු අගේ
    සදා මතකයේ පමණක් තිබෙයි වගේ
    යොදා අලංකාරය කවි රහයි තිගේ
    මෙදා සඳුට අවුරුදු සිරි ජයයි වගේ....

    ලස්සන කවි ටිකක්, සඳූ...
    ජයවේවා!!!


    ReplyDelete
    Replies
    1. කවියනම් අපූරුයි දුමී හැමදාමත් වගේ.

      Delete
  5. අවුරුද්ද ජයට සමරනව වගේ සොඳුරු සඳවතී .... ජය වේවා....!!

    ReplyDelete
  6. Onna ithin lankawata enna hithuna meka kiyawala. Lassanayi.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙත් දැන් මෙහෙම පරිසරයක් හීනයක් විතරයි අක්කෝ... මේ එහෙම දැකි හීනයක්

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...